මුස්ලීම් සංහාරයක් සදහා පනින රිලවුන්ට ඉනිමං බැදීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


‘අද රටේ මේ සිදු වන්නේ මොකක්ද?‘ යන්න පිලිබදව බොහෝ දෙනෙකුට විශාල පැනයක් ඇත. සෑම සියළු ක්ෂේත්‍රයක්ම ඝන අන්ධකාරයෙන් වෙලාගෙන ඇති ආකාරයක් අද අප ඉදිරියේ දකින්නට ඇත. විශේෂයෙන් ජාතිවාදය හිස ඔසවමින් මේ රටේ සුළු ජාතිකයන් එහිද මුස්ලීම් ජනයා අඳුරු ඉසව්වක් කරා ඇද දැමීමට අවශ්‍ය පිඹූරුපත් හා ඊට අවශ්‍ය පරිසරය ඉතා සැලසුම්සහගත ලෙස මෙන්ම සූක්ෂම ලෙස සංවිධානය වෙමින් ඇත. එය කොතරම්ද යන්න පවසනවා නම්, අද වනවිට ආගමික අනුශාසනා, දේශපාලන වේදිකා, විද්වත් සාකච්චා පණ්ඩප… යනාදී සියල්ල තුල මුස්ලීම් විරෝධි ජාතිවාදී ව්‍යාපාර නම් යක්ෂයා රජ කරමින් ඇත. එපමණක් නොව දැන් හෝ නොදැන මේ ව්‍යාපාරයන්ට සෘජුව හා වක්‍රව ශ්‍රී ලාංකීය සමාජයේ වගකිවයුතු පාර්ශවයන් අති බහුතරයක් සහය දක්වන්නට කටයුතු කරමින් ඇත. මෙවන් වකවානුවක අන්තර්ජාලය තුල මා නෙත ගැටුණු ‘මුස්ලිම් අන්තාවාදය පිළිබඳ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රකාශය‘ යන මැයෙන් පලවී තිබූ කාලීන වෙබ් ලිපියක් ‘යහමග‘ පාඨක ඔබේ බුද්ධිමත් අවදානයට මෙසේ උපුටා දැක්වීමට අදහස් කරමි.

(උපුටා ගැනීම මෙතැන් සිට...)


මුස්ලිම් අන්තාවාදය පිළිබඳ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රකාශය

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ‘මුස්ලිම් අන්තාවදයක් ලංකාවේ පැතිරෙමින් තිබේය’ යැයි පසු ගිය දින පැවති ආරක්‍ෂක සමුළුවකදී ප‍්‍රකාශයක් කිරීම නිසා දැනටමත් ත‍්‍රස්ත වී අසරණ වී සිටින ලාංකික මුස්ලිම් ප‍්‍රජාව දැඩි කම්පාවට පත්ව සිටිති.

2013 සැප්තැම්බර් 3 වැනි අඟහරුවාදා කොළඹ ගලදාරි හෝටලයේ පැවැති ආරක්‍ෂක සම්මන්ත‍්‍රණයකදී ‘පැතිරෙමින් යන සිංහළ දැඩි මත ධාරීන්ගේ කි‍්‍රයා මැඬලීමත් සමගම දැනට ලංකාව පුරා පැතිරෙමින් පවතින මුස්ලිම් අන්තවාදයක් මර්ධනය කිරීමේ භාර දූර කටයුත්තටද යොමු වීමට රජයට සිදුව ඇතැයි’ යැයි ආරක්‍ෂක ලේකම්වරයා පවසා ඇත.

ගෝලීය මුස්ලිම් ප‍්‍රජාව සමග සිය අනන්‍යතාවය මුසු කිරීමට ලාංකික මුස්ලිම්වරුන් උසි ගන්වන විදෙස් කණ්ඩායම් කිහිපයක් ලොව ඇත යැයිද මෙයින් එම කණ්ඩායම් අපේක්‍ෂා කරන්නේ මෙරටේ සෙසු ජනකොටස් සමග ලාංකික මුස්ලිම්වරුන් සුහදව අන්තර්කරණය වීම අවම කරන්නට යැයිද මුස්ලිම් මූලධර්මවාදයක් මෙම කලාපයද ඇතුලත්ව මුළු ලොවම පැතිරෙමින් තිබේය යන කරුණ කවුරුත් දන්නා බවද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.

ආරක්‍ෂක ලේකම්වරයාගේ මෙම ප‍්‍රකාශ කෙතරම් දුරට ඇත්තක්ද?

රජයේ නිල අනුග‍්‍රහයත් සමග සිංහළ අන්තවාදයක් රට පුරා දැවැන්ත ගම්පෙරළි ඇති කරමින් සිටින බව නම් කාටත් පෙනේ. නමුත් අපට නොතේරෙන්නේ ආරක්‍ෂක ලේකම්වරයා පවසන මෙම මුස්ලිම් අන්තවාදීන් කවුරුන්ද කියාය. විවිධ තරාතිරම්වල මුස්ලිම්වරු මෙරට වාසය කරන නමුත් සාමයට කැමති ඔවුන් කිසිවෙකු අතර අන්තවාදයක් නැති බව පුන පුනා කිව යුතු නැත. වගකිව යුතු තනතුරුවල සිටින්නන් විසින් සිදු කරනු ලබන මෙවන් කියුම් බහුතර සිහංල ජනයාව මුස්ලිම්වරුන්ට එරෙහිව කුපිත කිරීමට යන්ත දරමින් සිටින සිංහල අන්තවාදී බලවේගවලට පනින රිලවුන්ට ඉනිමං දුන්නා සේ වනු ඇති බවට සැකයක් නැත.

ආරක්‍ෂක ලේකම්වරයා උක්ත අන්ත‍්‍රකාරී ප‍්‍රකාශය සිදුකර ඇත්තේද අසරණ ලාංකික මුස්ලිම් ජනයාට විවිධ හිරිහැර පීඩා ගෙන දෙමින් ඔවුන්ගේ පල්ලි, ආගමික පාසැල් සහ සිද්ධස්ථානවලට හා ව්‍යාපාර ස්ථානවලට පහර දෙමින් සිංහල පාසැල්වල ඉගෙන ගන්නා මුස්ලිම් දරුවන්ට ඔවුන්ට ආගමික විශ්වාසයට පටහැනි ආකාරයෙන් ගුරුවරුන්ට දණගසා වඳින්නට කියමින් සහ මුස්ලිම්වරුන්ගේ ආහාර පාන රීතීන්ට නිකරුනේ විරෝධය පාමින් මුස්ලිම් කාන්තාවන්ගේ සාදාචාරාත්මක වශ්ත‍්‍ර පවා ඉවත් කළ යුතුය යැයි ඇතැම් සිංහල අන්තවාදී කල්ලි අයුක්තිසහගතව බල කරමින් සිටින ඉතා අවිචාරමත් සමයකය. මෙම සියලූ ව්‍යසන නිසා ශ‍්‍රී ලාංකික මුස්ලිම් ජනයා සිටින්නේ දැඩි සංවේගයකිනි. දැන් එම සංවේගය හා බිය දෙගුණ තෙගුණ වී ඇත.

ලාංකික මුස්ලිම් ජනයා ගැන විටෙක අදහස් පළ කරමින් හිටපු අග‍්‍ර විනිසුරු සරත් එන් සිල්වා මහතා කියා සිටියේ මුස්ලිම්වරුන් ඉතා සාමකාමී ජනකොටසක් යනුවෙනි. ශ‍්‍රී ලාංකේය අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ මුරදේවතාවා ලෙසින් වසර ගණනාවක් සේවය කළ එම අග‍්‍ර ගණයේ විද්වතාගේ මතය අනුව ලංකාවෙහි වාසය කරන ප‍්‍රධාන ජනකොටස් තුන අතුරින් වඩාත්ම සාමයට නැඹුරු සුහදශීලී ජනකොටස වන්නේ මුස්ලිම්වරුන්ය.

මෙලෙසින් මෙම රටෙහි උසස්ම තලයේ වියතුන් තමන් විෂයයෙහි මෙවැනි ප‍්‍රශංසනීය මත දරන්නට ඉවහල් වන ආකාරයෙන් ලාංකික මුස්ලිම් ප‍්‍රජාව ආදර්ශමත් කි‍්‍රයා කලාපයක් දක්වමින් සිටිති. මෙවන් සුහදශීලී ආකල්පයක් මුස්ලිම්වරුන් දක්වමින් සිටින්නේද මෙහි වාසය කරන බහුතර ජනකොටස් දෙකින් ඔවුන්ට නානාප‍්‍රකාර හිරිහැර, මදිපුංචිකම් හා තාඩන පීඩන ඇති වන අතරමය. අද ඊයේ මෙරටට පැමිණි ආගන්තුක පිරිසක් හැටියට මෙහි අන් ජාතීන් මුස්ලිම්වරුන්ට සලකන නමුත් ඔවුන් ඇත්තෙන්ම එසේ අද ඊයේ සංචාරක වීසා මගින් හෝ අන් කිසි නීති විරෝධී මාර්ගවලින් පැමිණියවුන් නොව වසර 1000 කට පෙර සිටම මෙහි පැමිණ පදිංව් වී පැරණි රජදරුවන්ගේ පවා ගෞරවාදරයට පාත‍්‍රව බහු ජාතියට නොදෙවෙනි දේශප්‍රෙමයක් හා පුරාණයේ රජවරුන්ට මෙන්ම නවීන යුගයේ ආණ්ඩුවලට අද්වීතීය රාජ හිතෛෂී බවක් දක්වමින් වාසය කරන ජන කොටසකි.

2009 වසර යුද්ධය අවසන් වූ විට අන් සියළු ජනයා අපේක්‍ෂා කළාක් මෙන්ම මෙරටෙහි මුස්ලිම්වරුන්ද සිතුවේ 30 වසරකට පසු සාමයෙන් සමගියෙන් ජීවත් වීමේ වාසනාවන්ත යුගයක් ලාංකික සැමට උදා වනු ඇතය කියාය. නමුත් එය එසේ නොවීය. එය වෙනුවට රට නැවතත් ආගාධයකට ඇද දමන්නට මාන බලන දුෂ්ට බලවේගවල අනුවණ කි‍්‍රයාකාරකම් නිසා මුස්ලිම්වරුන් දැඩි පීඩාවකට ලක්ව සිටින අතර ඔවුන් ඇතුළු සාමයට කැමති බහුතරයක් අද සාමයේ හා සන්ධානයේ සියලූ බලාපොරොත්තු සුන්ව සිටිති.

ඇත්තෙන්ම අද රටේ සාමයට හා ප‍්‍රතිසන්ධානයට විශාලතම බාධකයක් වී රටට ව්‍යසනයක් වී ඇත්තේ හා ජාත්‍යන්තරයේ ශ‍්‍රී ලංකාව අසීරුතාවයකට පත් කරමින් සිටින්නේ සිංහල අන්තවාදී කණ්ඩායම්ය. අද මුස්ලිම්වරුන් රාජ්‍ය අංශයෙන්ද, පුද්ගලික අංශයෙන්ද, රජයේ රැකියාවලින්ද, අධ්‍යාපනය අතින්ද මුස්ලිම්වරුන් කොන් කරනු ලබමින් සිටිති. මෙම තත්වය ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහද පසුගිය දිනෙක සිය කණස්සල්ල පළ කර තිබුනි.

ආර්ථික, ආගමික, අධ්‍යාපනය හා සංස්කෘතිය යන සියලූම ඉසව්වලින් තමන්ට එල්ල කරනු ලබන ප‍්‍රහාර හා සිදු කරනු ලබන කොන්කිරීම් ඉදිරියේ මුස්ලිම් ප‍්‍රජාව ඉතා ඉවසිලිවන්තව සිටින අතර ඔවුන්ගේ කලහ අප‍්‍රිය මානසිකත්වයට මෙයම හොඳ සාධකයකි. එසේ වුවද, ප‍්‍රශ්නය වන්නේ මෙම ඉවසීම තව කොතරම් දුරට පවතිනු ඇතිද යන්නයි.

ඇතැම් බෞද්ධ අන්තාවදී කල්ලි විසින් සිංහල ජනයාගේ මනසට විෂ කවමින් සිරිලක වාසය කරන ජනකොටස්වල සමාජ බැඳීම, සහජිවනය හා සුහදත්වය ක‍්‍රමක‍්‍රමයෙන් විනාශ කරමින් සිටින මෙවන් දුර්භික්‍ෂ අවදියක වැදගත් තනතුරු දරන්නන්ගෙන් අපේක්‍ෂා කෙරෙන්නේ මුස්ලිම්වරුන්ට එරෙහිව අභූත අස්ථාන චෝදනා නගමින් එයින් පටු දේශපාලන ලාභ ලැබීමට මාන බැලීම නොව සත්‍ය තත්වය පැහැදිලි කිරීම මගින් ජන කොටස් සමීප කරමින් රටේ සාමය හා ප‍්‍රතිසන්ධානය රෝපණය කිරීමය.

අන් සෑම ආගමික ජනකොටස්වලට සේම ශ‍්‍රී ලාංකික මුස්ලිම් ප‍්‍රජාවටද ආර්ථික, ආගමික සහ සංස්කෘතික උන්නතිය උදෙසා සහය වන පිළිගත් විදේශ සංවිධාන ගණනාවක් සමගම සබඳතා ඇත. එසේ කිසිදු සංවිධානයක් සමග සබඳතා පැවතිය නොයුතු යැයි කිසිදු පවතින නීතියක් තහංචි නොදමයි. මන්ද යත් කිසිදු රටකට හෝ ජනකොටසකට හුදෙකලාව කටයුතු කළ නොහැක. එනමුත් ලොව හෙළා දකින හා රටක ආරක්‍ෂාව හෝ අන් කරුණකට තර්ජනයක් විය හැකි කල්ලි හෝ ව්‍යාපාර සමග සබඳතා පැවතීම නොකළ යුතුය අතර එවැනි කිසිදු සංවිධානයක් සමග ශ‍්‍රී ලංකා මුස්ලිම් ප‍්‍රජාවට කිසිදු සම්බන්ධයක් නොමැති බව අපට නොබියව ප‍්‍රකාශ කළ හැකිය. එය එසේ නොවන බව කියන්නන් කළ යුත්තේ එවැනි සබඳතා අපට ඇති බවට සාධක සහිතව ඔප්පු කිරීම මිස වැදගත් සමුළු හා සමුමන්ත‍්‍රණවලදී ආවාට ගියාට චෝදනා නැගීම නොවේ.

දැනටමත් ජාත්‍යන්තර මට්ටමින් මෙහි සුලූ ජනකොටස්වලට සිදු කරන තාඩන පීඩන විෂයයෙහි විවිධ චෝදනාවලට ලක් වෙමින් දැඩි අසීරුතායකට පත්ව සිටින අප රටේ ප‍්‍රතිරූපයට තවත් රුදුරු මුහුණක් ආදේශ කිරීමට මාන බලන හා යුධ අපරාධ චෝදනාවලට හසු කරමින් අපගේ රණ විරුවන් හා රාජ්‍ය නායකයන් සිරගත කරන්නට යටි සූත්තර අදිමින් සිටින ඉස්රායේල, යුරෝපා රටවල් හා ඇමරිකාව වැනි විදෙස් බලවේග හා සමීප සබඳතා ඇතිව කි‍්‍රයා කරන්නේ අන් කිසිවෙකු නොව මුස්ලිම් ජනයාට එරෙහිව දිවයින පුරා ද්වේෂ රැල්ලක් උසි ගන්වමින් සිටින බෞද්ධ අන්තාවදීන් බවට නම් අවශ්‍ය පමණ සාක්‍ෂි සාධක හෙළි වෙමින් පවතියි.

ලොව පුරා තිබෙන මුස්ලිම් රටවල සම්පත් සූරා කෑමේ සිය කි‍්‍රයාවලිය සාධාරණීකරණය කිරීමට හැකි සෑම කපටිකමක්ම කරන උක්ත විදෙස් සතුරන්ගේ බළල් අත්ව කි‍්‍රයා කරමින් සිටින මෙම දේශීය අන්තාවදී කල්ලිවලට වක‍්‍රව හා සෘජුව රුකුල් දෙමින් ඔවුන් ශක්තිමත් කිරීමෙන් රජය යෙදී සිටින්නේ තමන්ටම වින කැටීමේ අනුවණ කි‍්‍රයාකාරකමකය යන කරුණ වැදගත් තැන්වල සිටින්නන් පළමුවෙන් වටහා ගත යුතුය. මුස්ලිම්වරුන් ලොව බොහෝ රටවල ත‍්‍රස්තවාදීන් හෝ අන්තවාදීන් ලෙස ලේබල් ගසනු ලැබුවද එහි සුල මුල සොයන විට ඔවුන් එවන් කි‍්‍රයාමාර්ගවලට අවසානයෙහි අවතීර්ණ වූයේ ඔවුන්ට සිදු කරනද ලද තාඩන පීඩන අසාධාරණකම් හා අකටයුතුකම් තවදුරටත් ඉවසා දරා ගත නොහැකි තත්වයකට ඔවුන්ව පත් කරන ලද හෙයින් බව පැහැදිලිවම පෙනී යනු ඇත. පලස්තීනය, ඉරාකය, ඇෆ්ගින්ස්ථානය, ලිබියාව, ඉරානය රටවල අතීත හා වත්මන් සිදු වීම් මධ්‍යස්තව සිතින් ඇගයීමකට ලක් කරන ඕනෑම කෙනෙකුට මෙම සත්‍යය පෙනෙනු ඇත.

1989 වකවානුවෙහි සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ලොව එකම බලවතා ලෙසින් ඇමරිකාව නැගී සිටි අතර එවිට ලොව බොහෝ දෙනෙකු සිතුවේ මින් මතු ලොව යුධ ගැටුම් කිසිවක් නොමැති සුන්දර ගෝලයක් වනු ඇතය කියාය. එනමුත් ඇමරිකාවේ ආර්ථිකය ඇත්තෙන්ම රඳා පැවතියේ, මිනිස් සංහාර අවි ආයුධ, යුද නෞකා, ප‍්‍රහාරක යානා වැනි නිෂ්පාදනවලය යන සත්‍යය පෙනී ගිය අතර එම කුරිරු නිෂ්පාදනය යාන්ත‍්‍රනයට ඉන්ධන සැපයීමට ලොව සැමදා සැමවිට කොතැනක හෝ යුධ ගැටුම් තිබීම ඇමරිකාවට අත්‍යවශ්‍ය විය. මේ වන විට ඇමරිකාවේ පසුපසින් සිටින බලවේගය ලෙසින් කලහපි‍්‍රය යුදෙව්වන් පත්ව සිටි අතර ලොව මුස්ලිම් රටවල යුධ ගැටුම් ඇති කර එයින් තම යුධ උපකරණ අලෙවිය මෙන්ම මුස්ලිම්වරුන්ට හිරිහැර ගෙන දීම යන ද්විත්ව වාසිය නෙලා ගැනීමේ කූට කුමන්ත‍්‍රණයක් සැලසුම් කර අද ලොව යුදෙව්වන් මුස්ලිම් රටවලට මෙන්ම මුස්ලිම්වරුන් වාසය කරන රටවලට කෙසේ හෝ ඇතුල් වී නොයෙක් ආකාරයේ කලබල ඇති කරමින් සිටිති. ආර්ථිකය ඇතුලූ ප‍්‍රධාන ආම්පන්න ඔවුන් මේ සඳහා තම පාලනයට ග‍්‍රහණය කර ගනිති. ලංකාවේ අප අද දකින තත්වය පිටු පස සිට්න්නේද එම යුදෙව් කුමන්ත‍්‍රණකරුවන්ය යන කරුණ දැනටමත් සනාථ වී ඇත. පළමුව ඇමරිකාව, බි‍්‍රතාන්‍යය වැනි බලවත් රටවලට රිංගා එහි ආර්ථිකය, මාධ්‍යය, කර්මාන්තය, බැංකු ක්‍ෂෙත‍්‍රය ආදිය තම අතට ගත් මොවුන් දැන් ලොව පුරා ලොකු කුඩා සෑම රටකම එම වින්නැහියම සිදු කරමින් සිටිති. මුදල් වෙනුවෙන් එම දුෂ්ටයන්ට සහය වීමෙන් තම මව්බිමට කරන දැවැන්ත විනාශය තේරුම් ගන්නට මොළයක් නැත්තවුන් ඔවුන්ට සහය වෙමින් රට නැවතත් අන්ධාකරයට පත් කරන්නට උදව් කරමින් සිටිති.

සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සැලසුම් කළේද යුදෙව්වන්ගේ මොසාද් ඔත්තු සේවය හා ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය ප‍්‍රමූඛ කුමන්ත‍්‍රණකරුවන්ය යැයි දැන් අල්ප මාත‍්‍ර සැකයකින් තොරව ඔප්පු වී ඇති අතර එය ඔවුන් සැලසුම් කළේ එය හරහා තෙල් සම්පතින් හෙබි ඉරාකය වැනි මුස්ලිම් රටවල් ආක‍්‍රමණය කිරීමේ කූට යටි අදහසිනි. මේ අනුව බොස්නියාව, කොසොවෝව, චෙච්නියා, ඇල්බේනියාව, ඇෆ්ගනිස්තානය, ඇල්ජීරියාව, ඉරාකය, ඉරානය, සෝමාලියාව, ලිබියාව, සිරියාව, පාකිස්තානය, ඉන්දියාව ආදි රටවල ව්‍යාකූලතා සහ යුධ ගැටුම් මෙන්ම ජාතිවාදී අරගල ඇති කරමින් එයින් අයුතු ලාභ ලබමින් සිටිති. ඔවුන්ගේ නවතම ඉලකක්ය වී ඇත්තේ 30 වසරක යුද්ධයක් යාන්තම් අවසන් කර ඇති ශ‍්‍රී ලංකාව හා මෙහි වසන මුස්ලිම් ප‍්‍රජාවයි. රත‍්‍රන් යුරේනියම් ඇති සහ මුස්ලිම්වරුන් සිටින මාලි රාජ්‍යයටද යුදෙව්වන්ගේ සෙනසුරු බල්ම වැටී ඇත. මෙම ලෝක ව්‍යාපත්‍යන් ‘මැරිල්ල’ ගැන විමසිල්ලෙන් බලා සිටින ජගත් විද්වතුන් මෙය ගැන සංවේගය පළ කරති. ඩොර්ට්මන්ඞ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විෂයයෙහි මහාචාර්්‍යවරයෙකු වන වුල්ෆ්රැම් රිචර්ඞ් පවසන්නේ මීලඟට ලොව දකින්නට යන දැවැන්තතම සංහාරය වනු ඇත්තේ ‘මුස්ලිම් සංහාරය’ යනුවෙනි.

1950 පටන් ලංකාව තුල අඩිය ස්ථීර කරන්නට වෑයම් කරමින් එයින් ජය නොලැබුව ද සිය වෑයම අත් නොහැර සිටි යුදෙව්වන් දැන් ලංකාව අවට මුහුදේ ඛණිජ තෙල් නිධි හමු වන ශාක්‍යතාවය වැඩි වෙමින් පවතින හෙයින් ඔවුන්ගේ එම වෑයම තියුණු කරමින් දැන් එයින් යම් පමණකට ජය ද අත් කර ඇත්තාහ. ඊශ්‍රායලය සමග තමන්ට ඇති වී තිබෙන අභිනව මිතුරුකම ගැන සතුටු වෙමින් සිටින ඇතැම් ලාංකික දේශපාලනඥයන්, මාධ්‍ය සමාගම්, ආගමික චරිත, ව්‍යාපාරිකයන් ආදීන් යුදෙව්වන්ගේ යටගියාව සහ ඔවුන්ගේ මානසිකත්වය හා ඔවුන් පය තබන රටකට ඔවුන් කරන හදිය හා විනාශය මෙන්ම යුදෙව්වන් යනු තමන් ගැන පමණක් සිතන ඉතා දුෂ්ට ආත්මාර්ථකාමී වරිගයක් බව නොබෝ දිනකින් වටහා ගනු ඇත.

ඉන්දියාවෙහිද මෙවැනිම වූ ජාතිවාදී ගැටුම් එරට මුස්ලිම්වරුන්ට එරෙහිව උසි ගැන්වීමේ සැලසුම් සහතිව පැමිණි යුදෙව්වන් එය වෙනුවෙන් හින්දු අන්තවාදී කල්ලිවලට ඉන්දියානු රුපියල් කෝටි 7877 ක් 2008 වසරෙහි පමණක් ලබා දුන් බව නව දිල්ලියෙන් ප‍්‍රකාශයට පත්වන සුප‍්‍රකට පුවත් පතක් වන මිලි ගැසට් 2009 දෙසැම්බර් කලාපයෙහි පළ වී තිබුනි. ඒ සම්බන්ධ පළ වී තිබුනු ලිපියක ඉන්දියාවේ සමාජ – දේශපාලනමය ව්‍යූහයට ඊශ්‍රායලයේ උපකාර ඇතිව හින්දු ත‍්‍රස්තවාදීන් විෂ පොවන බව විමර්ශනවලින් ඔප්පු වී ඇති යැයිද එහි වැඩිදුරටත් සඳහන් වී තිබුනි. මෝසේස්ගේ යුගයේ පටන් හෙළි වෙමින් පවතින යුදෙව්වන්ගේ ඓතිහාසික දුෂ්ට මානසිකත්වය ගැන ලංකාවේ මෙම අන්තවාදී කල්ලි හැර අන් සියල්ලන්ම හොඳින් දැන සිටින බවක් පෙනේ. ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘවරුන්ගෙන් කෙනෙකු ලෙසින් බුහුමන් ලැබූ බෙන්ජමින් ෆ‍්‍රැංක්ලින් 1787 වසර ඇමරිකාවේ ප‍්‍රාන්තයක් වන පෙන්සිල්වේනියාවේ ෆිලඬේල්ෆියා නුවර පැවති ව්‍යවස්ථා සමුළුව අමතමින් කියා සිටියේ එවකට අභිනව රාජ්‍යයක් වූ ඇමරිකා යුදෙව්වන් නම් ව්‍යසනයෙන් රැක ගත යුතු බවයි. ලොව විසිරී සිටින යුදෙව්වන් ඇමරිකාවට ක‍්‍රමක‍්‍රමයෙන් සංක‍්‍රමණය වීම ගැන නොපමාව අවාධානය යොමු නොකළහොත් වසර 200 ක් යන්නට පෙර යුදෙව්වන් ඇමරිකාව ගොදුරු කර ගනු ඇත යැයිද, ඇමරිකානුවන් වෙහෙස මහන්සි වී වැඩ කරන අතර කවදත් ශාරීරික ව්‍යායාමයට අකැමැති යුදෙව්වන් දහදිය නොහෙළා ඇමරිකානුවන්ගේ ශ‍්‍රමයෙන් ලබන මුදල් ගනිමින් මන්දිරවල වී රජ සැප විඳිනු ඇත යැයිද ඔහු අනතුරු ඇඟවූයේය. එමෙන්ම දිනෙක යුදෙව්වන් ඇමරිකාව තම පාලනය යටතට ගනු ඇති අතර එවිට ‘සොහොනේ සිටිනු ඇති අපට අපගේ මතු පරම්පරාව ශාප කරනු ඇත’ යැයිද බෙන්ජමින් ෆ‍්‍රැංක්ලින් අනාවැකි පළ කළේය.

එම අනාවැකි සියල්ල අකුරටම සිදු වෙමින් එම නැණවතාගේ අවවාදයට සවන් නොදීමේ ඵලවිපාකය අද ලොව කාටත් එපා වූ ‘යක්‍ෂ අධිරාජ්‍යයක්’ බවට පත්ව ඇති ඇමරිකාව විඳිම්න් සිටියි.

2001 ඔක්තෝම්බර් 3 වැනි දින ඊශ්‍රායලය අගමැතිවරයෙකුවූ ඒරියල් ෂැරෝන් ‘අද යුදෙව් අපි ඇමරිකාව පාලනය කරන අතර එය ඇමරිකන් වැසියන්ද දනිති’ යැයි සාඩම්බරයෙන් කී විට බෙන්ජමින් ෆ‍්‍රැංක්ලින්ගේ එම අනාවැකිය අපූරුවට සත්‍ය වූ බව ලොවටම ප‍්‍රත්‍යක්‍ෂ විය. අද ඇමරිකාවේ රජයන් පිහිටුවන්නේ ද, ධවල මන්දිරයට යා යුත්තේ කවුරුන්දැයි තීරණය කරන්නේ හා එරට අර්ථිකය බොටුවෙන්ම තද කර සිටින්නේ අතලොස්සක් බලගතු යුදෙව් පවුල් විසිනි. මාරුවෙන් මාරුවට බලයට පත්වන සෑම ඇමරිකන් ජනාධිපතිවරයෙක්ම මුස්ලිම් විරෝධී ආකල්පවලින් කි‍්‍රයා කරන්නේ ඔවුන්ට පසුපසින් ඇති යුදෙව් බළල් අත් නිසා බව කවුරුත් දන්නා රහසකි.

එයම දැන් යුදෙව්වන් ලංකාවටද කරමින් සිටිති. තිස් වසරක ගැටුමකින් යාන්තම් අස්වැසිලි ලබමින් සිටින අප රටට මෙම යුදෙව් කූට කුමන්ත‍්‍රණවලින් කිසිසේත් සෙතක් වන්නේ නැති බව කවුරු කවුරුත් වටහා ගත යුතුය.

සාමකාමී මුස්ලිම්වරුන්ට නිකරුනේ පීඩා ගෙන දී ඔවුන් කුපිත කර කලහයට පොළඹවා පසුව ත‍්‍රස්තවාදී ලේබලය ඔවුන්ට අලවා ප‍්‍රහාරය දරුණු කිරීම සුපුරුදු යුදෙව් උපාය වන අතර මුස්ලිම් ඊර්ෂ්‍යාවකින් අසාධ්‍ය ලෙස ඔත්පළව සිටින බොදුබල සේනාව වැනි කල්ලිවල මානසිකත්වයට මෙම න්‍යාය පත‍්‍රය ජාඩියට මූඩිය මෙන් සවි වේ.

දැන් ආරක්‍ෂක ලේකම්වරයාගේ මුවින් පිටවී ඇති චෝදනාව යුදෙව් කුමන්ත‍්‍රණයේ එක් ජයග‍්‍රාහී අදියරක් වන අතර එයට බොදුබල සේනාව ඔල්වර නැගීම කවුරුත් බලාපොරොත්තු වූ දෙයකි. ආරක්‍ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශයෙන් පසුව බොදු බල සේනාව නිතුක් කර ඇති මාධ්‍ය ප‍්‍රකාශයෙහි මුස්ලිම් අන්තවාදයක් ලංකාවේ පැතිරෙමින් තිබේය යන අරක්‍ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශය තම සංවිධානය අත් කර ගත් විශාල ජයක් යැයි සඳහන් වී ඇත. එමෙන්ම මෙතෙක් බොදුබල සේනාවේ කි‍්‍රයාකාරකම්වලට දෝෂාරෝපණය කරමින් සිටි සැමට උක්ත ප‍්‍රකාශය කදිම උත්තරයක් යැයිද එම සංවිධානය උදම් අනා තිබුනි. තවද කොටි අන්තවාදයක් තිබෙන බව වසර 40 කට පමණ පෙර රජය හඳුනා ගෙන තිබුනේ නම් වසර 30 යුද්ධයක් මඟ හරින්නට තිබුනේ යැයිද බොදු බල සේනාව පවසමින් මෙරටේ මැඩලිය යුතු මුස්ලිම් ත‍්‍රස්තවාදයක් රෝපණය වෙමින් පවති බවට ඉඟි කර ඇත. රටෙන් කොටසක් ඉල්ලා වසර 30 ක් ත‍්‍රස්තවාදය භාවිතා කළ කල්ලියක් සමග මෙරටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ මුස්ලිම්වරුන්ව මෙමගින් බොදු බල සේනාව සසඳා ඇත.

කෙසේ හෝ ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ යැයි විරුදාවලි ලත් මෙම සුන්දර දූපත අද ඇතැමුන්ගේ අදූරදර්ශී කි‍්‍රයාකලාප නිසා සහ නොකඩවා බලයේ රැඳී සිටීමට ‘ජාතිවාදී කොලයෙන්’ හෝ වල්වාසියක් ගත හැකිදැයි මාන බලන දේශපාලූවන් නිසා ඉන්දියන් සාගරයේ අමුතුම ඇටයක් බවට පත් වෙමින් මෙහි එන ආයෝජකයන් සංචාරකයන් බිය ගන්වා පළවා හරිමින් සිටියි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජීනිවා මානව හිමිකම් සමුළුව, පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුලූ ජගත් සංවිධානවල අප‍්‍රසාදයට ලක් වෙමින් හුදෙකලා වෙමින් සිටියි.

මෙසේ රටට වින කටින්නට කඬේ යන්නන් පුරා දශක තුනක් පැවති විනාශකාරී ගටුමකින් පවා පාඩම් ඉගෙන ගත් බවක් නොපෙනේ.

මෙවන් අවිචාරවත් වකවානුවක තත්වය නිසි ඇගයීමක් කර අප කරා එන දැවැන්ත අනතුරු වටහා සිංහල අන්තවාදි කල්ලි මෙල්ල කිරීමට රජය දැන්වත් පියවර නොගන්නේ නම් අප කරමින් සිටින ප‍්‍රතිසන්ධාන වෑයම්, සංවර්ධන කි‍්‍රයාකාරකම් කිසිවකින් අපට අල්ප මාත‍්‍ර ප‍්‍රයෝජනයක් වත් ලැබෙන්නේ නැත. එපමණක් නොව එසේ නිසි පියවර නොගතහොත් තවත් කල්ප ගණනකින් වත් ගොඩ එන්නට බැරි ගැඹුර නොපෙනෙන ආගාධයකට මෙම සුන්දර දිවයින වැටී වැළලී යාමෙන් බේරන්නට කිසිදු ජගතෙකුට හැකි වන්නේද නැත.

ලතීෆ් ෆාරුක් | Latheef Faruck


(උපුටා ගැනීම අවසන්)

උපුටා ගැනීම – http://www.vikalpa.org/?p=17652

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම