වැස්ස – බුද්ධියට කරන ආරාධනය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ දිනවල රටපුරා පවතින්නේ වැසිබර කාලගුණයකි. මාධ්‍යවලත් ජනතාව අතර නිතර සාකච්චා වන විෂයක් බවට මෙම වැස්ස අද පත්ව ඇත. වැස්ස පමණක් නොව මේ වැස්ස සමඟ ඇතිවන අකුණු පිලිබදව බොහෝ අනතුරු ඇගවීමන් හා අවවාදයන් නිතර අසන්නට ලැබේ. මෙවන් අවධියක මේ වැස්ස හා ඒහා බැඳුනු අනිකුත් උප කාරණාවන් පිලිබදව ඉස්ලාම් කුමක් පවසන්නේ ද යන්න දිව්‍යමය පුස්තකයෙන් උපුටා ඔබේ බුද්ධිමත් විමසුමට පෙලගැසීම මෙම ලිපියෙහි අරමුණයි.

ශුද්ධ වූ කුර්ආනය ඔබේ බුද්ධියට කරන ආරාධනය…

අහස් හා මහපොළොව නිර්මාණයෙහිද දිවා රාත්‍රි මාරුවීමෙහිද මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා (බඩුබාහිරාදිය පුරවා ගත්) සමුද්‍ර තරණයෙහි යෙදෙන යාත්‍රාවලද, අල්ලාහ් (විසින්)අහසින් පහළ කරන ජලයෙහිද (මහපොළොව වියළි) මළ පසු එමගින් (වැසි ජලයෙන්) යළිපණ ගැන්වීමෙන් ද තවද, එහි විසුරුවා හැර ඇති සියලූම සතුන් කෙරෙහිද සුළඟ ඔබමොබ යැවීමෙහිද අහස හා මහපොළොව අතර (අල්ලාහ්ගේ ආඥාවට යටත්ව ක්‍රියාකාරීවීමට) සූදානම් කරන ලද මේඝයන්හිද නියත වශයෙන්ම බුද්ධිමත් අයට සංඥාවන් ඇත.

ශුද්ධ වූ කුර්ආනය 2-164

අහසින් (වැසි) දිය පහළකළේ ඔහුමය. එමගින් සෑම වර්ගයකම පැළෑටි අපි මතු කරන්නෙමු. පසුව එයින් හරිතබිම් (කෙත්වතු) අපි හෙළි කරන්නෙමු. එමගින් ඝණව වැඩෙන ධාන්‍ය (විශේෂයන්) උත්පාදනයකරන්නෙමු. තවද පොකුරු පොකුරු ලෙස සමීපයෙන් එල්ලෙන එහි කෝෂයන්ගෙන් යුත්රටඉඳි කෙත්ද මිදිවතුද ඔලිව්(රට වෙරළු)ද දෙළුම්ද අපි හෙළි කරන්නෙමු. (පෙනුමෙන් එකිනෙකට) සමාන වූත් (රසයෙන්) වෙනස් වූත්. ඵල දරන විට ඵල දරනසැටිද එම පළතුරු පැසී මුහුකුරා යන සැටිද බලනු. විශ්වාස කරන ජනයාට නියතවශයෙන්ම මෙහි ආයාත් (සංඥාවන්) ඇත.

ශුද්ධ වූ කුර්ආනය 6-99

අල්ලාහ් අහසින් ජලය පහළ කර එමගින් මහපොළොව එය මළ පසු පණගන්වන්නේය. සවන් දෙන ජනතාවට නියතවශයෙන් එහි සංඥාවක් තිබේ.

ශුද්ධ වූ කුර්ආනය 16-65

නුඹ නොදුටුවෙහිද? අල්ලාහ් අහසින් ජලය පහළ කරන්නේය. එවිට භූමිය හරිතවන්නේය. නියතවශයෙන් අල්ලාහ් අති සූක්ෂමය, සුවිඥාණීය.

ශුද්ධ වූ කුර්ආනය 22-63

වාසිය ද, බිය ද ලබා දියහැකි සේ (අකුණු) විදුලිය ඔහු ඔබට පෙන්වීමද, වලාකුළෙන් වර්ෂාව වැසීමට සලස්වා එමගින්මිය ගිය පොළොව සශ්‍රීක කිරීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. බුද්ධිමත් ජනතාවට නියත වශයෙන්ම මෙහි (එකක් නොව, බොහොමයක්) සාධකයන් ඇත්තේය.

ශුද්ධ වූ කුර්ආනය 30-24

අල්ලාහ් අහසින් වැසි ජලය පහළ කරන බවත්, එමගින් අපට විවිධ වර්ණවලින් යුත් පලතුරු වර්ග ලබා දෙන බවත්, නුඹ නොදුටුවෙහිද? කඳුවලද පැහැපත් සුදු, රතු, ඝන, කළු ආදී විවිධ වර්ණ ඇත.

ශුද්ධ වූ කුර්ආනය 35-27

(නබිතුමණි!) “ඔබ නොදුටුවේද? නියත වශයෙන්ම අල්ලාහ්ම වලාකුළෙන් වර්ෂාව වැසීමට සලස්වා, එය භූමියෙහි උල්පත් බවට පත් කර, ගලන්නට සලස්වන්නේය. පසුව එමගින් විවිධ වර්ණයන්ගෙන් යුත් (විවිධ වර්ගයේ) භෝග ඔහු ඉකුත් කරන්නේය. පසුව (කරල්) පැසී, ඒවා කහ පැහැවී තිඛෙණු දකින්නෙහිය. පසුව එය (වියළී) පිදුරු බවට පත් වන්නේය. නියතවශයෙන්ම මෙහි බුද්ධිමතුන්ට හොඳ පාඩමක් ඇත්තේය.

ශුද්ධ වූ කුර්ආනය 39-21

ඔහුම තමන්ගේ සාධකයන් ඔබට පෙන්වා, අහස්හි සිට ඔබට ආහාරයද පහළ කර තබන්නේය. (සෑම කාරණාවකදීම ඔහුවම)අපේක්ෂා කරන්නන් හැර, අන් සියල්ලන්ම (මෙමගින්) හොඳ වැටහීමක් ලබා ගනු නොලබන්නාහ.

ශුද්ධ වූ කුර්ආනය 40-13

රාත්‍රිය හා දහවලමාරුවෙන් මාරුවට පැමිණෙන සේ ඔහු සලස්වා තිබීමෙහිද, අහසින් වර්ෂාව අල්ලාහ්පහළ කර (වියළී) මැරී ගිය භූමිය එමගින් පණ ගැන්වීමෙහිද, (විවිධ දිශාවන්ටද)සුළං හරව හරවා යැවීමෙහිද, බුද්ධිමත් ජනතාවට (බොහෝ) සාධකයන් ඇත්තේය.

ශුද්ධ වූ කුර්ආනය 45-5

ඔබ බොන වතුර අවධානය කළෙහුද? වලාකුළෙන් ඔබ එය වසින්නට සලස්වන්නෙහුද? නැතහොත් අපි වසින්නට සලස්වන්නෙමුද?

ශුද්ධ වූ කුර්ආනය 56-68, 69

ඉහත වාක්‍යන් සියල්ල ඔබේ බුද්ධීයට කරන ආරාධනයන් බව ඔබට පැහැදිලිව දැකගත හැක. මෙහිදී මෙම වාක්‍යයන් ප්‍රකාශ වූ වකවානුවත් මෙහි කියවෙන කාරණයත් අවංකව හා බුද්ධීමත්ව විමසා බලන්නේ නම්, ඔබ එයින් මවිත වෙනවා නොඅනුමානය. උදාහර්ණයකට “වාසිය ද, බිය ද ලබා දියහැකි සේ (අකුණු) විදුලිය ඔහු ඔබට පෙන්වීමද, වලාකුළෙන් වර්ෂාව වැසීමට සලස්වා එමගින්මිය ගිය පොළොව සශ්‍රීක කිරීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. බුද්ධිමත් ජනතාවට නියත වශයෙන්ම මෙහි (එකක් නොව, බොහොමයක්) සාධකයන් ඇත්තේය.” යන ශුද්ධ වූ කුර්ආනය 30-24 වාක්‍යය මොහොතක් සිතා බලන්න 19 සියවසයේ වටහාගත් ‘අකුණෙහි වාසිය’ ශූද්ධ වූ කුර්ආනය මීට සියවස් 14 කට පෙර කෙසේ පැවසුවාද?. ශුද්ධ වූ කුර්ආනය මිනිස් නිර්මාණයක් නම්, මීට සියවස් 14 කට පෙර මෙම කාරණයන් මිනිස් බුද්ධියට ගෝචර වූයේ කෙසේද?. මේ සියල්ල ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් ඒ සදහා ආරාධනා කරමින් මේ ලිපිය අවසන් කරන්නේ.

අහසින් පහල වූ ජලය පිලිබදව විද්‍යාත්මක අණාවර්ණයක් ‘ජල සම්පත ඉස්ලාමීය විමසුමක්‘ යන ලිපියත් තවදුරටත් ඔබේ බුද්ධිමත් අවදානයට තබමිනි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම