යහපත් යුගදිවියට – ඔබ පරමාදර්ශීද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග අඩවිය තුල ඉදිරිපත් කරන ‘සාර්ථක යුගදිවියකට මඟපෙන්වීම’ යන ලිපි පෙලෙහි තවත් ලිපියක් ලෙස ‘ඔබ පරමාදර්ශීද?’ යන මාතෘකාව ඔස්සේ මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

අතීත සමාජය තුල පැවති විවාහ අරමුණු හා නිර්ණායක වත්මන් සමාජය වන විට තරමක් සංකීර්ණ වී ඇත. මේ හේතුව නිසාම වත්මන් පවුල් ඒකකය තුල ඇති වන මතභේද, ගැටුම් සහ දික්කසාදය දක්වා යොමුවීම අතීතයට සාපේක්ෂව ඉහල අගයක ඇත. වත්මන් සමාජ විවාහක පවුල් දිවිය තුල මේ ආකාරයට සිදුවන දෙදරීම් දෙස බලන විට ඊට ප්‍රබල ලෙස බලපාන හේතු කාරණා ගණනාවක් දකින්නට ඇත. එහි මූලික කාරණයක් වෙතයි අද මෙම ලිපිය තුලින් අවදානය යොමු කරන්නේ.

යහපත් දැහැමි බිරිඳක් හෝ ස්වාමිපුරුෂයෙකු තෝරාගැනීමට අපොහොසත් වීම

විවාහ වීමට අපේක්ෂා කරන ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම තම සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුල නිවැරදි හා දුරදක්නා නුවණකින් එම තීන්දු තීරණ ගැනීමට අපොහොසත් වීම ඉහත තත්වයට එක් මූලික හේතුවයි. තමන්ට යහපත් බිරඳක් ලැබිය යුතු බව පිරිමින් සිතන අතර තමන්ට යහපත් ස්වාමියෙකු ලැබිය යුතු බව ස්ත්‍රීය සිතයි. නමුත් යහපත් මනාළියකු හෝ මනාළයෙකු තෝරාගන්නා ක්‍රියාවලියේ දී ඒ දෙපාර්ශවයම එය නිවැරදිව කරන්නට අපොහොසත් වේ.

මාගේ විශ්වාසය නම් අලුතින් විවාහ දිවියට එළඹෙන හා එළඹීමට අපේක්ෂා කරන අති බහුතර කාන්තාවන් හා පිරිමීන් යහපත් බිරිඳක් හෝ ස්වාමිපුරුෂයෙකු තෝරාගන්නේ කෙසේද? යන කාරණය පිලිබදව නිසි අවබෝධයෙන් තොරව තීන්දු තීරණ ගන්නවා යන්නයි. මේ හේතුව නිසා තමන් විවාහ කරගන්නා ස්වාමියා වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවරයෙකු හෝ ආර්ථිකමය වශයෙන් ඉහල තැනක සිටින බලගතු පවුලවල කඩවසම් තරුණයෙකු වියයුතු යැයි මනාළියන් අපේක්ෂා කරන අතර ආර්ථික වශයෙන් යම් ශක්තියක් ඇති වැදගත් වෘත්තියක නියැලෙන අලංකාර බිරිඳක් තමන්ට හිමිවිය යුතු යැයි මනාළයන් අපේක්ෂා කරයි.

තවත් සරලව පවසනවා නම්, මා ආරම්භයේ පැවසුවා සේ නූතන සමාජයේ විවාහ අරමුණු හා ඒ සදහා වූ නිර්ණායක විකෘති වීම හේතුවෙන් ඔවුන් අපේක්ෂා කරන ‘පරමාදර්ශි බිරිඳ හෝ ස්වාමිපුරුෂයා’ යන්න බුද්ධිමත්, ධනවත් සහ බලගතු පවුලකින් පැවත එන කෙනෙකු යනුවෙන් පටු ලෞකික අරමුණුවලට එය සීමා වී ඇත යන්නයි. එහි ප්‍රතිපලයක් ලෙස බහුතර පිරිමින් සහ කාන්තාවන් තම විවාහය වැනි තීරණාත්මක අවස්ථාවල දී පවා ආගමික විශ්වාසය, චරිතය සහ සදාචාරය… යනාදී කාරණයන්ට ප්‍රමුඛතාවය නොදෙන අවාසනාවන්ත තත්වයක් සමාජය තුල නිර්මාණය වී ඇත. නමුත් ඉස්ලාමය පවසන ‘පරමාදර්ශී බිරිඳ හා පරමාදර්ශී ස්වාමිපුරුෂයා’ යනු එසේ නොවේ.

ඉස්ලාම් පවසන ‘පරමාදර්ශ’ ජීවිතය කුමක්ද? යන්න පහත අනුමාතෘකා යටතේ මෙතැන් සිට විමසා බලමු.

මෙම ලිපිය ඉතිරි කොටස වෙනම ලිපියක් මඟින් ඉදිරිපත් කරන අතර එම ලිපිය කියවීමට ඉහත මාතෘකාවන් මත Click කරන්න. එසේම මෙම ලිපි පෙලෙහි පෙර ලිපි පහතින් කියවන්න.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම