සමලිංගිකයන් නොහොත් සමරිසියන් පිලිබඳව විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග අඩවිය තුලින් අද දින සාකච්චා කිරීමට යන්නේ මෑත කාලීනව ලොවපුරා සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින අප සමාජයේම අපත් සමඟ වෙසෙන සුවිශේෂි පිරිසක් පිලිබදවයි. සෑම වසරකම මැයි 17 දිනය ඔවුන් සදහා ම ජාත්‍යන්තර දිනයක් ලෙස නම් කොට ඇති එම පිරිස “සමලිංගිකයන්” නොහොත් “සමරිසියන්” නම් වේ. ගැහැණු / පිරිමි සම්මත බැඳීමෙන් ඉවත් වී පිරිමි / පිරිමි ලෙස හෝ ගැහැණු / ගැහැණු ලෙස අසම්මතව බැදීම් ගොඩනඟා ගෙන අඹූසැමිය් ලෙස ජීවත්වීම මොවුන් පිලිබදව වූ සරල හැදින්වීමයි.

2023 මැයි 17 වූ අද දිනයේ මෙම විෂය ප්‍රධාන පැතිකඩ දෙකක් ඔස්සේ විමසා බැලීමට අදහස් කරමි. එනම්,

සමලිංගිකයන් නොහොත් සමරිසියන් පිලිබදව ලෞකික විමසුමක්

සමලිංගිකයන් නොහොත් සමරිසියන් යන්න වත්මන් සමාජයට අලුත් මාතෘකාවක් නම් නොවේ. මොවුන්ගේ ගතිගුණ හා හැසිරීම පිලිබදව නූතන සමාජයට කිසියම් අවබෝධයක් ඇත. එමනිසා එවැනි කාරණයන්ට පිලිබදව කථා මෙහි කථා කිරීමට අදහස් නොකරමි. මෙහිදී ඔවුන්ගේ ඉතිහාසය, ඔවුන් හට වත්මන් ලෝකය ලබාදී ඇති තැන සහ ඔවුන්ගේ මෙම අසම්මත බැඳීම සාධාර්ණීකරනය කිරීම කොතරම් දුරකට බුද්ධිමත් ක්‍රියාවක්ද?... වැනි කාරණයන් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

සමලිංගිකයන් නොහොත් සමරිසියන්ගේ ඉතිහාසය

මෙම සමලිංගිකයන් පිලිබදව වූ ඉතිහාසය ඈත අතීතයටම දිවයන්නකි. එනම්, එයට ක්‍රීස්තු පූර්ව 1861 – 1687 කාල වකවානුව දක්වා වූ පැරණි ඉතිහාසයක් එනම්, මීට වසර 3850 ක පමණ පැරණි ඉතිහාසයක් ඇත. නමුත් මෙතැනදී තේරුම් ගතයුතු වැදගත් කාරණයක් නම්, මානවයාගේ පෘථිවි සම්භවය සිදුවූ කාලය මෙම සමලිංගික ක්‍රියාවන් පොළොව මත ඇති වූ කාලයටත් වඩා වසර දහස් ගණනක් ඈත අතීතයට දිවයන්නක් බවයි.

ලොව මුල්ම මිනිස් යුවල පටන් ගැහැණු / පිරිමි නිමැවුම එකින් එකාට ආදරයක්, ආකර්ශනයක් ඇතිවන ආකාරයට නිර්මාණය වී ඇත. ජීවි ශරීර අභ්‍යන්තරයේ සිදුවන විවිධ වූ රසායනික හා හෝමෝන ප්‍රතික්‍රියා එම බැදීම හා ආකර්ශනය ශක්තිමත් කරන අතර ඒ තුලින් තම පරම්පරාව ඉදිරියට ගෙනයාම සිදුවේ. මෙයයි ලෝකය පිලිගත් සම්මතය ද වන්නේ.

මෙය රෝගි තත්වයක්ද?

ඉහතින් සදහන් සම්මතයෙන් පරිභාහිරව පිරිමි/පිරිමි ලෙස හෝ ගැහැණු/ගැහැණු ලෙස කායික බැඳීම් ගොඩනඟා ගෙන ජීවත්වීමට උත්සාහ කිරීම අසම්මත ක්‍රියාවක් යන්නෙහි බුද්ධිමත් සමාජයට විවාදයක් පැවතිය නොහැක. එවැනි ක්‍රියාවකට කිසිවකු යොමු වේ නම්, එය පැහැදිලිවම “මානසික විකෘති” තත්වයක් යන්නෙහිද දෙවැනි මතයක් තිබිය නොහැක. තවත් සරලව පවසනවා නම් එය වෛද්‍ය උපදේශන හෝ ප්‍රතිකාර ලබා ගතයුතු තත්යවයක් යන්න "යහමග” මාගේ ස්ථාවරයයි. එම ස්ථාවරය දරන්නේ මා පමණක් නොවේ. ලෝක සම්මතය පිලිගන්නා අති බහුතරයකගේ ස්ථාවරය ද එය වන අතර මෑතක් වනතුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරයත් එයයි. එනම්,

  • ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) "මානසික රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණය" (ICD) ලෙස යාවත්කාලීන වන ලැයිස්තුවක් ඇත. එම ලැයිස්තුවේ 1977 යාවත්කාලීනය ICD-9 ට අනුව “තවමත් සමලිංගිකත්වය රෝගයක් ලෙස ලැයිස්තුගත වී ඇත”
  • එපමණක් නොවේ 1973 වන තෙක් ඇමරිකානු මනෝචිකිත්සක සංගමයේ (APA) ස්ථාවරය වූයේද “සමලිංගිකත්වය රෝගාබාධ හෝ රෝගී තත්වයක්” යන්නයි.

ඔවුනට WHO ආශිර්වාදය හිමිවීම

ඉහතින් සදහන් ICD-9 හි පැවතී "සමලිංගිකත්වය රෝගයක්" යන ස්ථාවරය 1990 දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සමලිංගිකත්වය ජාත්‍යන්තර රෝග වර්ගීකරණයෙන් (ICD) ඉවත් කිරීම සිදු කරන ලදී. ඒ අනුව ඉහතින් සදහන් මානසික රෝගී තත්වයට නොඑසේ නම්, විකෘතියට ආශිර්වාදාත්මක වලංගු සහතිකයක් ලබාදීමක් සිදුවිය. එම හේතුව නිසයි එසේ "සමලිංගිකත්වය රෝගයක්" යන්න ඉවත් කල දිනය සනිටුහන් කිරීම සඳහා සෑම වසරකම මැයි 17 දින “සමලිංගිකයන්ගේ දිනය” ලෙස ඔවුන් එය සමරන්නේ. මේ ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සිය මානසික ආබාධ ලැයිස්තුවෙන් (ICD) සමලිංගිකත්වය ඉවත් කිරීම ලොවපුරා සමලිංගික රෝගීන්ට තම අසම්මත තත්වය සමාජයේ ඉදිරියේ අභිමානයෙන් හා ආඩම්භරයෙන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් කරගත්තේය. එම තත්වය නිසාම මෙම මානසික රෝගී තත්වය සීඝ්‍රයෙන් ලොවපුරා ව්‍යාප්ත වීම ඇරඹීය.

එම විකෘති තත්වය සමාජයේ කොතරම් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවාද? යන්න ශ්‍රී ලාංකීය සමජය මූලික කරගෙන ම අපට අවබෝධ කරගත හැක. එනම්, අප රටේ මීට වසර 30 කට පමණ පෙර සමාජ තත්වය සහ වත්මන් සමාජ තත්වය මොහොතක් විමසුම් ඇසින් බලන්න. එදා ශ්‍රී ලාංකීය සමාජය තුල "සමලිංගිකයන් නොහොත් සමරිසියන්" යන්න සමාජය තුල නොඇසූ තරම්ය. එවැන්නක් කලාතුරකින් වාර්ථා වූවත් එය සමස්ථ සමාජය පිලිකුලෙන් බලන තරමට බරපතල වරදක් මෙන්ම දුර්ලභ සිද්ධියක් විය. අද තත්වය මොහොතක් විමසා බලන්න. රටේ ඉහලම තලයේ සිට පහලම තලය දක්වා මෙම විකෘතිය ඔඩුදුවා අවසන්. එය මා ඉහතින් පැවසුවා සේ සමාජය තුල ප්‍රසිද්ධියේ ආඩම්භරයෙන් හා අභිමානයෙන් කථා කරන සුන්දර මාකෘතාවක් වී අවසන්ය. එයට 2018 මැයි 17 වන දින වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුලද නිළ තත්වයක් ද හිමි වී අවසන්ය. ඒ 2018/05/17 දින මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොලඹ කාර්යාලයේ ද මෙම සමලිංගික කොඩිය එක්සත් ජාතීන්ගේ සංවිධානය කොඩිය සමඟ එසවීම මඟිනි. එපමණක් නොව රටේ දේශපාලඥයින් හා විද්වතුන් යැයි පවසාගන්න පිරිස් මෙම "සමලිංගිකයන් නොහොත් සමරිසියන්" සම්බන්ධ නීති-රීති සංශෝධනය කරන්නත්, ලිහිල් කරන්නත් සූදානම්ය. ඒ සදහා වූ කථිකාව දැන් ශ්‍රී ලාංකීය සමාජය තුල සිදුවෙමින් ද ඇත.

මෙම "සමලිංගිකයන් නොහොත් සමරිසියන්" සමාජය තුල වර්ධනය වීමට බලපාන හේතූන්

සම්මතයෙන් බැහැර වූ මෙම විකෘති තත්වය ලොවපුරා මෙපමණ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හා දැඩි කථාබහක් වීමට ඉහත (WHO) තීරණයට අමතරව තවත් ප්‍රධාන හේතු කිහිපයක්ද බලපා ඇත. එනම්,

  • රටේ ලෝකේ බොහෝ ප්‍රබල චරිත මෙම මානසික රෝගී (සමලිංගික) තත්වයෙන් පසුවීම,
  • මානව හිමිකම් හා ස්වෙච්චා සංවිධාන තම ජනප්‍රියත්වයට මෙම විෂය මාතෘකාවක් ලෙස ගෙන තිබීම,
  • සමහරක් රටවල් එයට නීත්‍යානුකූල අවසර ලබාදීම,
  • මෙම රෝගී තත්වයෙන් පෙලෙන පිරිසට සමාජයෙන් එල්ලවන විරෝධතා සහ හිරිහැර තුල ඔවුන් වඩ වඩාත් ශක්තිමත් ලෙස සංවිධානය වීමට හේතුවීම,
  • මෙම අසම්මත පිරිස් අතර මත්පැන්, මත්ද්‍රව්‍ය, ලිංගික ක්‍රියාකාරකම්, සාමාන්‍ය තත්වයෙන් එහා ගිය විනෝදජනක ක්‍රියාකාරකම්... යනාදීන්ට අසීමිත නිදහසක් පැවතීම,
  • WHO ගත්තු ඉහත අමන තීන්දුව නිසා මෙම මානසික රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීම සම්පූර්ණයෙන් නතර වීම,
  • මෙවැනි රෝගීන් සදහා ප්‍රතිකාර හෝ උපදේශන සේවා ලබාදෙන තැන් නොමැතිවීම,
  • ...

මෙම සමලිංගික ක්‍රියාවන් හි ආදීනය

මෙම "සමලිංගිකයන් නොහොත් සමරිසියන්" අතර පවතින ඔවුනට ආවේනික විකෘති ලිංගික ක්‍රියාකාරකම් සමාජය තුල සමාජ රෝග ගණනාවකට මුලපාදනවා යන්න රෝග විශේෂඥයින්ගේ පිලිගැනීමයි. එවැනි කිහිපයක්ද ඔබේ වැඩිදුර අවදානයට මෙහි පහතින් සටහන් කරන්නේ නම්,

  • සමලිංගික පුද්ගලයින් චර්ම රෝග සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන බවත්, විශේෂයෙන් පිරිමින් සමඟ ලිංගිකව එක්වන පිරිමින්ට සමේ පිළිකා ඇතුළු HIV, වෙනත් ලිංගිකව ආසාදනය වන රෝග හා ආක්‍රමණශීලී රෝග ඇතුළු ඇතැම් බෝවන රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. (උපුටා ගැනීම)
  • පිරිමින් සමඟ ලිංගිකව එක්වන පිරිමින් හියුමන් පැපිලෝමා වයිරසය (HPV) ආශ්‍රිත ගුද පිළිකා ඇතිවීමේ අවදානම බෙහෙවින් වැඩිය.
  • කාන්තාවන් සමඟ ලිංගිකව හැසිරෙන කාන්තාවන් ක්ලැමීඩියා සහ HPV ඇතුළු ලිංගාශ්‍රිත රෝගවලg ගොදුරු වෙති.
  • ...

බුද්ධිමත් විමසුමට

මෙම "සමලිංගිකයන් නොහොත් සමරිසියන්' අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හෝ උපදේශන සේවාවන්ට යොමු කරනවා වෙනුවට ඔවුන්ගේ එම ක්‍රියාවලිය සදහ නීතියානුකූල අවසර ලබාදිය යුතු බවට කථා කරන පිරිසගේ බුද්ධිමත් විමසුමට කරුණු කිහිපයක් ගෙන එන්නට කැමැත්තෙමි. එනම්,

  • මීට වසර 3850 කට පෙර ලොව නොපැවතී මෙම "සමරිසියන්" තෝරා ගැනීමේ විකෘතිය පෘථිවි ආරම්භක මිනිස් යුවල තුල පැවතීයේ නම් අද ලෝකයේ තත්වය කුමක් වනු ඇත්ද?. එවන් තත්වයක මේ ලෝකයේ ඉරණම මොහොතක් බුද්ධිමත්ව සිතා බලන්න. එසේ වූවානම්, මෙම “සමලිංගිකයින්ට” ආවඩන ඒ සදහා මහා පොරටොක් දෙන, මානවදයාව හා නිදහස කථා කරන ඔවුනුත් නැහැ මේ ලියන මමත් නැහැ. ඒ විතරක් නොවේ මේ පෘථිවියත් මිනිස් පුළුටක් නැති පොළොවක් වන්නට තිබුණි. ඒ විකෘතිය එවකට සමාජයෙත් එතැනින් ඊලඟ... ඊලඟ... ඊලඟ පරම්පරාවලත් නොතිබූ නිසයි. අද මේ දකින පෘථිවිය කොටි 800 (වැඩිදුර විස්තර මෙහි Click බලන්න) පමණ ජනගහනයෙන් යුතු සුන්දර භූමියක් වී තිබෙන්නේ. එවන්ම වූ ලෝක සම්මතය පසෙකලා විකෘතියක් සාමාන්‍ය තත්වයක් යැයි සිතීම බුද්ධිමත් තීන්දුවක්ද? නොඑසේනම් අනුවණක්කාර තීන්දුවක්ද?.
  • වාදයකට WHO තින්දුවට අවනතව සමස්ථ ලෝකවාසී ජනතාවම අද පටන් “සමලිංගිකයින්” වෙනවා යැයි සිතමු. (මා මෙසේ පවසන විට කෙනෙකුට “මේක ප්‍රායෝගිකද” යනුවෙන් සිතෙන්නට පුළුවන. නමුත් ඉහතින් සදහන් කලාසේ ශ්‍රී ලාංකීය සමාජය තුල මීට වසර 30 කට පෙර කලාතුරකින් අසන්නට ලැබූ මෙම “සමලිංගිකයන්” දැන් දැන් සීඝ්‍රයෙන් වර්ධනය වී ඔවුනට ම කියා සමිති සංවිධාන පවා නිර්මාණය කරගෙන ප්‍රසිද්ධියේ තම අනන්‍යතාවය පෙන්වමින් කටයුතු කරන තැනට පත්වී ඇති ආකාරය අප නොදකින්නෙමුද?. ඉතින් තවත් වසර 1000ක් ගිය තැන මෙම තත්වයෙහි වර්ධනයක් තිබේවිද? වැටීමක් තිබේවිද?. තවත් වසර 5000ක් ගිය තැන එහි තත්වය කුමක් වේවිද?. මෙම මානසික රෝගී තත්වය නිසිලෙස හදුනාගෙන එයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදි එම රෝගී තත්වය පාලනය කර නොගන්නේ නම්, මා ඉහතින් පවසන උපකල්පනය ප්‍රයෝගික නොවේ යන්න විහිළුවක් වනු ඇත.) එසේ වූ මොහොතේ සිට තවත් වසර 100 ක් ගෙවීගිය තැන මේ පෘථිවිය මත මිනිස් වාසය ශුන්‍ය වනු ඇත.

ඔවුන් සම්බන්ධයෙන් වූ නිගමනය

ඉහත තත්වයන් ඔබට බුද්ධිමත්ව වටහා ගතහැකි වේ නම්, මෙම "සමලිංගිකයන් නොහොත් සමරිසියන්" යන්න මානසික රෝගී තත්වයක් යන්න පැහැදිලි වනු ඇත. එසේනම්, තවදුරටත් මෙය සම්මත හෝ සාමාන්‍ය තත්වයක් බවට ඔබ කිසිවිටෙක තර්ක කිරීමට හෝ සාධාර්නීකරණය කිරීමට ඉදිරිපත් නොවනු ඇත. ඔවුන් ඇත්තටම සමාජයේ වෙසෙන මානසික රෝගීන් ඔවුනට අනුකම්පා කිරීම සහ නිසි හා විශ්වාසවන්ත වෛද්‍ය උපදේශන සේවාවක් වෙත යොමු කිරීම සමාජ වගකීමයි. එසේ නොමැතිව ඔවුනට අපහස් කිරීම හෝ පිලිකුල් කොට සමාජයෙන් කොන්කිරීම ඔවුන් එම තත්වයෙන් මුදවා ගැනීමට තිබෙන බාධාවක් වන්නට පුළුවන.

එසේ නොමැතිව ලෝක ප්‍රබලයන් හෝ රටේ ප්‍රබලයන් හා ජනප්‍රිය චරිත සමලිංගිකයන් වූ පලියට හෝ සමාජය තුල ඔවුන් සැලකිය යුතු මට්ටමින් වර්ධනයක් පෙන්නුම් කරන පලියට එය රෝගී තත්වයක් නොව සාමාන්‍ය තත්වයක් යැයි උපකල්පනය කරන්නේ නම්, එය ඉදිරියේදී සමාජයට හා සමස්ථ ලෝකයට ම ඉතා භයානක ප්‍රතිපල ගෙනදෙන්නක් වනු ඇත.

එපමණක් නොවේ සමලිංගිකයන් නොහොත් සමරිසියන් සම්බන්ධයෙන් එනම් ඔවුන්ගේ ක්‍රියාකලාප සාධාර්ණීකරනය කරමින් අද ගන්නා මෙම වැරදි තීන්දුව ඉදිරියේදී මෙවැනි වැරදි තීන්දු ගණනාවකට මඟපාදන්න ඉඩ ඇත. නිදසුනක් ලෙස,

  • සතුන් හා ලිංගිකව හැසිරෙන්නන්ද ඉදිරියේදී WHO මගින් සාමාන්‍ය තත්වයක් යැයි පවසන්නට සිදුවෙනු ඇත. එසේම එය රට රටවල් වල නීතිගත කිරිමත්, ඒ සදහා වූ සංවිධාන ගොඩනැඟීමත්, ඒ සදහා ජාත්‍යන්තර දිනයක් නම් කිරීමත් වැඩි ඈතක නැත.
  • ග්‍රීස් යක්කුද ඉහත සමලිංගිකයන්ට යම් සමානකමක් පෙන්වන මානසික රෝගී කණ්ඩායමකි. ඉදිරියේදී WHO මගින් ඔවුන් ද සමාජයේ සාමාන්‍ය තත්වයේ පවතින පිරිසක් බවට නම් කිරීමට සිදුවෙනු ඇත. එසේම එය රට රටවල් වල නීතිගත කිරිමත්, ඒ සදහා වූ සංවිධාන ගොඩනැඟීමත්, ඒ සදහා ජාත්‍යන්තර දිනයක් නම් කිරීමත් සිදුවනු ඇත. මෙම ග්‍රීස් යක්කු නම් මානසික රෝගී තත්වය තුලද විවිධ වූ රෝගී වර්ග ඇත. එවැනි කිහිපයක් පහතින් ඉදිරිපත් කරන අතර ඒවාද ඉදිරියේදී අනුමත කිරීමටත්, ඒ සියල්ල සමාජයේ සමාන්‍ය තත්වයන් ලෙස සැලකිීමටත් සිදුවෙනු ඇත.
    • Exhibitionism - මේ අය හඳුනාගන්න හරිම ලෙසියි, මොවුන් තම ලිංගික ආශ්වාදය සපුරාගන්නේ තම ලිංගික අවයව හදිසියේම වෙනත් අයෙකුට ප්රදර්ශනය කරලා, ඒ හදිසි දර්ශනයෙන් අනෙක් පුද්ගලයා තැති ගැනීම බියවීම සහ කෑගැසීම, අර “රෝගියාට” ලිංගික වින්දනයක් වෙනවා, බොහොමයක් මේ තත්තවයේ සිටින්නේ පිරිමින්, විශේෂයෙන්ම හුදකලා පාරවල් , නවාතැන් පොළ වල් වැනි තැන් වලින් මතුවෙන , “දර්ශනයක් ” පෙන්වල ක්ෂණිකව අතුරුදහන් වෙන මේ පුද්ගලයා ප්රතිකාර ගත යතු අයෙක් , බොහෝ අවස්ථාවල සැඟවුනු චරිතයක් තිබෙන මොහු තනිව සිටීමට හුඟක් කැමතියි , ඒ වගේම ස්වයං වින්දනය මඟින් තම ලිංගික සතුට උපදවා ගන්නා මොහු පවුල් බැඳිමෙන් බිඳුනු අයෙක් වීමේ අවස්ථාව ඉහළයි.
    • Fetishism – එයා අර මුලින් කීකෙනා වගේ ඇවිත් පෙන්නලා බය කරන්නේ නැහැ , හොරෙන් ඇවිත් කාන්තා යට ඇඳුම් , කාන්තා සපත්තු අරගෙන ගිහින් ඒ එක්ක ලිංගික චර්යාවන් කරන , එයින් සතුටු වන පුද්ගලයෙක් , මොහු “සාමාන්ය ,ස්වභාවික ලිංගික චර්යාවන්ගෙන් සතුටක් ලබන්නට බැහැ කියන මතයේ ඉන්නේ ” , මේ අය ඔබටත් සමහර විට හඳුනගන්න පුළුවන් වේවි , ඔබේ නේවාසිකාගාරයේ ඉන්න මිත්රයා අනවශ්ය විදියට මෙවැනි දෑ රැස් කරන්නෙක් නම් (හොර කම් නොකළත් ) ටිකක් හොයලා බලන්න.
    • Frotteurism – මේ තත්ත්වයේම තවත් අවස්ථාවක් තියෙනවා, ඒ දේහයේ සාමාන්ය ලිංගිකක්රියාවට භාවිත නොවන කොටස් සමඟ ලිංගික චර්යාවන් කරමින් සතුටට පත් වීම’ බොහෝ වෙලාවට පාදයෙ පතුල, පියයුරු, තට්ටම් වගේ ප්රදේශ එක්ක එක්වන මේ පුද්ගලයා ප්රධානවම ලිංගික සතුටට පත් වෙන්නේ එමගින් . මේ තත්ත්ව විවාහක පුද්ගලයින් අතරේ පවා තිබෙන්නට පුළුවන් , අවාසනාව මෙය යම් මානසික ගැටළුවක් බව නොහඳුනා ගැනීම, ඒ වගේම තම පාර්ශවකරුගේ සතුට සහ ගෞරවය වෙනුවෙන් මේ සියළු මානසික ආබාධිත ක්රියා ඉවසා දරා සිටින කාන්තාවන් අපේ සමාජයේ අදටත් ඉන්නවා. ඔබ සෙනග වැඩි, තද බදයක් සහිත බස් එකක, දුම්රියක ගියොත් තවත් මෙබඳුම මානසික ගැටළුවක් සහිත කාණ්ඩයක් හඳුනා ගන්න පුළුවන්, අපි සාමාන්යෙයන් කියන්නේ “ජැක් කාරයා” කියලා, ඒ වගේ පොදු, තදබදයක් සහිත තැනකදි වෙනත් අයෙක්ගේ ඇඟේ ඇතිල්ලෙන, ලිංගික උත්තේජනයන් ලැබෙන ප්ර දේශ වලට (තට්ටම, පියයුරු, මුහුණ ) තෙරපීම් දෙන මොවුන් හඳුන්වන්නේ Frotteurism ෆ්රොටෙයුරිසම් කියන නමින්, මේ අයටත් බෙහෙත් දෙන්න ඕන , නිසි ප්රතිකාරයක් කරන්නට උපදේශනයක් දෙන්නට ඕන.
    • Masochism – Masochism මේ තත්ත්වයේදී අදාල පුද්ගලයා සතුටට පත් වෙනනේ තව පුද්ගලයෙක්ට රිද්දලා, ලේ හලලා, කපල සමහර විට සැපීම් කරළා, මේ විකෘති ආශාව මගින් සතුට ලබන්නා මැසොකිසම් කියන මානසික අසාමාන්යතාවයට ලක් වුවෙක්, මෙහි උග්රම අවස්ථාවට ආවට පස්සේ විරුද්ධ පාර්ශවයේ පුද්ගලයා ගෙල සිර කර ඒ දෙස බලා, ඔහු හෝ ඇය විදින මරණයේ වේදනාව ලිංගික සතුටක් විදියට දකින්න තරම් විකෘති තත්ත්වයකට මොවන් පත් වෙනවා, සමහර විට මේ ග්රීස් යකුත් ඒ ජාතියෙ ලෙඩෙක් වෙන්න ඇති.
    • sadism – මේ එක්කම යන තවත් තත්ත්වයත් තමයි sadism මෙහිදී තම ලිංගික සහකරු හෝ සහකාරිය වේදනාවට පත් කිරීමේ ලිංගික චර්යා මගින් සතුටට පත් වීමක් සිදුකරනවා, එය සමහර විට ලිංගික චර්යාවක් පමණක් නොවී තදබල සිත් වේදනාවක් හෝ ලැජ්ජාවකට පත් කිරිම් වෙන්නත් පුළුවන්, මේ හැම ක්රියාවෙන්ම රෝගියා “සතුටක්” ලබනවා, (සතුටක් කිව්වාට එය අවාසනාවන්ත සහ අමානුෂීක සතුටක්), බොහෝ වෙලාවට මේ දෙකම එකට අරගෙන sadomasochism නමින් තමයි හදුන්වන්නේ.
    • අනෙක් කට්ටිය තමයි කාන්තා නේවාසිකාගාර වල ඉන්න අය, මම කීවේ එයාල ලෙඩ්ඩු කියල නෙවී, ඔය කාන්තා නේවාසිකාගාර වල ජනෙල් වලින්, නාන කාමර වලින් එබෙන, සමහර විට වැසිකිළයට පවා එබෙන රෝගීන් කාණ්ඩයක් ඉන්නවා, ලොකු කරදරයක් නොකළත් මේ දර්ශනය දැකීමෙන්, ඒ ගැන සිතීමෙන් තමා ඔවුන් සතුටට පත් වෙන්නේ.
    • scatolophilia – කරදරකාර ඇමතුම්, විශේෂයෙන්ම අසභ්ය අදහස්, ප්රකාශන වරින් වර යොමු කරමින් අනෙක් පාර්ශවය අපහසුතාවයට පත් කරන්නෙත් මේ වගේම මානසික ව්යාධියකට ලක්වූ පිරිසක්,එම තත්ත්වය scatolophilia කියලයි හඳුන්වන්නේ.

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් “මේවා මානසික රෝගී තත්වයන් නේ මේකයි සමලිංගිකයන්ගේ තත්වයයි එකට සසදන්නේ කොහොමද?” කියා. ඇත්ත ඉහතින් සදහන් රෝගී තත්වයයි සමලිංගිකයන්ගේ තත්වයයි සමාන නොවන බව සැබෑවකි. අඩු වැඩි වශයෙන් තිබුණත් මේ සියල්ල වෛද්‍ය ප්‍රතිකාර හෝ උපදේශන සේවා සදහා යොමු වියයුතු මානසික රෝගී තත්වයන් යන්නයි වාදය.

සමාජ වගකීම

මෙම සමලිංගිකයන්ගේ බලපෑම සමාජයට මෙතරම් දරුණුවට දැනෙන්නත්, මෙතරම් දුරකට ඔවුන් ශක්තිමත්ව සංවිධානය වීමටත් බලපෑ මූලිකම හේතුව ඔවුන් රෝගීන් ලෙස හදුනාගෙන ඔවුනට අනුකම්පාව දක්වා නිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ උපදේශන සේවවන් වෙත යොමු කරනවා වෙනුවට ඔවුනට උසුලු විසුලු කරමින් සමාජයෙන් ඔවුන් කොන් කිරීමයි.

එසේම මෙම සමලිංගිකයන්ගේ රෝගී තත්වය ගැඹුරින් අධ්‍යනය කොට එම තත්වයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරයන් හා උපදේශන සේවාවන් කුමක්ද? යන්න තීන්දු කරනවා වෙනුවට වගකිවයුතු ආයතන හා සංවිධාන කලේ ලහි ලහියේ ඔවුන්ගේ තත්වය සාධාර්ණීකරනය කරමින් එයට ආශිර්වාද කිරීමයි. ඒ තුලින් මෙම මානසික රෝගී තත්වයෙන් පෙලෙන කොට්ඨාශය තව තවත් ශක්තිමත්ව තමන්ගේ ලෝකයක් සොයමින් ඒ තුලම සංවිධානය වී ඇත.

ඔවුන් තවම ලොව තුල සුළුතරයක් වූවත් ඔවුන් සමාජයේ බහුතරය විම වැඩි ඈතක නැත. එම තත්වය තේරුම් ගැනීම මා ඔබට මෙහි නිදසුනක් ගෙන එන්නම්,

2011 දී එක්සත් ජනපදයේ සමලිංගිකයන් සම්බන්ධයෙන් සිදුකල පහත සංඝණනය මොහොතක් විමසා බලන්න.

මෑත කාලීන ජාතික සහ ප්‍රාන්ත මට්ටමේ ජනගහන පාදක සමීක්ෂණ හතරක තොරතුරු මත පදනම්ව, විශ්ලේෂණයන් යෝජනා කරන්නේ එක්සත් ජනපදයේ සමලිංගික, සමලිංගික හෝ ද්වීලිංගික, වැඩිහිටි ජනගහනයෙන් 3.5% කින් සමන්විත වැඩිහිටියන් මිලියන 8 කට වඩා සිටින බවයි. එක්සත් ජනපදයේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් 700,000කට ආසන්න සංඛ්‍යාවක් ද සිටිති. සමස්තයක් වශයෙන්, අධ්‍යයනයෙන් ඇඟවෙන්නේ ආසන්න වශයෙන් ඇමරිකානුවන් මිලියන 9 ක්  LGBT ලෙස හඳුනාගෙන ඇති බවයි. - (වැඩිදුර කරුණු මෙහි Click කොට කියවන්න)

මෙම සමලිංගිකයන් නොහොත් සමරිසියන්ගේ වර්ධනය මේ ආකාරයටම පැවතුනේ නම්, අතීතයේ වක්තෘ ලූත් (අලෛ) තුමාගේ සමාජය අත්විඳි මහා ව්‍යසනය අපටත් අත්විඳීමට සිදුවීම කිසිවකුටත් නතර කල නොහැකි වනු ඇත. (එම ව්‍යසනය පිලිබදව මෙම ලිපියේ ඉදිරියට සාකච්චා කරනු ලැබේ) එමනිසා වත්මන් මෙම විකෘතියට කවුරුන් කුමන විග්‍රාහය ලබාදුන්නත් අසම්මතන් තුල සම්මතයන් ගොඩනැඟිය නොහැකි බව තේරුම් ගතයුතුය. එම යථාර්තයේ හිඳ මෙම මානසික රෝගීන් සමාජයෙන් මුදවා ගැනීමටත්, ඔවුන්ගෙන් සමාජයට සිදුවන බලපෑම අවම කිරීමටත් ක්‍රියාකාරී සැලැස්මක් සැකසීම සමාජ වගකීමක් වී ඇත.

සමලිංගිකයන් නොහොත් සමරිසියන් පිලිබදව ඉස්ලාමීය විමසුමක්

"දුෂ්ඨයන්ට දෙවිගේ රාජ්‍යය උරුමකර නොගන්නා බව ඔබ දන්නේ නැද්ද? මුළා නොවන්න: ලිංගික දුරාචාරය හෝ රූප වඳින්නෝ හෝ කාමමිත්‍යාචාරයන් හෝ පිරිමි ගණිකාවන් හෝ සමලිංගිකයන් හෝ හොරු හෝ ගිජු හෝ බේබද්දෝ අපහාස කරන්නන් හෝ වංචාකාරයෝ දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝය. " 

බයිබලය - කොරින්ති 6: 9-10

ලූත්(ද වක්තෘවරයකු) ලෙස අපි යැවීමු. නුඹලාට පෙර ලෝක වැසියන්ගෙන් කිසිවකු නොකළාවූ නින්දිත ක්‍රියා නුඹලා කරන්නෙහුදැයි ඔහු තම ජනයාගෙන් ඇසීය. නියත වශයෙන්ම නුඹලා ස්ත්‍රීන් අතහැර නුඹලාගේ කාමාශාව(සංසිදුවා ගැනීම)ට පුරුෂයින් වෙත පැමිණෙන්නෝය. නුඹලා සීමාව ඉක්මවා යන ජනතාවකි.

අල්කුර්ආනය - 7 - 80 සහ 81

ඉහතින් මා අල්කුර්ආන් පාඨයකට අමතරව කිතුණු දහමේ බයිබල් වාක්‍යයක්ද ඉදිරිපත් කොට ඇත. (බුදුදහමින් ද බුද්ධ දේශනයක් මෙහි ගෙන එන්නට උත්සාහ කලත් එවැනි ඉගෙන්වීමක් මාහට සොයා ගැනීමට නොහැකි විය.) මේ වාක්‍යයන් දෙකේම ඉගෙන්වීම නම්, කිතුණු දහමට අනුව බැලුවත් ඉස්ලාම් දහමට අනුව බැලුවත් මෙම “සමලිංගික නොහොත් සමරිසි” ක්‍රියාව මහා පාපයක් යන්නයි. එවන් වූ මහා පාපය පිලිබදව “ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් කුමක්ද?” යන්න මෙතැන් සිට තරමක් ගැඹූරින් විමසා බලමු.

සමලිංගිකයන්ගේ ආරම්භය ලූත් (අලෛ) කාලයේදී සිදුවිය

ඉස්ලාම් දහමේ මූලාශ්‍ර ඉගෙන්වීමන්ට අනුව මෙම සමලිංගිකයන්ගේ ආරම්භය සිදුවන්නේ ක්‍රිස්තු පූර්ව 1861-1687 යන දේව වක්තෘ ලූත් (අලෛ) තුමාගේ කාලයේදීය. එය පහත අල්කුර්ආන් වාක්‍යයෙන් මනාව පැහැදිලි වේ.

ලූත් (ලොත්) තම ජනතාව අමතා “නුඹලාට පෙර ලෝක වැසියන්ගෙන් කිසිවකු නොකළාවූ නින්දිත ක්‍රියාව නුඹලා කරන්නෙහුදැයි” විමසීය. නියත වශයෙන්ම නුඹලා ස්ත්‍රීන් අතහැර නුඹලාගේ කාමාශාව(සංසිදුවා ගැනීම)ට පුරුෂයින් වෙත පැමිණෙන්නෝය. නුඹලා සීමාව ඉක්මවා යන ජනතාවකි.

අල්කුර්ආනය 7-80/81

ලුත්වද (අපි අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාව වෙත යැව්වෙමු). ඔහු තම ජනතාවට “ඔබට පෙර ලොවෙහි (මිනිසුන්ගෙන්) කිසිවෙකුත් නොකළ වූ අල්-ෆාහිෂා (නරකතම පාපය) ඔබ කරන්නෙහුය”.

අල්කුර්ආනය 29-28

එදා ලූත් නබිතුමා විසූ සමාජය වත්මන් සමාජය මෙන් නොව සමස්ථ සමාජය ම පිරිමි/පිරිමි අතර සමලිංගික ක්‍රියාව ප්‍රසිද්ධියේම සිදුකරන අපචාරයන්ගෙන් පිරි එකක් විය. එම අපචාරයෙන් එම සමාජය මුදවා ගැනීමට ඔවුනට කොතරම් අවවාද කලත්, එම සමාජය එම පාපක්‍රියාවෙන් මිදුනේ නැත. ඔවුන් එයින් නොමිදුනා පමණක් නොව ඔවුනට අවවාද කල පිරිසව අපහසාත්මකව සමච්චලයෙන් ප්‍රතික්ෂේප කරන්නටත් කටයුතු කලේය. මෙම කරුණු අල්කුර්ආනය පහත ආකාරයට විස්තර කරයි.

ලුත්වද (අපි, අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු තම ජනතාවට “(පාපතර ක්‍රියාවන් යයි) දැනගෙනම අවමන් ගෙන දෙන (ක්‍රියාවන් කිසි ආවරණයකින් තොරව) ඔබ කරන්නෙහුය. 
ඔබ ගැහැනුන් අතහැර පිරිමින් මත කාම ආශාවෙන් යුතුව පැමිණෙනවා නොවෙද! ඔබ සම්පූර්ණයෙන්ම මෝඩ ජනතාවක් වශයෙන් සිටින්නෙහුය” යයි පැවසුවේය. 
එයට ඔහුගේ ජනතාව (තම ජනතාවට) “ලුත්ගේ පවුල සම්පූර්ණයෙන්ම ඔබගේ රටින් ඔබ එළවා දමනු. නියත වශයෙන්ම ඔවුන් ඉතාමත් පරිශුද්ධ මිනිසුන් (මෙන් කතා කරන්නාහ)” යයි (සමච්චලයෙන් මෙන්) පැවසුවා මිස, වෙන කිසිම පිළිතුරක් දුන්නේ නැත. 
එබැවින් ඔහුවද, ඔහුගේ පවුලේ උදවියද අපි බේරා ගත්තෙමු. එහෙත් ඔහුගේ භාර්යයාව හැර. (මන්දයත්) ඇය (එම පාපතරයන් සමග) රැඳී සිටිය යුතුය යයි (දැනටමත්) තීන්දුවක් දී තිබුණෙමු. 
එබැවින් ඔවුන් මත (ගෙන්දගම්) ගල් වරුසාවක් අපි වසින්නට සැලැස්සුවෙමු. බිය ගන්වන ලද (ඔවුන් මත වසින්නට සැලැස්වූ ගෙන්දගම්) ගල් වරුසාව ඉතාමත් නපුරුය.

අල්කුර්ආනය 27 - 54 සිට 58

පාලනය නොකොලොත් මහා ව්‍යසනයක්

මෙම ලිපිය ආරම්භයේ මා පැවසූ කාරණයක් මෙතැනදී නැවත ඔබේ අවදානයට ගෙන එන්නට කැමැත්තෙමි. ඒ, වත්මන් මෙම තත්වය පාලනය කිරීමට කටයුතු නොකලේ නම් ඉදිරියේදී මෙම සමාජය මහා ව්‍යසනයන්ට මුහුණදීමට සිදුවෙනු ඇත යන්නයි. එයට එදා ලුත් (අලෛ) තුමාගේ සමාජ තත්වය කඳිම නිදසුනකි. එම සමාජයේ මෙම අපචාරය කොතරම් උග්‍ර ව්‍යසනයක් වී තිබුණාද යන්න අල්කුර්ආනය පැවසීමේ මෙසේ විස්තර කරයි.

අපගේ සුරදූතයින් ලුත් වෙත පැමිණි විට (ඔවුන්ගේ පැමිණීම නිසා) ඔහු ඉමහත් සිත් කැලැඹීමකට පත් විය. තවද ඔහු දොම්නස් විය. තවද මෙය විපත්තිදායක දිනය කැයි ඔහු (ලූත්) කීවේය.
(අමුත්තන් ඔහු වෙත පැමිණි විගසම) ඔහුගේ ජනයා (කාමාශාවෙන්) ඔහු වෙත දුව ආහ. මින් පෙරද ඔවුහු දුසිරිත්හී යෙදී සිටියහ. මාගේ ජනයිනි, මේ මාගේ දූවරුන්ය. ඔවුන් නුඹලාට අතීශයින් පිවිතුරුය. එනිසා අල්ලාහ්ට බිය වනු. මාගේ අමුත්තන් ගැන මා ලැජ්ජාවට පත් නොකරනු. නුඹලා අතර එකම සෘජු මිනිසකුවත් නැද්දැයි ඔහු (ලුත්) කීවේය.
අපට ඔබේ දූවරුන්ගේ උරුමයක් නැති බව නියත වශයෙන් ඔබ දන්නෙහිය. තවද අපගේ අවශ්‍යතාව කුමක්දැයිද නියත වශයෙන් ඔබ හොදින් දනී යැයි ඔවුහු කීහ.
නුඹලා මත මට ශක්තියක් හෝ මට බලගතු ආධාරයක පිහිට පැතිය හැකිව තිබුණා නම්, (මම නුඹලා මැඩලන්නෙමි) ඔහු (ලුත්) කීවේය.
ඕ! ලුත්, නියත වශයෙන් අපි ඔබගේ රබ්(පරමාධිපති)ගේ (සුර) දූතයෝ වෙමුු. ඔවුනට කිසිම විදියකින් ඔබ වෙත ළංවිය නොහැකිය. එනිසා ඔබේ පවුලේ අය සමග රාතී්‍රයේ අවසාන කොටසේදී (මෙතැනින්) පිටවී යනු! ඔබලාගේ කිසිවකු හෝ ආපසු හැරී නොබැලිය යුතුයි, ඔබගේ බිරිඳ හැර. ඔවුනට සිදුවන සෑම දැයක්ම නියතවශයෙන් ඇයටද සිදුවනු ඇත. 
ඔවුන්ගේ(විනාශය සඳහා) නියමිත කාලය අලූයම වේ. අලුයම ළග නොවේදැයි ඔවුහූ(සුරදූතයෝ) කීහ.
අපගේ අණ පැමිණි කල්හී අපි ඒ(නගරය) උඩු යටිකුරු කළෙමු. තවද ඒ මත පිළිස්සූ මැටි ගලින් එක පිට එක වර්ෂණය කැරවීමු.

අල්කුර්ආනය 11 – 77 සිට 82

එදා පැවතී සමාජය ඉහතින් අල්කුර්ආනය විස්තර කරන ආකාරයට අනුව එවකට එම සමාජයේ පිරිමියෙකුට නිදහසේ ජීවත් වීමට පවා නොහැකි පරිසරයක් පැවතුන් බව පැහැදිලි වේ. පිරිමි මිනිස් වෙස්ගෙන ලූත් (අලෛ) තුමාණන් හමුවීමට පැමිණි මලාඉකාවරුන් ට පවා කාමාශාවෙන් කරදරයක් කිරීමට ඔවුන් ඉදිරිපත් වූ බව අල්කුර්ආනය පැවසීම තුල එම ප්‍රදේශයට අමුත්තෙකුට පවා ඇතුල්වීමේ නොහැකි තත්වයක් පැවතුනු බව පැහැදිලි වේ. එම අමුත්තන් එවකට සමාජයේ කාමාතුරයන්ගෙන් මුදවා ගැනීමට ලූත් (අලෛ) තුමා තම දූවරුන් පෙන්වා ඔවුන් පිවිතුරු කන්‍යාවන් බවත්, ඔවුන් මඟින් නුඹලාගේ කාමාශාවන් සංසිඳුවා ගන්න ලෙසත්, මගේ අමුත්තන්ට හිරිහැරයක් නොකරන” ලෙසත් ආයාචනා කල බවත් අල්කුර්ආනය එවකට සමාජයේ ව්‍යසනයේ එක් පැතිකඩක් අපට පවසයි. එසේ පැවසූ ලූත් (අලෛ) තුමාණන්ට ඔවුන් ලබාදුන් පිළිතුර "අපට කාන්තාවන් අනවශ්‍ය බව ඔබ නොදන්නේද? අපට අවශ්‍ය පිරිමීන්" යන්න පැවසීම තුල එම සමාජයේ අරාජිකත්වයේ තරම කියාපාන අතර වත්මන් සමාජයට අවවාදයන් රාශියක් ද අල්කුර්ආනය ලබාදෙයි.

ලූත් (අලෛ) සමාජයේ තත්වය යලි ඇති නොවේ යන්නට සහතිකය කුමක්ද?

වත්මන් ලෝකය තුල මෙම “සමලිංගිකයන්ගේ” වර්ධනය හා ක්‍රියාකලාප දෙස බලන විට එදා අතීත ලූත් (අලෛ) තුමාගේ සමාජයේ පැවති එම ව්‍යසනය අනාගතයේදී මේ පොළොව මත ඇති නොවේ යන්නට කාටද පුළුවන් සහතිකයක් ලබාදෙන්න. එදා පැවති ලූත් (අලෛ) තුමාගේ සමාජ තත්වය කරා අප දැනටමත් ගමන ආරම්භ කොට අවසානය. එම ආරාජිකත්වය කරා අප වේගයෙන් ගමන් කරමින් සිටින්නෙමු. නමුත් මෙම තත්වය වෙසන් කිරීමට තවම අප ප්‍රමාද නැත. සමාජය තුල මේ සිදු වෙමින් තිබෙන විකෘතිය හදුනාගෙන නිවැරදි කරනවා වෙනුවට එය අප නිහඩව බලාසිටීම හෝ එම සමලිංගිකයන්ට ආවඩමින් ප්‍රකාශ නිකුත් කිරීම තුල මෙය පාලනය කල නොහැක. එම යථාර්තය තේරුම් ගැනීමට නොහැකි වීම සමස්ථ ලෝකයාගේම අවාසනාවක් වී ඇත.

දඩුවම් පහල වනතුරු ද බලා හිඳින්නේ

එදා අවවාද නොලද එම සමාජය අල්ලාහ් (දෙවි) විසින් සම්පූර්ණයෙන් විනාශ කල බව අල්කුර්ආනය මෙසේ පවසයි.

එබැවින් ඔවුන් මත (ගෙන්දගම්) ගල් වරුසාවක් අපි වසින්නට සැලැස්සුවෙමු. බිය ගන්වන ලද (ඔවුන් මත වසින්නට සැලැස්වූ ගෙන්දගම්) ගල් වරුසාව ඉතාමත් නපුරුය.

අල්කුර්ආනය 27 – 58

අපගේ අණ පැමිණි කල්හී අපි ඒ(නගරය) උඩු යටිකුරු කළෙමු. තවද ඒ මත පිළිස්සූ මැටි ගලින් එක පිට එක වර්ෂණය කැරවීමු.

අල්කුර්ආනය 11 - 82

ගල්වැහි සහිත කුණාටුවක් එව්වෙමු. නියතවශයෙන් ලූත්ගේ දරුපවුල හැර. (අන් අය විනාශයට පත් කළ) රාත්‍රී කාලයේ අවසන් කොටසේදී අපි ඔවුන් මිදෙව්වෙමු.

අල්කුර්ආනය 54-34

අපත් බලා සිටින්නේ මේ ආකාරයට දෙවියන් හමුවේ සිට විනාශයක් පහල වනතුරුද?. එසේ දඬුවම් පහල වනවිට එහි යහපත් අයහපත් ලෙස ජනතාව බෙදීමක් සිදුවන්නේ නැත සමස්ථ සමාජය එම දඬුවම අත්විඳීමට සිදුවෙනු ඇත. මීට අමතරව මෙවැනි පාපක්‍රියාවන් සමාජය තුල වැඩිවීම තුල සමස්ථ සමාජය විවිධ වූ ව්‍යසනයන්ට ගොදුරු වන බව වරක් මුහම්මද් (සල්) තුමාණන් ද මෙසේ අවවාද කලේය,

“කිසියම් ජන සමුහයක් මධ්‍යයේ “සිzනා” (අපචාර, අනියම් සම්බන්ධතා, ස්ත‍්‍රි දුෂණ, සමලිංගික ඇසුර, අතවර… යනා දී සමාජ විරෝධි (කාමයේ වරදවා හැසිරීම්) ක්‍රියාවන්) වැඩිවුයේ නම් ද එය ප‍්‍රසිද්ධියේ සිදු වන්නේ නම් ද එවන් ජන සමූහයක් “තාවූන්” හෙවත් මාරාන්තික රෝගයන් බලාපොරොත්තු වන්න. තවද මීට පෙර ජන සමුහයන් නොදුටු, නොඇසු රෝගයන් හා විනාශයන් ද බලාපොරොත්තු වන්න.”

දන්වන්නේ :- අබ්දුල්ලාහ් ඉබුනු අම්ර් (රලි), ග‍්‍රන්ථය :- ඉබුනුමාජා 4019

(මේ පිලිබදව යහමග අඩවිය තුල දීර්ඝ ලෙස සාකච්චා කල මීට පෙර ජන සමුහයන් නොදුටු රෝගයන් යන ලිපිය කියවන්න)

මුහම්මද් (සල්) තුමාණන් ම අප ගැන බිය වූවා

මෙම සමලිංගික ක්‍රියාව සමාජය වශයෙන් සැලකූවත්, ආගමික වශයෙන් සැලකූවත් එය මහා ඛේදවාචකයක් යන්නෙහි දෙවැනි මතයක් නැත. එසේම මෙම පහත් ක්‍රියාවට මනුෂ්‍යා ඇබ්බැහි වීමේ ප්‍රවනතාවයක් ද පෙනෙන්නට ඇත. එම හේතුව නිසා වියයුතුයි මුහම්මද් (සල්) තුමාණන් පවා මෙම කාරණය සම්බන්ධයෙන් මිනිස් සමාජයට අවස්ථා ගණනාවකදීම දැඩිව අවවාද කලේ. එවැනි අවවාද කිහිපයකට දැන් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

"ලූත්ගේ ජනයාගේ ක්‍රියාවට වඩා මගේ උම්මාව වෙනුවෙන් මා බිය වන කිසිවක් නැත" යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බව ජාබිර් (රලි) තුමා දන්වයි.

මූලාශ්‍ර ග්‍රන්ථය - තිර්මිදි, 1457 සහ ඉබ්නු මාජා, 2563

"... සතෙකු සමඟ සංසර්ගයේ යෙදෙන තැනැත්තා ශාපයට ලක් වේ, ලූත්ගේ මිනිසුන්ගේ ක්‍රියාව කරන තැනැත්තා ශාපයට ලක් වේ." යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බව ඉබුනු අබ්බාස් (රලි) තුමා දන්වයි.

මූලාශ්‍ර ග්‍රන්ථය - අහමද්

ඉහත හදීස් දෙක හොදින් අධ්‍යනය කරන්නේ නම් මෙම නින්දිත පාපය සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමාණන් තම ජනයා සම්බන්ධයෙන් කොතරම් බිය වී ඇත්තද යන්න පැහැදිලි වේ. මෙය මිනිස් සමාජයෙන් මුලිනුපුටා දැමිය යුතු පිලිකාවකි. එම නිසයි ඉස්ලාම් දහම මෙවැනි දුරාචාරයෙහි නියලෙන්නන්ට දැඩි දඬුවම් යෝජනා කරන්නේ. එය නබිතුමාණන් මෙසේ පැවසුවේය.

'ලූත්ගේ මිනිසුන්ගේ ක්‍රියාව ඔබ කවුරුන් කරයිද, එය කරන්නා සහ එයට සහය දක්වන තැනැත්තා මරා දමන්න. ” යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බව ඉබුනු අබ්බාස් (රලි) තුමා පවසයි.

මූලාශ්‍ර අල්හදීස් ග්‍රන්ථය - තිර්මිදි 1456, අබුදාවුද් 4462, ඉබ්නු මාජා 2561

මුහම්මද් (සල්) තුමාණන් මෙතරම් දැඩිව අවවාද කොට ඇති මෙම පාපකාරී දුරාචාරය සම්බන්ධයෙන් අප සමාජය විද්වතුන් යැයි කියා ගන්නා සමහරක් ට වගේ වගක් නැත. විශේෂයෙන් අප රටේ පාලකයින් සහ බලධාරීන් ඔවුන් මෙම තත්වයන් පාලනය කරනවාට වඩා ඒවාට අනුබලදීමට නීති සැකසීමට ලහි ලහියේ කටයුතු කරමින් ඇත. ඉහල සංස්කෘතියක් හා ප්‍රෞඩ ඉතිහාසයක් පිලිබදව කථා කල අප මෙවැනි විකෘතීන් නීතිගත කිරිමට කථා කිරීම අප ජීවත් වන සමාජයේ ශාපලත් බව මනාව පිළිබිඹු කරන්නකි. එසේම මෙවන් කථිකාවන් අප සමාජයේ සාරධර්ම කොතෙක් දුරට නාය ගොස් ඇද්දැයි යන්න මනාව ඔප්පු කරන්නකි. මේ සියළු කාරණයන් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම සටහනට විරාමය තබමි.

(ඔබේ වැඩිදුර අවදානයට - මෙම විෂය සම්බන්ධයෙන් අන්තර්ජාලය තුල සමලිංගිකත්වය සංස්කෘතියේ කොටසක්? යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකාව පදනම් කරගෙන සාකච්චා කල ලිපිපෙලක් තිබූ අතර එම ලිපි උපුටාගෙන යහමග අඩවිය තුල පලකොට ඇත. එම ලිපි ඉහත මාකෘතාව Click කොට පිවිස කියවීමේ හැකියාව ඇත.)


-අබූ අර්ශද්-


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/05/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම