සර්වප්‍රකාරයෙන්ම අල්ලාහ් (දෙවි) අපට ප්‍රමාණවත්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මුස්ලීම් ජනයාට එරෙහි ජාතිවාදී කුමණ්ත්‍රන යන්න ශ්‍රී ලාංකීය අපට අළුත් කාරණයක් නොවේ. විශේෂයෙන් පසුගිය දශකය දෙස හැරී බලන විට මේ රට තුල ජාතිවාදී ප්‍රහාර, කුමණ්ත්‍රන, ව්‍යාපාර නොඅඩුව දක්නට ලැබුණි. පසුගිය වසර දෙක තුනක එහි අඩුවක් තිබුණත් නැවතත් ඒ අතීත අඳුරු යුගයේ සෙවනැලි නැවත මතුවෙමින් ඇත. විශේෂයෙන් රාජපක්ෂ ජනාධීපති පාලන සමයේ මේ ජාතිවාදී ව්‍යාපාර ජාතිවාදය අගයන සියල්ලගේ ආශිර්වාදය මධ්‍යයේ යහමින් ක්‍රියාත්මක විය. මේ හේතුව නිසාම 2015 ජනාධිපතිවර්ණය සමයේ රාජපක්ෂ පාලනයට එරෙහිව මේ රටේ මුස්ලීම් ජනතාව පෙලගැසුනහ. එහිද ප්‍රථිපලයක් ලෙස එදා රාජපක්ෂ පාලනය අවසන් වූවත්, අද ඒ 62 ලක්ෂයක ජන මතය වත්මන් ජනාධිපති පාවාදීම හේතුවෙන් නැවතත් රාජපක්ෂ පාලනයක් නිර්මාණය වෙමින් ඇත.

මේ මොහොතේ මුස්ලීම් සමාජය තුල කථිකාවන් ගණනාවක් සිදුවෙමින් ඇත. ඒ,

  • නව වෙනස මේ රටේ මුස්ලීම් ජනතාවට යහපතක් වේවි – (රාජපක්ෂ පාලනයට පක්ෂ පිරිසගේ අදහසයි)
  • එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මේ රටේ මුස්ලීම් ජනයාට ගැටළුවක් වෙන්නේ නෑ – (එක්සත් ජාතික පක්ෂයට පක්ෂ පිරිසගේ අදහසයි)
  • නෑ මේ රටට ජනතා විමුක්ති පෙරමුණූ ආණ්ඩුවකුයි අවශ්‍ය – (ජේ.වී. පෙ පක්ෂයට පක්ෂ පිරිසගේ අදහසයි)
  • මේ රටේ කවුරුන් පාලනයේ සිටියත් අපට යහපතක් වෙන්නේ නෑ – (මෙය පක්ෂ දේශපාලනය විශ්වාස නොකරන පිරිසගේ අදහසයි)

මේ ආකාරයට කුමණ මතවාද සමාජය තුල කථිකා කලත් සැබෑව මේ කිසිවක් නොවේ. සැබෑව නම් මේ රටේ පාලකයන් කවුරුන් වූවත් මුස්ලීම් ඔබව කම්පා කරවන, දුක්වීමට සලස්සවන, පසුතැවිල්ලට ලක් කරන ‘ඇයි අනේ අපිට ම මෙහෙම වෙන්නේ ?’ යනුවෙන් සිතන්න පොළොඹවන බොහෝ දෑ සිදුවනු ඇත යන්නයි. ඔබ ඉස්ලාම් දහම දරාසිටින තුරු එහි ඉගෙන්වීමන් නිසිලෙස පිලිපදින තුරු අපව පිරික්සනු පිණිස ඉහත ආකාරයේ ඛේදවාචකයන් අඩු වැඩි වශයෙන් ඔබ අපව සම්මුඛ වනවා යන්න ඉස්ලාම් දැඩිව අවදාරනය කරන සත්‍යයකි. එසේනම් මෙතැනදී වැදගත් වන්නේ මෙවන් පසුබිමක මුස්ලීම්වරයෙකු ක්‍රියා කලයුත්තේ කෙසේද? ඔහුගේ ප්‍රතිපදාව වියයුත්තේ කුමක්ද? යන්න පිලිබදව නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම පමණි.

මා දැක්කා මේ නව දේශපාලන පෙරලියත් සමඟ අප රටේ ජාතිවාදී සමාජ ජාලවල හා බ්ලොග් අවකාශවල මේ රටේ මුස්ලීම් ජනයාට එරෙහිව වීරවදන් පෝස්ටර් හා පොස්ට් ඉදිරිපත් වෙනවා. ඔවුන්ගේ ප්‍රකාශයන් දෙස බලනවිට පෙනීයන්නේ අනාගතයේ මේ ශ්‍රී ලාංකීය පොළොව මත මුස්ලීම් යන නමක් හෝ නොපැවතිය යුතු යන්න ඔවුන්ගේ අරමුණ බවයි. ඔවුන් ඒ සදහා කවර ආකාරයේ ක්‍රමණ්ත්‍රනයන් සිදුකලත්, මුස්ලීම් සමාජය කලබල වියයුතු නැත. සැබෑ මුස්ලීම්වරයෙකු මෙවැනි ක්‍රමණ්ත්‍රනයන් හා සැලසුම් හමුවේ කිසිවිටෙකත් බියවන්නේ හෝ සැලෙන්නෙ ද නැත. මුස්ලීම්වරුන්ගේ ලෝක ඉතිහාසය හොදින් විශ්ලේශනය කරන ඕනෑම කෙනෙකුට මෙම සත්‍යය අවබෝධ කරගැනීම අපහසු නොවේ. මෙම සත්‍යය ශුද්ධ වූ කුර්ආනය ද මෙසේ පවසයි.

ඔවුන් කවරේද නම්, සැබැවින්ම ජනයා නුඹලාට විරුද්ධව රැස්ව සිටිති. එබැවින් ඔවුනට බියවෙන්නැයි, ජනයා කී විට එය ඔවුන්ගේ (දේව) විශ්වාසය වඩාත් ශක්තිමත් කළේය. හස්බුනල්ලාහු වනි‘මල් වකීල් (අල්ලාහ් අපට සර්වප්‍රකාරයෙන්ම ප්‍රමාණවත්ය). අනගිතම ආරක්ෂකයා ඔහු බව ඔවුහු කීහ.

ශුද්ධ වූ කුර්ආනය 3-173

මුස්ලීම් විරෝධීන් මුස්ලීම්වරුන් බියවැද්දීම් තැතිගැන්වීම් සිදුකරන විට සැබෑ මුස්ලීම්වරයෙකු තව තවත් දෙවියන්ට සමීප වනවා යන්නත්, ඔහුගේ දේව විශ්වාසය ද තව තවත් ඉහල නැංවෙනවා යන්නත් ඉස්ලාම් පවසන සත්‍යයි. මෙවැනි අවස්ථාවල මුස්ලීම්වරයෙකු කිසිවිටෙක කම්පා වී බියගුලුවෙකු ලෙස මුල්ගැන්වෙන්නේ නැති බවත් ධෛර්‍යයෙන් සතුරන් මුහුණට මුහුණ සම්මුඛ වන බවත් ඉස්ලාමීය ඉතිහාසය පුරාවට අපට දකින්නට ලැබෙන සත්‍යයි. සර්ව බලධාරී, අල්ලාහ් (දෙවි) පිලිගෙන ඔහුගෙන් පමණක් බියබැතිව, ඔහුගෙන් පමණක් උපකාර අපෙක්ෂා කර සිටින සැබෑ මුස්ලීම්වරයෙකු කිසිදු විටෙක ඉස්ලාම් හෝ මුස්ලීම් විරෝධීන් හමුවේ කම්පාවට පත්ව බියගුලුවන්ත ලෙස මුලුගැන්වෙන්නේ නැත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම