වැසි සමයේ අනිවාර්‍ය සලාතය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


වැසි සමයේ සලාතය
වැසි සමයේ සලාතය

වැසි දවසේ සලාතය – ඉස්ලාම් දහමේ අනිවාර්‍ය වගකීම් 05 අතුරින් එකක් වන පස්වේල සලාතය වැසි සමයේ ඉටුකිරීම සම්බන්ධයෙන් ලිහිල් ක්‍රමවේදයක් අනුගමනය කිරීම දක්නට ලැබේ. ඉස්ලාම් දහම පිළිපැදීමට ඉතාම පහසු දහමකි. මෙම දහම තුල මිනිසාට බොහෝ වරප්‍රසාද ලබා දී ඇත. වැසි දවසේ දී ලබා දී ඇති වරප්‍රසාද ගැනඩ දැන් විමසා බලමු.

නිවසේ දී සලාතය ඉටුකිරීමට අවසර!

පස්වේල සලාතය පුරුෂයින් අනිවාර්යෙන්ම මස්ජිදයට ගොස් ජමාත් වශයෙන් සලාතය ඉටුකළ යුතු වුවද, වැසි දවස්වල නිවසේ දී ඉටුකිරීමට වරප්‍රසාද හිමි වී ඇති බව පහත හදීසයෙන් දැනගත හැක.

وَحَدَّثَنِي عَلِيُّ بْنُ حُجْرٍ السَّعْدِيُّ، حَدَّثَنَا إِسْمَاعِيلُ، عَنْ عَبْدِ الْحَمِيدِ، صَاحِبِ الزِّيَادِيِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ الْحَارِثِ، عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ، أَنَّهُ قَالَ لِمُؤَذِّنِهِ فِي يَوْمٍ مَطِيرٍ إِذَا قُلْتَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ فَلاَ تَقُلْ حَىَّ عَلَى الصَّلاَةِ قُلْ صَلُّوا فِي بُيُوتِكُمْ – قَالَ – فَكَأَنَّ النَّاسَ اسْتَنْكَرُوا ذَاكَ فَقَالَ أَتَعْجَبُونَ مِنْ ذَا قَدْ فَعَلَ ذَا مَنْ هُوَ خَيْرٌ مِنِّي إِنَّ الْجُمُعَةَ عَزْمَةٌ وَإِنِّي كَرِهْتُ أَنْ أُحْرِجَكُمْ فَتَمْشُوا فِي الطِّينِ وَالدَّحْضِ

වැසි සහිත දවසක ඉබ්නු අබ්බාස් (රළි) තුමා මුඅද්දින්ට ‘ ඔබ අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ් වඅෂ්හදු අන්න මුහම්මදුර්රසූලුල්ලාහ් යැයි පැවසීමෙන් පසු හයියාලස් සලාහ් (සලාතය සදහා ඉක්මන් කරන්න!) යැයි නොපවසා සල්ලූ ෆී බුයූතිකුම් (ඔබලා ඔබලාගේ නිවෙස්වලම සලාතය ඉටුකරන්න) යැයි පවසන්න‘ යැයි ප්‍රකාශ කලහ.(දැනුම් දෙන්නා වන) ඔහු පැවසුවේය. ඒ ගැන මිනිසුන් කළබල වූ ආකාරයක් පෙනුනි. එවට එතුමා මට වඩා ශ්‍රේෂඨ කෙනෙක් (වන නබි සල් තුමා) කළ දේ ගැන ඔබලා පුදුමයට පත්න්නේ දැයි පැවසුවේය. ජුම්ආ සලාතය අනිවාර්ය වේ. (නමුත්) මම ඔබලාව (නිවෙස්වලින්) බැහැර කිරීමට ප්‍රිය නොකරමි. (එසේ වුවහොත්) ඔබලා මඩෙහි ද ලිස්සන සහිත පොලොවෙහිද පැමිණෙනු ඇත යැයි ප්‍රකාශ කළහ.

සාක්ෂි – සහීහ් මුස්ලිම් (http://sunnah.com/muslim/6/35)

ඉහත හදීසයෙන් පස්වේල සලාතයට මෙන්ම ජුම්ආ සලාතයට ද වැසි සහිත දිනවල මස්ජිදයට නොපැමිනීට වරප්‍රසාද හිමි වී ඇති බව පැහැදිලි වේ.

සලාතය ජම්උ (එකතුකර ඉටු) කිරීමට අවසර

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ، وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ، ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ، وَأَبُو سَعِيدٍ الأَشَجُّ – وَاللَّفْظُ لأَبِي كُرَيْبٍ – قَالاَ حَدَّثَنَا وَكِيعٌ، كِلاَهُمَا عَنِ الأَعْمَشِ، عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ، عَنِ ابْنِ عَبَّاسٍ، قَالَ جَمَعَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم بَيْنَ الظُّهْرِ وَالْعَصْرِ وَالْمَغْرِبِ وَالْعِشَاءِ بِالْمَدِينَةِ فِي غَيْرِ خَوْفٍ وَلاَ مَطَرٍ ‏.‏ فِي حَدِيثِ وَكِيعٍ قَالَ قُلْتُ لاِبْنِ عَبَّاسٍ لِمَ فَعَلَ ذَلِكَ قَالَ كَىْ لاَ يُحْرِجَ أُمَّتَهُ ‏.‏ وَفِي حَدِيثِ أَبِي مُعَاوِيَةَ قِيلَ لاِبْنِ عَبَّاسٍ مَا أَرَادَ إِلَى ذَلِكَ قَالَ أَرَادَ أَنْ لاَ يُحْرِجَ أُمَّتَهُ ‏

ඉබ්නු අබ්බාස් (රළි) තුමා ප්‍රකාශ කළහ! “ නබි (සල්) තුමාණෝ මදීනාවේ දී වැස්ස හෝ බියක් නොමැති විටක ලුහර් හා අසර් සලාතයත්, මග්රිබ් හා ඉෂා සලාතයත් ජම්උ කළහ.“

සාක්ෂි මුස්ලිම් (http://sunnah.com/muslim/6/64)

ඉහත හදීසයට අනුව වැස්ස සහිත කාලවකවානුවක මෙන්ම බියක් බවතින කාලවකවානුව සලාතය ජම්උ කළ හැකි බව ඉතා පැහැදිලිය.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම