මුස්ලීම් සමාජයේ අවදානය පිණිසයි! – වීඩියෝ
ශ්‍රී ලංකාව තුල මෑතක පටන් නිර්මාණය වෙමින් තිබෙන ජාතිවාදී ගෝත්‍රවාදී ව්‍යාපාරයන් කුමණ ස්වරූපයක් ගන්නේද? යන්නත්, මෙම ව්‍යාපාරයන් හමුවේ වගකිවයුතු පාර්ශවයන්ගේ ක්‍රියාකලාපය කවර ආකාරයක් ගෙන තිබේද? යන්නත්, ඔවුන්ගේ එම ක්‍රියාකලාපයන්ට හේතු කාරණයන් කුමක්ද? යන්නත්, ඉතා හොදින් විග්‍රහ කරන වීඩියෝ කිහිපයක් අන්තර්ජාලය තුල මාගේ නෙත ගැටුණී. මෙම වීඩියෝවන් මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට ලක්විය යුත්තක් යන්න මාගේ හැඟීමයි. අපි හැමදාමත් කලේ යමක් වුණාට පසුව ඒ ගැන දුක්වීමත්, ශෝකය ප්‍රකාශ කිරීමත්, සිද්ධියට මැදි වූවන්ට උපකාර කිරීමත්, එතැනින් සියල්ල අමතක කරදැමීමත් පමණි. නමුත් මේ සිද්ධින් සියල්ල තනි තනි සිද්ධි බවට සමාජයට පෙන්වාදීමට විවිධ පාර්ශවයන් උත්සාහ කලත් මේවා සියල්ල එක්තරා සැලැස්මකට අනුව දියත්වන සිද්ධි ජාලයක්ට බව මුස්ලීම් සමාජය ප්‍රථමයෙන් වටහාගතයුතුය. මේ පිලිබදව යහමග අඩවිය තුලත් අවස්ථා ගණනාවකදී සාකච්චා කොට ඇති අතර මෙම වීඩියෝවන් ද එම තත්වය හොදින් වටහා ගැනීමට ඔබට පිටුවහලක් වනු ඇත.
https://youtu.be/Ib2YQFq115A
https://youtu.be/71enC2Elz0k
https://youtu.be/fypEpmbQjWY
මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට යොමුවිය යුතු මෙවැනි වීඩියෝ තවත් ඇත්නම්, ඒවාද මෙහි ඉදිරිපත් කිරීමත් කාලීන අවශ්‍යතාවයක් මෙන්ම වගකීමකි. ඒ සදහා යහමග පාඨක ඔබට ඇරයුම් කරමි.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න