මූලධර්මවාදීන් යනු කවුරුන්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන තවත් චෝදනාවක් වන්නේ ඉස්ලාම් භක්තිකයන් මුලධර්මවාදීන් යන්නයි. මෙය සත්‍යයක්ද?. මෙම මාතෘකාව පුධාන කරුණූ දෙකක් ඔස්සේ කථා කිරීමට අවශ්‍ය වේ. එනම්,

  • මුලධර්මවාදීන් යනු කව්රුන්ද?
  • ඉස්ලාමීය මුලධර්මවාදීන් යනු කුමක්ද?

මුලධර්මවාදීන් යනු කව්රුන්ද?

මුලධර්මවාදය යන්නට ශබ්දකෝෂයන් දෙන අරුථ පිලිබදව මුලින්ම අවධානය යොමු කලේ නම්. මුලධර්මවාදයට වෙබ්ස්ටර් ශබ්දකෝෂය දෙන අරුථ වන්නේ “ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය Protestanism මුලධර්මයට අනුව 20 වන සියවසය ආරම්භයේ ඇමරිකාවේ බිහිවු සංවිධානය” යන්නයි. නුතන සංස්කෘතියට එරෙහිව බයිබලයේ පවසන (උගන්වන) විනය හා විශ්වාසය විතරක් නොවී ඉතිහාස සත්‍යයන් බයිබලයේ ඇති ආකාරයෙන්ම පිලිගැනීම හා ක‍්‍රියාකරවීම සදහා බිහිවු සංවිධානයකි. “දෙවියන් විසින් ග‍්‍රන්ථයක් ආකාරයටම පහල කල දෙයකි බයිබලය” යන මතයට ප‍්‍රමුඛස්ථානය දී ක‍්‍රියා කරන සංවිධානයකි. එමනිසා ආරම්භ කාලයේ ඉහත මතය දරණ සංවිධානය මුලධර්මවාදී යයි හදුන්වන ලදී.

“මුලධර්මවාදය” යන වචනයට ඔක්ස්ෆර්ඩි ශබ්දකෝෂය මුල් කාලයේ දුන් අරුතවන්නේ “පැරණිතම දහමන්වල මුලධර්මය නිසි ආකාරව ක‍්‍රියාවට නැංවීම” යන්නයි. නමුත් ඔක්ස්ෆර්ඩි ශබිදකෝෂයේ නුතන මුදාණයන් බැලුවිට එහි සදහන්ව ඇත්තේ “පැරණිතම දහමන්වල මුලධර්මය නිසි ආකාරව ක‍්‍රියාවට නැංවීම විශේෂයෙන් ඉස්ලාමි දහමහි මුලධර්මයන්” යනුවෙන් සදහන් වී තිබේ. මේ නිසා අද මුලධර්මවාදය යන වාදය ප්‍රකාශ වීමේ දී බොහෝවිට ක්‍ෂණිකව සිතෙහි ඇති වන්නේ ඉස්ලාම් භක්තිකයින් යන්නයි.

එසේනම් මුලධර්මවාදීන් යනු කව්රුන්ද? තමන් දරණ මතය නිවරුදි මතය ලෙස පිලිගෙන. දැඩි අධිශ්ඨානයෙන් යුතුව එය තමන්ගේ ජීවිතයේ ගෙන පිලිපදින්නා මුලධර්මවාදියෙක් ලෙස හදුන්වයි. උදාහර්ණයක් ලෙස කිසිවකු හොද වෛද්‍යවරෙයෙකු වීමට ඔහු වෛද්‍ය විද්‍යාවේ මුලධර්මයන් හොදින් අධ්‍යනය කර ඒ අනුව ක‍්‍රියා කලයුතු වේ. එවිට ඔහු හොද වෛද්‍යවරයෙකු වෙනත් ආකාරයකට පවසනවා නම් වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයේ ඔහු මුලධර්මවාදියෙකු ලෙස හැදින්වේ. මේ ආකාරයට ඕනෑම ක්‍ෂෙත‍්‍රයක් උදාහර්ණ ලෙස ගෙනහැර දැක්විය හැක. ඒ අනුව “මූලධර්මවාදීන්” යන නම ඇසූ පමණින් ඔහු වැරදි එනම් සියළුම මුලධර්මවාදීන් වැරදි එසේත් නැත්නම් නිවරුදි යයි. තීරණයකට එලඹීය නොහැක. ඔවුන් නියෝජනය වන ක්‍ෂෙත‍්‍රය අනුව එසේම කරන කාර්ය අනුව ඔවුන් යහපත් මුලධර්මවාදීන්ද? එසේත් නැත්නම් අයහපත් මුලධර්මවාදීන්ද? යන්න තීරණය කලයුතු වේ. සමාජයට හානිකර ක‍්‍රියාවක නියෙලන රසායනික අවි නිපදවන විද්‍යාඥයෙක් සැලකුවේ නම් ඔහු අයහපත් මුලධර්මවාදියෙක් ලෙසත්, වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයෙන් සමාජයට යහපතක් කරන වෛද්‍යවරයා හොද මුලධර්මවාදියෙකු ලෙසත් හැදින්විය හැක.

ඉස්ලාමීය මුලධර්මවාදීන් යනු කුමක්ද?

ඉස්ලාම් දහම පිලිගෙන එහි මුලධර්මයන් නිසි ආකාරව ඉගෙන ඒ අනුව කටයුතු කිරීම ඉස්ලාමීය මුලධර්මවාදියෙකුගේ ලක්‍ෂනයකි. ඒ අනුව සැබෑ මුස්ලීම්වරයකු නියත වශයෙන්ම මුලධර්මවාදියෙකි. තමන් ඉස්ලාමීය මුලධර්මවාදියෙක් යයි පවසා ගැනීමෙන් ලැජ්ජාවටපත් වියයුතු නැත. ඒ පිලිබදව ආඩම්භර වියයුතුය. මන්ද ඉස්ලාමයේ මුලධර්ම සියල්ල ලොව ජීවත්වන සියළු දෙනාට අලංකාර ආදර්ශයන් මිස එහි මිනිස් සමාජයට විපතක් හෝ අයහපතක් ගෙනදෙන්නක් නොවේ. එම නිසා මුස්ලිම්වරුන් මූලධර්මවාදීන් වීම ආඩම්භරයට කාරණයකි. එවන් වූ ඉස්ලාමීය මූලධර්මයන් අවබෝධ කරගත් නිසයි. ලොව බොහෝ විද්වුතන් ඉස්ලාමය ප්‍රශංසා කොට තම මත පවසා ඇත්තේ. එවන් වූ මත කිහිපයක් ඉදිරිපත් කරන්නේ නම්,

  • “ඉස්ලාම් පුජක භාවය වෙනුවට මනුෂ්‍යභාවය ස්ථාපන කලේය. මේ මගින් මානව සංහතියට සහෝදරත්වයත්, මනුෂ්‍ය ස්වභාවයේ මුලිකාංග පිලිගැනීමක්ද සිදුකෙරේ.” මෙම ප‍්‍රකාශය දාවල්වර් හැමිටන් ගිබි පුජක සභාවේ කරන ලද්දකි.

උපුටා දැක්වු ග‍්‍රන්ථය The preaching of Islam කතෘ Arnold විසිනි.

  • “ඉස්ලාමය ඉස්තරම් ම දායාදයකි. වත්මන් ලොවේ සිදුවෙමින් පවත්නා සිද්ධින් ගැන සැලකීමේදී ඉස්ලාමීය ශීලය දැවෙන අවශ්‍යතාවයක් වී ඇත”.

ග‍්‍රන්ථය Civilization on Trial – New York කතෘ A.J Toynbee

  • “අනාගතයේ එකම ආගමක් පිණිස වු අවශ්‍ය සෑම අංගයක්ම, තොරතුරක්ම ඉස්ලාම් හී ඇත.”

ග‍්‍රන්ථය Islam and Christanity Today – London කතෘ W Montegomery Watt

ඉහත ආකාරයට විද්වතුන් ඉස්ලාම්හි මුලධර්මයන් අගයන්නේ එය කාලීන බැවිනි. ඉස්ලාම් යන්න “සලාම්” යන වචනයෙන් බිදී එන්නකි සලාම් යන්න “ශාන්තිය , සමාදානය” යන අරුථ වේ. ඉස්ලාමීය මුලධර්මයන් මුස්ලීම්වරුන්ට සාමයෙන් සමාදානයෙන් ජීවත් වන ලෙස අනකරන ඒ සදහා මඟ පෙන්වන දහමකි. එසේම මුළු ලොවෙහිම සාමය වෙනුවෙන් කටයුතු කරන ලෙස අන කරන දහමකි. ඒ ක්‍රියාදාමය එනම් ලොවපුරා සමාදානය බිහිකිරීම ක‍්‍රියාවලියේ මුස්ලිම්වරුන් මුලධර්මවාදීන්ය. එම මූලධර්මවාදීත්වය කාලීන අවශ්‍යතාවයක් ද වේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/9

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම