මිනිස් මැවීමේ ආශ්චර්යය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මිනිස් මැවීමේ ආශ්චර්යය වර්ථමාන ආගම් හමුවේ ඇති ප්‍රබල වූ අභියෝගය නම් විද්‍යාත්මක හෙලිදරව්වන් හමුවේ තවදුරටත් “ආගම්” රදාපවතින්නේ කෙසේද? යන්නයි. මේ පිලිබදව මෙම අඩවිය තුල “බුද්ධිය හමුවේ අවලංගු වී යන ආගම්වලට අභීයෝගයක් වු අල්කුර්ආනය” යන ලිපිය මඟින් දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. මෙවන් වූ අභියෝගයන් හමුවේ විකල්ප සොයන මිනිසා ඒ සදහා භාවිතා කරන එකම විකල්පය නම්, “සියල්ල ස්වභාදහමේ තේරීම” යනුවෙන් ස්වභාදහමේ පිහිට පැතීමයි. විශ්වයේ බුද්ධිමත්ම ජීවියා වන මිනිසා මෙලෙස අනුවනකාරී නිගමනයන්ට එළඹෙන්නේ ඔහුගේ තිබෙන අනවබෝධයට වඩා දෙවියන් පිලිගැනීමට ඇති අකමැත්ත හා චපලකම නිසාම පමණි.

සියල්ල ස්වභාදහමේ තේරීම ලෙස තීන්දු කරන මිනිසා හට තමාගේ විශ්ව සම්භවය පිලිබදව තවම ඇත්තේ නොවිසදු පැනයිකි. (මේ පිලිබදව ද “පෘථිවි මිනිස් සම්භවය පිලිබදව ඉස්ලාමීය දැක්ම” යන ලිපියෙන් මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත) සමහරක් ආගම් මෙම විෂය සම්බන්ධයෙන් විද්‍යාව හා සමාන්තරව ගමන් කිරීමේ අරමුණින් විවිධ වූ විග්‍රහයන් ඉදිරිපත් කල ද ඒවා කොතරම් නිවරුදි විග්‍රහයන්ද? යන්න තීරණය කිරීම පාඨක ඔබට බාර කරමින් අතීතයේ සිදුවූ මිනිසාගේ විශ්ව සම්භවය නොව වර්ථමානයේ ද සිදුවෙමින් පවතින “කළල විකාශනය” පවා ස්වභාදහමේ සැලැසුම්කරණයක් බව වහසිබස් දොඩන මිනිසා හට එහි සැබෑ විග්‍රහය ශුද්ධ වූ කුර්ආනය තුලින් ඔබගේ අවධානයට පහත ආකාරයට ඉදිරිපත් කරන්නේ ඔබගේ බිහිවීම “ස්වභාදහමේ මැදිහත්වීමද?” නොඑසේ නම් “දේව සැලසුම් කරණයද?” යන්න සාධාර්ණ ලෙස හා අවංක ලෙස ඔබට ම තීරණය කිරීම පිණිසය.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/8

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම