යේසුස් වහන්සේ ඔබ කැදවයි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


සමස්ථ කිතුණු ලෝකයම නත්තල සමරණ මේ ‍මොහොතේ යහමග අඩවිය හරහා බයිබල් වාක්‍ය කිහිපයක් කිතුණු සමාජයේ බුද්ධිමත් අවදානය පිණිස ගෙන එන්නට අදහස් කරමි. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් මරියම් ගේ පුත් යේසුස් තුමාණන්ට ගරු කරන්න‍ා සේම ඉස්ලාමීය ලෝකයේ අපි ද එතුමාණන්ට ඉමහත් ගරුත්වයක් දක්වන්නෙමු. කිතුණු ලොව යේසුස් වහන්සේ නමින් හදුන්වන මරියම්ගේ පුත් ඊසා (අලෛ) තුමාණන් අල්ලාහ් (දෙවියන්)ගේ වක්තෘවරයෙකු නොහොත් නබිවරයෙකු ලෙස සමස්ථ මුස්ලීම් ලෝකයම ගරු කරති. මුස්ලීම් ලෝකය මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ්‍ (දෙවියන්)ගේ දූතයාණන් ලෙස සලකනවා සේම ඊසා (අලෛ) (යේසුස්) තුමාණන් ද දේව දූතයකු ලෙස පිලිගන්නෙමු. එපමණක් නොව ප්‍රථම මිනිසා වන ආදම්ගේ පටන් අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා වූ සෑම දේව වක්තෘවරයෙකුගේම මෙහෙවර එකක් වූ බවත්, යේසූස් නොහොත් ඊසා (අලෛ)තුමාද එහි කොටස්කරුවකු බවත් මුස්ලීම් අපි පිලිගන්නෙමු. මේ පිලිබදව අවසාන වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් මිනිස් සමාජයට දේශනා කල ආකාරය ශුද්ධ වූ කුර්ආනයේ 3-50,51 වාක්‍යය මගින් මෙසේ පවසයි.

“මට පෙර ජිවත් වු වක්තෘවරුන් ගෙනආ දහමන් සත්‍ය කරණු පිණිසද, නුඔලාට මීට පෙර තහනම් කල සමහරක් සදහා අවසර ලබාදීම පිණිසද, අල්ලාහ් පමණි මාගේත්, නුඔලාගේත් දෙවියා එමනිසා ඔහුට පමණක් වන්දනා මාන කරන්න. මෙයයි සත්‍ය මාර්ගය යයි පවසනු පිණිසද …”

මේ ආකාරයට ලොව පහල වූ සෑම වක්තෘවරයෙකුගේම මෙහෙවර ඉහත ආකාරය වූ බවත්, මිනිස් සමාජයට දේශනා කල දහම ද එකක් වූ බවත් ශුද්ධ වූ කුර්ආනයේ තවත් තැනක. එනම් 4-163 වාක්‍යය මඟින් මෙසේ පවසයි.

“නුහ් වෙතද ඔහුගෙන් පසු පැමිණි වක්තෘ වන ඉබ්රාහීම්, ඉස්මායිල්, ඉස්හාක්, යාකූබ්, ඊසා, අයියුබ්, යුනුස්, හාරූන්, සුලෙයිමාන්, දාවුද් යන පිරිසට දේව පණිවුඩය පහල කල ආකාරයටම නුඹටත් (මුහමිමද්ටත්) දේව පණිවුඩය පහල කලෙමු.”

ඉහත කුර්ආන් වාක්‍යයේ සදහන් ආකාරයට සෑම වක්තෘවරයෙකුම තම සමාජයට යහමග දේශනාකලත් ඔවුන්ගේ නික්මයාමත් (එම සමාජයෙන් සමුගැනීමත්) සමඟ එම දේශනයන් කාලයත් සමඟ විකෘති වෙමින් හා සංශෝධනය වෙමින් පාරම්පාරික සම්වප්‍රදායන් එක්වෙමින් පැවත ආ නිසා පිරිසිදු දහම තවදුරටත් එහි දකින්නට නොලැබීය. නමුත් යම්යම් දේශනයන් මුඛ පරම්පරාගතව පවා ආරක්ෂා වී පැවතුණු නිසා (මේ පිලිබදව වැඩි විස්තර කියවීමට) වර්ථමාන ලිඛිත ග්‍රන්ථවල ඉන් සමහරක් සටහන් වී ඇති බවත් මෙහි සදහන් කලයුතුය. පහතින් ඉදිරිපත් කරන්නේ බයිබලයේ ඒ ආකාරයට සටහන් වී ඇති කරුණු කිහිපයකි.

ඉස්ලාමීය මූලික විශ්වාසය නම් අල්ලාහ් නම් සර්ව බලධාරී දෙවියකු යන්නත්, අල්ලාහ් හැර වෙන කිසිදු දෙවියෙකු නොමැත යන්නත්ය.

මෙම කාරණය බහුතර කිතුණූ භක්තිකයන් නොපිලිගන්නා අතර ඔවුන් යේසුස් වහන්සේද දේවත්වයෙන් සලකයි. මුස්ලීම් ලෝකය ප්‍රතික්ෂේප කරන මෙම විශ්වාසය යේසූස් වහන්සේ පවා ප්‍රතික්ෂේප කොට ඇති බව බයිබලය හොදින් පරිශීලනය කිරීමේ දී පෙනීයයි. එලෙස යේසුස් වහන්සේ පවා හෙලා දැක ඇති බයිබල් වාක්‍යයන් කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,

  • යොහන් 17—3,
  • නික්මයාම 20-3 හා 4,
  • ලූක් 18-19,
  • වීතිය කථා 4-35,
  • යෙසායා 43-10 සිට 12,
  • මතෙව් 13-32,
  • යෙසායා 44-6,
  • යෙසායා 45-5 හා 6,
  • මතෙව් 4-10,
  • මතෙව් 14-23,
  • මතෙව් 26-39 සිට 41,
  • ලූක් 6-12,
  • මාර්ක් 10-17 සිට 19,
  • මතෙව් 5-20,
  • නික්මයාම 40-30 හා 31,
  • ක්‍රියා 21-26,
  • උත්පත්ති 17-3,
  • ගණන් කථාව 20-6,
  • මතෙව් 26-39,
  • මතෙව් 5-3 සිට 12,
  • මතෙව් 6-1 සිට 4,

(මෙහි ඉහත පලමු වාක්‍යය Link ලබාදී ඇති අතර අනිකුත් වාක්‍යයන් ද මෙහි Click ෙකාට සිංහල භාෂාමය බයිබල් අඩවියට පිවිසි කියවීමට පුළුවන)

මේ ආකාරයට බයිබලයේ බොහෝ තැන්වල “සර්ව බලධාරී දෙවියන්” පිලිබදව යේසුස් වහන්සේ දේශනාකල බවට සදහන්ව ඇත. ඉහත වාක්‍යයන් කෙරෙහි බුද්ධිමත් අවධානය කිතුණු සමාජය යොමු කලයුතුය. ඉහතින් සදහන් කොට ඇත්තේ “සර්ව බලධාරී දෙවියන්” පිලිබදව බයිබලයේ සදහන් කරුණු පමණි මීට අමතරව ඉස්ලාම් දහම දැඩි ලෙස මුස්ලීම් සමාජයට අවධාරනය කරන බොහෝ කරුණු ඒ ආකාරයටම බයිබලය තුලද සටහන්ව තිබෙන ආකාරයන් බොහෝමයක් දක්නට ඇත. නමුත් බහුතර කිතුණු සමාජය මේ පිලිබදව නොදනී. එයට සරල උදාහර්ණයක් ගෙනැර දක්වන්නේ නම්, මේ නත්තල් සමයේ කිතුණුවන් මා‍ංශ ආහාරය පිලිබදව දැඩි උනන්දුවක් දක්වයි. විශේෂයෙන් ඌරු මාංශ මේ දිනවල අධික ලෙස ඔවුන් පරිභෝජනයට ගනී. නමුත් මේ ඌරු මාංශ නොහොත් සූකර මාංශ පිලිබදව බයිබලය පවසන්නේ කුමක්ද?

“ඌරා කුරය බෙදී ඇති සතෙකි. නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතුය. උන්ගේ මස් නොකෑ යුතු අතර උන්ගේ මලකුණු ස්පර්ශ නොකල යුතුය.”

ද්විතිය නීති 14-9

ඉහත බයිබල් වාක්‍යයෙන් පවසන කාරණය ඔබට හොදින් පැහැදිලි වනුඇත. මීට අමතරව පුරුෂයන් රැවුල් වැවීම, ඡර්ම චේද්‍යය … යනාදී බොහෝ කාරණයන් කිතුණු සමාජයට බයිබලය අවධාරනය කරයි. එනමුත් මේවා සියල්ල 100% පිලිපදිනු ලබන්නේ වත්මන් මුස්ලීම් සමාජය පමණි. මන්ද මේ සියල්ල අල්ලාහ් (දෙවියන්)ගේ නියෝගය මත මිනිස් සමාජයට වක්තෘවරැන් මඟින් (ඊසා මෙන්ම මුහම්මද් (සල්) තුමාණන් විසින් මුස්ලීම් සමාජයට) දේශනා කර ඇති නිසාය.

ඒ අනුව අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ යේසූස් හෙවත් ඊසා (අලෛ) තුමාණන්ව නිවරැදිව හා සෑම අතින්ම අනුගමනය කරන ලොව එකම ජන සමාජය මුස්ලීම් ජන සමාජය හැර අන් කිසිවකුත් නොවේ. ඒ අන්කිසිවක් නිසා නොව ඔහු අල්ලාහ් (දෙවියන්) ගේ දූතයාණන් වූ නිසාම පමණි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම