රිසානා නාෆීක්ගේ මරණය හමුවේ කිඹුල් කඳුළු

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඊයේ දිනයේ සවූදි අරාබියේ මරණ දඬුවමට ලක් වූ රිසානා රෆීක් අද අප රටේ සියළු මාධ්‍යයන් හි උණූසුම් පුවතක් බවට පත්ව ඇත. සංවේදී කාගෙත් සිතට කම්පනයක් ගෙන දෙන මෙම මරණ දඬුවමේ පුවත පිලිබදව මෙලෙස ශ්‍රී ලාංකීය මාධ්‍යයන් වාර්ථා කිරීම පිලිබදව ‘යහමග’ ට විරුද්ධ මතයක් නැත. එපමණක් නොව රටේ සුළුතරයක් වන මුස්ලීම් ප්‍රජාව නියෝජනය කරන මේ රිසානා රෆීක් නිදහස් කර ගැනීම වෙනුවෙන් රටේ ජනාධිපති තුමාගේ පටන් බොහෝ පාර්ශවයන්ගේ අවංකව මැදිහත් වීම පිලිබදව අපට ඇත්තේ ඉමහත් සතුටකි. එම මැදිහත් වීම රටේ සුළුතරය වන අපට යහපත් අනාගතයක් පිලිබදව බලාපොරොත්තු ඇති කර වන්නකි. මේ හේතුව නිසා ප්‍රථමයෙන් රිසානා රෆීක් නිදහස් කර ගැනීමේ සටනට මැදි වූ ඒ සියළු පාර්ශවයන්ට ‘යහමග’ මාගේ ගෞරවණීය ස්තූතිය පල කරමි.

ඒ සමඟ ම මුස්ලීම් ප්‍රජාවගේ අවදානයට මෙහිදී ගෙන ආයුතු වැදගත් කාරණා කිහිපයක් ද ඇත. ඒ අතුරින් ප්‍රධාන ම කාරණ නම්, රිසානා රෆීක් සහෝදරියට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සදහා ඇය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනා නිවරුදි ද? සැබෑවටම ඇය වරදකාරිය ද? එම දඬුවම ක්‍රියාත්මක කල ආකාරය සාධාර්ණ ද? වැනි කාරණා සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයට වාද විවාද පැවතිය හැක. මා ‍එසේ පවසන්නට හේතුව අප රටේ සමහරක් මාධ්‍යයන් අද ඉහත සිද්ධිය වාර්ථා කිරීමේ දී එම නඩු තීන්දුව නිවරුදි නොවන බවත්, ඇය නිර්දෝෂි බවත් ප්‍රකාශ කරමින් කරුණූ ඉදිරිපත් කර තිබීමය. නමුත් ඇය සැබෑවටම වරදකාරියක් නම් ඇය සම්බන්ධයෙන් ක්‍රියත්මක වූ දඬුවම විවේදනය කිරීමට හෝ අභියෝගයට ලක් කිරීමට මුස්ලීම්වරයෙකුට අවසර නැත. මන්ද ‘මරණ දඬුවම’ යන්න (කොන්දේසි සහිතව) ඉස්ලාම් අනුමත කරන නීතියකි. එය අභියෝගයට ලක් කිරීමට හෝ විවේචනය කිරීමට කිසිදු මුස්ලීම්වරයෙකුට අවසර නැත. (මේ පිලිබදව ඉදිරි දින කිහිපය තුල සවිස්තරව මෙම අඩවිය තුල කරුණු සාකච්චා කිරීමට අදහස් කරමි) මා මෙසේ එම කාරණය මුස්ලීම් සමාජයට දැඩිව අවධාරණය කිරීමට ප්‍රධාන හේතු දෙකක් ඇත. එනම්,

පලමු හේතුව – මරණ දඬුවම පිලිබදව අත්දැකීම නොමැති ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව වන අපට මෙම රිසානා සහෝදරියගේ මරණ දඬුවම තරමක් සංවේදී සිදුවීමකි. ඒ තුල ඉස්ලාමීය ඉගෙන්වීමන් පසෙකලා හැඟීමන්ට වහල් වී ආවේගශීලි ලෙස ප්‍රකාශ නිකුත් කිරීමෙන් අප වැලකී සිටිය යුතුය.

දෙවන හේතුව – ඊයේ වනතුරු ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව හා ඉස්ලාම් දහම ගරහමින් සිටී බොහෝ බ්ලොග් ඕපාදූප අඩවීන් අද වනවිට රිසානා රෆීක් සහෝදරිය වෙනුවෙන් කිඹූල් කඳුළු සලන ආකාරයක් දක්නට ඇත. බොරදියේ මාළු බාන්නට සැරසෙන මේ පිරිසගේ කුමන්ත්‍රණ හමුවේ බුද්ධිමත් ලෙස ක්‍රියා කිරීම අපගේ වගකීම වියයුතුය.

මුස්ලීම් සමාජයේ අවදානයට ඉහත කාරණය ගෙන එන ගමන් ඉහත රිසානා රෆීක් සහෝදරියගේ මරණ දඬුවම අවස්ථාවක් කරගෙන ඉස්ලාම් දහම හා ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව විවේචනය කිරීමට පිඹූරුපත් සකසන පිරිසගේ අවදානයට කෙටියෙන් හෝ සදහන් කලයුතු කාරණයක් ද ඇත. එනම්, අද ඉස්ලාම් පවසන ‘මරණීය දඬුවම්’ නීතිය විවේචනය කරන මුස්ලීම් නොවන ඔබ අද ‘අප රට තුලත් මරණ දඬුවම ක්‍රියාත්මක කලයුතුයි!’ යන තැනට යොමු වෙමින් සිටින බව අමතක නොකරන්න. එසේම අප රට තුල නිළ වශයෙන් මරණ දඬුවම සිදු නොවුවත් නිළ නොවන ලෙස මරණ දඬුවම ක්‍රියාවට නැංවෙන බව ද අමතක නොකරන්න. එම සිදුවීමන් බහුතරයක් ජනතාව අනුමත කරන බවද අමතක නොකරන්න. එපමණක් නොව අප රට තුල දිනපතා සිදුවන ළමා හා ස්ත්‍රී දූෂණ, ඝාතන හමුවේ ඔවුන් සදහා මරණ දඬුවම ක්‍රියාත්ම කලයුතු බව බහුතර ජනයා අපේක්ෂා කරන බවද අමතක නොකරන්න. එම තත්වය අවබෝධ කර ගැනීම පිණිස පසුගිය දින කිහිපය තුල අප රටේ වාර්ථාව වූ පහත පුවත් මොහොතක් විමසා බලන්න.

  • ළමා හිංසනයට එරෙහිව ජාතික දිනය – විමසුමක්
  • අවුරුදු 84ක මහලු කතකුත් දූෂණය කරයි
  • ස්ත්‍රී දූෂක, මිනීමරු සම්පත් චන්ද්‍රපුෂ්පට නැවත සභාපති වරම්
  • සංගීත සංදර්ශනය බලා යමින් සිටි නිළියට හතර දෙනකුගෙන් අතවර
  • අතවර වලින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්වේ
  • මසකට එක බැගින් විදේශීය කතුන් දූෂණයට
  • තවත් විදෙස් කතක් දුම්රියේදී අතවරයට
  • පාසල් දැරියක දූෂණය කළ කෝටිපති සල්ලාලයා
  • ස්ත්‍රී දූෂක සාරුවා නැවත සභාපති තනතුරේ වැඩ බාරගනී
  • අකුරැස්සේ ස්ත්‍රී දුෂක සභාපති
  • දැරිය දූෂණය කල අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති අත් අඩංගුවට
  • දැරිය දූෂණය කල ප්‍රාදේශීය සභා සභාපතිට සැප වාට්ටුවක්

අවසාන වශයෙන් මුස්ලීම් නොවන සහෝදර ජනතාවගෙන් විමසන්නට ඇත්තේ ඉහත ආකාරයට දූෂණයට හෝ ඝාතනයට ලක්වන්නේ ඔබේ ම දරුවා, සහෝදරිය, නම් දැන් එම අපරාධකරුවන් සම්බන්ධයෙන් ඔබේ විනිශ්චය කුමක් ද? යන්නයි. එසේම මුස්ලීම් ජනතාවගෙන් ද අවසාන වශයෙන් විමසන්නට ඇත්තේ රිසානා රෆීක් සහෝදරියගේ මරණය තුල ඔබ හැඟීමන්ට වහල් වී ක්‍රියා කොට ඉස්ලාම් දහමත්, මුස්ලීම් සමාජයත් ගරහන්න පිඹූරුපත් සකසන පිරිසට මේ තුල ඒ සදහා අවස්ථාවන් සලසා දෙනවාද? නැද්ද? යන්නයි.

බුද්ධිමත් තීන්දුව ඔබට භාරයි!,

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම