මුස්ලීම් ලෝකය කම්පාකල ශයික් දරුවාගේ දේහයට ගිනිතැබීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


2020/12/09 දින ආදාහනය කරන ලද දින 20ක් වයසැති ‘ශයික්’ නම් මුස්ලීම දරුවා ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයම කම්පා කරවීය. එම දරුවාගේ මරණය හා ආදාහනය ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට පණිවුඩ කිහිපයක් ලබාදී ඇත. ඒ පිලිබදව කෙටි විමසුමක් යහමග තුලින් ගෙන එන්නට අදහස් කරමි.

(ඊට ප්‍රථම මෙම දරුවාගේ පියා jaffnamuslim වෙබ් අඩවිය ලබාදුන්නා යැයි සදහන් ප්‍රකාශය මෙහි ඉහත Link මත Click කොට කියවන්න ඔබට ආරාධනා කරමින් මෙම ලිපිය ඉදිරියට යොමු වෙමි.)

මෙම දරුවා ආදාහනය…

  • අළු ගසා දමා නැගී සිටින ඔවුන්ගේ වියරුවේ හා විකෘතියේ තරම, දිග, පළල හා ගැඹුර කෙතරම් ද යත් දින 20ක්වූ ළපටි මල් කැකුළක් ගිනි දලු ජාලයකින් දවාලීමට තරම් ප්‍රබල එකක් බව සනාථකොට ඇත.
  • මේ සමාජය තුල අප ⁣කෙතරම් අසරණ හා හුදෙකලා වී ඇද්ද යන්නට මේ බිළිදාගේ මරණය පැහැදිලි සාක්ෂියකි.
  • මුස්ලිම් සමාජය ලංසුවට තබා තමා මෙපමණක් කළා, මෙසේ කළා යනුවෙන් බොරු පුරසාරමින් තමා, තමා විසින්ම අගයගන්නා දේශපාලනයේ වැජඹෙන කාලකන්නි කවදත් ඇස් කන් පියාගෙන මරනින්දේ පසුවන බව මේ බිළිඳු මරණය අපට කියාපායි. කිසිවක් නොකොට කිඹුල් කඳුලු සලමින් තව තවත් අප සමාජය අන්දන නිවට ජනතා නියෝජිතයන් හදුනා ගැනීමට මේ බිළිදාගේ මරණය හොඳ අවස්ථාවක්.
  • එදා අලුත්ගම, ගිංතොට, දිගන… ජාතිවාදීන් යකා නටන විට අපි අතර බොහෝ දෙනෙකු ෆේස්බුක්හි කාඩ්බෝඩ් වීරයන් වූයෙමු. සුපුුරුදු ලෙස ඒ සියල්ලම දින කිහිපයක් තුළදී අමතක කර දැමුවෙමු. අද මුස්ලිම් මරණ ආදාහන කරන විට නැවතත් අපේ අපි Keyboard වීරයන් වී ඇත්තෙමු. නමුත් මීට වඩා යමක් අප කලයුතු බව මේ දරුවාගේ මරණය අපට කියයි.
  • මුස්ලීම් ජාතිය කෙරෙහි ඇති වියරුව, වෛරයට පිලිතුර කිසිසේත වෛරය නම් නොවේ. අපේ අයිතිය හා ආරක්ෂාව වෙනුවෙන් අප සුළු සුළු වාද භේද පසෙකලා ප්‍රබල හඬක් මේ පොළොව මත ගොඩ නැඟිය යුතු යන්න මේ මල් කැකුළ අපට අද කියාදී ඇත. එහිදී එදා LTTE පරාජයෙන් පසුව ද්‍රවිඩ ජනතාව ප්‍රතිසංවිධානය වූ ආකාරය හා ඔවුන්ගේ හඬ ජාත්‍යන්තරයට ගෙන ගිය ආකාරය තුල අපට උගත හැකි පාඩම් එමටය. මේ දරුවාගේ මරණය අපට ඒ පණිවුඩය ලබාදෙයි.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මේ දරුවාගේ දේහය ආදාහනය කිරීම නිසා දෙවියන් ඉදිරියේ එම දරුවා වරදකරුවකු නොවන බව අපි දනිමු. නමුත් මේ සම්බන්ධයෙන් දෙවියන් ඉදිරියේ ⁣මම,අපි යන සියලුදෙනාම වගඋත්තර බැඳිය යුත්තන් බව අමතක නොකල යුත්තකි. එමනිසා මේ දරුවාගේ මරණය හා එම මරණයට උදාකරදුන් අවාසනාවන්ත ඉරණම අවස්ථාවක් කරගෙන මේ සමාජයේ යහපත හා ආරක්ෂාව උදෙසා කිසියම් සාධනීය පියවරයන් ගැනීම පිලිබදව දැන්වත් මුස්ලීම් සමාජයේ නායකයින් අවදානය යොමු කලයුතුව ඇත. ඒ සදහා අප සමාජයේ බලධාරීන්ට නුවණැස පෑදේවා! යන ප්‍රාර්ථනයෙන් මේ සටහන අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/2

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම