සහෝදරත්වයේ දෑත් දිගු කරන්න..!

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය 2014/06/15 දින බේරුවල, අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවල ජාතීවාදීන් දියත්කල දැඩි ප්‍රහාරයට හා සූරාකෑමට ගොදුරු වී තම ඥාති හිතමිතුරන් අහිමිව, ජීවිත කාලය පුරාවට රුස්කල ධනය හා දේපල අමිහිව, තවදුරටත් අපි ජීවත්වෙලා මොකටද? යයි සිතන තරම් මරණ බියෙන් මුළුගැන්වී සිටින ඒ අසරණ ජනතාවට සමස්ථ මුස්ලීම් සමාජයේ සහෝදරත්වයේ දෑත් දිගු වියයුතුව ඇත. සියල්ල අහිමිව හුදෙකලාව සිටින ඔවුන්ගේ ජීවිතයට හා අනාගත බලාපොරොත්තුවට වචනයකින් හෝ ශක්තියක් දෛර්‍යයක් ලබාදිය යුතුව ඇත. එදා (ඉස්ලාම් ප්‍රකාශ වූ ආරම්භ කාලයේ මුස්ලීම් ජනතාව ඉස්ලාම් වීරෝධීන්ගෙන් දිවි බේරාගෙන මක්කාවේ සිට මදීනාවට පලාගිය) ‘හිජ්රතය’ අද මේ මොහොතේ අප සිහියට නැඟීය යුතුව ඇත. ඒ මදීනාවාසීන් මක්කාවාසීන්ට සහොදරත්වයේ දෑත් දිගු කලාසේ බේරුවල, අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවල අද අසරණ වී සිටින ජනතාවට සහෝදරත්වයේ දෑත් දිගු කලයුතුව ඇත. හිජ්රතය තුල පමණක් නොව සකාතය, සදකාව තුල දිව්‍යමය ආදර්ශ ලද මුස්ලීම් සමාජය ඔවුන්ගේ අවශ්‍යතාවෙයන් සොයා බලා තමන්ට කලහැකි උපරිමය කලයුතුව ඇත.

එපමණක් නොව හැකි සෑම කෙනෙකුම ඒ ප්‍රදේශවලට ගොස් ඔවුන්ගේ දුක බෙදාගතයුතුව ඇත. විශේෂයෙන් මෙම ඛේදවාචකයට ගොදුරු වූ දරුවන් වෙනුවෙන් සැලසුම් සහගත මැදිහත්වීමක් කලයුතුව ඇත. මේ සියල්ලම කරන අතර තුර අනිවාර්‍යයෙන්ම මේ අවාසනාවන්ත ඛේදවාචකයට ගොදුරු වූ ජනයාගේ යහපත වෙනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා ද කලයුතුව ඇත.

පැත්ත ගියත් ඇත්ත කියන මාධ්‍යයන් පැත්කට වෙද්දී, සත්‍ය ප්‍රථමයෙන් ගෙන එන මාධ්‍යයන් සත්‍ය අසත්‍ය නොසොයා පැත්තකට වෙද්දී, අනිකුත් මාධ්‍යයන් සුපුරුදු පරිදි කඩේයද්දී එම ප්‍රදේශවල ජනතාවට ඇත්තටම සිදු වූයේ කුමක්ද? යන්න සමස්ථ සමාජයට අණාවර්නය වන්නේ ඉතා අල්ප වශයෙනි. එසේ වාර්ථා වූ තොරතුරු යහමග අඩවිය තුල හැකි පමණින් මීට ඉහත ද ඉදිරිපත් කල අතර එවැනි රූපරාමු කිහිපයක් හා ඒ ඛේදවාචකයට මැදිවූ පුද්ගල ප්‍රකාශ කිහිපයක් ඔබේ දැනගැනීම පිණිස මෙහි ද පෙලගසමි.

වැඩි විස්තර සදහා - https://blog.yahamaga.lk/7383/

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම