විනිශ්චය දිනය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


අවසාන දිනය විශ්වාස කිරීම
අවසාන දිනය විශ්වාස කිරීම

ඉස්ලාම් දහමේ දිව්‍ය වදන් පෙලගැස්ම වන අල්කුර්ආනය සහ අල්හදීස් ඇසුරෙන් 'අවසාන දිනය' ලෝක අවසානය විමසා බැලීම මෙම ලිපියෙහි මූලික අරමුණයි. ඒ අනුව විවිධ වූ අනුමාතෘකාවන් ඔස්සේ එම කාරණය වෙත මෙම ලිපිය තුලින් දැන් අවදානය යොමු කරමු.

අවසාන දිනය විශ්වාස කිරීම

අවසාන දිනය

  يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُوْلَـئِكَ مِنَ الصَّالِحِينَ :114* سورة آل عمران  

ඔවුහු අල්ලාහ්වත් අවසාන දිනයත් විශ්වාස කරති. යහපත් දෑ අණ කරති. අයහපත් දෑ වළක්වති. යහපත් දෑ කෙරෙහි ඉක්මන් කරති. ඔවුන්මය සැදැහැමියෝ.   

අල් කුර්ආන් 3:114

وَاتَّقُواْ يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّهِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ :281* سورة البقرة  

ඔබලාව අල්ලාහ් වෙත ආපසු ගෙන එනු ලබන දිනය ගැන බිය වනු! පසුව සියලු දෙනා හට (ඔවුනොවුන්) ඉපැයූ දේ ගෙවනු ලැබේ. ඔවුන්ට කිසිඳු අසාධාරණයක් සිදු නො කෙරේ.   

අල් කුර්ආන් 2:281

كُلُّ مَنْ عَلَيْهَا فَانٍ :26* وَيَبْقَى وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ :27* سورة الرحمن  

මෙහි සිටින සියල්ලෝ ම විනාශ වන්නෝ ය. කීර්තිමත් වූ ද උදාර වූ ද ඔබ දෙවිගේ මුහුණ පමණක් (විනාශ නොවී) පවතින්නේ ය.   

අල්කුර්ආන් 55:26,27

අහස, පොළොව, ඉර, ග‍්‍රහ වසතුන්, මහ පොළොව මත ජීවත් වන මිනිසුන් හා අනිකුත් ජීවීන් ,ගස් කොළන් ඇතුළු සියලු දේ දිනක විනාශ කරනු ලැබේ. එදින විනාශ නොවී පවතින්නේ දෙවි පමණි. යුගාන්තය, අවසාන දිනය, සූර් පිඹිනු ලබන දිනය, වැනි බොහෝ වචන මගින් මෙම දිනය කුර්ආනයේ සඳහන් වේ. පසුව මිනිසුන් සියලු දෙනා හට පණ දී නැගිටුවනු ලබන අතර ඔවුන් ප‍්‍රශ්න කරනු ලබන්නෝ ය. ප‍්‍රශ්න කිරීම් වලින් පසු විනීශ්චය ලබා දෙනු ලැබේ. යහපත් පුද්ගලයන් හට ඉමහත් සතුට භුක්ති විඳිය හැකි ස්වර්ගය ද, අයහපත් පුද්ගලයන් හට විවිධාකාර වද වේදනාවලින් යුත් නිරය ද හිමි වේ. මෙම ස්වර්ග ජීවිතයට හා නිරයේ ගෙවිය යුතු ජීවිතයට අවසානයක් නොමැත.  

විනිශ්වය දෙන දිනය

පරලොව, එක්රැස් කරනු ලබන දිනය, කිසිවෙකු විසින් වත් උදව් කළ නොහැකි දිනය, ආපසු හැරී යන දිනය, ප‍්‍රතිඵල දෙන දිනය, ප‍්‍රශ්න කරනු ලබන දිනය, පණ දෙනු ලබන දිනය, දෙවිව මුණගැසෙන දිනය, එලොව, දුක් වන දිනය, දෙවි ඉදිරියෙහි සිටිය යුතු දිනය, ගැලවිය නොහැකි දිනය, නැගිටුවනු ලබන දිනය... ඇතුළු තවත් නම් රැසකින් මෙම දිනය හඳුන්වනු ලැබේ.   සැකයෙන් තොර දිනය, ශ්‍රේෂ්ඨ දිනය, එදින, එම හෝරාව, පොරොන්දු වූ දිනය, කිසිඳු සැකයක් නැති දිනය වැනි වචන විනාශ කරනු ලබන දිනයටත්, පණ දෙනු ලබන දිනයටත්, පොදු ඒවා වේ.   විනාශ කරනු ලබන දිනය, නැවත පණ දෙනු ලබන දිනය, යන දිනයන් දෙකම සිදුවන්නනේ කවදාද යන්න නබි මුහම්මද් (සල්) තුමාණන් ඇතුළු කිසිදු මිනිසෙක් පමණක් නොව මලායිකාවරුන් පවා නොදනී. එම දිනය පැමිණෙන්නේ කවදාද යන්න අල්ලාහ් පමණක් දන්නා රහසකි.   මෙලොවෙහි මිනිසාට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා මෙවැනි දිනයක් පිළිබඳ විශ්වාස කිරීම ඉතා උපකාරී වේ යන්න අවධාරනය කර ගත යුතුය.    

මිනී වළෙහි දඬුවම

වැරදි කරුවන්ට පරලොවේ දී දඬුවම් කිරීමට පෙර මරණයට පත් වූ පසු සුළු දඬුවම් මිනී වළේ දී දෙවි විසින් සැලසුම් කර ඇත. නබි තුමාණන්ගේ බොහෝ හදීස්වල මේ ගැන සඳහන් වේ. ශුද්ධ වූ කුර්ආනයේ ද මේ ගැන සඳහන් වී ඇත.

النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ :46* سورة غافر  

ෆිර්අවුන්ගේ මිනිසුන්ව නපුරු වධ වේදනා වටකර ගත්තේ ය. ඔවුන්ව උදයේ සහ සවස නිර ගින්නට නිරාවරණය කෙරේ. එම හෝරාව වූ විට ෆිර්අව්න්ගේ මිනිසුන්ව දරුණු වධ වේදනාවට යොමු කරනු! (යැයි පවසනු ලැබේ).   

අල් කුර්ආන් 40:45,46

ෆිර්අව්න්ගේ මිනිසුන් දිනපතා උදේ සහ සවස නිරාගින්නට නිරාවරණය කරනු ලබන බව මෙම වාක්‍යයේ සඳහන් වේ. මෙම දඬුවම පරළොවේ දී ලබා දෙන දඬුවමට පෙර තවත් දඬුවමක් (මිනී වළේදී) ලබා දෙන බව පැහැදිලි ව ඔප්පු කරයි. මක් නිසාද යත් මෙම වාක්‍යයේ භයානක යුගාන්ත දිනයේ දී මොවුන්ව දඬුවම් දීම සඳහා කැටුව යනු! යැයි සඳහන් වේ.   කබ්ර්හි දඬුවම් කිරීම යනු මෙම දඬුවම බව නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/30

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම