ලෝක ළමා දිනයේ ළමුන් සදහා උපදේශයක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලෝක ළමා දිනයේ ළමුන් සදහා උපදේශයක්
ලෝක ළමා දිනයේ ළමුන් සදහා උපදේශයක්

අදට ‘ලෝක ළමා දිනය’ යෙදී ඇත. මේ දිනය පෙරටුකොට විවිධ උත්සව හා සැනකෙළි පැවැත්වීම මෙතෙක් පැවති සමාජ සම්ප්‍රදායයි. නමුත් මෙවර ලොවපුරා ව්‍යාප්ත වී තිබෙන කෝවිඩ් වසංගතය සමඟ ඒ සියල්ල සීමා වී ඇත. අද දරුවන් මාපිය ඇස් මානයේ කුඩා රාමුවක් තුල කොටු වී ඇත. මෙම තත්වය ආශිර්වාදයක් කොටගෙන දරුවන් තුල යහපත් සිතුම්-පැතුම්, ගුණාංග, චින්තන සහ ක්‍රියාකාරකම් ගොඩනැඟීම මාපිය වගකීමයි. ඒ සදහා රුකුලක් ලෙස මුහම්මද් (සල්) තුමාණන් කල රන්-මුතු වැනි වටිනා උපදේශයක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නට අදහස් කරමි.

මුහම්මද් (සල්) තුමා සහ ඉබුනුඅබ්බාස් (රලි)තුමා අතර බැඳීම ඉබුනු අබ්බාස් (රලි) තුමාගේ කුඩා අවධිය දක්වා දිවයන්නකි. එසේ ඉබුනු අබ්බාස් (රලි) තුමා කුඩා අවදියේ එතුමාණන්ට මුහම්මද් (සල්) තුමාණන් කල ඉතා වටිනා උපදේශය මුස්ලීම් නම් හදීස් ග්‍රන්ථයේ සදහන් වේ. එම හදීසය පහත දැක්වේ.

වරක් නබිතුමාණන්…

‘පුතේ, මම ඔබට උපදෙශයන් කිහිපයක් කරන්නම්, එය අනුගමනය කිරීම තුලින් අල්ලාහ් (දෙවි) ඔබට ඉමහත් භාග්‍යයන් ලබාදෙනු ඇත.’ යයි  අල්ලාහ්ගේ දූතයා වන (මුහම්මද් (සල්)) තුමාණන් පවසා මෙසේ එම උපදේශය සිදු කරන ලදී.
‘ඔබ අල්ලාහ් (දෙවි) සම්බන්ධ විශ්වාසයන් හි ස්ථාවරව සිටින්න. අල්ලාහ් ඔබව ආරක්ෂා කරයි. අල්ලාහ් (දෙවි) මාර්ගයෙහි ස්ථාවරව සිටින්න. ඔබ ඔහුව, ඔබ සමඟ දකිනු ඇත. ඔබ සතුටින් සිටින මොහොතක අල්ලාහ් (දෙවි) ව සිහි කරන්න. එවිට ඔබට දුකක් කරදරයක් වු විට අල්ලාහ් (දෙවි) ඔබව සිහි කරනු ඇත. ඔබ (යමක්)ඉල්ලන්නේ නම්, එය අල්ලාහ් (දෙවි)ගෙන්ම ඉල්ලන්න. ඔබ උපකාරයක් අපේක්ෂා කරන්නේ නම්, එය අල්ලාහ් (දෙවි)ගෙන්ම අපේක්ෂා කරන්න. නියත වශයෙන්ම (මෙම) සමාජය එක්රුස් වී ඔබට යහපතක් කරන්න අපේක්ෂා කලත්, අල්ලාහ් (දෙවි) ඔබට කුමක් නියමකොට ඇත්තේද එය හැර කිසිවක් ඔවුනට ඔබට ලබාදිය නොහැක. එසේම ඔවුන් ඔබට අයහපතක් කරන්න එක්රුස් වුවත්, අල්ලාහ් (දෙවි) ඔබට නියමකොට ඇති දේ මිස ඔවුනට ඔබට කිසිදු අයහපතක් කල නොහැක. මන්ද (ඔබේ ජීවිතයේ මුල සිට අග දක්වා (පෙර නියමයන්) ලියන ) පෑන (අල්ලාහ් (දෙවි)) තමන් වෙත ඔසවාගෙන ඇත. තවද (සියල්ල සටහන් තබා ඇති (පෙර නියම සටහන්)) පලකය ද වීයලී ගොසින්ඇත.’ යයි පවසන ලදී.

මුලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

මුහම්මද් (සල්) තුමාණන් කුඩා ඉබුනු අබ්බාස් (රලි) තුමාණන්ට අල්ලාහ් (දෙවි) පිලිබදව කල ඉහත වටිනා අවවාදය අපගේ දරුවන් කුඩා අවදියේම ඔවුන්ගේ සිත් තුල තැන්පත් කලයුතුය. එවිට ඔවුන් අල්ලාහ් (දෙවි) පිලිබදව වූ යහපත් චින්තනයන් හා විශ්වාසයන් ඇතුව ගොඩනැඟෙනු ඇත. එවිට අනාගත පරම්පරාව දේව විශ්වාසයෙන් පිරි යහපත් නිරෝගිමත් සමාජයක් වනු ඇත.

මෙම අඩවිය තුල ළමුන් සම්බන්ධ ලියවුණු ලිපි තවදුරටත් කියවන්න ‘ළමා’ යන ගොනුවට පිවිසෙන්න.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/31

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම