සමාජයේ පිරිහීමට නබි වදනකින් පිළිතුරක්
අප සමාජය සෑම අතින්ම පාහේ පිරිහී ඇති ආකාරයක් අද දක්නට ඇත. මෙසේ සමාජයේ පිරිහීමට එක් හේතුවක් ලෙස අයහපත (වරද) නොවළක්වා සිටීමත් ගෙන හැර දැක්විය හැකි ය. එය නබිතුමාණන්ගේ එක් නබිවදනකින් පවසන්නේ නම්,
බනූ ඉස්රායීල්වරුන්ගේ පිරිහීම පළමුවෙන් සිදුවූයේ ඔවුන්ගෙන් කෙනෙක් තවත් කෙනෙකුව මුණ ගැසුණ විට ඔහු වෙත ආගමට පටහැනි කටයුතු වලින් කිසික් දුටුවහොත් “අල්ලාහ්ට බිය වනු! නුඹ කරන ක්‍රියාව නතර කරනු! මෙය නුඹට සුදුසු නොවේ” යනුවෙන් ඔහුව වළක්වයි. නමුත් පසුදින මුණ ගැසුන විට, ඔහු එලෙසම සිටිනු දුටු විට, ඔහුව (නොවළක්වා) එසේ සිටියදීම ඔහු සමඟ, එකට ආහාරපාන ගැනීමෙනුත්, එකට වාඩිවීමෙනුත් තමන්ව වළක්වා ගත්තේ නැත. මෙම පුරුද්ද දිගටම පැවතුණු නිසා, “අල්ලාහු තආලා ඔවුන්ගෙන් සමහරුන්ගේ මනස, තවත් සමහරුන්ගේ මනස සමඟ මිශ්‍ර කළේ ය” යැයි පැවසූ පසු ‘ලුයිනල්ලදීන කෆරූ’ යනුවෙන් පටන් ගන්නා ශුද්ධ කුර්ආන් ආයතය ෆාසිකූන් දක්වා පාරායනය කොට පෙන්වූහ. (ශුද්ධ වූ කුර්ආනය 5:78,79,80,81)
ඉස්රායිල් දරුවන් අතුරින් ප්‍රතික්ෂේප කළ අය, දාවුද් සහ මර්යම්ගේ පුත් ඊසාගේ දිවෙන් ශාප කරනු ලැබුණි. එය ඔවුන් අකීකරු වී සීමාව ඉක්මවූ හෙයිනි.
ශුද්ධ වූ කුර්ආනය 5-78
ඔවුහු තමන් කළ වැරදි ක්‍රියාවන් නොකරන ලෙස එකිනෙකා නොවැළැක්වූහ. ඔවුන් කළ දැය ඉතා නපුරුය.
ශුද්ධ වූ කුර්ආනය 5-79
(නබි මුහම්මද්!) ඔවුන්ගෙන් බොහෝ දෙනකු (විශ්වාසිකයන්ට එරෙහිව) ප්‍රතික්ෂේප කරන අය සහායකයින් කරගැනීම නුඹට දැකිය හැකිය. ඔවුන් තමතමන්ටම ඉදිරිපත් කළ දැය ඉතා නපුරුය. අල්ලාහ් ඔවුන් කෙරෙහි උදහස පහළ කෙළේ මෙනිසාය. ඔවුහු වේදනාවෙහි සදාකාලිකවම වෙසෙති.
ශුද්ධ වූ කුර්ආනය 5-80
ඔවුහු අල්ලාහ් ගැනද නබිවරයා ගැනද ඔහු (නබිවරයා) වෙත පහළ කරනු ලැබූ දැය ගැනද විශ්වාසය කරන්නාහු නම් ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) ආරක්ෂකයන් ලෙස නොගන්නෝමය. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනකු පව්කාරයෝ වෙති.
ශුද්ධ වූ කුර්ආනය 5-81
පසුව නබිතුමාණෝ “ජනයින්ට යහපත අණ කරමින්ම සිටින්න. අයහපතින් ඔවුන්ව වළක්වමින්ම සිටින්න. ඔවුන්ව එම අයුක්තියෙන් වළක්වා සත්‍ය දෙයට ඇඳගෙන එන්න. තවද සත්‍ය ඔවුනට අනිවාර්‍යව වටහා දෙන්න. මෙලෙස ඔබලා නොකළහොත් බනූ ඉස්රායීල්වරුන්ගේ මනස මිශ්‍ර කළාක් මෙන් ඔබලාගේ මනසද මිශ්‍ර කරයි. ඔවුන් වෙත ශප කළාක් මෙන් ඔබලා වෙතද ශාප කරයි” යනුවෙන් පැවසූහ.
දන්වන්නේ : ඉබ්නු මස්ඌද් (රලි) තුමා විසිනි. මූලාශ්‍ර ග්‍රන්ථ – අබූ දාවුද්, තිර්මිදි
තිර්මිදි ග්‍රන්ථයේ තවත් දැන්වීමක බනූ ඉස්රායීල්වරු පව්වල ගිලීම ආරම්භ කළ විට ඔවුන්ගේ ආගමික උගතුන් ඔවුන්ව වැළැක්වූහ. නමුත් ඔවුන් පව් ක්‍රියාවන් අත්හැරියේ නැත. එම ආලිම්වරු (ආගමික උගතුන්) ඔවුන්ගේ සභාවල වාඩි වූහ. ඔවුන් සමඟ එකට ආහාරපාන ගත්හ. එම නිසා අල්ලාහ් ඔවුන්ගේ මනස තවත් සමහරුන්ගේ මනස සමඟ මිශ්‍ර කළේ ය. ඉන්පසු ඔවුන්ගේ (නබිවරුන් වන) දාවූද් (අලෛ) තුමා හා ඊසා (අලෛ) තුමා මඟින් ශාප කරන ලදී. වෙනස්කම් කළ හේතුවෙනුත්, සීමාව ඉක්මවූ හේතුවෙනුත් ඔවුන්ට එසේ සිදු වුණු බව නබිතුමාණෝ පැවසූහ. එම මොහොතේ හාන්සි වී සිටි නබිතුමාණෝ වාඩි වී, “මාගේ ප්‍රාණය කා වෙත තිබේද එම අල්ලාහ් මත දිවුරා පවසමි. දිවෙන් පමණක් වැළැක්වීම ප්‍රමාණවත් නොවේ. ඒ වෙනුවෙන්ම ඔවුන්ව සත්‍ය දෙසට ගෙන ආ යුතු ය.” යැයි පැවසූහ.
එම නිසා අපි යහපත පනවනවා මෙන්ම අයහපතද වළක්වමින් ද ජීවත් වීමට පුරුදු වෙමු.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න