ලෝක කාත්නා දිනය 101 වරටත් සැමරීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


වසරක් පාසා මාර්තු 08 දිනට ‘ලෝක කාන්තා දිනය‘ සැමරීම අද සමාජ සම්ප්‍රදායක් බවට පත්ව ඇත. මේ වන විට සියවතාවක්ම සමරා ඇති මෙම දිනය 2012 වර්ෂයේත් 101 වන වරට සැමරීමට විවිධ වැඩසටහන් ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික මට්ටමේ සංවිධානය වන මේ මොහොත් යහමඟ පාඨක අවධානයට කරුණු කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. අතීතයේ කාන්තාවගේ අයිතීන් දිනා ගැනීමට සදහා සංවිධානය වූ මෙම දිනය අද වනවිට තවත් සැමරුමකට ඒහා ගිය කිසිවක් නොමැති තැනට පත්ව ඇත. මෙම දිනය සැමරීම තුලින් කාන්තාව දිනාගත් කිසිවක් නොවුවත් මෙම දිනය අවස්ථාවක් කරගෙන බොරදියේ මාළු බාන පිරිස් නම් අඩුවක් නැතුව දක්නට ඇත. තමන් කාන්තාව වෙනුවෙන් පෙනීසිටින බවත්, ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින බවත්, ඔවුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් යහපත් මෙහෙයක් ඉටුකරන බව පුරසාරම් දොඩන සමහරක් පිරිස් කරන්නේ කාන්තාව ලංසුවට තබා තම අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමයි. මෙම පහක් ක්‍රියාවේ ප්‍රධාන පාර්ශවයන් වන්නේ රටේ දේශපාලඥයින්, ආගමික නායකයන් හා විද්වතුන්, දෙස් විදෙස් ස්වෙච්ඡා සංවිධානයන් හා මාධ්‍යෙව්දීන් යන්නයි.

දේශපාලඥයින් මේ තුලින් දේශපාලන වාසී ලබා ගැනීමත්, ආගමික නායකයින් හා විද්වතුන් අනිකුත් ආගම් කාන්තාව නොසලකා හැර තිබියදී තමන්ගේ දහම ඒ යුතුකම නිසි ලෙස ඉටුකර ඇති බව පවසමින් තම දහමට කිසියම් ආකාරයක ජනතා ආකර්ශනයක් ලබාගන්නා අතර අනිකුත් ආගම් කෙරෙහි ජනතා අප්‍රසාදයක් ගොඩ නැඟීමත්, කාන්තාව වෙනුවෙන් තමන් පෙනීසිටින බව පවසමින් සමස්ථ සමාජයත් එහි කාන්නාවත් නොමඟ යවමින් සමිති සමාගම් හා සංවිධානවල සැඟවුණු න්‍යාය පත්‍රයන් ක්‍රියාවට නැංවීමත්, වසරක් පසා උදාවන කාන්තා දිනය වෙනුවෙන් පිටුගනණ් ලිපි හා පැය ගණන් සංවාද පවත්වමින් ජනතාව අතර ජනප්‍රියත්වයක් හා එය ව්‍යාපාරයක් කරගෙන මඩිය තර කර ගැනීමක් හැර මේ කිසිවක් තුලින් කිසිවකු කාන්තාවට දිනා දුන් දෙයක් නැත.

මෙහි ඉහත අවස්ථා 04න් ‘ආගමික නායකයන්ගේ හා විද්වතුන්ගේ‘ භූමිකාව පිලිබදව වැඩිපුර යමක් පැවසීමට ඇත. වසර ගණනාවක් මුළුල්ලේ යහමඟ අඩවිය ශ්‍රී ලාංකීය සමාජය තුල පවත්වාගෙන යාමෙන් ලද අත්දැකීමක් නම්, මෙම දිනයන් හි සිදුකරන්නේ කාන්තාව සම්බන්ධයෙන් තම දහම හෝ දර්ශනය තුල සදහන් වන්නේ කුමක්ද? යන්න ඉදිරිපත් කරනවා වෙනුවට මේ සම්බන්ධයෙන් අනිකුත් ආගම් වල සදහන් වන්නේ කුමක්ද? යන්න ඉදිරිපත් කිරීමයි. තමන් විවේචනය කරන දහමේ හෝ දර්ශනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කොට එහි කරුණූ පදනම් කරගෙන කිසියම් විවේචනයක් කරන්නේ නම් එහි වරදක් නැත. නමුත් මෙවැනි විවේචන ඉදිරිපත් කරන බහුතරයකට තමන් විවේචනය කරන දහම පිලිබදව පමණක් නොව තමන් පිලිගෙන පිලිපදින දහමේ හෝ දර්ශනයේ කාන්තාව සම්බන්ධයෙන් කුමක් පැවසෙනවාද? යන්න පිලිබදව පවා නිසි වැටහීමක් නොමැති බව ඔවුන්ගේ සංවාද තුල පැහැදිලි වීම කණගාටුවට කරුණකි. මෙහි හාස්‍ය ජනක කාරණය වන්නේ අනිකුත් ආගම් විවේචනය කිරීමේ යටි අරමුණින් සමහරක් පාර්ශවයන් කාන්තා අයිතීන් වෙනුවෙන් හඬක් නඟන බව පුරසාරම් දොඩමින් විරුද්ධ ආගමික මතවාද දරණ පාර්ශවයන්ගේ ‘ඇසේ කෙන්ඳ සොයන්නේ තමන්ගේ ඇසේ ඇති පොල් පරාල‘ පිලිබදව කිසිදු තැකීමක් නොකරය. මේ පිලිබදව යහමඟ අඩවිය කිහිප අවස්ථාවක විවිධ ලිපි ඔස්සේ පාඨක ඔබට කරුණූ දක්වා ඇත. එවැනි ලිපි කිහිපයක් හා කාන්තාව පිලිබදව ඉස්ලාම් කොතරම් දුරකට සැලකිලීමත් වී තිබෙනවාද? ඇයගේ අයිතීන් වෙනුවෙන් ඉස්ලාම් කොතරම් මැදිහත් වී තිබෙනවාද? යන්න පිලිබදව යහමග අඩවිය තුල මීට ඉහත සාකච්චා කල ලිපි කිහිපයක් ඔබගේ බුද්ධිමත් විමසුමට නැවත ගෙන එන්නේ නම්,

ලෝක කාන්තා දිනය උදාවීමත් සමඟ ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික මට්ටමින් ආගමික අන්තවාදී පිරිස් අතින් බොහෝ දුරට සිදුවන්නේ ඉස්ලාම් දහම විවේචනයට ලක්කිරීමයි. ‘සෙක්කු වේ බැදි ගොනා‘ මෙන් සීමිත කරුණු කිහිපයක් පදනම් කරගෙන වසරක් පාසා චෝදනා වැලක් ඉදිරිපත් කලද ඒ පිලිබදව ඉස්ලාමීය විග්‍රහය කුමක්ද? යන්න විවිධ පිරිස් පැහැදිලි කලද එය දැන ගැනීම පිලිබදව ඔවුනට කිසිදු උවමනාවක් නැත. දශක ගණනාවක් මුළුල්ලේ කාන්තාව සම්බන්ධයෙන් ඉස්ලාම් දහමට එරෙහිව ඉස්ලාම් විරෝධීන් ඉදිරිපත් කරන චෝදනාවන්ට යහමඟ මුල් කාලයේම පිලිතුරු ලබාදී ඇතත් ඒ සියල්ල ‘බිහිරි අලීන්ට වීණා වැයීමක්‘ බඳු වී ඇත්තේ ඔවුන්ගේ විවේචන තුල අවංක අරමුණු නොමැති බැවිණි. ඒ කෙසේ වෙතත් ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමි තැන කොතැනද? යන්න අවංක ලෙස කිසිවෙකුට දැන ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා ඉහත ලිපි ප්‍රමාණවත් වනු ඇතැයි යන්න මාගෙ‍් විශ්වාසයයි. නමුත් කිසිවකු ‘ඉස්ලාම් දහමේ තුල කාන්තාවට එවැනි ගෞරවයක් හා ආරක්ෂාවක් ලබාදී නැත‘ යනුවෙන් තවදුරටත් චෝදනා නඟමින් කිඹුල් කඳුළු සලන්නේ නම්, තමන් නියෝජනය කරන දහමින් හෝ දර්ශනය තුලින් මීට වඩා යහපත් හා ප්‍රායෝගික ක්‍රමවේදයක් යෝජනා කර ඇත යනුවෙන් පවසන්නේ නම්, එය විවෘත අභියෝගයක් ලෙස ඉදිරිපත් කිරිමටත්, පිලිගැනීමටත් යහමඟ සූදානම් යන්න පමණක් මෙහි සදහන් කරමින් මේ ‘ලෝක කාන්තා දිනය‘ පෙරදැරි කරගෙන තවත් ආගමික ලිපියක් නොව ශ්‍රී ලාංකීය නූතන සමාජය පදනම් කරගත් බුද්ධිමත් විමසුමක් කෙටියෙන් පාඨක ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි.

ලෝකය ගත්තත් අප රට සැලකුවත් එහි බහුතර කාන්තාවයි. වර්ථමානයේ අප රටට ඉහල විදේශ විනිමයක් ගෙන දෙන ප්‍රධාන ආදායම් මාර්ගය වන විදේශ ගෘහ සේවිකා රුකියාව, ඇඟලුම් ක්ෂේත්‍රෙය් ප්‍රධාන භූමිකාව, මෙන්ම තවත් බොහෝ රුකියාවල ප්‍රධාන චරිතය මෙම කාන්තාවයි. මෙලෙස රටේ සංවර්ධනයට සැලකිය යුතු දායක්තවයක් ඇයගෙන් ඉටු වුවත් ඇයට සමාජය විසින් ලැබිය යුතු නිසි ගෞරවය තවම ලබාදී නැත යන්න සැබෑ තත්වයයි. ඇය වෙනුවෙන් පවතින රජය පවා විවිධ සහන හා වරප්‍රසාද කලින් කලට යෝජනා කලත් ඒවා ඇයට ලඟා වී ඇතිද? යන පැනය ඇය තුල තවම ඉතිරිව ඇත. මෙලෙස එක් පසෙකින් අඩමානෙට හා අවිනිශ්චිත ලෙස ජීවත් වන කාන්තාව නූතන ලෝකය තුල තව තවත් ගැටළු ගණනාවකට මැදිවේ. දෛනිකව මඟ තොටදී අත් විදින පීඩ හා හිංසන ද සුළු පටු නොවේ. විශේෂයෙන් ලිංගිකව හිංසනයන්ට ගොදුරු වන ඇය අවසානයේ උරුම කරගන්නේ සමාජ ගැරහුම පමණි. මෑත කාලයක පටන් ඇය පියවරුන් සහ එක කුස උපන් සහෝදරයන් නිසා ලිංගික හිංසනයන්ට ගොදුරු වීම සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී. මේ හේතුව නිසාම ඇය ගැබ් ගැණුනු අවස්ථාවන්ද අප රට තුලම වාර්තා වීම මාධ්‍යයන් තුල සැරිසරන ඔබට අළුත් සාරණයක් නොවනු ඇත. මෙලෙස අප සමාජය තුල එක් අන්තයකින් අසාධාරණයට ලක්වන කාන්තාව ජනමාධ්‍ය තුල වෙළද භාණ්ඩයක් වීමත් ඇයගේ නිරුවත ඉහල මිලයන්ට අලෙවි වීමත් ඇයගේ අවාසනාවන්ත ඉරණම වඩාත් හොදින් පිළිඹිබු කිරීමකි. සමාජය ඇයට මෙලෙස සලකද්දී ඇය විසින් නිර්මාණය කරගත් අවාසනාවන්ත තත්වයන් නැතුවා නොවේ. විශේෂයෙන් ඇය පවුල් සංස්ථාවක ඇයට පැවරෙන වගකීමන්වලින් දිනෙන් දින ඈත් වෙමින් ඇත. යහපත් සමාජයක් උදෙසා කාන්තාවක් මවක් ලෙස ලබාදෙන දායකත්වය සුළු කොට තැකිය නොහැක. ඒ උත්තරීතර කාන්තාව අද මව් පදවිය ප්‍රතික්ෂේප කොට විලාසිතා හා මුදල් පසුපස දුවන්නට පටන්ගෙන සිටීම මේ ලොක් කාන්තා දිනයේ දී හෝ සමාජ වගකිව යුත්තන්ගේ දැඩි අවධානයට ලක් කලයුතු කාරණයකි.

ඉහතින් මා ඉදිරිපත් කර ඇත්තේ වර්ථමාන ශ්‍රී ලංකාව තුල නිතර දකින්නට ඇති අරාජික පොදු තත්වයකි. කාන්තා දිනය වෙනුවෙන් හඬ නඟන බහුතරය ඉහත සමාජ තත්වය පිලිබදව වචනයක් හෝ කථා නොකිරීම ඔවුන්ගේ සැඟවුණු න්‍යායපත්‍රය වඩාත් හොදින් පිලිඹිබු කිරීමක් නොවේද? කෙසේ වෙතත් 101 වැනි ලෝක කාන්තා දිනයේ දී වත් පදනම් විරහිත චෝදනා පදනම් කරගෙන ඉස්ලාම් දහම විවේචනය කිරීම වෙනුවට සියළු පාර්ශවයන් එකාමෙන් නැඟීසිට රට පුරා ඔඩුදුවා තිබෙන සැබැ කාන්තා හිංසන, අසාධාරණකම්, අනවශ්‍ය අතෙපවීමන් හා පරිහානිය වෙනුවෙන් අවංක දායකත්වයක් ලබාදෙන්නේ නම් එය සමස්‌ත ශ්‍රී ලාංකික කාන්තා සමාජයටම යහපත් වන අතර 101 වන ලොක් කාන්තා දිනයද අර්ථවත් වනු ඇත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/03/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම