ශිෂ්ට යුගයක මිලෙච්ඡත්වය - කාන්තා හා ළමා හිංසන විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


‘යහමග’ අඩවිය විවිධ අවස්ථාවල වෙනත් වෙබ් අඩවි තුල පලවන විශේෂ ලිපි මේ තුලින් ජාතියේ අවධානයට ගෙන එනවා ඔබ දන්නවා ඇතැයි සිතමි. අද දවසේ ද එවැනි ලිපියක් ‘යහමග’ පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට උපුටා දැක්වීමට අදහස් කරමි. දියුණූ සංස්කෘතියක් හා වසර 2500 ක විශිෂ්ඨ ඉතිහාසයක් පිලිබදව උදම් අනන අප රට තුල වර්ථමානයේ පවතින නීතියේ දූර්වලාතාවයත්, එය ක්‍රියාත්මක වීමේ දී පවතින දුර්වලාතවයත්, සාරධර්ම අතින් සමාජ පිරිහීමත්, රටේ දැවෙන හා වැදගත්ම ගැටළුවලට බලධාරී අවධානය යොමු නොවීමත්, මනාව කියාපාන එම ලිපිය මෙසේය…

(උපුටා ගැනීම මෙතැන් සිට...)


ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති එම්.එල්.එම්. හිස්බුල්ලා මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පසුගිය වසර 5ක කාලය තුළ ස්ත්‍රි දූෂණ 6343ක් සහ ළමා අපචාර සිද්ධීන් 15158ක් දිවයින පුරා වාර්තා වී ඇතැයි ඔහු එහිදී පැවසීය.
වාර්තා වී තිබෙන ස්ත්‍රී දූෂණ අතරින් 2007වසරේ සිට 2011වසර දක්වා ළමා දූෂණ 4899ක් සහ වැඩිහිටි ස්ත්‍රී දූෂණ 1444ක් තිබෙන බවද ඔහු කීවේය.
ළමා දූෂණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයිද නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් තවදුරටත් දැක්වේ. ළමයින් දූෂණය කිරීමේ සිද්ධීන් 2007දී 805ක්ද, 2008දී 914ක්ද, 2009දී 2010දී ක් ද 1089ක්ද, 2011දී 1169ක්ද ආදී වශයෙන් වාර්තාවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. වැඩිහිටි කාන්තාවන් දූෂණය කිරීමේ සිද්ධීන් 2007දී 346ක්ද, 2008දී 303ක්ද, 2009දී 279ක්ද, 2010දී 235ක්ද, 2011දී 281ක්ද වාර්තා වී ඇතැයිද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
මුළු දිවයිනේම පිහිටි පළාත්  පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත ලැබුණු තොරතුරු අනුව 2006දී ළමා අපචාර සිද්ධීන් 2355ක්, 2007 දී 2624ක්ද, 2008දී 3196ක්ද 2009දී 2954 ක් සහ 2010දී 4029ක් වාර්තා වී ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

Link - https://www.lankaviews.com/


(උපුටා ගැනීම අවසන්)

ඉහත සංඛ්‍යාලේඛන වඩාත් හොදින් අවබෝධ කර ගැනීම සදහා අදාල ප්‍රස්ථාර මත click කර බලන්න…






විද්‍යාව හා තාක්ෂණය තුල අසීමිත දියුණුවක් ලබා ඇති නූතන ලෝකය, විටෙක දියුණු ශිෂ්ඨාචාරයක් පිලිබදව ද, තවත් විටෙක දියුණු සංස්කෘතීන් පිලිබදව ද, තවත් විටෙක ආගම දහම හා ඒ තුල ඇති විනය පිලිබදව ද උදම් අනයි. අප රට සැලකුව ද මෙම තත්වයෙහි වෙනසක් නැත. නමුත් සැබැවින්ම නූතන මිනිසා විද්‍යාව හා තාක්ෂණය තුල ලබා ඇති ජයග්‍රහණයන් මානව ගුණාංග තුල වර්ධනය කරගෙන නැත. මේ නිසා ඔහුගේ දියුණුව ඔහුගේ විනාශයටම හේතුවී ඇති ආකාරය දැකගන්නට ලැබේ. මේ පිලිබදව ලිපි ගණනාවක්ම මෙම අඩවිය තුල සාකච්චා කල අතර සැබෑ නූතනයට පියනඟන්න – නූතන මානවයාට ඇරයුමක් යන ලිපිය එයට සමීපතම නිදසුනකි. සරලව පවසනවා නම් අද සාරධර්ම, විනය, යහපත් ආදර්ශ… යනාදීය වචනයට හා පොත්පත්වලට පමණක් සීමා වී ඇත. මනුෂ්‍යා යහමඟ ගැන්වීම පිණිස ප්‍රකාශ වූ දහමන් පවා අද මිනිස් සමාජය විනාශ කරමින් හා භේදබින්න කරමින් අධර්මය තුල හැසිරෙන තැනට යොමු කොට ඇත.

අපේ රට පදනම් කරගෙන විමසා බලන්නේ නම්, අද ‘ධර්ම රාජ්‍ය’ සංකල්ප පිලිබදව පුළුල් සංවාදයන් රටපුරා සිදුවෙමින් ඇත. ඒවායින් සමහරක් විද්වත් සංවාද වන අතර තවත් සමහරක් අන්තවාදී හා වියරුවාදී සංවාද බව පැහැදිලි ලෙස දකින්නට ඇත. එවැනි සංවාදවලින් ඔබ්බට ගිය ක්‍රියාවලියන් ද දැන් දැන් සමාජගත වන්නට පටන් ගෙන ඇත. විශේෂයෙන් අන්‍යආගමිකයන්ගේ ආගමික නිදහසට බාධා කිරීම, ඔවුන්ගේ පූජා ස්ථාන කඩාබිද දැමීම, ඔවුනට හිංසා කිරීම… එවැනි කිහිපයකි.

මේ අතරතුර ‘ධර්ම ද්වීපයේ ඉරණම’ (මේ පිලිබදව වැඩි විස්තර සදහා ‘ධර්ම ද්වීපයේ ඉරණම හා ධර්ම ද්වීපයේ ඉරණම – 2 යන ලිපි කියවන්න) යැයි ඊනියා බියක් සමාජය තුල නිර්මාණය කරමින් ධර්මයේ නාමයෙන් අධර්මය සමාජය තුල වපුරන්නත්, වියරුවාදී මානසිකත්වයන් සමාජය තුල නිර්මාණය කරන්නත්, මෙවැනි ක්‍රියාදාමයන් තුලින් රට ආරජික තැනකට යොමු කිරීමටත් අන්තවාදී පිරිස් අරඟල කරමින් ඇත. ‘ධර්ම ද්වීපය’ යයි බෝඩ් ලෑලි යෙදූ පමණින් එය ධර්ම ද්වීපයක් නොවන බව මේ අන්තවාදී පිරිසට තවම අවබෝධ නොවීම අවාසනාවන්ත තත්වයකි. (මෙම තත්වය පිලිබදව බෞද්ධ විග්‍රයන් සහිතව ‘මිත්‍යා ප්‍රහාර’ නමින් මෙම අඩවිය තුල පාඨක ලිපියක් පවා ඉදිරිපත් වූවා ඔබේ මතකයේ ඇතැයි සිතමි.) මෙවැනි අන්තවාදී පිරිස් ‘ධර්ම ද්වීපය’ නම් බෝඩ් ලෑල්ල යොදා ගන්නේ දහම නමින් ඕනෑම පහත් ක්‍රියාවක් කොට එයට ජනතා ආශිර්වාදය ලබා ගැනීමට මිස දැහැමි චේතනාවෙන් නම් නොවන බව ඔවුන්ගේ ක්‍රියාවන් තුලින් මනාව පැහැදිලි වේ. පසුගිය කාලවල ශ්‍රී ලාංකීය සමාජය තුල අප ‘දඹූල්ල සිදුවීමත්, අනුරාධපුර සිදුවීමත්’ එයට හොද නිදසුනකි.

මෙහිදී ‘ධර්ම රාජ්‍ය’ පිලිබදව වූ සංකල්පයෙහි වරදක් ඇතැයි මා නොපවසමි. තමන් පිලිගෙන පිලිපදින දහම ‘ලොව අනිකුත් දහමන්ට වඩා ආදර්ශමත්, ඒ තුල ලොව සියළු ගැටළු සදහා විසදුම් ඇත’ යනුවෙන් විශ්වාස කිරීම යම් ආගමික මතවාදයක් දරණ ඕනෑම කෙනෙකුගේ පොදු ලක්ෂණයකි. ඒ අනුව එම ස්ථාවරයේ හිද එයට අවශ්‍ය සැලසුම් සකස් කිරීමත්, ඉලක්ක හදුනා ගැනීමත්, එම ඉලක්ක වෙත ලඟාවීමට උත්සාහ කිරීමත් වරදක් නොවේ. නමුත් අන්තවාදී ලෙස තවත් දහමක හෝ එහි අනුගාමිකයන්ගේ ඉරණම තීන්දු කිරීමට සැලසුම් සකස් කරමින් ඒ සදහා ජනතාව පෙලගැස්වීම ශිෂ්ඨසම්පන්න ජනතාවක් අනුමත නොකරන පහත් ක්‍රියාවක් බව පැහැදිලි ලෙස වටහාගත යුතුවේ. වර්ථමාන ශ්‍රී ලංකාව තුල නිර්මාණය වෙමින් ඇත්තේ එවැනි පහත් සංස්කෘතියකි. රටම දරුණූ පරිහානියන්ට හා ව්‍යාසනයන්ට ගොදුරුවෙමින් සිටින මෙවන් මොහොතක පවා ‘බොරදියේ මාළු බාන්නට’ සැරසෙන පිරිස් සිටීම තවත් අවසානාවන්ත තත්වයකි. එවැනි පිරිසගේ බුද්ධිමත් විමසුමට ඉහත ලිපිය ඉදිරිපත් කිරීම තුලින් අපේක්ෂා කරන්නේ රටේ ජාතිවාදය හා ආගම්වාදය වපුරමින් පහත් වින්දනයන් ලබනවාට වඩා ඉටු කලයුතු තවත් බොහෝ දෑ ඉතිරිව ඇති බවයි. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ තම වගකීම නිසි ලෙස අවබෝධ කර නොගෙන පටු අරමුණුවල හිද අප ක්‍රියා කරන්නේ නම්, ජාතියක් ලෙස අවසානයේ ඉතිරි වන්නේ පසුතැවීම පමණි.

මේ පිලිබදව තවදුරටත් අවබෝධ කරගැනීම පිණීස පහත සදහන් යහමග යාවත්කාලීනයන් දෙක කියවන්න

* නිමා නොවන ළමා හිංසන
* ජාතියක් ලෙස අද අප සිටින තැන

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම