රාජ්‍ය පාලනය පිලිබදව ඉස්ලාම් දහමේ දැක්ම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අද ජාත්‍යන්තරයෙත් ජාතිකතලයෙත් වැඩි වශයෙන් කථා බහට ලක්වන මාතෘකාවක් බවට “දේශපාලනය” යන විෂය පත්ව ඇත. මෙම විෂය සම්බන්ධයෙන් විවිධ වූ විග‍්‍රහයන් හා වටමේස සාකච්චා නොඅඩුව දක්නට ඇත. මෙම දේශපාලන විග‍්‍රහයන් අතර ආගම් පදනම් කරගත් දේශපාලන විග‍්‍රහයන් හා අර්ථ කථනයන් ද සුලබව දකින්නට ඇත. විශේෂයෙන් ඒ ඒ ආගමික පූජකවරුන් හා විද්වතුන් තම දහම තුල මේවාට විසදුම් ඇති බවත් තම දහම අවධාරනය කරන්නේ මෙවැනි පාලන ක‍්‍රමයක් බවත්, පවසමින් විවිධ ආගමික ඉගෙන්වීමන් ද ප‍්‍රකාශ කරමින් ජනතාව දිනාගැනීමේ මහා සටනේ නිරත වී ඇත.

මෙවන් මොහොතක මෙම ලිපිය තුලින් ඉස්ලාම් දහම රාජ්‍ය පාලනය එසේත් නැත්නම් දේශපාලනය පිලිබදව කුමක් පවසන්නේද? යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

රාජ්‍ය පාලනය පිලිබදව ඉස්ලාමීය දැක්ම

ඉස්ලාම් මානව හිතවාදය හා මානව අයිතිය දැඩිව අවධාරනය කරන ඒ වෙනුවෙන් හඩක් නගන දහමකි. එය තුල මානව හිතවාදයට හා අයිතීන්ට එරෙහි සංකල්ප නැත. කොතරම්ද දුරට ඉස්ලාම් එය අවධාරනය කරනවාද යයි පවසනවා නම්, දෙවියන් තමන්ට කරන වන්දනා මානවලට වඩා ඉහත සදහන් මානව හිතවාදය හා මානව අයිතිය දැඩිව අවධාරනය කරන දහමකි. එයට උදාහර්ණයක් ශුද්ධ වූ නබිවදනකින් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

“විනිශ්චය (මරණින් මතුව උදාවන) දිනයේ සමහරක් මිනිසුන්ගෙන් අල්ලාහ් (දෙවියන්) මෙසේ ප‍්‍රශ්න කරන බව නබිතුමාණන් පවසන ලදී ‘එම්බල ආදම්ගේ දරුවනි! මම රෝගිව සිටී අවස්ථාවේ ඇයි නුඹ මාගේ සුවදුක් බලන්නට නොපැමිණියේ?’ එයට එම මිනිසා විශ්මයට පත්ව ‘දෙවියනේ නුඹ රෝගිවන්නේ කෙසේද?’ යයි විමසනු ඇත. එවිට දෙවියන් එම මිනිසා ජීවත් වු ප‍්‍රදේශයේ රෝගිව සිටී අසල්වාසින් සිහිකොට ඒ අයගේ සුවදුක් බලන්න නොපැමිණිම දෙවියන් තමාව බලන්නට නොපැමිණියාසේ සලකන බව පවසනු ඇත. ඒ ආකාරයටම තවත් කෙනෙකු කැදවා ‘එම්බල ආදම්ගේ දරුවනි!, මා කුසගින්නේන් නුඹ ලගට පැමිණී මොහොතේ ඇයි නුඹ මට ආහාර ලබා නොදුන්නේ?’ එයට එම මිනිසා විශ්මයට පත්ව ‘දෙවියනේ නුඹට කුසගින්නක් කෙසේ ඇතිවන්නද? නුඹ කවදා ද මා හමුවට ආවේ?’ යයි විමසනු ඇත. එවිට දෙවියන් එම මිනිසා ජීවතව සිටිය දී ඔහු හමුවට ආහාරයට යමක් ඉල්ලා පැමිණි පිරිස මතක් කොට ඒ පිරිසට ආහාර නොදීම නුඹ මට ම ආහාර නොදී ප්‍රතික්ෂේප කලාසේය යනුවෙන් දෙවියන් පවසනු ලැබේ.”

(හදීස් කුදිසි)

ඉහත අල්හදීසය ඉස්ලාම් මානව හිතවාදය හා මානව අයිතිය කොතරම් දුරට අවධාරනය කරනවාද යන්න අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එසේ නම් එම කාරණයන් මනසේ රදවාගෙන මෙම විෂය එනම් “රාජ්‍ය පාලන පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද?” යන්න දැන් අවධානය යොමු කරමු.

ලොවපුරා පවතින රාජ්‍ය පාලන ක්‍රමයන් පිලිබදව කෙටි විමසුමක්

ඉහත මාතෘකාව වඩාත් හොදින් පැහැදිලි කරගැනීම සදහා වර්ථමානයේ ජාත්‍යන්තරයේ හා ජාතික තලයේ අප දකින දේශපාලන ක‍්‍රම පිලිබදව බුද්ධිමත් විමසුමක් කිරීම සුදුසු බව හැඟේ. ඒ අනුව අද ලොව දේශපාලන රටාවන් හා තීන්දු තීරණ ගන්නා ආකාරය දෙස බලන විට අප දකින්නේ බහුතරයකගේ මතය අනුව තීන්දු තීරණ ගන්නා දේශපාලන රටාවකි.

නිදසුනකට - 2010 ලාංකිය ජනාධිපතිවර්ණයේ පිලිබදව අවධානය යොමු කලේ නම් එහි 57% ප‍්‍රතිශතයක් ලබාගෙන එක් පාර්ශවයක් ජය ගනිද්දී ඡුන්ද 4173185 (40.15%) සංඛ්‍යාවක් ලබාගත් අනිත් අපේක්‍ෂකයා ඔහුගේ ප‍්‍රතිපත්තීන් සමග ප්‍රතික්ෂේප වී යයි.

මෙය නූතන දේශපාලන න්‍යායයි. එහි බහුතරයක් මගින් තෝරාගනු ලබන ප‍්‍රතිපත්තියක් මගින් අණ පනත් සකස් කිරීම තුලින් මහජන මතය ක‍්‍රියාවට නැංවීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු මගින් ක‍්‍රියා කරති. සුළුතර මතය මෙහි සැලකිල්ලට නොගෙන ප‍්‍රතික්ෂේප වේ. මෙහි දී ප‍්‍රථිපලය පදනම් කරගෙන බහුතරය නිවරුදි කියා හෝ සුළු තරය නිවරුදි කියා කිසිවකුටත් තර්ක කල නොහැක. එසේම මේ දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් වැරදි කියාත් තර්ක කල නොහැක. ඇතැම් විට පරාජිත පිරිසගේ මතය රටට යහපත් වන්නට පුළුවන ප‍්‍රායෝගික වන්නට ද පුළුවන නමුත් මේ සියල්ලට ඉහලින් මහජන මතයට ලබාදී තිබෙන උත්තරීතර බව හේතුවෙන් බහුතර මතය මත ආණ්ඩුවක් ගොඩ නැගේ. මෙය මතුපිටින් බලන කල යම් සාධාර්ණයක් පෙනුන ද සැබැවින්ම එහි ගැටළු රාශියක් පවතී. මේ හේතුවෙන් ඉස්ලාම් මෙම ක‍්‍රමය අවධාරනය නොකරයි.

මීට අමතරව සුළු වශයෙන් ජාත්‍යන්තරය තුල අප දකින තවත් දේශපාලන ක‍්‍රම කිහිපයක් ඇත. එනම්, රටේ පාලනය බලෙන් (හමුදා කුමණ්ත‍්‍රණ වැනි ක‍්‍රම මගින්) උදුරාගෙන එම පාලකයාට අවශ්‍ය ආකාරයට රට පාලනය කිරීම.

නිදසුනකට - පකිස්ථානයේ හා මියන්යමාරයේ පැවතී ක්‍රමය සදහන් කල හැක.

වර්ථමානයේ දකින්නට තිබෙන තවත් පාලන ක‍්‍රමයක් වන්නේ බලවත් රටවල්වල අවශ්‍යතාවය මත කුඩා රටවල් ආක‍්‍රමණය කර එම බලවත් රටවල්වල අවශ්‍යතාවයන් අනුව එම කුඩා රටවල් පාලනය කිරීම. මෙහි දී තමන්ට අවනත නොවන පාලකයන් ඉවත් කිරීම, එම රටවල තිබන සම්පත් ලබාගැනීම… වැනි අරමුණු ඇතිව පාලනයන් ඇති කිරීම සිදුවේ. මේ ආකාරයේ වූ පාලන ක‍්‍රමවේදයන් ඉස්ලාම් දහම අනුමත නොකරයි.

එසේ නම් ඉස්ලාමීය දේශපාලන න්‍යාය කුමක්ද? ඉස්ලාම් පවසන්නේ කුමක්ද?

දේව විශ්වාසය මූලික පදනම් කරගත් ඉස්ලාම්, ඉහත ආකාරයේ ඒකපුද්ගල හා බහුතර මතය පදනම් කරගත් මනුෂ්‍ය චින්තන මත ගොඩනැගුණ දේශපාලන න්‍යායන්ට වඩා දෙවියන්ගේ සැලැස්මට හා තීන්දුවලට මුල්තැන දෙන දහමකි. වර්ථමාන දේශපාලන විද්‍යාව ප‍්‍රධාන අංග තුනක් ඔස්සේ සමාජය තුල ප‍්‍රකාශ වන විට ඉස්ලාම් දහම ද ඊට බොහෝ සමාන ආකාරයට එහි මූලික පදනම ගොඩනගා ඇත. ඒ අනුව වර්ථමාන දේශපාලන විද්‍යාව පදනම් කරගෙන ඉස්ලාමීය දේශපාලන ඉගෙන්වීම අධ්‍යනය කිරීම මෙතැන් සිට ආරම්භ කරමු.

දේශපාලන විද්‍යාව ප‍්‍රධාන කොටස් තුනකට බෙදේ,

  • ව්‍යවස්ථාධායකය – රටේ නීතිය සකස් කිරීමේ වගකීම් පැවරෙන ආයතනය
  • විධායකය – රටේ නීතිය ක‍්‍රියවට නැංවීමේ වගකීම පැවරෙන ආයතනය
  • අධිකරණය – රටේ නීතිය ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරෙන ආයතනය

ඉහත ප‍්‍රධාන කොටස් තුන ඉස්ලාම් දහමේ ඉගෙන්වීම හා සංසන්ධනය කරමින් දැන් අපගේ මාතෘකාවට අවධානය යොමු කරන්නේ නම්,

ව්‍යවස්ථාධායකය පිලිබදව ඉස්ලාමීය දැක්ම

දේශපාලන න්‍යායන් ඒ ආකාරයට නිර්මාණය වී හා ක‍්‍රියාත්මකව පැවතුනත් ඉස්ලාම් දහමේ දේශපාලන න්‍යායන් මීට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයට සකස් වී ඇත. ඉස්ලාමීය විශ්වාසයට අනුව පොළොව මත ඕනෑම කාලයකට හා ඕනෑම ස්ථානයකට ප‍්‍රායෝගික වන මිනිස් ජීවිතය පහසු කිරීම සඳහා වූ නීතීන් හා ජීවන සැලසුම් නිර්මාණය කිරීමේ හැකියාව පවතින්නේ දෙවියන්ට පමණි. ඉස්ලාම් පවසන දෙවියන් මේ සියල්ල සදහාම ශක්ති සම්පන්නය. මේ අනුව දේශයක් පාලනයක දී දිව්‍යමය සැලැස්ම තමා ප‍්‍රායෝගික යන්න මුස්ලීම්වරුන් වන අපේ විශ්වාසයයි. එසේම දෙවියන් වහන්සේට තිබෙන අසමසම බුද්ධියත්, ශක්තියත් හේතුවෙන් ඔහුට සමාන දිව්‍යමය බලතල සහිත සහායකයකු හෝ ආදේශවිය හැකි වෙනත් ව්‍යවස්ථාදායකයෙක් හෝ තෝරා ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවේ. මේ අනුව ඉස්ලාමීය ඉගෙන්වීම අනුව නීතිය (රටේ ව්‍යවස්ථාව) සකස් කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ දෙවියන් වහන්සේටය. මෙය ශුද්ධ වූ අල්කුර්ආනයේ 5-44 වාක්‍යයෙන් දෙවියන් මෙසේ අවධාරණය කරයි,

යම් කෙනෙකු අල්ලාහ් පහල දැයින් විනිශ්චය නොකරන්නේ නම් ඔවුහුමය (ඉස්ලාමය) ප‍්‍රතික්‍ෂේප කරන්නෝ.

මේ අනුව ඉස්ලාම් පවසන දේශපාලන න්‍යාය හා සමාජය තුල දකින දේශපාලන න්‍යාය සංසන්ධනය කරන විට ව්‍යවස්ථාදායකයා බවට දෙවියන් වහන්සේපත්වේ. මෙහි දී අවධාරනය කලයුතු ප‍්‍රධාන කාරණයක් ඇත. එනම් ඉස්ලාමයේ සෑම කාරණයක්ම ප‍්‍රධාන කරුණු 02ක් මත පදනම් වේ. එනම්,

  • සත්‍යය
  • නිරවද්‍යතාවය

මේ අනුව ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙස මේ සංකීර්ණ විශ්වය හා මිනිසාව නිර්මාණය කල දෙවියන් හට ඔහුගේ ජීවිතයට අවශ්‍ය නීති රීතීන් නිර්මාණය කිරීම එතරම් බරපතල අභියෝගයක් හෝ කාරණයක් නොවන බව ප‍්‍රථමයෙන් අවබෝධ කර ගතයුතු වේ. එසේම මිනිස් නිර්මාණය තුල අන්තර්ගත සිය`එ රහස් හා ඔහුට සැම කලටම ප‍්‍රයෝගිකව අවශ්‍ය සංකීර්ණ සමාජ සැකැස්ම පිළිබඳ පූර්ණ අවබෝධයක් නැති කිසිවෙකුටත් එම දේව සැලැස්ම අභියෝගයකට ලක්කිරීමට ද නොහැක. මෙම දුර්වලතාවය හදුනාගත් බුද්ධිමතුන් හා පරියේෂකයන් විවිධ කාලවල ඒ සදහා විවිධ පරියේෂණ හා ගවේශණ සිදුකරන ලදී. නමුත් ඒ තුලින් ඔවුන් ලබාගත් ප‍්‍රතිපලය පිලිබදව අපට නොව ඔවුනටම සෑහිමකට පත්වන්නට නොහැකි වුවා යන්නයි සත්‍යය. මේ පිලිබදව ආචාර්ය ඇලක්සිස් කැරල් මහතා තම Man the Unknown නම් කෘතියෙහි මෙසේ පවසයි.

“මිනිස් සංහතිය තමන් පිළිබඳ දැනගැනීම සඳහා පුදුමාකාර වීර්යයකින් උත්සාහ දැරීය. විද්‍යාඥයින්, දාර්ශනිකයින්, කිවිඳුන්, සියලූම කාල පරිච්ජේදවල විසූ මුනිවරුන් හා පරම විඥානවාදීන් වැනි අය විසින් රැස්කරනු ලැබූ තොරතුරු හා සොයා ගැනීම් සම්භාරයක්ම අප සතුව තිබෙතත් මේ වන විටත් අප විසින් අවබෝධ කරගෙන ඇත්තේ අප පිළිබඳ කරුනු ස්වල්පයක් පමණි”.

මෙසේ මිනිසා තුළ ගැබ් වූ රහස් සොයා ගැනීම සඳහා විද්‍යාඥයයන් කැපවීමෙන් යුතුව කළ පර්යේෂණවල අසාර්ථක ප‍්‍රථිපල අප ඉදිරියේ තිබෙද්දී ඔවුන්ගේ සැලැසුම් තුල තවදුරටත් කොටුවීම බුද්ධිමක් ක‍්‍රියාවක්ද?. එසේත් නැත්නම් අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබදව පූර්ණ අවබෝධයක් ඇති මෙම දිව්‍යමය සැලැස්ම තුළ මනුෂ්‍යාට අවශ්‍ය සියලූම ආකාරයේ කරුණු කාරණාවන් මෙන්ම ඔවුන් එකිනෙකා අතර සිදුවන්නා වූ සිය`එම සබඳතාවයන් අන්තර්ගත වී ඇත යයි විශ්වාස කිරීම බුද්ධිමත් ක‍්‍රියාවක්ද?.

අප නිරන්තරයෙන් දකින කාරණයක් වන්නේ මෙම මනුෂ්‍ය නිර්මාණය තුල වැරදීම්, අතපසුවීම්, අඩුපාඩු හා නොගැලපීම්… වැනි දුර්වලතාවයන් නොඅඩුව පිරී පවතින බවයි. ඉන් මිදීමට ලොව කිසිදු මනුෂ්‍යයෙකු මෙතෙක් සමත් නොවුයේ ඔහුට ඉහතින් පැවසු ආකාරයට පූර්ණ කාල ඥානයක් නොපැවතීමයි. මේ හේතුවෙන් එම දුර්වලතාවයෙන් මිදීට කිසිවිටෙකත් මනුෂ්‍යාහට හැකි වී නොමැත. මෙයට උදාහර්ණයක් ලෙස නිදර්ශන බොහෝමයක් ජාත්‍යන්තර තුල ගෙනහැර දැක්විය හැකි වුවත් ලාංකීය අපට සමීපතම නිදර්ශනය ලෙස අප රටේ අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෙනහැර දැක්වීය හැක. රටේ බුද්ධිමත්ම පිරිසගේ සාමූහික නිර්මාණයක් වන මෙම ව්‍යවස්ථාව ගෙවීගිය වසර 50 තුල කොමණ සංශෝධන ද එතැනින් නතර නොවී තවදුරටත් සංශෝධනයන් අවශ්‍ය බවට ප‍්‍රසිද්ධියේ දිනපතා සිදුවන වාදවිවාද අපට අලුත් කාරණයක් නොවේ. මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? සර්වකාලීන සැලැස්මක් නිර්මාණයේ දී මනුෂ්‍යයා අසාර්ථක බව නොවේද? එය මීට වසර 1400 කට පෙර අඥාන සමාජයක දෙවියන් ශුද්ධ වූ අල්කුර්ආන් 21-22 වාක්‍යයෙන් මෙසේ අවධාරනය කරන ලදී.

“අහස හා පොළොවෙ හි අල්ලාහ් හැර වෙනත් කෙනෙකු (පාලනය කර) සිටියේ නම් ඒ සියල්ල (එකින් එකට භේද වී) ව්‍යාකූල වී යනු ඇත.”

එදා පැවසූ ඒ දේව වාක්‍යය අද බුද්ධියෙහි ඉනිපෙත්තෙ සිටින සංකීර්ණ සමාජයටත් එකසේ ගැලපෙන්නේ “දෙවියන් හැර මිනිසාගේ සුභ සිද්ධිය සලසන කිසිවක් හෝ කිසිවෙක් නොමැත” යන්න විද්‍යාමාන කරමින් නොවේද?. මේ කිසිවක් පිලිබදව ගැඹුරු අවබෝධයක් නොමැතව මිනිසා, මිනිස් අවශ්‍යතාවයන්ට 100% ක්ම සරිලන අන්දමේ නීති කෙටුම්පතක් නිර්මාණය කිරීම යනු කිසි කලෙක ප‍්‍රායෝගික නොවන විහි`එවක් පමණි. විටින් විට රට තුල ඇති වන නීති ගැටළු, දිනෙන් දින මුහුණ දීමට සිදුවන අළුත්ම ගැටළු හා හදිසියෙන්ම හටගන්නා අවුල් සහගත තත්ත්වයන් හමුවේ රටේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයේ දෙගිඩියාවත් රටේ ව්‍යවස්ථා සංශෝධනයට ජනතාවගෙන් ඉල්ලන වරමත් මෙම අසාර්ථකත්වය වෙනත් කාලවලට වඩා මැතිවර්ණ සමයක් පසුකරමින් සිටින ලාංකීය අපට වර්ථමානයේ මනාව පැහැදිලි වන කාරණයකි. කෙසේ හෝ විවිධ සාමූහික බුද්ධිමත් හමු හා විද්වත් වාද විවාද රාශියක් මධ්‍යයේ සම්පාදනය වන නීතියක් එය කෙටුම්පත් කිරීමට ගත වූ කාලයට වඩා වේගයෙන් එය ජනතාව හමුවේ ප‍්‍රතික්‍ෂේප වී යාමේ අවාසනාවන්ත තත්වය ලාංකීය අප වසර ගනනාවක් මුළුල්ලේ අත්විදි සත්‍යයකි.

මේ අනුව දේශපාලනයේ ප‍්‍රධාන අංගයක් වන ව්‍යවස්ථාධායක වගකීම නිරවද්‍යව සිදුවීමට නම් මහජන මතය, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායය, මහජන නියෝජනය ආදී ව්‍යාජ බෝඩ් ලෑලි බැහැරව මිනිසාට යහපතක් ගෙන දෙන මිනිස් අයිතීන් සුරකින නිරායාසයෙන්ම ස්ථාපිත කළ හැකි දිව්‍යමය අණපනත් පිළිගැනීමයි සිදුකල යුත්තේ මෙයයි ඉස්ලාම් අවධාරනය කරන ව්‍යවස්ථාධායකය.

(සියල්ල හොදින්ම දන්නේ අල්ලාහ් පමණි)

විධායකය හා අධිකරණය පිලිබදව ඉස්ලාමීය විමසුමක්

දේශපාලන විද්‍යාව පිලිබදව අවධානය යොමු කරණ විට ව්‍යවස්ථාධායකය හැරුණු කල මීළඟට මාතෘකාවට ගැනෙන ප‍්‍රධාන කාරණය වන්නේ “විධායකය හා අධිකරණය” යන්නයි. මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ඉගෙන්වීම පිලිබදව කථා කිරීමට පෙර ලාංකීය සමාජය පදනම් කරගෙන ඉහත සදහන් විධායකය හා අධිකර්ණය පිලිබදව සරල ආකාරයේ හැදින්වීමක් කරන්නේ නම්, එය පහත ආකාරයට හැදින්වීය හැක.

විධායකය යනු වය්‍යවස්ථාධායකය විසින් සම්පාදනය කරන නීතීන් ක‍්‍රියාවට නගන ආයතනයකි. එය රටේ ජනාධිපතිවරයා නියෝජනය කරයි. එසේම අධිකර්ණය යනු ව්‍යවස්ථාධායකය මගින් සම්පාදනය කර විධායකය විසින් ක‍්‍රියාවට නගන නීතිය ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරෙන ආයතනයකි. දැන් මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය හා ඉගෙන්වීම් පිලිබදව අවධානය යොමු කරමු.

ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව ව්‍යවස්ථාධායකය යනු කුමක්ද? යන්න අපට දැන් පැහැදිලිය. එසේ නම් විධායකයට හා අධිකරණය යන ආයත දෙකට පැවරෙන වගකීම වන්නේ ඉහත ව්‍යවස්ථාව ක‍්‍රියාවට නැගීම හා ආරක්‍ෂා කිරීම යන වගගකීම් දෙක පමණි. මෙහිදී විධායකයට තම ස්වමත හෝ චින්තනයන් ක‍්‍රියාවට නැගීමක් සිදුකල නොහැකි බවත් එයට මූලික වූ හේතු කාරණයන් කුමක්ද? යන්නත් අප ඉහතින් පැහැදිලිවම අවබෝධ කරගත්තෙමු.

එසේනම් ඉස්ලාම් අවධාරනය කරන විධායක හා අධිකර්ණ සතුකාර්ය කුමක්ද යන්න පැහැදිලිය. දැන් ප‍්‍රශ්නය ඇත්තේ ව්‍යවස්ථාධායකය (දෙවියන්) විසින් සම්පාදනය කර දුන් නීතිය ක‍්‍රියාවට නගන හා ආරක්‍ෂා කරන ආයතනය කුමක්ද? යන්නයි. මෙහි දී මූලික වශයෙන් අවබෝධකර ගතයුතු කාරණය නම් දෙවියන් විසින් සකසා දුන් මෙම නීති සියල්ලම මීට වසර 1400 කට පෙර මිනිස් සමාජය තුල ක‍්‍රියාවට නංවා ආදර්ශමත් මෙන්ම ප‍්‍රායෝගිකමත් බව ඔප්පු කරන ලද නීතින්ය. එය තුල මන:කල්පිතයන් නැත, ප‍්‍රායෝගික නොවන නීතීන් නැත, මනුෂ්‍යාගේ මූලික අයිතීන් උදුරාගැනීම් නැත. මිනිසුන් හිංසනයට හා වෙහෙසට පත්කිරීම් නැත… මේ ආකාරයට එහි සාර්ථකත්වය පෙලගැසීමට හැක. මෙහි ප‍්‍රායෝගික බව වඩාත් හොදින් තහවුරු කරන සාධකයක් ලෙස මෑතකදී ඉතිහාසය පිලිබදව ගැඹුරු ගවේශණයක් සිදුකල Micheal H Hart මයිකල් එච් හාට් මහතාගේ ගවේශණ කෘතිය වන THE 100 “ද‘ හන්ඩ්‍රඩ්” හි ලෝක ඉතිහාසයේ මිනිස් සමාජයට දැඩි බලපෑම් සිදුකල සියක් දෙනා පෙළගැසීමේ දී ප‍්‍රථම ස්ථානය මුහම්මද් (සල්) තුමාණන් හට ලබාදෙමින් එසේ ප‍්‍රථම ස්ථානය ලබාදීමට හේතු දැක්වීමේ දී එතුමා දේශපාලනමය වශයෙන් සමාජය තුල ඇති කරන ලද බලපෑම ද සලකුණු කොට දක්වයි.

එසේම මුහම්මද් තුමාණන්ගේ අභාවයෙන් පසුව පාලන බලය පැවරුණු උමර් තුමාණන්ට ද ඉහත ග‍්‍රන්ථයේ 52 වන ස්ථානය ලබාදෙමින් එතුමාගේ ශ්‍රේෂ්ඨ වූ පාලනය ඇගයීමකට ලක්කර ඇත. ක‍්‍රිස්තු භක්තිකයකු වන මොහු තමා පිළිපදින යේසුස් වහන්සේට පවා තෙවන ස්ථානය ලබාදෙමින් මුහම්මද් (සල්) තුමාණන් හට පළමු ස්ථානය ලබාදීම තුලින් පැහැදිලි වන්නේ කුමක්ද? ඉස්ලාමීය නීතිවල තිබෙන ප‍්‍රායෝගික බව නොවේද? අදටත් දඬුවම් සම්බන්ධයෙන් සුලු වශයෙන් ඉස්ලාමීය නීති ක‍්‍රියාත්මක වන රටවල්වල අපරාධ හා මිනිස් ඝාතනයන් අනිකුත් රටවල්වලට සාපේක්‍ෂව ඉතා අවම මට්ටමක පැවතීම තුල එහි සාර්ථකත්වය තවදුරටත් තහවුරු කරනවා නොවේද? එසේනම් ඉස්ලාම් පවසන නීති හා අනපනත් ප‍්‍රායෝගක යන්නෙහි තවදුරටත් විවාදයක් පැවතිය නොහැක. එසේම දෙවියන් මෙම නීති හා අනපනත් සරල ආකාරයට එනම් පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට පහල කල බවට ශුද්ධ වූ අල්කුර්ආනයේ 19-97, 20-2, 54-17, 44-58, 54-22, 54-32, 54-40 යන වාක්‍යයන් මගින් අවධාරණය කරයි. එසේනම් දැන් මෙම සරල වූ හා ප‍්‍රායෝගික වූ නීතින් ක‍්‍රියාවට නැංවීමේ බලය පැවරෙන්නේ කාටද? යන්න අවධානය යොමු කරමු.

මෙහි දී ප‍්‍රථමයෙන් අවබෝධ කරගතයුතු කාරණය වන්නේ මෙම අනපනත් දෙවියන්ගෙන් පහල වුවක් බැවින් එය තම ජීවිතය තුල ක‍්‍රියාවට නැංවීමේ අනිවාර්‍ය වගකීමක් සෑම මුස්ලීම්වරයෙකුහටම පැවරී ඇත. සරලව පවසන්නේ නම් නීතීන් ක‍්‍රියාවට නැංවීමේ බලය සෑම මුස්ලීම්වරයෙකුහටම පැවරී ඇත. ඒ අනුව විධායකයේ කාර්‍ය භාරය රටේ පුරවැසියන්ටම පැවරී ඇත. තවත් කොණයකින් බලන්නේ නම් දෙවියන් නීතීන් සම්පාදනය කොට එය ක‍්‍රියාවට ද නංවා ඇත. එසේ නම් අවශ්‍යතාවය ඇත්තේ නීතිය ආරක්‍ෂා කිරීමේ ආයතනයයි. නමුත් මනුෂ්‍යයාගේ තිබෙන දුර්වලතාවයන් හේතුවෙන් ඔහු සැමවිටම නීතිගරුක නොවේ එමනිසා නීති ආරක්‍ෂා කිරීම පමණක් නොවේ නීති ක‍්‍රියාත්මක කිරීමේ ආයතනයක්ද අවශ්‍ය වේ.

ඉස්ලාම් පැහැදිලිවම නායකත්වය දැඩි ලෙස අවධාරණය කරන දහමකි. කොතරම්ද යයි පවසනවා නම් “නුඹලා තිදෙනෙකු නම් ඉන් කෙනෙකු නායකයෙකු ලෙස පත්කරගන්න” යනුවෙන් අවධාරණය කරයි. මෙහි දී නායකයා සියලු තීන්දු තීරණ තමා විසින්ම ගන්නා ලොක්කෙකු නොවී අන් අයගේ අදහස් ගරු කරන නායකයකු විය යුතු බවත් ඉස්ලාම් දැඩිව අවධාරණය කරයි. එසේම නයකත්වයක් නොමැතිව ජීවත්වීම ඉස්ලාමයෙන් බැහැරව අඥාන සමජයක ජිවත්වීමට සමාන බරපතල වරදක් බව ඉස්ලාම් පැහැදලිවම අවධාරණය කරයි. මේ අනුව රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීම හා ආරක්‍ෂා කිරීමේ වගකීම් පැවරෙන අධිකාරියකු සිටීම අත්‍ය අවශ්‍ය යන්න පැහැදිලිය. (එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට තවදුරටත් අවබෝධ වනු ඇත.) මෙසේ ඉස්ලාම් දහම තුල සුවිශේෂි භූමිකාවක් නියෝජනය කරන මෙම පාලකයා හෙවත් අධිකාරි බලය හිමි තැනැත්තා පිලිබදව පවසන ඉස්ලාම් එතැනින් නතර නොවී ඔහු සම්බන්ධයේ හා ඔහුගේ පලනය යටතේ ජීවත්වන ජනතාව සම්බන්ධයෙන් විවිධ කොන්දේසි හා නීතීන් ද පනවයි. ඒවා කුමක්ද? යන්න ආගමික මූලාශ‍්‍රය වන හදීස් ග‍්‍රන්ථ පදනම් කරගෙන දැන් විමසා බලමු.

පාලකයා සහ පාලනයට යටත් පුරවැසියන් පිලිබදව ඉස්ලාමීය මූලාශ්‍රයන් හි ඉගෙන්වීම කෙටියෙන්

පාලකයා තොරාපත් වන ආකාරය

දෙවියන් විසින් සම්පාදනය කරණ ලද ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන තැනැත්තා තොරා පත්කර ගැනීම පිලිබදව ඉස්ලාම් ස්ථීර ක‍්‍රියා මාර්ගයක් ඉදිරිපත් නොකරයි. එය බහුතර මතයද?, පාරමපාරිකව උරුමවන රජ පාලනයද?… යනාදී වශයෙන් අවධාරණය නොකරයි. උදාහරණයට ඉස්ලාමීය ඉතිහාසයේ ප‍්‍රථම කලීෆා (නායකත්වය) මුහම්මද් (සල්) තුමාණන් හට හිමිවන්නේ එතුමාණන් ආගමිකව නායකත්වයක් දරණ ගමන් ඒ සමාජයේ පීඩිත ජනයා වෙනුවෙන් ක‍්‍රියාකාරී දායකත්වයක් ලබාදීම හේතුවෙනි. එය නිතරගයෙන් එතුමාණන් හට හිමිවිය. එතුමාගේ අභාවයෙන් පසු එම තනතුර බහුතරයකගේ සාකච්චාමය (මශූරා) තීරණය මත මුහම්මද් (සල්) තුමාණාන්ගේ මිතුරකු මෙන්ම අනුගාමිකයකු වන අබුබක්කර් (රලි) තුමාට භාරවේ. එතුමාගේ අභාවයෙන් පසු එම තනතුර උමර් (රලි) තුමාණන්ට (ඉහතින් විස්තර කරන ලද) පැවරෙන්නේ අබුබක්කර (රලි) තුමා තමාගෙන් පසු මෙම තනතුර සදහා උමර් (රලි) තුමා පත්කරන ලෙස කරන ලද ඉල්ලීම අනුවය. ඉන්පසු මෙම තනතුර උස්මාන් (රලි) තුමාටත් ඔහුගෙන් පසු අලි (රලි) තුමාටත් හිමිවිය මේ දෙදෙනා එනම් උස්මාන් (රලි) තුමා සහ අලි (රලි) තුමා මුහම්මද් (සල්) තුමාණාන්ගේ දූවරුන් විවාහ කරගෙන සිටී බෑනාවරුන් වුවද එය මුහම්මද් (සල්) තුමාණාන්ගෙන් පසු පාලන බලය හිමිවීමට කිසිවිටෙකත් හේතුකාරණයක් නොවීම තුල ඉස්ලාම් පරම්පරාගතව යන පාලන ක‍්‍රිමය අනුමත නොකරන බව පැහැදිලිය.

මෙහි දී තවත් සුවිශේෂි කාරණයක් ඇත. එනම් ඉස්ලාමීය ඉතිහාසයේ ප‍්‍රථම කලීෆාවරුන් හෙවත් නායකයන් සතර දෙනා වන අබුබක්කර්, උමර්, උස්මාන් හා අලි (රලි) තුමන්ලා මක්කා දේශයේ ඉස්ලාම් විරෝධින්ගෙන් තම ජීවිතය බේරාගැනීම සදහා මක්කාවේ සිට මදීනාවට පලාආ සරණාගතයන්ය. මොවුන් පසුකාලීනව නිතරගයෙන් මදීනාව මක්කාව ඇතුලු ඒ අවට බොහෝ රටවල පාලකයන් බවට පත්වීම ඉස්ලාම් පවසන දේශපාලන රටාව පිලිබදව සිතන්නට පොළොඹවනවා නොවේද? මෙහි දී මුල්තැන හිමිවන්නේ සුදුසුකමට හා සාකච්චාමය තීන්දු තීරණවලට මිස වෙනයම් ජනප‍්‍රියතාවයන්, ආර්ථික ශක්තිමත්භාවයන්, පවුල් පසුබිම, දේශපාලන පසුබිම… යනාදී තාරණයන් නොවේ. එය අල්කුර්ආනය පහත ආකාරයට අවධාරණය කරයි. එනම්,

“යම් කාරණයක (තීරණ ගැනීමේ) දී ඔවුන් අතර සංවාදයන් හා අදහස් හුවමාරුවන් සිදුවනු ඇත.”

ශුද්ධ වූ අල්කුර්ආනය 42-38, 3-159

මේ අනුව ඉස්ලාම් පාලක තනතුර පත්කිරීමේ ආකාරය සම්බන්ධයෙන් නිසි ක‍්‍රියා මාර්ගයක් ඉදිරිපත් නොකලත් මෙම පාලක තනතුරු පැවරීම සම්බන්ධයෙන් ජනතාව ක‍්‍රියා නොකලයුතු ආකාරය ඉස්ලාම් දැඩිව අවධාරනය කර සිටී. ඒ පිලිබදව ආගමික මුලාශ‍්‍රයන් වන නබිවදන් (හදීස්) කෙරෙහි අවධානය යොමු කලේ නම්,

නබි (සල්) තුමාණන් වෙතට මමද මගේ බාප්පාගේ පුතුන් දෙදෙනෙකුද ගියෙමු. එම අවස්ථාවේ මගේ බාප්පාගේ පුතෙක් “අල්ලාහ්ගේ දූතයාණෙනී, අල්ලාහ් විසින් ඔබතුමාට බලය පවරාදී ඇති ප‍්‍රදේශවලින් සමහරක් පාලනය කිරීම සඳහා නායකයින් ලෙස අපව පත්කරනු මැනවි” යැයි පැවසීය. අනෙකාද එසේම පැවසීය. එවිට නබි (සල්) තුමාණෝ “අල්ලාහ් මත දිවුරා ප‍්‍රකාශ කරමි. නියතවශයෙන් මෙම පදවිය ඉල්ලන කෙනෙකුට හෝ ආශා කරන කෙනෙකුට අපි නොදෙන්නෙමු.” යැයි පැවසූහ.

දන්වන්නේ :- අබූ මූසා අල් අෂ්අරී (රලි) – ග‍්‍රන්ථය :- බුහාරී,මුස්ලිම්

සටහන:- ඉහත හදීසය මුස්ලීම්වරුන් වන අපට පැහැදිලිවම නිතියක් පනවයි. ඒ බලය හෝ පදවිය ආස කරන, ඉල්ලන හෝ බලාපොරොත්තු වන අයෙකුට එය ලබාදීම නොකලයුතු කාරණයක් බවයි.


පාලකයාට තිබියයුතු සුදුසුකම්

අල්ලාහ්ගේ දූතයාණන් ච් කළ ප්‍රකාශයට මම සවන් දුනිමි. එතුමාණෝ මගේ නිවසේ සිටින විට මෙසේ ප්‍රාර්ථනා කළහ. “යා අල්ලාහ්, මගේ සමාජයට සමහර සේවාවන් ඉටු කිරීමට පත්වූ කෙනෙක් ඔවුන්ට දැඩි ලෙස කටයුතු කරන්නේ නම් ඔබත් දැඩි ලෙස කටයුතු කරත්වා. ඔවුන් සමග කාරුණිකව කටයුතු කරන අයට ඔබත් කාරුණිකව කටයුතු කරත්වා…”

දන්වන්නේ :-ආයිෂා (රලියල්ලාහු අන්හා) තුමිය – ග්‍රන්ථය :- මුස්ලිම්

සටහන:- ජනතාව සමඟ දැඩි ලෙස කටයුතු නොකර කාරුණික විය යුතුයි.

ආයිදු බින් අම්රු (රලි)තුමා (එවකට ඉරාකයේ ආණ්ඩුකාරවරයෙකුව සිටි) උඛෙයිදුල්ලාහ් බින් ජියාද් වෙත ගොස් “මගේ ආදරණීය පුතණුවනී, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්‍රකාශයට සවන් දුනිමි. නියතවශයෙන්ම පාලකයින්ගෙන් නරක අයවන්නේ ජනතාවට ආදරය නොදක්වා දැඩි ලෙස කටයුතු කරන අධර්මිෂ්ඨ පාලකයින්ය.  එමනිසා ඔබ එවැනි පාලකයෙකු නොවන ලෙස අවවාද කරමි.” යැයි ප්‍රකාශ කළේ ය.

දන්වන්නේ :-ආයිදු බින් අම්රු (රලි)තුමා – ග්‍රන්ථය :- බුහාරී, මුස්ලිම්

සටහන:- ජනතාව සමඟ දැඩි ලෙස කටයුතු නොකර කාරුණික විය යුතුයි.

නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රලි) තුමා විසින් දැනුම් දෙන ලදී. “සවන් දෙන්න.(අල්ලාහ්ට) අවනතවන්න. වියළි මිඳිගෙඩියක හැඩ සහිත හිසක් ඇති හබෂි (කළු ජාතික) වහලෙක් නුඹලාගේ පාලකයෙකු ලෙස පත්වූවත් (ඔහු කියන දේට සවන් දෙන්න. ඔහුට කීකරුවන්න.

දන්වන්නේ :- අනස් (රලි) තුමා – ග්‍රන්ථය :- බුහාරී

සටහන:- වහල්ලෙකු වුවද පාලකයෙකු ලෙස පත්විය හැක.

නබි (සල්) තුමාණෝ මට මෙසේ ප්‍රකාශ කළහ. “ඕ අබ්දුර් රහ්මාන් බින් සමුරා, නුඹ නිලතල නොඉල්ලන්න, නුඹ නො ඉල්ලා සිටියදී එය නුඹට ලැබේ නම් ඒ පිළිබඳව නුඹට උදව් ලැඛෙන්නේය. නුඹ ඉල්ලා ලබාගත් විට එහි බර නුඹ පිටම පැටවෙන්නේය.(උදව් නොලැඛෙන්නේය.) නුඹ යමක් ගැන දිව්රීමෙන් පසු ඊට වඩා වැදගත් යැයි යමක් ඔබ දුටුවොත් වැදගත් දෙයම තෝරා ගන්න. ඔබේ දිවුරුම වෙනුවෙන් (දිවුරූ දෙය නොකළ නිසා) ‘කෆ්ෆාරා’ නැමති වන්දිය ගෙවන්න.”

දන්වන්නේ :- අබූ සයීදු අබ්දුර් රහ්මාන් බින් සමූරා (රලි) තුමා – ග්‍රන්ථය :-බුහාරී, මුස්ලිම්

අබූ දර් විසින් දැනුම් දෙන ලදී. මම “යාරසූලූල්ලාහ්, ඔබතුමා මාව පාලකයෙකු වශයෙන් පත් කළොත් නරකදැ?”යි ඇසුවෙමි. එවිට නබි (සල්) තුමා තම අතින් මාගේ උරහිසට තට්ටු කර මෙසේ පැවසූහ. “ඒ අබූ දර්, ඔබ දුබලයකි. නියතවශයෙන්ම පාලන බලය යනු ප්‍රවේසමට දෙන (විශ්වසනීය) වගකීමකි. විනිශ්චයේදී එය අවඥාවට හා පසු තැවිල්ලට ලක් කරයි. කවරෙකු සුදුසුකම් මත ලබාගෙන ඒ වෙනුවෙන් තමා වෙත පැවරෙන වගකීම් (නිසියාකාරව) ඉටු කරන්නේද ඔහු හැර”.

දන්වන්නේ :- අබුදර් (රලි) තුමා – ග්‍රන්ථය :- මුස්ලිම්

නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රලි) විසින් දැනුම් දෙන ලදී. “අනාගතයේදී නුඹලා නායකත්වයට ආශාකරන්නෙහුය. (එහෙත්) එය විනිශ්චය දිනයේදී පසු තැවිල්ලට හා අපකීර්තියට හේතුවකි.”

දන්වන්නේ :-අබූ හුරෙයිරා (රලි) තුමා – ග්‍රන්ථය :- බුහාරී

නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළ බව ආයිෂා (රලියල්ලාහු අන්හා) තුමිය විසින් දැනුම් දෙන ලදී. “නායකයකුට අල්ලාහ් යහපත කරන්න සිතූවිට ඔහුට සත්‍යවාදී අමාත්‍යවරයෙකු ලබාදෙයි. ඔහු (නායකයා) අමතක කළොත් මතක් කර දෙයි. ඔහු (නායකයා) කියන දෙයට සහයෝගය දක්වයි. අල්ලාහ් එම නායකයාට අයහපතක් කරන්න සිතූවිටක ඔහුට අයහපත් ඇමතියෙකු ඇති කරයි. ඔහු (නායකයා) අමතක කළොත් (ඇමති) මතක්කර නොදෙයි. ඔහු (නායකයා) යමක් කීවිට සහයෝගය නොදක්වයි.”

දන්වන්නේ :-ආයිෂා (රලියල්ලාහු අන්හා) තුමිය – ග්‍රන්ථය :- අබූදාවූද්


පාලකයාට පැවරෙන වගකීම්

“නබි (සල්) තුමන් ප්‍රකාශ කරනු මම ඇසුවෙමි. ගැත්තෙකුට අල්ලාහ් ජන සමාජයක වගකීම භාරදී ඔහු තම වැසියන් නොසලකා හැර මිය ගියහොත් ඔහුට අල්ලාහ් ස්වර්ගය අනිවාරයෙන්ම තහනම් කරන්නේය.”

දන්වන්නේ :-අබූ ය:ලා ම:කල් බින් යසාර් (රලි) – ග්‍රන්ථය :-බුහාරි, මුස්ලිම්

“බනූ ඉස්රාඊල්වරුන් පාලනය කළේ නබිවරුන්මය. නබිවරයෙක් මිය ගිය විට තවත් නබිවරයෙක් පහළ වන්නේය. මගෙන් පසු නබිවරුන් පහළ වන්නේ නැත. කලීෆාවරු(මගේ නියෝජිතයෝ) අධික සංඛ්‍යාවක් පහළ වන්නෝයැ”යි නබි ච් තුමාණන් ප්‍රකාශ කළහ. එවිට සහගාමීහු “අල්ලාහ්ගේ දූතයාණෙනී ඔවුන් පිළිබඳව අපට කුමක් කියන්නේදැ?යි විමසූහ. එවිට එතුමාණෝ —ඔවුන්ගෙන් පළමුවෙන් බයිඅත්(ප්‍රතිඥා දුන්) තැනැත්තාට එය සම්පූර්ණයෙන් ඉටු කරන්න. ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට ලබා දෙන්න. නුඹලාගේ අයිතීන් අල්ලාහ්ගෙන් ඉල්ලන්න. මන්ද නියතවශයෙන්ම අල්ලාහ් තම වැසියන් පාලනය කළ ආකාරය ගැන ඔවුන්ගෙන් විභාග කරන්නේ ය.”

දන්වන්නේ :- අබූ හුරෙයිරා (රලි) – ග්‍රන්ථය :-බුහාරී, මුස්ලිම්

ආයිදු බින් අම්රු (රලි)තුමා (එවකට ඉරාකයේ ආණ්ඩුකාරවරයෙකුව සිටී) උඛෙයිදුල්ලාහ් බින් ජියාද් වෙත ගොස් “මගේ ආදරණීය පුතණුවනී, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්‍රකාශයට සවන් දුනිමි. නියතවශයෙන්ම පාලකයින්ගෙන් නරක අයවන්නේ ජනතාවට ආදරය නොදක්වා දැඩි ලෙස කටයුතු කරන අධර්මිෂ්ඨ පාලකයින්ය.  එමනිසා ඔබ එවැනි පාලකයෙකු නොවන ලෙස අවවාද කරමි.” යැයි ප්‍රකාශ කළේ ය.

දන්වන්නේ :-ආයිදු බින් අම්රු (රලි)තුමා – ග්‍රන්ථය :- බුහාරී, මුස්ලිම්

අබූ මර්යම් අල්-අජ්දි ජ් විසින් දැනුම් දෙන ලදී. එතුමා මුආවියා (රලි) අමතා මෙසේ පැවසී ය. “මම නබි තුමන් ප්‍රකාශ කරනු ඇසුවෙමි. මුස්ලිම්වරුන්ගේ කටයුතුවලින් කුමක් හෝ එකක් ගැන අල්ලාහ් යමෙකුට වගකීම භාරදී (බලය පවරා) ඔහු මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතා දුෂ්කරතා හා දිළිදුකම පවතින අවස්ථාවල (සුදුසු සහන සේවාවන් නොකර) මඟහරින්නේ නම් විනිශ්චය දිනයේ ඔහුට මුහුණ පාන්න සිදුවන දුෂ්කරතා අවශ්‍යතා හා දිළිදුකම්වලදී අල්ලාහ්ද (ඔහුව) මඟහරියි (ඔහුට උදව් නොකරයි). මෙය අසා මුආවියා තුමා ජනතාවගේ අවශ්‍යතා විමසා සහන සැලසීමට නිලධාරියෙකු (වහාම) පත් කළේ ය.”

දන්වන්නේ :-අබූ මර්යම් අල්-අජ්දි (රලි) – ග්‍රන්ථය :- අබූ දාවූද්, තිරිමිදී

නබි (සල්) තුමාණෝ මට මෙසේ ප්‍රකාශ කළහ. “ඕ අබ්දුර් රහ්මාන් බින් සමුරා, නුඹ නිලතල නොඉල්ලන්න, නුඹ නො ඉල්ලා සිටියදී එය නුඹට ලැබේ නම් ඒ පිළිබඳව නුඹට උදව් ලැඛෙන්නේය. නුඹ ඉල්ලා ලබාගත් විට එහි බර නුඹ පිටම පැටවෙන්නේය.(උදව් නොලැඛෙන්නේය.) නුඹ යමක් ගැන දිව්රීමෙන් පසු ඊට වඩා වැදගත් යැයි යමක් ඔබ දුටුවොත් වැදගත් දෙයම තෝරා ගන්න. ඔබේ දිවුරුම වෙනුවෙන් (දිවුරූ දෙය නොකළ නිසා) ‘කෆ්ෆාරා’ නැමති වන්දිය ගෙවන්න.”

දන්වන්නේ :- අබූ සයීදු අබ්දුර් රහ්මාන් බින් සමූරා (රලි) තුමා – ග්‍රන්ථය :-බුහාරී, මුස්ලිම්

අබූ දර් විසින් දැනුම් දෙන ලදී. මම “යා රසූලූල්ලාහ්, ඔබතුමා මාව පාලකයෙකු වශයෙන් පත් කළොත් නරකදැ?යි ඇසුවෙමි. එවිට නබි (සල්) තුමා තම අතින් මාගේ උරහිසට තට්ටු කර මෙසේ පැවසූහ. ඒ අබූ දර්, ඔබ දුබලයකි. නියතවශයෙන්ම පාලන බලය යනු ප්‍රවේසමට දෙන (විශ්වසනීය) වගකීමකි. විනිශ්චයේදී එය අවඥාවට හා පසු තැවිල්ලට ලක් කරයි. කවරෙකු සුදුසුකම් මත ලබාගෙන ඒ වෙනුවෙන් තමා වෙත පැවරෙන වගකීම් (නිසියාකාරව) ඉටු කරන්නේද ඔහු හැර.”

දන්වන්නේ :- අබුදර් (රලි) තුමා – ග්‍රන්ථය :- මුස්ලිම්


පාලකයා කෙරෙහි ජනතාවට පැවරෙන වගකීම්

බනූ ඉස්රාඊල්වරුන් පාලනය කළේ නබිවරුන්මය. නබිවරයෙක් මිය ගිය විට තවත් නබිවරයෙක් පහළ වන්නේය. මගෙන් පසු නබිවරුන් පහළ වන්නේ නැත. කලීෆාවරු(මගේ නියෝජිතයෝ) අධික සංඛ්‍යාවක් පහළ වන්නෝයැ”යි නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ. එවිට සහගාමීහු “අල්ලාහ්ගේ දූතයාණෙනී ඔවුන් පිළිබඳව අපට කුමක් කියන්නේදැ?යි විමසූහ. එවිට එතුමාණෝ —ඔවුන්ගෙන් පළමුවෙන් බයිඅත් (ප්‍රතිඥා දුන්) තැනැත්තාට එය සම්පූර්ණයෙන් ඉටු කරන්න. ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට ලබා දෙන්න. නුඹලාගේ අයිතීන් අල්ලාහ්ගෙන් ඉල්ලන්න. මන්ද නියතවශයෙන්ම අල්ලාහ් තම වැසියන් පාලනය කළ ආකාරය ගැන ඔවුන්ගෙන් විභාග කරන්නේ ය.”

දන්වන්නේ :- අබූ හුරෙයිරා (රලි) – ග්‍රන්ථය :-බුහාරී, මුස්ලිම්

නබි (සල්) තුමා කළ ප්‍රකාශයකට සවන් දුනිමි. “නුඹලාගේ නායකයින්ගෙන් වැදගත් අය වනුයේ නුඹලා ඔවුන්ට ආදරය කරන ඔවුන් නුඹලාට ආදරය කරන ඔවුන්ට නුඹලා ප්‍රාර්ථනා කරන නුඹලාට ඔවුන් ප්‍රාර්ථනා කරන නායකයින්ය. නුඹලාගේ නායකයින්ගෙන් නරක අය වනුයේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලා ප්‍රියා නොකරන නුඹලා ඔවුන්ට ශාප කරන ඔවුන් නුඹලාට ශාප කරන නායකයින්ය. ප්‍රකාශක (අවුෆ බින්මාලික්) තවදුරටත් ප්‍රකාශ කරමින් “අල්ලාහ්ගේ දූතයාණෙනි එසේ නම් අප ඔවුන් සමග සටන්වදින්නේ?” දැයි අසුවෙමි. එවිට එතුමාණෝ “නැහැ නුඹලා සමග සලාතය  නිරතව සිටිනතාක්, නැහැ නුඹලා සමග ඔවුන් සලාතයේ නිරතව සිටිනතාක් කල්” යැයි දෙවරක්ම ප්‍රකාශ කළහ.

දන්වන්නේ :-අවුෆ් බින් මාලික් (රලි) තුමා – ග්‍රන්ථය :- මුස්ලිම්

අබ්දුල්ලා බින් උමර් (රලි) තුමා  විසින් දැනුම් දෙන ලදී. “තමා කැමති දෙයක් පිළිබඳව හෝ අකමැති දෙයක් පිළිබඳව හෝ (තම පාලකයින් කියන දෙයක්) සවන්දීම හා අවනතවීම මුස්ලිම් මිනිසෙකුගේ වගකීමකි. එහෙත් පාපයක් කරන ලෙස විධානය කරන්නේ නම් එයට සවන්දීමද අවනතවීමද තහනම් වන්නේ යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දන්වන්නේ :-අබ්දුල්ලා බින් උමර් (රලි) තුමා – ග්‍රන්ථය :- බුහාරී,මුස්ලිම්

කවරෙකු නායකයාට අවනත වීමෙන් වැළකී සිටින්නේද ඔහු කිසිම සාධකයක් නොමැති අයෙකු සේ විනිශ්චය දිනයේදී අල්ලාහ් හමුවට යන්නේය. කවරෙකු බයිඅත් (නායකයා ඉදිරියේ ප්‍රතිඥා) නොදී මරණයට පත්වන්නේද ඔහු අඥානයකුසේ මිය යයි” යනුවෙන් නබි (සල්)තුමාණන් ප්‍රකාශ කරනු තමා ඇසූ බව අබ්දුල්ලාහ් බින් උමර් (රලි) විසින් දැනුම් දෙන ලදී.

දන්වන්නේ :- අබ්දුල්ලාහ් බින් උමර් (රලි) – ග්‍රන්ථය :- මුස්ලිම්

නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රලි) තුමා විසින් දැනුම් දෙන ලදී. “සවන් දෙන්න.(අල්ලාහ්ට) අවනතවන්න. වියළි මිඳිගෙඩියක හැඩ සහිත හිසක් ඇති හබෂි (කළු ජාතික) වහලෙක් නුඹලාගේ පාලකයෙකු ලෙස පත්වූවත් (ඔහු කියන දේට සවන් දෙන්න. ඔහුට කීකරුවන්න.

දන්වන්නේ :- අනස් (රලි) තුමා – ග්‍රන්ථය :- බුහාරී

අපි නබි (සල්) තුමාණන් සමග ගමනක් යද්දී නවාතැනක බැසගතිමු. ඒ අවස්ථාවේ අපෙන් සමහරු කූඩාරම් සකස් කළහ. සමහරුන් ඊතල හරඹ පුහුණුවීමේ යෙදුන අතර තවත් සමහරෙක් සතුන්ට කෑම කවමින් සිටියහ. එවිට නබි (සල්) තුමන්ගේ කැඳවුම් කරු “අස්සලාතු ජාමියා” සමූහ සලාතය ඉටු කරන්න සූදානම් යැයි කැඳවිය. වහාම නබි (සල්) තුමාණන්  ළඟට පැමිණියෙමු. ඒ අවස්ථාවේ එතුමාණෝ මෙසේ පැවසූහ.”තමා දන්න යහපත් දේ (තම ගෝත්‍රියින්ට දැනුම් දීමත් තමා දැනගත් අයහපත් දේ ගැන (තම ගෝත්‍රිකයින්ට) අවවාද කිරීමෙත් වගකීමෙන් යුතුව ඉටු නොකළ කිසිම නබිවරයෙකු මට කලින් පැමිණියේ නැත. නියතවශයෙන්ම නුඹලාගේ මෙම පරම්පරාවේ විමුක්තිය මෙම පරම්පරාවට කලින් ජීවත්වූ පරම්පරාවට භාරවිය.(ඔවුන් අනුගමනය කිරීම මත පවතී.) මෙම පරම්පරාවෙන් පසුව පැවත එන්නන් හට පරීක‍ෂණ හා නුඹලා නොහඳුනන දේවල්ද පැමිණිය හැක. ඒවායින් සමහරක් විසින් සමහරක් සුළුකොට සිතීමට සලස්වයි. (දෙවන පරීක‍ෂණය පැමිණි විට පළමු පරීක‍ෂණය සුළුවෙන් පෙනෙයි.) පරීක‍ෂණයක් පැමිණි විට විශ්වාස වන්තයා “මෙය මගේ විනාශයයි” කියා ප්‍රකාශ කරයි. ඒ කරදරයෙන් මිදීමෙන් පසු තවත් කරදරයකට මුහුණු දෙයි. ඒ අවස්ථාවේද විශ්වාස වන්තයා “මෙයනම් මගේ විනාශයමතමයි” යන්නෙන් ප්‍රකාශ කරයි.(ඒ තරමට පරීක‍ෂණයන් ගලාගෙන එයි. එම අවස්ථාවේ ඉවසීමෙන් යුතුව තම විශ්වාසය මත ස්ථාවරව සිටිය යුතුයි) එමනිසා කවරෙකු තමාව අපායෙන් ඈත් කර ස්වර්ගයට ඇතුළත් කර ගැනීමට කැමතිවන්නේද ඔහු අල්ලාහ් සහ විනිශ්චය දිනය කෙරෙහි විශ්වාස කරන්නෙකුව සිටියදීම මරණයට පත් විය යුතුය. ජනතාවගෙන් ඔහුට කුමක් සිදුවිය යුතු දැයි සිතන්නේද එයම ඔහු ජනතාවට ඉටු කළ යුතුය. කවරෙකු නායකයෙකු ඉදිරියේ “බයිඅත්” කර ඔහුට තම අතින් හදවතට එකඟව පොරොන්දුව ලබාදෙන්නේද තමාගේ ශක්ති පමණින් පහසු කාර්යයන්හිදී ඔහුට අවනත විය යුතුය. වෙන කෙනෙක් එම නායකයා සමග සටනට පැමිණියොත් ඔහුට විරුද්ධව සටන් කළ යුතුය.

දන්වන්නේ :- අබ්දුල්ලාහ් බින් අසරු (රලි) – ග්‍රන්ථය :- මුස්ලීම්

සලමා බින් යසීද් අල්-ජු:ෆීයියු (රලි) නබි (සල්) තුමාණන් හමුවී “අල්ලාහ්ගේ දූතයාණෙනී, ඔවුන්ගේ අයිතීන් අපෙන් ලබා ගනිමින් අපේ අයිතීන් ප්‍රතිෙක‍ෂ්ප කරන නායකයින් අපට ලැබුණොත් අප කුමක් කරන ලෙස නියෝග කරන්නේද?යි විමසීය. නබි (සල්) තුමාණෝ ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු නොදුන්හ. ඔහු නැවතත් එම ප්‍රශ්නයම ඇසීය. එවිට එතුමාණෝ “නුඹලා සවන් දෙන්න. ඔවුන්ට අවනත වන්න. ඔවුන් පවරනු ලැබූ දේ ගැන ඔවුන් වගකිව යුතුය. නුඹලාට පවරනු ලැබූ දේ ගැන නුඹලා වගකිව යුතුය, කියා ප්‍රකාශ කළහ.

දන්වන්නේ :- අබූ හුනෙයිදා වායිල් බින් හුජර් (රලි) තුමා – ග්‍රන්ථය :- මුස්ලිම්

නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රලි) විසින් දැනුම් දෙන ලදී.”මගෙන් පසු (සමහර ලෞකික සැප සම්පත් හා ගරු බුහුමන් අපේක‍ෂාවෙන්) තමන්ව උසස් බවට පෙන්වා ගැනීම හා නුඹලා නොදන්න තවත් විවිධ දේවල් ඇති වේවි. එවිට සහාභාවරුන් (සමගාමීහු), “යා රසූලූල්ලාහ් අපගෙන් කවුරු හෝ ඒ කාලයේ ජීවතුන් අතර සිටියොත් කුමක් කරන ලෙස අපට නියෝග කරන්නේදැ?යි ඇසූහ. එයට “නුඹලාට පැවරෙන වගකීම් නුඹලා ඉටුකළ යුතුයි. නුඹලාගේ අයිතීන් අල්ලාහ්ගෙන් ඉල්ලිය යුතුයි.” යැයි ප්‍රකාශ කළහ.

දන්වන්නේ :- අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රලි) තුමා – ග්‍රන්ථය :- බුහාරී, මුස්ලිම්

තම නායකයා පිළිබඳව යම් කාරණයක් යමෙක් නොරුස්සන්නේ නම් ඔහු ඉවසා ගත යුතුය. මන්ද “සුල්තාන්ගෙන් (පාලකයාගෙන්) අඩියක් ඉවත්වූවත් ඔහු අඥානයින්ගේ කාලයේ මළ අයෙකුසේ මැරෙන්නේයැ”යි නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.

දන්වන්නේ :-අබ්දුල්ලාහ් බින් අබ්බාස් (රලි) තුමා – ග්‍රන්ථය :-බුහාරී, මුස්ලිම්


පාලකයා ජනතාව සමඟ ක‍්‍රියා කලයුතු ආකාරය

ආයිදු බින් අම්රු (රලි)තුමා (එවකට ඉරාකයේ ආණ්ඩුකාරවරයෙකුව සිටී) උඛෙයිදුල්ලාහ් බින් ජියාද් වෙත ගොස් “මගේ ආදරණීය පුතණුවනී, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්‍රකාශයට සවන් දුනිමි. ‘නියතවශයෙන්ම පාලකයින්ගෙන් නරක අයවන්නේ ජනතාවට ආදරය නොදක්වා දැඩි ලෙස කටයුතු කරන අධර්මිෂ්ඨ පාලකයින්ය’.  එමනිසා ඔබ එවැනි පාලකයෙකු නොවන ලෙස අවවාද කරමි.” යැයි ප්‍රකාශ කළේ ය.

දන්වන්නේ :-ආයිදු බින් අම්රු (රලි)තුමා – ග්‍රන්ථය :- බුහාරී, මුස්ලිම්

අබූ මර්යම් අල්-අජ්දි (රලි) තුමා  විසින් දැනුම් දෙන ලදී. එතුමා මුආවියා (රලි) තුමා  අමතා මෙසේ පැවසී ය. “මම නබි ච් තුමන් ප්‍රකාශ කරනු ඇසුවෙමි. මුස්ලිම්වරුන්ගේ කටයුතුවලින් කුමක් හෝ එකක් ගැන අල්ලාහ් යමෙකුට වගකීම භාරදී (බලය පවරා) ඔහු මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතා දුෂ්කරතා හා දිළිදුකම පවතින අවස්ථාවල (සුදුසු සහන සේවාවන් නොකර) මඟ හරින්නේ නම් විනිශ්චය දිනයේ ඔහුට මුහුණ පාන්න සිදුවන දුෂ්කරතා අවශ්‍යතා හා දිළිදුකම්වලදී අල්ලාහ්ද (ඔහුව) මඟ හරියි(ඔහුට උදව් නොකරයි). මෙය අසා මුආවියා තුමා ජනතාවගේ අවශ්‍යතා විමසා සහන සැලසීමට නිලධාරියෙකු (වහාම) පත් කළේ ය.

දන්වන්නේ :-අබූ මර්යම් අල්-අජ්දි (රලි) – ග්‍රන්ථය :- අබූ දාවූද්, තිරිමිදී


පාලකයා තම වගකීම්වලින් බැහැරව කටයුතු කිරීම අත්වන ඉරණම

ආයිදු බින් අම්රු (රලි)තුමා (එවකට ඉරාකයේ ආණ්ඩුකාරවරයෙකුව සිටී) උඛෙයිදුල්ලාහ් බින් ජියාද් වෙත ගොස් “මගේ ආදරණීය පුතණුවනී, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්‍රකාශයට සවන් දුනිමි. ‘නියතවශයෙන්ම පාලකයින්ගෙන් නරක අයවන්නේ ජනතාවට ආදරය නොදක්වා දැඩි ලෙස කටයුතු කරන අධර්මිෂ්ඨ පාලකයින්ය’.  එමනිසා ඔබ එවැනි පාලකයෙකු නොවන ලෙස අවවාද කරමි.” යැයි ප්‍රකාශ කළේ ය.

දන්වන්නේ :-ආයිදු බින් අම්රු (රලි)තුමා – ග්‍රන්ථය :- බුහාරී, මුස්ලිම්

නබි (සල්) තුමන් ප්‍රකාශ කරනු මම ඇසුවෙමි. “ගැත්තෙකුට අල්ලාහ් ජන සමාජයක වගකීම භාරදී ඔහු තම වැසියන් නොසලකා හැර මිය ගියහොත් ඔහුට අල්ලාහ් ස්වර්ගය අනිවාරයෙන්ම තහනම් කරන්නේය.”

දන්වන්නේ :-අබූ ය:ලා ම:කල් බින් යසාර් (රලි) – ග්‍රන්ථය :-බුහාරි, මුස්ලිම්

අබූ මර්යම් අල්-අජ්දි (රලි) තුමා  විසින් දැනුම් දෙන ලදී. එතුමා මුආවියා (රලි) තුමා  අමතා මෙසේ පැවසී ය. “මම නබි (සල්) තුමන් ප්‍රකාශ කරනු ඇසුවෙමි. මුස්ලිම්වරුන්ගේ කටයුතුවලින් කුමක් හෝ එකක් ගැන අල්ලාහ් යමෙකුට වගකීම භාරදී (බලය පවරා) ඔහු මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතා දුෂ්කරතා හා දිළිදුකම පවතින අවස්ථාවල (සුදුසු සහන සේවාවන් නොකර) මඟ හරින්නේ නම් විනිශ්චය දිනයේ ඔහුට මුහුණ පාන්න සිදුවන දුෂ්කරතා අවශ්‍යතා හා දිළිදුකම්වලදී අල්ලාහ්ද (ඔහුව) මඟ හරියි(ඔහුට උදව් නොකරයි). මෙය අසා මුආවියා තුමා ජනතාවගේ අවශ්‍යතා විමසා සහන සැලසීමට නිලධාරියෙකු (වහාම) පත් කළේ ය.”

දන්වන්නේ :-අබූ මර්යම් අල්-අජ්දි (රලි) – ග්‍රන්ථය :- අබූ දාවූද්, තිරිමිදී

නබි (සල්) තුමාණෝ මට මෙසේ ප්‍රකාශ කළහ. “ඕ අබ්දුර් රහ්මාන් බින් සමුරා, නුඹ නිලතල නොඉල්ලන්න, නුඹ නො ඉල්ලා සිටියදී එය නුඹට ලැබේ නම් ඒ පිළිබඳව නුඹට උදව් ලැඛෙන්නේය. නුඹ ඉල්ලා ලබාගත් විට එහි බර නුඹ පිටම පැටවෙන්නේය.(උදව් නොලැඛෙන්නේය.) නුඹ යමක් ගැන දිව්රීමෙන් පසු ඊට වඩා වැදගත් යැයි යමක් ඔබ දුටුවොත් වැදගත් දෙයම තෝරා ගන්න. ඔබේ දිවුරුම වෙනුවෙන් (දිවුරූ දෙය නොකළ නිසා) ‘කෆ්ෆාරා’ නැමති වන්දිය ගෙවන්න.”

දන්වන්නේ :- අබූ සයීදු අබ්දුර් රහ්මාන් බින් සමූරා (රලි) තුමා – ග්‍රන්ථය :-බුහාරී, මුස්ලිම්

අබූ දර් විසින් දැනුම් දෙන ලදී. “මම යා රසූලූල්ලාහ්, ඔබතුමා මාව පාලකයෙකු වශයෙන් පත් කළොත් නරකදැ?යි ඇසුවෙමි. එවිට නබි (සල්) තුමා තම අතින් මාගේ උරහිසට තට්ටු කර මෙසේ පැවසූහ. ඒ අබූ දර්, ඔබ දුබලයකි. නියතවශයෙන්ම පාලන බලය යනු ප්‍රවේසමට දෙන (විශ්වසනීය) වගකීමකි. විනිශ්චයේදී එය අවඥාවට හා පසු තැවිල්ලට ලක් කරයි. කවරෙකු සුදුසුකම් මත ලබාගෙන ඒ වෙනුවෙන් තමා වෙත පැවරෙන වගකීම් (නිසියාකාරව) ඉටු කරන්නේද ඔහු හැර.”

දන්වන්නේ :- අබුදර් (රලි) තුමා – ග්‍රන්ථය :- මුස්ලිම්

නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළ බව ආයිෂා (රලියල්ලාහු අන්හා) තුමිය විසින් දැනුම් දෙන ලදී. “නායකයකුට අල්ලාහ් යහපත කරන්න සිතූවිට ඔහුට සත්‍යවාදී අමාත්‍යවරයෙකු ලබාදෙයි. ඔහු (නායකයා) අමතක කළොත් මතක් කර දෙයි. ඔහු (නායකයා) කියන දෙයට සහයෝගය දක්වයි. අල්ලාහ් එම නායකයාට අයහපතක් කරන්න සිතූවිටක ඔහුට අයහපත් ඇමතියෙකු ඇති කරයි. ඔහු (නායකයා) අමතක කළොත් (ඇමති) මතක්කර නොදෙයි. ඔහු (නායකයා) යමක් කීවිට සහයෝගය නොදක්වයි.”

දන්වන්නේ :-ආයිෂා (රලියල්ලාහු අන්හා) තුමිය – ග්‍රන්ථය :- අබූ දාවුද්


පාලකයාට එරෙහිවීමට කොන්දේසි

නබි (සල්) තුමා කළ ප්‍රකාශයකට සවන් දුනිමි. “නුඹලාගේ නායකයින්ගෙන් වැදගත් අය වනුයේ නුඹලා ඔවුන්ට ආදරය කරන ඔවුන් නුඹලාට ආදරය කරන ඔවුන්ට නුඹලා ප්‍රාර්ථනා කරන නුඹලාට ඔවුන් ප්‍රාර්ථනා කරන නායකයින්ය. නුඹලාගේ නායකයින්ගෙන් නරක අය වනුයේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලා ප්‍රියා නොකරන නුඹලා ඔවුන්ට ශාප කරන ඔවුන් නුඹලාට ශාප කරන නායකයින්ය.” ප්‍රකාශක (අවුෆ බින්මාලික්) තවදුරටත් ප්‍රකාශ කරමින් “අල්ලාහ්ගේ දූතයාණෙනි එසේ නම් අප ඔවුන් සමග සටන්වදින්නේ” දැ?යි අසුවෙමි. එවිට එතුමාණෝ “නැහැ නුඹලා සමග සලාතයේ නිරතව සිටිනතාක්, නැහැ නුඹලා සමග ඔවුන් සලාතයේ නිරතව සිටිනතාක් කල්” යැයි දෙවරක්ම ප්‍රකාශ කළහ.

දන්වන්නේ :-අවුෆ් බින් මාලික් (රලි) තුමා – ග්‍රන්ථය :- මුස්ලිම්

අබ්දුල්ලා බින් උමර් ජ් තුමා විසින් දැනුම් දෙන ලදී. “තමා කැමති දෙයක් පිළිබඳව හෝ අකමැති දෙයක් පිළිබඳව හෝ (තම පාලකයින් කියන දෙයක්) සවන්දීම හා අවනතවීම මුස්ලිම් මිනිසෙකුගේ වගකීමකි. එහෙත් පාපයක් කරන ලෙස විධානය කරන්නේ නම් එයට සවන්දීමද අවනතවීමද තහනම් වන්නේ යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.”

දන්වන්නේ :-අබ්දුල්ලා බින් උමර් (රලි) තුමා – ග්‍රන්ථය :- බුහාරී,මුස්ලිම්


නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රලි) විසින් දැනුම් දෙන ලදී.zමගෙන් පසු (සමහර ලෞකික සැප සම්පත් හා ගරු බුහුමන් අපේක‍ෂාවෙන්) තමන්ව උසස් බවට පෙන්වා ගැනීම හා නුඹලා නොදන්න තවත් විවිධ දේවල් ඇති වේවි. එවිට සහාභාවරුන් (සමගාමීහු), “යා රසූලූල්ලාහ් අපගෙන් කවුරු හෝ ඒ කාලයේ ජීවතුන් අතර සිටියොත් කුමක් කරන ලෙස අපට නියෝග කරන්නේදැ”?යි ඇසූහ. එයට “නුඹලාට පැවරෙන වගකීම් නුඹලා ඉටුකළ යුතුයි. නුඹලාගේ අයිතීන් අල්ලාහ්ගෙන් ඉල්ලිය යුතුයි.” යැයි ප්‍රකාශ කළහ.

දන්වන්නේ :- අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රලි) තුමා – ග්‍රන්ථය :- බුහාරී, මුස්ලිම්


පාලකයා ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා ජනතාවට අත්වන ඉරණම

“කවරෙකු නායකයාට අවනත වීමෙන් වැළකී සිටින්නේද ඔහු කිසිම සාධකයක් නොමැති අයෙකු සේ විනිශ්චය දිනයේදී අල්ලාහ් හමුවට යන්නේය. කවරෙකු බයිඅත් (නායකයා ඉදිරියේ ප්‍රතිඥා) නොදී මරණයට පත්වන්නේද ඔහු අඥානයකුසේ මිය යයි” යනුවෙන් නබි (සල්)තුමාණන් ප්‍රකාශ කරනු තමා ඇසූ බව අබ්දුල්ලාහ් බින් උමර් (රලි) විසින් දැනුම් දෙන ලදී.

දන්වන්නේ :- අබ්දුල්ලාහ් බින් උමර් (රලි) – ග්‍රන්ථය :- මුස්ලිම්

“තම නායකයා පිළිබඳව යම් කාරණයක් යමෙක් නොරුස්සන්නේ නම් ඔහු ඉවසා ගත යුතුය. මන්ද සුල්තාන්ගෙන් (පාලකයාගෙන්) අඩියක් ඉවත්වූවත් ඔහු අඥානයින්ගේ කාලයේ මළ අයෙකුසේ මැරෙන්නේ”යැයි නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.

දන්වන්නේ :-අබ්දුල්ලාහ් බින් අබ්බාස් (රලි) තුමා – ග්‍රන්ථය :-බුහාරී, මුස්ලිම්


යහපාලනයක් කල පාලකයෙකු හට හිමි භාග්‍යයන්

නබි (සල්) තුමා ණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රලි) තුමා විසින් දැනුම් දෙන ලදී. “තම සෙවණ හැර වෙන කිසිම සෙවණක් නොමැති විනිශ්චය දිනයේදී තම (අර්ෂ්හි) සෙවණ හත් දෙනෙකුට අල්ලාහ් ලබා දෙයි. 1. නීතිගරුක (දැහැමි) පාලකයා. 2. සදහම් පැවැත්මක් මත හැදුන තරුණයා. 3. මස්ජිද් සමග බැඳුනු හදවතක් ඇති මිනිසා. 4. අල්ලාහ් වෙනුවෙන් එකිනෙකාට ප්‍රේම කරන මිනිසුන් දෙදෙනා. 5.රූපයෙන් හා තත්වයෙන් උසස් ස්ත්‍රීයක් (ගණිකා සේවය සඳහා) ආරාධනා කළ විට ‘මම අල්ලාහ්ට බිය වෙමි’ යි පවසා ඇගෙන් ඈත්වූ (සිල්වත්) මිනිසා. 6. තම දකුණු අතින් දෙන දේ වම් අත නොදන්නා ලෙස දන් දෙන මිනිසා . 7.තනිවම අල්ලාහ් ගැන මෙනෙහිකර දෑසින් කඳුළු වඟුරුවන මිනිසා”.

දන්වන්නේ :- අබු හුරෙයිරා (රලි) – ග්‍රන්ථය :- බුහාරී, මුස්ලිම්


“මම නබි (සල්) තුමා ගේ ප්‍රකාශයකට සවන් දුනිමි. ස්වරගවාසීන්ගෙන් තුන් පිරිසක් මෙසේය.
1.හොඳ උදව් උපකාර කරන නීතිගරුක රජු.
2. සෑම ඥාතියෙකුට හා මුස්ලිම්වරුන්ට කරුණාව දක්වන කාරුණික හදවතක් ඇති මිනිසා.
3.ශීලය ආරක්ෂා කරන දරුපවුල් කරුවෙක්.”

දන්වන්නේ :-ඉයල් බින් හිමාර් (රලි) තුමා – ග්‍රන්ථය :- මුස්ලිම්

නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළ බව ආයිෂා (රලියල්ලාහු අන්හා) තුමිය විසින් දැනුම් දෙන ලදී. “නායකයකුට අල්ලාහ් යහපත කරන්න සිතූවිට ඔහුට සත්‍යවාදී අමාත්‍යවරයෙකු ලබාදෙයි. ඔහු (නායකයා) අමතක කළොත් මතක් කර දෙයි. ඔහු (නායකයා) කියන දෙයට සහයෝගය දක්වයි. අල්ලාහ් එම නායකයාට අයහපතක් කරන්න සිතූවිටක ඔහුට අයහපත් ඇමතියෙකු ඇති කරයි. ඔහු (නායකයා) අමතක කළොත් (ඇමති) මතක්කර නොදෙයි. ඔහු (නායකයා) යමක් කීවිට සහයෝගය නොදක්වයි.”

දන්වන්නේ :-ආයිෂා (රලියල්ලාහු අන්හා) තුමිය – ග්‍රන්ථය :- අබූදාවූද්


ඉස්ලාමීය නොවන පාලනයක් තුල මුස්ලීම්වරුන් ක‍්‍රියා කලයුත්තේ කෙසේද?

මෙම කොටස ලඟදීම බලාපොරොත්තු වන්න...

සාරංශය

ඉස්ලාමීය පාලන තන්ත‍්‍රිය තුල උතුම් ස්ථානය ව්‍යවස්ථාධායකයට හෙවත් දෙවියන් විසින් පහල කරන ලද දිව්‍යමය නීතිමාලාවන්ට හා අනපනත්වලට හිමිවන අතර එය ක‍්‍රියාවට නගන පාලකයාට ද සුවිශේෂී ස්ථානයක් ලබාදී ඇති බව දැන් ඔබට පැහැදිලිව අවබෝධ විය යුතුය. එසේනම් ඉස්ලාම් පවසන ආකාරයේ සැම කලටම ප‍්‍රායෝගික එසේම ජනතාවගේ අයිතීන්, පැතුමන් හා අවශ්‍යතාවයන් සපුරාලන යහපාලනයක් අප රට තුල ද බිහිවේවා! යයි ප‍්‍රාර්ථනාව කරමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/30

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම