මිනිස් සිරුරට මාංශ ආහාරය අවශ්‍යමද

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මාංශ ආහාර
මාංශ ආහාර

මෙම යහමග වෙබ් අඩවිය තුලින් මීට පෙර ද කිහිප අවස්ථාවකම අවධාරනය කල කාරණයක් වන්නේ “ලොව ඕනෑම දහමක හෝ දර්ශනයක තිබිය යුතු මූලික අවශ්‍යතාවය නම් එය ලොව සෑම කෙනෙකුටම, සෑම කලටම හා සෑම ප්‍රදේශයකටම, එකසේ ප්‍රායෝගික වීම”. එසේ ප්‍රයෝගික වූ දහමකට හෝ දර්ශනයකට පමණයි වර්ථමාන බුද්ධිමත් සමාජය තුල පැවැත්මක් තිබෙන්නේ. එසේ නොවූ කල එවැනි දහමන් දර්ශනයන් තුල අන්ධ භක්තිකයන් පමණක් ඉතිරි වී බුද්ධිමත් සමාජය කාලයත් සමඟ එම දහම හෝ දර්ශණය ප්‍රතික්ෂේප කර දමන්නේය. මෙවැනි අවස්ථාවල මා ඉහත කී අන්ධ භක්තිකයන් කරනු ලබන්නේ ආගමික මූලික ඉගෙන්වීමන් පසෙකලා මනුෂ්‍යාගේ බුද්ධියේ වර්ධනයත් සමඟ ඊට සමාන්තරව තම දහම හෝ දර්ශනය යාවත්කාලීන කිරීමයි. මෙය අද ලොව බොහෝ ආගම් හා දර්ශණයන් මුහුණදෙන අවසනාවන්ත තත්වයකි.

දේව පණිවුඩ නොඑසේ නම් සුවිශේෂි ඥානයක් පදනම් කරගත් ආගමක් හෝ දර්ශනයක් සාමාන්‍ය මිනිස් බුද්ධියකින් සංශෝධනය කිරීම කොතරම් දුරට සාධාර්ණද යන්න මා ඔබට විස්තර කිරීම අවශ්‍ය නොවේ. සරලව පවසනවා නම් ගෞතම බුදුන් විසින් දේශනාකල සූත්‍රයක් තමන්ට මෙන්ම වර්ථමානයට නොගැලපෙන බව පවසමින් එය කිසියම් බෞද්ධයෙකු සංශෝධනය කරන්නේ නම් ඔහු ඉන් අදහස් කරන ප්‍රධාන කාරණා දෙකක් ඇත. එනම්,

  • බුදුන්ගේ දේශන සර්ව කාලීන නොවීම (ප්‍ර‍ායෝගික නොවීම)
  • තමන්ට බුද්ධ දේශනයන් සංශෝධනය කිරීමට තරම් ඥානයක් පවතින බව

ඉහත කාරණා දෙකෙන් කුමක් පිලිගත්තද ඉන් එම දහමේ හෝ දර්ශනයේ වලංගුභාවයත් පිවිතුරැභාවයත් කෙලසීයයි. ඉහතින් මා බුදුදහම පදනම් කරගෙන කරැණූ දැක්වූවද මෙය සෑම දහමකටම දර්ශනයකටම පොදු වූ නියමයකි. මේ අනුව පොදු ජනතාව දහමට අනුකූලව පෙළගැසෙනවා වෙනුවට තමන්ට අවශ්‍ය ආකාරයට එම දහම හෝ දර්ශනයන් හි ඉගෙන්වීමන් වෙනස් කිරීම අනුමත කලහැකි කාරණයක් නොවේ. නමුත් එම තත්වය අද බොහෝ දහමන් හා දර්ශනයන් තුල දක්නට ලැබේ. මෙවැනි ඉරණමක් මෙම දහමන්ට හා දර්ශනයන්ට උදාවීමට බලපෑ ප්‍රධාන හේතූන් කිහිපයක් ඇත. එනම්,

  • මිනිසා ආගමික ඉගෙන්වීමන් පසෙකලා තම ලෞකික අවශ්‍යතාවයන් මත තීන්දු තීරණ ගැනීම
  • විද්‍යාවෙහි දියුණූව

දියුණු ලොව තුල ජීවත් වන මිනිසා එක් පසකින් අධ්‍යාත්මික කරැණූවලින් බැහැරව ලෞකික ජීවිතයට ඇබ්බැහි වී පටු වූ අරමුණූවල ජීවත්වීමට පුරැදු වී සිටී. අනෙක් පසින් විද්‍යාවේ දියුණුවත් ඒ විද්‍යාව තුලින් ආගම් හා දර්ශනයන්ට එල්ලවන අභියෝගයත් හමුවේ එම ආගම් හා දර්ශනයන් තුල විද්‍යාවට සමාන්තරව විවිධ වූ සංශෝධනයන් සිදුකරමින් සිටී. එහි අවාසනාවන්ත ඉරණම මිනිස් සමාජය අත්විදිමින් සිටී. නමුත් යහමග මීට පෙර අවධාරණය කලාසේ අදත් පවසන්නට ඇත්තේ සෑබෑ දහමකට විද්‍යාව අභියෝගයක් නොව ආශිර්වාදයක් යන්න පමණි.

මාංශ අනුභවය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමට ප්‍රබල චෝදනාවන් ඉදිරිපත් කරන ලොව එකම රට ලෙස ශ්‍රී ලංකාව හැදින්වීය හැක. ඒ ශ්‍රී ලංකීය බහුතරයක් බෞද්ධයන් වීම නිසාත් ඔවුන් තුල මාංශ අනුභවයට එරෙහිව විවිධ වූ මතවාදයන් පවතින නිසාත්ය. නමුත් පැහැදිලිවම බුද්ධ දේශනවල එවැනි තහනමක් දක්නට නොමැති බව මා මීට පෙර මෙම අඩවිය තුලින් හේතු සහිතව කරැණූ පෙන්වා දුන් අතර බෞද්ධ විද්වතුන් අතර ද මෙය නොවිසදුනු පැනයක් යන්න ප්‍රසිද්ධ රහසකි. කෙසේ වෙතත් මෙම කාරණය එනම්,

මාංශ අනුභවයේ අවශ්‍යතාවය හා එසේ අනුභව නොකිරීම නිසා ඇතිවන අබාධිත තත්වයන් පිලිබදව පසුගිය 2010/07/04 දින “ස්වර්ණවාහිණි” ඔස්සේ Live@8 තුලින් ප්‍රවෘත්තියක් විකාශය විය එය “යහමග” පාඨක ඔබේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. එය පහත ආකාරයට වේ.

(මෙම ප්‍රවෘත්තිය අතරතුර විකාශනය වන වෙළද දැන්වීම් ද ඔබගේ අවධානයට යොමු වන්නේ නම් එය බුද්ධිමත් ඔබව බොහෝ කරැණූ පිලිබදව සිතන්නට පොළොඹවනු ඇත.)

මාංශ අනුභවයේ අවශ්‍යතාවය හා එසේ අනුභව නොකිරීම නිසා ඇතිවන අබාධිත තත්වයන් පිලිබදව පසුගිය 2010/10/31 දින “ස්වර්ණවාහිණි” ඔස්සේ Live@8 තුලින් ප්‍රවෘත්තියක් විකාශය විය එය “යහමග” පාඨක ඔබේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.

මේ අනුව අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ඉස්ලාම් ප්‍රා‍යෝගික දහමක් බවත්, එයට විද්‍යාව ආශිර්වාදයක් මිස අභියෝගයක් නොවන බවත්ය.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම