ශියාවරුන් යනු කවුරුන්ද? ඔවුන් මුස්ලීම්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අද යහමග අඩවිය තුලින් සාකච්චා කිරීමට අදහස් කරන්නේ යහමග පාඨකයින් බොහෝ දෙනෙකු විවිධ අවස්ථාවල විමසූ විෂයක් පිලිබදවයි. එනම් 'ශියාවරුන් යනු කවුරුන්ද? ඔවුන් මුස්ලීම්ද?' යන කාරණයයි. මෙම මාතෘකාව තුල පැනයන් දෙකක් ඇත. මෙහි පලමු පැනයට පිලිතුර දීර්ඝ එකක් වන නිසා දෙවන පැනය ප්‍රථමයෙන් සැලකුවේ නම්, එම පැනයට ‘ඔව්’ එසේ නැත්නම් ‘නැත’ යනුවෙන් සරලව පිලිතුරු දිය හැකිව ඇත. නමුත් එවැනි පිලිතුරක් ලබාදීම තුල පවා පාඨක ඔබට තවත් අතුරු පැනයන් රාශියක් මෙහි මතුවිය හැක. එම නිසා මෙහි දෙවන පැනයට සරල පිලිතුරක් ලබාදීම වෙනුවට පලමු පැනය සදහා තරමක් ගැඹූරු විග්‍රහයක් ලබාදීම සුදුසු යයි හැ‍ෙඟ්. මන්ද එම විග්‍රහය තුල දෙවන පැනය සදහා ද පැහැදිලි පිලිතුරක් ඔබට ලැබෙන බැවිණි. එසේ නම් “ශියාවරුන් යනු කවුරුන්ද?” යන්න දැන් තරමක් ගැඹුරින් විමසා බලමු.

“ශියාවරුන්” යයි පැවසූ පමණින් මුස්ලීම්වරුන් බහුතරයකට සිතේ මැවෙන්නේ ඉරානයේ වෙසෙන ජනතාවයි. එසේම ඉරාක “ශියා සහා සුන්නි” මුස්ලීම් ගැටුම ද සිතට නැ‍‍‍ෙඟනු ඇත. මෙසේ ‘ශියාවරුන්” යයි පැවසූ පමණින් ඉරාන, ඉරාක වැනි රටවල් සිහියට නැ‍ඟෙන්න ප්‍රධාන හේතුවක් ඇත. ඒ එම ප්‍රදේශයන් හි මෙම “ශියාවරුන්” යයි හදුන්වන පිරිස් බහුතරයක් ජීවත් වීමයි. ලොව වැඩිම ශියාවරුන් සංඛ්‍යාවක් ජීවත් වන භූමිය ‘ඉරානය’ වන අතර ‘ඉරාකයේ’ ද සැලකිය යුතු තරම් ශියාවරුන් ජීවිත් වෙති. එසේනම් ‘කවුරුන්ද මේ ශියාවරුන්’ ඔවුන් එම නමින් හදුන්වන්නේ ඇයිද? ඔවුන් අනිකුත් මුස්ලීම් ජනතා‍වගෙන් වෙනස් වන්නේ කෙසේද?, ඔවුන් අදහන්නේ ඉස්ලාම් නොවේද? යනාදී කාරණයන් දැන් විමසා බලමු.

ඒ අනුව ප්‍රථමයෙන් “ශියාවරුන්” යන නම හා හි අරුථ පිලිබදව අවධානය යොමු කලේනම්, “ශියා” යන්න අරාබි වචනයක් වන අතර එහි අරුථ “කල්ලිය”, “බලකාය”, “කණ්ඩායම්”… යනාදීය වේ. මෙම කල්ලිය එසේත් නැත්නම් කණ්ඩායම බිහිවන්නේ නබිතුමාණන්ගේ අභාවයෙන් පසුකාලීනව නිසා ඉස්ලාමීය මූලාශ්‍රයන් හි එනම් ශුද්ධ වූ කුර්ආනයේ හෝ හදීසයේ මෙම කණ්ඩායම පිලිබදව සෘජු හැදින්වීමන් දක්නට නොලැබෙන බව මූලිකව අවබෝධකර ගතයුතු වේ. මේ නිසා මොවුන්ගේ බිහිවීම හා විකාශනය පිලිබදව කථා කිරීමට සිදුවන්නේ ඉතිහාසගත තොරතුරු හා ඔවුන්ගේ මූලාශ්‍ර හා විශ්වාසයන් පදනම් කරගෙන පමණි. ඒ අනුව “ශියාවරුන්ගේ” විකාශනය හා ප්‍රතිපත්ති විමසා බලන්නේ නම්,

ඉස්ලාමීය රාජ්‍යයේ ප්‍රථම කලීෆා (පාලකයා) වන මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසු රාජ්‍ය පාලන බලය හිමිවන්නේ “අබූබක්කර් (රලි) තුමාණන්ටය, ඉන් අනතුරුව “උමර්” (රලි) තුමාණන්ට හිමි වන අතර එයින් අනතුරුව එම තනතුර හිමිවන්නේ “උස්මාන්” (රල්) තුමාටය. මෙලෙස නබිතුමාණන්ගෙන් පසු පාලන බලය තිදෙනෙකු හරහා පැමිණ සිව්වැන්නා ලෙස අලි (රලි) තුමාණන් හට එම පාලන බලය හිමිවේ. අලි (රලි) තුමාණන්ට රාජ්‍ය පාලනය හිමිවන්නේ සිව්වන පාලකයා වන උස්මාන් (රලි) තුමාණන් කුමණ්ත්‍රණකාරී පිරිසක් විසින් ඝාතනයට ලක්වීම නිසාය. මෙම උස්මාන් (රලි) තුමාගේ ඝාතනය හා එයට අලි (රලි) දැක්වූ උදාසීන ප්‍රතිචාර හේතු කොටගෙන සිරියාවේ ආණ්ඩුකාර ලෙස සිටී මුවාවියා (රලි) තුමාණන්ට වර්ථමාන ජනාධිපති අලි (රලි) තුමාණන් පිලිබදව පැවතීය නොසතුටකි. මේ නිසා මුවාවියා (රලි) තුමාණන් තම බල ප්‍රදේශයේ අලි (රලි) තුමාගේ පාලනයෙන් ඉවත් කොට වෙනම රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යන්නට තීන්දු කලේය. ඒ අනුව එතෙක් ඒකීය රාජ්‍යයක් ලෙසත් එකම “ජමාතයක්” (සංවිධානයක්) ලෙසත් පැවතී මුස්ලීම්වරුන් ප්‍රථම වතාවට දෙකඩ වී යන ලදී. මෙසේ දෙකඩවීමෙන් පමණක් නතර නොවූ අතර විටින් විට ‍මේ දෙපාර්ශවය අතර ගැටුම්කාරී තත්වයන් ද ඇති වන්නට විය. එම අවස්ථාවේ මේ දෙපාර්ශවය යලි සමඟි කොට නැවතත් ඒකීය සමාජයක් ස්ථාපනය කිරීමට බොහෝ පිරිස් එම වකවානුවේ දැඩි උත්සායන් හි නිරත වූ අතර ඒ පිරිස් අතර අම්ර් ඉබුනු ආස් (රලි) සහා අබූ මුසල් අශ්අරී (රලි) තුමාණන් විශේෂයෙන් සදහන් කලයුතුම දෙදෙනෙකු වේ. මේ දෙපාර්ශවය යලිත් එක් කිරීමට මෙලෙස පිරිසක් වෙහෙසෙන විට එම උත්සාහයන් නිශ්පල කරන ආකාරයට ක්‍රියාකල පිරිසක් ද එහි විය. එම කුමණ්ත්‍රණ මෙහෙවරේ නායකත්වය ගෙන කටයුතු කලේ “අබ්දුල්ලාහ් බින් සබා” නම් “මුනාෆික්” වරයෙකි. (මුස්ලීම් ලෙස පෙනී සිට ඉස්ලාම් දහමට ද්‍රේහිකම් කරන පිරිස් මේ නමින් හැදින්වේ) ඔහුගේ කුමන්ත්‍රණ හමුවේ මේ දෙපාර්ශවය අතර පැවතී විරසකය දිනෙන් දින වර්ධනය වූ අතර ඉස්ලාමීය ඉතිහාසයේ සිදුවූ අමිහිරි සිදුවීම් ගණනාවකට මෙම තත්වය හේතු විය. මෙසේ කල්ගෙවෙද්දී අලි (රලි) තුමා ද “ඉබුනුල් මුල්ජිම්” නැමැත්තෙකු මඟින් ඝාතනයට ලක්වන අතර එතුමාගේ රාජ්‍ය බලය එතුමාගේ වැඩිමහල් පුතා වන “හසන්” (රලි) තුමාට හිමිවේ. ඉස්ලාමීය ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු විශිෂ්ඨ මෙහෙවරක් හසන් (රලි) තුමාණන් එහිදී සිදු කරයි. නබිතුමාණන් දිනක් තම මුණුබුරා (මුහම්මද් (සල්) තුමාගේ දුව වන ෆාතිමා (රලි) තුමියගේ පුතා) වන හසන් (රලි)) දෙස බලා පැවසූ මොහු මඟින් දෙකඩ වූ සමාජයක් යලි එක්වීමක් සිදුවනු ඇත” යන අනාවැකිය සත්‍ය කරමින් තම පියා මඟින් උරුම වූ රාජ්‍ය පාලනය මුවාවියා (රලි) තුමාට භාර කරමින් මෙතෙක් දෙකඩ වී පැවතී මුස්ලීම් සමාජය යලිත් ඒකීය සමාජයක් බවට පත් කරන ලදී.

මේ සුවිශේෂි සිදුවීම පදනම් කරගෙන එම වර්ෂය ‘ආමුල් ජමාඅ’ (සමඟියේ වර්ෂය) යනුවෙන් ඉතිහාසඥයින් අදත් හදුන්වනු ලබයි.

ඉහත ආකාරයට ක්‍රියාකල හසන් (රලි) තුමාණන්ගේ ක්‍රියාකලාපය දැක නොසතුටට පත් “අබ්දුල්ලාහ් බින් සබා” ඇතුළු ඔහුගේ කණ්ඩායම හසන් (රලි) තුමා තමාගේ හතුරකු ලෙස සලකා කටයුතු කිරීමට පටන් ගත්තේය. මෙලෙස ඔවුන් ක්‍රියා කිරීමටත් පොදු ජනතාවගේ අවධානය තමන් දිනා ගැනීමටත් පදනම් කරගත් හේතුවක්ද ඔවුනට තිබුණි. ඒ නබිතුමාණන්ගෙන් පසු රාජ්‍ය බලය එතුමාගේ බෑන මෙන්ම ඥාති සහෝදරයෙකු වන අලි (රලි) තුමාණන්ට හිමි වියයුතු යන්නත්, එය එතුමාණන්ට ලබා නොදී අන් පිරිස් උදුරාගත්තා යන්නත්, එවන් පසුබිමක අලි පවුලේ කෙනෙකු වන හසන් (රලි) ට මෙම බලය පසුකාලීනව හෝ හිමි වුවත් එය එතුමා ප්‍රතික්ෂේප කිරීම යන්නත් ඔවුන් ගෙනහැර දැක්වූ හේතුවයි. මෙලෙස අළුයට ගිනි මෙන් විරුද්ධ මතවාද වර්ධනය වන අතර තුර රටේ ජනාධිපති මුවාවියා (රලි) තුමා අභාවයට පත්වන අතර ඉන් අනතුරුව එතුමාගේ පුත් “යෙසීද්” වෙත එම රාජ්‍ය බලය හිමි වේ. මේ සියල්ල තුල කෝපයට හා වියරුවට පත්ව සිටී “කූෆා” වාසීන් (කූෆා යනු අලි (රලි) තුමා විසින් තම රාජ්‍ය පාලන අග නගරය ලෙස යොදාගත් නගර යයි. මුහම්මද් (සල්) තුමා ඇතුළු අබූබක්කර්, උමර්, උස්මාන් (රලි) යන සියළු දෙන තම පරිපාලන අග නගරය ලෙස යොදා ගත්තේ මදීනාවයි. නමුත් බහුතර මුස්ලීම් ප්‍රජාවගේ කැමැත්ත අලි (රලි) තුමාණන්ට නොපැවතී නිසා ඔහු තම පරිපාලන නගරය ලෙස කූෆාව තෝරාගන්නා ලදී.) අලි (රලි) තුමාගේ තවත් පුතෙකු වන (එසේම මුහම්මද් (සල්) තුමාණන්ගේ මුණූඹුරා ද ෆාතිමා (රලි) තුමියගේ පුතණුවන් ද, හසන් (රලි) තුමාගේ සහෝදරයෙකු ද වන) හුසෙයින් (රලි) තුමාව තමාගේ පාලකයා ලෙස තෝරා පත්කරන බව ප්‍රකාශ කරමින් ඔහුව කූෆාවට කැදවන ලදී. මෙම ප්‍රකාශය හා කැදවීම සම්බන්ධයෙන් බොහො මුස්ලීම්වරුන් හුසෙයින් (රලි) තුමාට තම විරුද්ධත්වය ප්‍රකාශ කල ද ඒ කිසිවක් නොතකා ඉතා සීමිත පිරිසක් සමඟ කූෆාව බලා හුසෙයින් (රලි) තුමා පිටත් වන ලදී. මෙසේ එම පිරිස් පැමිණෙන අතර තුර කූෆා වාසී පිරිස් කුමණ්ත්‍රණකාරී ලෙස “කර්බලා” ස්ථානයේ දී හුසෙයින් (රලි) තුමා ඇතුළු (ජෙයිනුල් ආබ්දීන් නම් කුඩා දරුවකු හැර) සියළු දෙනා සමූල ඝාතනය කරනු ලබයි. (මෙය සිදුවූයේ (ඉස්ලාමීය දින දර්ශනයට අනුව) මුහර්රම් මාසයේ 10 වන දිනයේ දීය) මෙලෙස එම පිරිස කුමණ්ත්‍රනකාරී ලෙස ඝාතනය සිදුකරන පිරිස් එම චෝදනාවෙන් මිදීම සදහා එම දිනය “ශෝක දිනයක්” ලෙස ද නම් කරනු ලබයි. මෙම දිනය සමරණ බව පවසමින් තම ලේ වැගිරවීම අදටත් ශියාවරුන් ප්‍රධාන උත්සවයක් වේ. මෙය අද ශියාවරුන් පමණක් නොව ලොව නොයෙක් ප්‍රදේශවල ජීවත් වන ශියා නොවන පිරිසද දැන හෝ නොදැන “කර්බලා දිනය” යනුවෙන් උත්සවාකාරයෙන් සමරයි.

මෙසේ හුසෙයින් (රලි) තුමා ඇතුළු පිරිස් ඝාතනය කරමින් කුමණ්ත්‍රණයක් සිදුවන අතර තුර තවත් පසෙකින් මේ සියල්ලට නායකත්වය ලබාදෙන අබ්දුල්ලා බින් සබා (මුනාෆික්) ජනතාව අතර අළුත් මතවාදයක්ද වපුරන්නට විය. ඒ “අලි (රලි) මියගියේ නැහැ, එතුමාව දෙවියන් අහසට ඔසවාගෙන ඇත. යලි ඔහු පහලවෙනු ඇත.” යන්නයි. මෙය ඊසා (යේසුස්) තුමා සම්බන්ධයෙන් ඉස්ලාමීය මතවාදය වන අතර එය ඔහු අලි (රලි) තුමා නමින් ප්‍රචාරය කරන්නට විය. ඒ අනුව මෙ‍ෙතක් මුස්ලීම්වරුන් අතර දේශපාලන අරඟලයක් ලෙස පැවත ආ කූෆාවාසී ජනතා ගැටුම අබ්දුල්ලා බින් සබාගේ නායකත්වය යටතේ අළුත් ආගමික වාදයක් බවට පරිවර්ථනය වන්නට විය.

මෙතෙක් දුරට කූෆා වාසීන්ගේ විකාශනය පිලිබදව ඉහතින් කල සරල පැහැදිලි කිරීම තුල “ශියාවරුන්” සම්බන්ධයෙන් ඔබට කිසියම් අවබෝධයක් ලබා ගැනීමට හැකි වී තිබෙනු ඇතැයි සිතමි. නමුත් මෙහිදී වැදගත්ම කොටස වන්නේ ඉස්ලාම් දහම තුල ඔවුන්ගේ භූමිකාව කුමක්ද? යන්නයි. ඒ අනුව මෙතැන් පටන් ඒ අබ්දුල්ලා බින් සබා වපුරන ලද ඒ ශියාවරුන්ගේ ප්‍රතිපත්ති පිලිබදව විසමා බලන්නේ නම්, මේ ශියාවරුන්ගේ ප්‍රතිපත්ති අතර ප්‍රධානතම ප්‍රතිපත්තියක් නම් අලි (රලි) තුමා, දිව්‍යමය ගුණාංග පිරි මිනිසෙකු යන්නයි. මෙම මතවාදය තහවුරු කිරීම සදහා ශියාවරන් ආගමික මූලාශ්‍රයන් තුලින්ම විනෝද ජනක විග්‍රහයන් ද ගෙන හැර දක්වයි. එවැනි විග්‍රහයන් කිහිපයකට ඔබගේ බුද්ධිමත් අවධානය යොමු කරන්නේ නම්,

  • ශූද්ධ වූ කුර්ආනයේ 2-238 මෙලෙස වාක්‍යයක් ඇත
  • (පස්වේල්) සලාතය පිලිපදින්න, මධ්‍යස්ථ සලාතය ද නිසි ලෙස පිලිපදින්න.

මෙම වාක්‍යයට විග්‍රහයන් ඉදිරිපත් කරන ශියාවරුන්ගේ ප්‍රධාන ඉමාම්වරුන් අතර දෙදෙනෙකු වන “අයියාෂ්” හා “හුවෙයිස්” මෙසේ පවසයි,

“පස්වෙල් සලාත් යනු (1)මුහම්මද් (සල්) තුමා, (2)අලි (රලි) තුමා, (3)ෆාතිමා (රලි), (4)හසන් (රලි), (5)හුසෙයින් (රලි) තුමා යන (මුහම්මද් (සල්) තුමාගේ පවුලේ) පස්දෙනයි. එහි “මධ්‍යස්ථ සලාතය” යනුවෙන් හදුන්වන්නේ අලි (රලි) තුමාණන්වයි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අයියාෂ් තෆ්සීර්

එපමණක් නොව වරක් මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවි) ‍ගෙන් පහත ආකාරයට ප්‍රාර්ථනා කල බවට ශියාවරුන් තම මූලාශ්‍ර ග්‍රන්ථයක් වන “අප් බුර්හාන් බී තෆ්සීරුල් කුර්ආන්” හි ලියා තබා ඇත. එනම්,

  • වරක් මුහම්මද් (සල්) තුමාණන් “දෙවියනේ!, නුඹගේ වහල්ලා අලිගේ පිහිටෙන්, ඔහුගේ මහිමයෙන් මාගේ “උම්මතයේ” (සමස්ථ මුස්ලීම් ප්‍රජාවගේ) පාපයන් සමා කරත්වා!, යනුවෙන් ප්‍රාර්ථනා කරන ලදී.

මේ ආකාරයට ශියාවරුන්ගේ මුලාශ්‍ර ග්‍රන්ථයන් හි සදහන් කරුණූ කිහිපයක් සාරාංශ කොට පවසනවා නම්,

  • “මම මුසා හා හිල්ර් (නබි) තුමා ඉදිරියේ සිටියේ නම්, ඔවුන් දෙදෙනාට වඩා ‘මා බුද්ධිමත්’ යනුවෙන් ප්‍රකාශ කර ඇත්තෙමි.” යනුවෙන් අලි (රලි) තුමාණන් පැවසූ බවට ශීයාවරුන්ගේ ප්‍රධාන මූලාශ්‍රයක් වන “අල්උසූල් කාබී කිතාබුල් හුජ්ජත්” නම් පොතෙහි ලියාතබා ඇත
  • “නුඹගේ පිහිටෙන් තමා දෙවියන් (මුල්ම මිනිසා වන) ආදම් තුමාට සමාව ලබාදුන්නේ, නුඹගේ පිහිටෙන් තමා යුසුෆ් නබිතුමාව පාළු ලිදෙන් බේරාගත්තේ, නුඹගේ පිහිටෙන් තමා අයියූබ් නබිව පරීක්ෂණයන්ට ලක්කොට බැලුවේ,” යනුවෙන් සල්මාන් ෆාරිස් (රලි) තුමා අලි (රලි) දෙස බලා ප්‍රකාශ කල බවට “අල්බුර්හාන්” නම් ග්‍රන්ථයේ සටහන් කොට ඇත.
  • නබිතුමාණන් “මිහිරාජ්” (දෙවියන් හමුවට) ගිය මොහොතේ “මුහම්මද්!, මැවීමන් අතුරින් ඔබ කවුරුන් ප්‍රිය කරන්නේද?” යනුවෙන් දෙවියන් විමසන ලදී. එයට නබිතුමාණන් “අලි” යයි පවසන ලදී. එයට දෙවියන් “මුහම්මද්, හැරී බලනු!,” යනුවෙන් පැවසෙන ලදී. එවිට නබිතුමාණන් හැරී බලන විට එහි අලි (රලි) තුමා සිටින බව දුටූ බව නබිතුමාණන් පැවසූවා යනුවෙන් “තෆ්සීරුල් බුර්හාන්” හි සදහන් කොට ඇත·
  • “අලි (රලි) තුමා නැවතත් මේ මිහිමත පහල වේවි!, ” යන්න අපේ ප්‍රධාන ප්‍රතිපත්ති යයි. මෙය ප්‍රතික්ෂේප කරන්නා ශියාවරුන් නොවේ” යනුවෙන් “කිතාබු සාෆි” හි ලියාතබා ඇත.

ඉහත කරුණූ හොදින් විමසා බැලුවේ නම් ශියාවරුන්ගේ විශ්වාසයට අනුව අලි (රලි) තුමාට ඔවුන් ලබාදී ඇති ස්ථානය හා මුහම්මද් (සල්) තුමාණන්ට ඔවුන් ලබාදී ඇති ස්ථානය ඔබට සරලව අවබෝධ කරගත හැකිවනු ඇත. එපමණක් නොව මෙම ලිපියේ මාතෘකාව තුලින් මා මතුකල පැනයට ද දැන් පැහැදිලි පිලිතුරක් ලැබී තිබෙනු ඇත. එය තවදුරටත් අවබෝධ කරගැනීම පිණිස ශියාවරුන්ගේ විශ්වායන් හා පිලිගැනීමන් කිහිපයක් පහතින් සදහන් කරමි.

එනම්,

  • අබුබක්කර් හා උමර් (රලි) යන පිරිස් කුර්ආනයේ (අලි (රලි) තුමාගේ මහිමය කියවෙන) බොහෝ වාක්‍යයන් ඉවත් කොට ඇති බවත් වර්ථමානයේ මේ පවතින කුර්ආනය 100% ආරක්ෂා වූ කුර්ආනය නොවේ යන්නත්,
  • අබූබක්කර් , උමර්, උස්මාන් (රලි) ඇතුළු බහුතර සහාභාවරුන් (අනුගාමික පිරිස්) නබිතුමාණන්ගේ අභාවයෙන් පසු ක්‍රමණ්ත්‍රණකාරී ලෙස අලීට හිමි වියයුතු කිලාෆත් එක (රාජ්‍ය පාලනය) උදුරාගත් අතර මේ සියළු දෙනා මුර්තද් (ඉස්ලාම් අතහැර ගිය පිරිස්) වූ බව පවසයි,
  • “තක්යා” වරයෙකු (එනම් ශීයා නොවන පිරිස් සමඟ බාහිරට යහපත් පිරිස් ලෙසත්, අභ්‍යන්තරව ශියාවාදියෙකු ලෙසත් සිටීම යන්නයි) මෙසේ ක්‍රියා නොකරන කිසිවකු සැබෑ ශියාවරයෙකු නොවේ” යන්න ඔවුන්ගේ ප්‍රතිපත්ති යයි.
  • නබිතුමාගේ බිරින්දෑවරුන් පහත්ක්‍රියාවන්ට සම්බන්ධ වුවා යන්න ඔවුන්ගේ තවත් විශ්වාසයකි
  • නබිතුමාණන්ගේ බිරින්දෑවරුන් දෙදෙනෙකු එතුමාණන්ට විෂ පෙව්වා යන්න තවත් විශ්වාසයකි.
  • නබිතුමාණන්ගේ බිරින්දෑවරුන් නබිතුමාගේ පවුල් ජීවිතය තුල ඉතා පහත් අන්දමින් ක්‍රියාකල බවත් ආයිෂා (රලි) තුමිය “කුෆ්ර්” (ඉස්ලාම් ප්‍රතික්ෂේප කිරීමේ) තත්වයට පත්වුවා යන්නත් ඔවුන්ගේ තවත් විශ්වාසයකි.
  • “මුතආ” ඉස්ලාමීය ආරම්භ කාලයේ පැවතී විවාහ ක්‍රරමයකි‍. මෙය ඉස්ලාම් පසුකාලීනව “හරාම්” (තහනම්) කලද මෙය ඉස්ලාම් දහම තුල “හලාල්” (අනුමත එකක්) ලෙස සලකා අදටත් ක්‍රියාවට නංවයි.

මෙලෙස ඉස්ලාමීය මූලික ඉගෙන්වීමන්ට සම්පූර්ණයෙන් පරස්පර ඉස්ලාමීය අත්තිවාරම පවා ප්‍රශ්නාර්ථයක් බවට පත්කරවන විශ්වාස හා ප්‍රතිපත්ති ගණනාවක්ම මෙම ශියාවරුන් තුල පවතී. ඉතාම කෙටියෙන් මෙහිදී ශියාවරුන්ගේ විකාශනය, ප්‍රතිපත්ති හා පිලිගැනීමන් මෙලෙස කථා කලද මොවුන් පිලිබදව මුස්ලීම් සමාජය දැඩි අවධියෙන් පසුවිය යුතු යන්න ඔවුන්ගේ ප්‍රතිපත්ති තුලින් වටහා ගතයුතුය. විශේෂයෙන් ඔවුන්ගේ “තක්යා” ප්‍රතිපත්තිය ඉතා භයානක මෙන්ම මුස්ලීම් සමාජය නොමඟ යවන ඒ නිසාම අවධීයෙන් සිටිය යුතු කාරණයකි. විශේෂයෙන් වර්ථමාන ශ්‍රි ලංකාව සැලකූවිට රාජ්‍යතාක්ත්‍රක ලෙස (ඉරාන) ශියාවරුන්ට තම මතවාදය මේ රට තුල වැපිරීමට ආශිර්වාදයක් හිමිව ඇත. ඔවුන්ගේ එම මෙහෙවර තුල අප රටේ ආගමික හා දේශපාලන විද්වතුන් ඉත්තන් බවට දැන හෝ නොදැන පත්ව ඇත. මේ නිසාම “ශියා” නමින් නොවුවත් වෙනත් නම්වලින් මෙම ශියා ප්‍රතිපත්ති ඉතා ප්‍රසිද්ධියේ සමාජගත වෙමින් පවතී. එවැනි පිරිස් හදුනා ගැනීම එතරම් දුෂ්කර නොවේ. ආගමික මූලාශ්‍රයන්ගෙන් බැහැරව “ඉමාම්වරුන්” යයි අඳුරේ අතගෑම එම පිරිසගේ ප්‍රධාන ලක්ෂණ බව කිවහැක.

දහම ආගමික ඉගෙන්වීමන් තුලන් අවබෝධ කරගන්නවා වෙනුවට එදා ශියාවරුන් අලි, ෆාතිමා, හසන්, හුසෙයි, (රලි) යනාදී ලෙස ගියාසේ අදත් පාරම්පරික පවුල් වාදී ආගමික නායකයන් තුල දහම කොටු කොට ඇත. මෙහි අවාසනාවන්තම තත්වය නම් අද ශ්‍රී ලාංකීය බොහෝ පිරිස්ද? නොදැන ශියා ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටිනවා යන්නයි. ඔවුන් සහාභාවරුන් ප්‍රතික්ෂේප නොකලද, නබිතුමාණන්ට වඩා අලි (රලි) උතුම් යයි නොපැවසුවද, අලි (රලි) දිව්‍යමය ගුණාංග පැවතියා යයි ප්‍රකාශ නොකලද ශියාවරුන්ගේ මූලික ප්‍රතිපත්ති වන ඉමාම්වරුන් පිලිපැදීම අනිවාර්‍ය අංගයක් ලෙස සලකා එය තුල ක්‍රියා කරමින් ඉස්ලාමීය මූලික ප්‍රතිපත්ති බිඳහලමින් සිටින බව සදහන් කල හැක. මෙවැනි ඉමාම්වරුන් හදුනාගත හැකි පහසු ක්‍රමයක් ඇත. ඒ මෙලෙස පිලිපදින සියළු ඉමාම්වරුන්ගේ පරම්පරාව මුහම්මද් (සල්) තුමාගෙන් හෝ අබුබක්කර් (රලි) තුමාගෙන් නොව අලි (රලි) තුමාගෙන් අවසාන් වීමයි. මේ තුල මෙම ශියා ප්‍රතිපත්තිය දැන හෝ නොදැන අප සමාජයත් පිලිපදින බව තහවුරු වනවා නොවේද?. මෙය සරල පරීක්ෂණයකින් ඔබටම අවබෝධ කරගත හැක. ඒ සදහා මා මෙහි පහතින් ශියාවරුන්ගේ ප්‍රධාන ඉමාම්වරුන් 12 දෙනා ඉදිරිපත් කරන්නෙම්. ඔබ කිසියම් ඉමාම්වරයෙකු පිලිපදින්නේ නම් එම ඉමාම්වරයේ පරම්පරාව ආපස්සට පරීක්ෂා කර බලන්න. එය නියත වශයෙන්ම “ශියාවරුන්” පිලිපදින පහත නම් සදහන් ඉමාම්වරුන් 12 දෙනාගෙන් අවසන් වනු ඇත. විශේෂයෙන් “ජෙයිනුල් ආබ්දීන්” (හුසෙයින් (රල්) තුමා ඝාතනය සිදුවූ මොහො‍තේ ඉතුරු වූ එකම දරුවා (ඉහතින් විස්තර කොට ඇත))ගෙන් අවසන් වනු ඇත.

එම ඉමාම්වරුන් මෙසේය…

  • අලි බින් අබීතාලිබ් (රලි) –
  • හසන් බින් අලී (රලි)
  • හුසෙයින් බින් අලී (රලි)
  • ජෙයිනුල් ආබ්දීන්
  • මුහම්මද් අලී
  • ජාබිර් බින් මුහම්මද්
  • මූසා බින් ජාබිර්
  • අබුල්හසන් අලි බින් මූසා
  • අබූ ජව්ෆර් මුහම්මද් බින් අලි
  • අබු හසන් අලි බින් මුහම්මද්
  • අබු මුහම්මද් අල්හසන් බින් අලි
  • අබුල්කාසීම් මුහම්මද් බින් අල්හසන්

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ “ඉස්ලාම්” යන්න පැහැදිලි ලෙස මේ මිනිස් සමාජයට නිරාවර්ණ වූ දහමකි. ඒ තුල සැඟවූ හෝ සැඟවීමට කිසිවක් නබිතුමාණන් ඉතුරු කොට ගියේ නැත. එය එතුමාණන් එක්තරා අවස්ථාවක පැහැදිලි ලෙස මෙසේ පැවසූවේය. එනම්,

“(මේ දහම) සුදෝ සුදු තත්වයක මා නුඹලා හමුවේ තබා යන්නෙමි. එහි රාත්‍රියත් දහවල මෙන් (පැහැදිලි)ය. එහි විනාශය පතන්නෙකු හැර වෙන කිසිවකු නොමඟ නොයන්නේය.”

දන්වන්නේ – උමර් (රලි) තුමා

ඉහත හදීසය ද තරමක් බුද්ධිමත්ව විමසා බැලිය යුතු එකකි. නබිතුමාණන් පවසනවා “මා නුඹලා සුදෝ සුදු තත්වයක” තබා යන බව. මෙයින් අදහස් කරන්නේ මෙම දහම ඉතා පැහැදිලි තත්වයක එහි කිසිදු සැකයක් මතභේදයක් ඇති නොවන ආකාරයට පැහැදිලි කොට පැහැදිලි තත්වයක තබා යන බවයි. එවන් වූ දහම තුල අළුතින් යම් යම් දෑ නිර්මාණය කොට ඒ තුලින් කිසිවකු නොමඟ යන්නේ නම් එය ඔහු ඔහුගේ විනාශය පැතීමක් මිස අන් කිසිවක් නොවන බවද පැහැදිලි ලෙස වටහා ගතයුතුය. එය නමිතුමාණන් වරක් මෙසේ පවසන ලදී.

“කව්රුන් දහම තුල අළුත් දෑ නිර්මාණය කරන්නේද එසේත් නැත්නම් එවැනි පිරිසට සහය දක්වන්නේද ඔවුන් කෙරෙහි අල්ලාහ් (දෙවියන්)ගේ, මලාඉකාවරුන් (දේවදූතයන්)ගේ සහා මනුෂ්‍යයන්ගේ ශාපය ඇති වන්නේය.”

දන්වන්නේ – අලි (රලි) තුමා ග්‍රන්ථය – අබූදාවූද්, නසාය

එසේ නම් දහම එහි මූලාශ්‍රයන් වන ශුද්ධ වූ කුර්ආනය හා හදීසය තුලින් අවබෝධ කරගනිමු, කල්ලිවාදයෙන් හා පුද්ගලවාදයෙන් මේ දහම මුදවා ගනිමු, ඒ සදහා දහම දැනුම නිසි ලෙස එහි ඉගෙන්වීමන් තුලින් වර්ධනය කරගනිමු,

(මෙම ලිපිය සම්බන්ධයෙන් හෝ “ශියාවරුන්” සම්බන්ධයෙන් වූ ඔබගේ ගැටළු යහමග වෙත එවන්නේ නම් එය ප්‍රමුඛස්ථානය දීමට යහමග සූදානම්)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/16

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම