සමාජ මාධ්‍යයන් තුල වල්මත් නොවුණු යහපත් පවුල් දිවියක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


සමාජ මාධ්‍යයන් තුල වල්මත් නොවුණු යහපත් පවුල් දිවියක්
සමාජ මාධ්‍යයන් තුල වල්මත් නොවුණු යහපත් පවුල් දිවියක්

වත්මන් සමාජයේ බොහෝ පවුල්වල අඹු-සැමි සම්බන්ධතාවය හුදෙක් යුතුකම් හා වගකීම්වලට පමණක් සීමා වූ අමිහිරි එකක් වී ඇත. මෙවැනි අමිහිරි පවුල් ජීවිත අඹුසැමියන් අතර නිර්මාණය වීමට මුලික වූ හේතු කාරණා රාශියක් පැවතිය ද එයින් ප්‍රධානම කාරණය වන්නේ අඹු-සැමියන් දෙදෙනා අතර සංවාද අඩුවීමයි. මානව සම්බන්ධතාවයක දී අත්‍යඅවශ්‍යම සාධකය සංවාදයයි. නමුත් මෙම තරඟකාරී ලෝකය තුල පවුලේ දෙදෙනාම හෝ කෙනෙකුගේ කාර්‍යබහුලත්වයත් සමඟ මෙම එකට වාඩි වී කථා කරන හා සවන් දෙන මානසිකත්වය ගිලිහී ගොස් ඇත.

මෙලෙස පවුල් ජීවිතය තුල ගිලිහුනු සංවාද හා සවන්දීම් යලි ගොඩනඟා ගන්නවා වෙනුවට විකල්ප සෙවූ සමාජය අද නූතන තාක්ෂණය තුල ඇලී-ගිලී අවාසනාවන්ත තැනකට වැටී ඇත. එනම්, ජංගම දුරකථන හා පරිගණක වැනි තාක්ෂණය හරහා Facebook, WhatsApp, Instagram, Tiktok… යනාදී සමාජ මාධ්‍ය තුල තව තවත් හුදෙකලා වී ඉතා ඛේදනීය තැනකට අද ඇදවැටී ඇත. මේ හේතුව නිසා අඹුසැමි දෙදෙනා අතර දුරස්ථභාවය තව තවත් වර්ධනය වී අවසානයේ ඔවුන් දෙදෙනා අතර සංවාද සම්පූර්ණයෙන්ම වාගේ නතර වී ඔවුන් අතර පැවතී ආදරය ආකර්ශණය සම්පූර්ණ ගිලිහී යුතුකම් වගකීම්වලට පමණක් සීමා වූ විටෙක එය ද ඉටු නොවන ශරීර කූඩු දෙකක් යන තත්වයට පත්ව ඇත.

අල්ලාහ් (දෙවි) අල්කුර්ආනය තුලින් පවසන පහත කාරණය වෙත මොහොතක් ඔබේ බුද්ධිමත් අවදානය යොමු කරන්න,

නුඹලා ඔවුන්ගෙන් සිත සුව ලැබීම පිණිස (නුඹලාගේ) භාර්‍යයාවන් නුඹලා තුලින්ම නුඹලා වෙනුවෙන්ම මවා තිබීමත්, නුඹලා අතරේ ආදරය කරුණාව ඇති කොට තිබීමත්, (දෙවියන් වන) ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයකි. බුද්ධිමත්ව වටහා ගත හැකි ජනයාට මෙහි නියත වශයෙන්ම (එකක් නොව, බොහොමයක්) සාධකයන් ඇත්තේය.

අල්කුර්ආනය 30-21

අඹු-සැමියන් ලෙස ජීවත් වන විවාහපත් යුවලකගේ සිත සුවපත් වීම පිණිස ඔවුන් අතර ආදරය කරුණාව ඇත කල බව ඉහත වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) පැහැදිලිව පවසයි. දෙවියන් පවසන මෙම ‘ආදරණීය බැදීම’ ප්‍රීතිමත් හා සාර්ථක පවුල් ජීවිතයකට මග පාදන ප්‍රධාන සාධකය යන්න මෙහි මා විස්තර කොට ඔබට පැහැදිලි කලයුතු නොවේ යයි සිතමි.

එවන් වූ ආදරණීය හා ප්‍රීතිමත් සාර්ථක පවුල් ජීවිත එම පවුල් එකකය පමණක් නොව ප්‍රීතිමත් හා සුවපත් සමාජයක්ම නිර්මාණය වීමට අවශ්‍ය මංපෙත් විවර කරන්නේය. එවන් සුන්දර සුවපත් සමාජයක් බිහිවීමට අවශ්‍ය ආදරණීය හා ප්‍රීතිමත් සංවාද සංනිවේදන තම පවුල් ජීවිතය තුල ගොඩනඟා ගැනීම ප්‍රතික්ෂේප කොට සමාජ මාධ්‍යයන් තුල හුදෙකලා වී ඔබ සොයන සතුට, ආදරය හා මිතුදම අවසානයේ ඔබට ඉතිරි කරන්නේ කුමක්ද?. දුක, පසුතැවීම, හුදෙකලාව පමණක් නොවේද?. එය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම සටහනට විරාමය තබන්නේ ඉදිරියටත් මෙවැනි මාතෘකා ඔබේ අවදානයට ගෙන ඒමේ පොරොන්දුව මතයි.

* සාර්ථක පවුල් දිවියකට මඟපෙන්විම්

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම