රෝමාවරුන් ජයගත් ලොව පහත්ම භූමිය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මීට වසර 1400 කට පෙර රෝමාවරුන් හා පාරිසීයවරුන් අතර දරුණු යුද්ධයක් සිදුවිය. මෙම වකවානුවේ රෝමාවරුන් මුස්ලිම්වරුන් හා සුහදව කටයුතු කල අතර පාරිසීයවරුන් මුස්ලිම්වරුන් හා නිතර නිතර ගැටෙමින් ජීවත් විය. මෙවැනි මොහොතක රෝමාවරුන් හා පාරිසියවරුන් අතර ඇති වු යුද්ධයේ දී මුස්ලීම්වරුන්ගේ ප්‍රාර්ථනාව වුයේ රෝමාවරුන් ජයගත යුතු යන්නයි. නමුත් මෙම යුද්ධයේ දී රෝමාවරුන් අවාසනාවන්ත ලෙස පරාජ වු අතර මේ නිසා මුස්ලීසම්වරුන් ද කනස්සල්ලට පත්විය. මෙසේ මුස්ලීම්වැන් කනස්සල්ලෙන් පසුවන මොහොතේ ඔවුන්ගේ සිත් නිවාලනු පිණිස අල්ලාහ් (දෙවි) මුහම්මද් තුමා මගින් දිව්‍ය වාක්‍යයක් මුස්ලීම්වරුන්ට ප්‍රකාශ කරන ලදී. එනම්,

“පහත් භූමියෙහි (රෝමාවරු) ඔවුහු ඔවුන්ගේ පරාජයෙන් පසු (පාරිසීයවරුන්) පරාජය කරන්නේය“

මෙහි ඉහතින් දක්වා ඇත්තේ ශුද්ධ වු කුර්ආනයේ 30-3 වාක්‍යයි. මෙම වාක්‍යය මඟින් රෝමාවරුන් නැවත ජයගන්නා බව ශුද්ධ වූ කුර්ආනය අනාවැකි පවසා සිටී. මෙහි වැදගත් කාරණය එය නොවේ රෝම පාරිසිවරුන් අතර නිරන්තරයෙන් ගැටුම් පැවතුණු නිසා කිසියම් දිනෙක රෝමය ජයගන්නාව යන්න අනාවැකියකට වඩා සම්භාවිතාවයක් ලෙස වුවද පැවසිය හැකි කාරණයකි. නමුත් ශුද්ධ වූ කුර්ආනය එසේ අනුමාන කර පැවසුවේ නැත. ශුද්ධ වූ කුර්ආනය එය ස්ථීරවම සදහන් කලා එයට හොදම සාක්ෂිය එම යුද්ධය ජයගන්නා බව පමණක් නොව එම යුද්ධය සිදුවන ස්ථානය පවා ශුද්ධ වූ කුර්ආනය ස්ථීරව සදහන් කිරීමයි. එනම් ශුද්ධ වූ කුර්ආනය ඉහත වාක්‍යය තුල අනාවැකිය සමග භූ විද්‍යාත්මක සත්‍යයක් ද අනාවර්ණය කරයි. එම භූ විද්‍යාත්මක සත්‍ය වන්නේ රෝමාවරුන් විසින් පාරිසීයවරුන් පහත් භූමියක ජයගන්නා බවයි. මෙවැනි ප්‍රකාශයක් සම්භාවිතාවක් ලෙස සලකා කිසිවකුටත් පැවසිය නොහැක. අනික මෙය යුද්ධ දෙස බලාගෙන එසේත් නැත්නම් යුද්ධයට පෙර සූදානම් වීම දිහා බලාගෙන කියන කාරණයක් ද නොවේ. මෙම අනාවැකිය පවසන්නේ මුහම්මද් (සල්) තුමාණන් ජීවතුන් අතර සිටින අවධියකය. එසේම එම අවධිය භූ විද්‍යාව පිලිබදව ගැඹුරු විෂය දැනුමක් නොපැවති යුගයකි. එසේ පැවසූ අනාවැකිය ක්‍රියාවට නැංවෙන්නේ මුහම්මද් (සල්) තුමාණන් අභාවයට පත්වී වසර කිහිපයකට පසුවය.

එදා අල්කුර්ආනය පැවසු එම අනාවැකිය එනම් “රෝමය ජයගන්නා බවත් එය පහත් භූමියක සිදුවෙනවා” යන්නත් ඒ ආකාරයටම සිදුවීම මෙම ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය දේව වාක්‍යයන් යන්න මනාව පිළිඹිබු කරන්නකි. මෙම වාක්‍යය මුල් කාලයේ අවබෝධ කරගත්තාට වඩා අද එනම් විද්‍යාවේ දියුණූවත් සමඟ එම වාක්‍යයට පුළුල් පැහැදිලි කිරීමක් ලැබී ඇත. එනම් එදා රෝමාවරැන් හා පාරිසීයවරැන් අතර පැවති යුද්ධය සිදුවූ ස්ථානය පිලිබදව පුළුල් ගවේශණයන් සිදුකල විද්‍යාඥයින් එම ස්ථානය නිවරැදිව හදුනාගැනීමට සමත්විය. එහි දී අනාවර්ණය කරගැනීමට හැකි වුයේ මෙම යුද්ධය එනම් රෝමාවරුන් හා පාරිසීයවරුන් අතර පැවතී යුද්ධය මළමුහුද ආසන්නයේ සිදුවී ඇති බවයි.

ඒ අනුව මෙම මළමුහුදෙහි භූ විෂමතා පිහිටීම අධ්‍යනය කල භූ විද්‍යාඥයින් හට අනාවර්ණය කරගැනීමට හැකි වුයේ ලොව ගොඩබිමවලින් පහත්ම භූමිය මෙම මළමුහුද පිහිටී භූමිය බවයි. එය පිලිබදව කෙටියෙන් සදහනක් කරන්නේ නම්,

මළ මුහුද හෙවත් DEAD SEA යන්න පැවසු විගස කාගෙත් මතකයට නැගෙන්නේ අධික ඝනත්වයක් සහිත දැඩි ලූණූ රසයක් ඇති වතුරයි. නමුත් එහි භූ විද්‍යාත්මක පිහිටීම වන්නේ මෙම මළමුහුද පිහිටි භූමිය මුහුදු මට්ටමේ සිට මීටර 395ක් පහතින් පිහිටා ඇත යන්නයි. මෙය මෑත කාලයේ චන්ද්‍රකා තාක්‍ෂණය යොදාගෙන අනාවර්ණය කරගත්ත ද මීට වසර 1400 කට පෙර අවිද්‍යාව රජකල යුගයක මෙපමණ විශාල විද්‍යාත්මක සත්‍යයක් ශුද්ධ වූ කුර්ආනය පැවසුවේ කෙසේද? එදා රෝමය පිලිබදව ශුද්ධ වූ කුර්ආනය කල අනාවැකිය ඔබට විශ්වාස නැත්නම් මෙන්න එහා බද්ධව භූ විද්‍යාත්මක සත්‍යයක් ඔබට හැකිවේද එය ප්‍රතික්ෂේප කරන්නට. වංක නොවූ තීරණයකට එය ඔබටම භාරයි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම