සංවේදී සම සහ අපාගින්න

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මිනිස් ශරීරයේ සංවේදී ඉන්ද්‍රයන් 05 ක් පවති. ඒ ඇස, කන, නාසය, දිව සහා සම යන්නයි. මෙම ඉන්ද්‍රයන්ගෙන් ශරීරය පූරාම විහිදී පවතින සම නැමැති අවයවය පිලිබදව අවදානය යොමු කලේ නම් ඒ අවයවය මඟින් ශරීරයට බාහිරින් ඇති වන උණූසුම, සීතල ඇතුළු සෑම සංවේදී කාර්‍යයක්ම ක්ෂණයකින් අවබෝධ කරගන්නේ සම මගිනි. එයට හේතුව මෙම බාහිර බලපෑමන් අවබෝධ කරගත හැකි සංවේදී නහරයන් මෙම සමෙහි පිහිටා තිබීමයි. එම නිසා තමා වෛද්‍ය සැත්කම්වල දී මතුපිට සමට එන්නත් කොට එහි සංවේදීතාවය තාවකාලිකව අත්හිටුවා සැත්කම් සිදුකරන්නේ. මෙම සම යම් ආකාරයකට පිලිස්සුනේ හෝ විනාශ වුනේ නම් එම ස්ථානයේ සංවේදීතාවය නැති වී යනවා අප ප්‍රායෝගිකව අත්විද ඇත්තෙමු. එවැනි සුවිශේෂි වු සම පිලිබදව අල්කුර්ආනය පවසන කාරණයක් පිලිබදවයි මා ප්‍රථමයෙන් ඔබගේ අවධානය යොමු කරවන්නේ.

අල්ලාහ් දෙවි අල්කුර්ආනයේ මිනිසාගේ පාපක්‍රියාවන් හා දෙවියන් ප්‍රතික්‍ෂෙප කිරීම හේතු කොටගෙන විනිශ්චය දිනයේ දී ඔවුනට අපායෙහි ලබාදෙන දඩුවම් පිලිබදව අල්කුර්ආනයේ 4-56 හි මෙසේ පවසයි.

“ඇත්තෙන්ම අපගේ ආයාවන් ප්‍රතික්‍ෂේප කළ ඔවුන් අපි (අපා) ගින්නෙහි ඇතුළු කරවන්නෙමු. ඔවුන්ගේ සම පිලිස්සී යනවත්ම ඔවුන් ඔවුන්ගේ දඩුවම (තවදුරටත්) විදීම පිණීස ඔවුනට (පිලිස්සුනූ සම වෙනුවට) වෙන සමක් මාරුකරන්නෙමු. ඇත්තෙන්ම අල්ලාහ් බලසම්පන්නය, නුවණැතිය.”

ඉහත අල්කුර්ආන් වාක්‍ය පිලිබදව දැන් අවධානය යොමු කරමු. සම සංවේදී අවයවයක් යන්නත් එය විනාශවීම තුලින් එම සංවේදීතාවය නැති වී යන බවත් අප අද හොදින් දනිමු. මෙය මීට සියවස් තුනකට මෙහා තහවුරු කරගත් සත්‍යයකි. නමුත් මෙම නුතන විද්‍යාත්මක සත්‍යය මීට වසර 1400 කට පෙර අල්කුර්ආනය පැවසීම සැබැවින්ම මනුෂ්‍යා මවිත කරවන කාරණයකි. මෙහි වැදගත්ම කාරණය එය නොවේ. ඉහත විද්‍යාත්මක සත්‍යය අල්කුර්ආනය පවසන්නේ තවත් වැදගත් කාරණයක් ඒ හා බද්ධ කොටය. එනම් “මෙම දහම ප්‍රතික්‍ෂේප කරන්නන් විනිශ්චය දිනයේ දී අපා ගින්නට දමනවා” යන සත්‍යය ද කියාපාමිණි. මෙම වාක්‍යය එදා එනම් මීට වසර 1400 කට පෙර පැවති සමාජයට පවසන විට “මෙම දහම ප්‍රතික්‍ෂේප කලානම් නුඹලා (අපා) ගින්නේහි දමනවා” යයි පැවසීම පමණක් ඔවුනට වටහාගැනීමට ප්‍රමාණවත්ය. මන්ද මෙම කාරණය පිලිබදව ඊට වඩා පුළුල් වු දැනුමක් එම සමාජයට නොතිබුණූ බැවිනි. නමුත් වර්ථමානය සැලකු විට විද්‍යාෙව් ඉනිපෙත්තෙහි සිටින මිනිසා සියල්ල විද්‍යාත්මකවම අවබෝධ කරගැනීමට උත්සාහ කිරීම තුල ඔහුට වඩාත් පැහැදිලි නිර්වචනයන් අවශ්‍ය වේ. මේ සියල්ල පිලිබදව පුර්ණ අවබෝධයක් ඇති දෙවියන් මෙම කාරණය එදා පැවසීමේ දී විද්‍යාත්මක සත්‍යයක් ද අන්තර්ගත කොට නුඹලාගේ ශරීරයට මතුපිටින් ඇති වන වේදනාව හදුනාගන්නේ සම බවත් එම සම විනාශ වුවා නම් එම වේදනාව හදුනාගැනීමට නොහැකි වන බවත් පවසා සිටී. මෙසේ පැවසීමේන් අල්කුර්ආනය තුලින් දෙවියන් අවදාරනය කරන්නේ “මෙම දහම ප්‍රතික්‍ෂේප කලා නම් නුඹලා අපාගින්නේ අඛන්ඩව දැවෙන්නට සිදුවෙන බවයි”. මෙම වාක්‍ය යෙන් දෙවියන් අවධාරනය කරන ප්‍රධාන කාරණාව නම්, “මෙසේ පැවසීම දිව්‍යමය වාක්‍යයන් බව ඔබට පිලිගැනීමට නොහැකි නම්, මීට වසර 1400 කට පෙරම වේදනාව හදුනාගන්නේ සම යැයි එම කුර්ආනය පැවසුවේ කෙසේද?” යන්නයි. මෙසේ පැවසීම තුල නොඇසු ප්‍රශ්නයක් අප හමුවේ දෙවියන් තබා ඇත. ඒ “මෙම අල්කුර්ආනය මා හමුවේ සිට පැමිණී ශුද්ධ වු වාක්‍යයන් බව දැන්වත් ඔබ පිලිගන්න සූදානම්ද?” යන්නයි.

ශුද්ධ වූ කුර්ආනය පවසන ඉහත කාරණය පිලිබදව තායිලන්තයේ “ශියාං මායි” විශ්ව විද්‍යාලයේ ශාරීරික විද්‍යාව පිලිබදව අංශ ප්‍රධානියා මෙන්ම එම විශ්ව විද්‍යාලයේම Dean of the Faculty of the Medicine ලෙස ද සේවය කරන මහාචාර්‍ය තකාදත් තේජාසන් මහතාගෙන් එක්තරා සමුළුවක දී විමසු විට එතුමා පැවසුවේ “මෙසේ සමෙහි ඇති විශේෂ ගුණාංගයක් මීට වසර 1400 කට පෙර අල්කුර්ආනයේ පවසා තිබීම ඇත්තෙන්ම විශ්මයට කාරණයක්” යන්නයි. එම සමුළුවේ දී එතුමාගෙන් තවදුරටත් විමසා සිටියේ “මෙවැනි කාරණයක් මීට වසර 1400 කට පෙර ජීවත් වු මුහම්මද් (සල්) තුමාණන්ට පැවසීමේ හැකියාව හා දැනුම පැවතීමට හැකිද?” යන්නයි. එයට ආචාර්‍ය තේජසන් මහතා පිළිතුර වුයේ “එවැනි බුද්ධියක් කිසිසේත් එම සමාජයට පැවතිය නොහැකි යන්නයි.”

ඉහත ප්‍රකාශය මුස්ලීම්වරුන් වශයෙන් අප ද පවසා සිටිමු. මුහම්මද් (සල්) තුමාණන් හට මෙවැනි කාරණවන් කිසිදු සුවිශේෂි දැනුමක් පැවතුනේ නැත. දැන් ඇති ප්‍රශ්නය එය එතුමාට නොහැකි නම් එතුමාගේ මුවින් ප්‍රකාශ වූ කුර්ආනය තුල මෙවැනි බලගතු සත්‍යයන් අන්තර්ගත වුයේ කෙසේද? මෑතකාලයේ විද්‍යාව අනාවර්ණය කරගත් එම සත්‍යය මීට වසර 1400 කට පෙර සමාජයට අවවාදාත්මක ලෙස ප්‍රකාශ වුයේ ඇත්තෙන්ම මෙය දේව වාක්‍යයන් නිසාම නොවේද? ඒ සදහා මීටත් වඩා සාක්ෂි අවශ්‍යද?


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම