ස්වභාව දහමේ නිමැවුමක්ද? දේව සැලැසුමක්ද?

From Yahamaga.LK

  Logo2020.png       Home       Articles       Gallery       About Us       -       Yahamaga Old Site


Nat yahamaga.jpg

එදිනෙදා ජීවිතයේ අපට හමුවන සහ අසන්නට ලැබෙන විශ්මිත බොහෝ දෑ පිරිසක් එය 'දේව නිර්මාණයක්' යයි දේව භක්තියෙන් පවසන විට තවත් පිරිසක් එය 'ස්වභාවදහමේ නිමැවුමක්' යයි දේව සංකල්පය ප්‍රතික්ෂේප කරමින් තර්ක කරයි. එවැනි කාරණයන් ඔබේ බුද්ධිමත් විමසුමට මේ මණ්ඩපය යටතේ පෙලගසමි.


මිනිස් සම

FireBIG2 yahamaga.jpg

අල්කුර්ආනය මිනිසා මැවූ අල්ලාහ්ගේ වදනයි. ඒ බව සනාථ කරමින් අල්ලාහ් අල්කුර්ආනයේ මෙලෙස පවසයි.

සම දරුණු පිළිස්සීමකට ලක් වූ විට තවදුරටත් පිළිස්සුම් වේදනාව නොදැනෙන බැවින් දිගටම වේදනාව දැනීමට සම අලුත් විය යුතු බව අල්ලාහ් අල්කුර්-ආනය තුලින් මීට අවුරුදු 1400කට පෙර ම පවසයි. නමුත් මේ බව විද්‍යාව සොයාගත්තේ අද ඊයේය. කුර්-ආනය ඇතැමුන් පවසන පරිදී මිනිසුන්ගේ නිර්මාණයක් නම්, මෙවන් විද්‍යාත්මක සත්‍යයක් මීට අවුරුදු 1400කට පෙර අවිද්‍යාවෙන් මුසපත් වූ යුගයක පහළ වූ කුර්-ආනය තුල සඳහන් ව ඇත්තේ කෙළෙසද?

“නියතවශයෙන්ම (සත්‍යය) ප්‍රතික්ෂේප කරන්නන් ගින්නෙන් දවනු ලැබේ. ඔවුන් වේදනාව තවදුරටත් විඳිමින් ම සිටීම සඳහා ඔවුන් ගේ සම දැවී අඟුරු වී ගිය සෑමවිට ම වෙනත් අලුත් සමක්ප්‍රතිස්ථාපනය කරන්නෙමු. නියතවශයෙන් ම අල්ලාහ් බලසම්පන්නය,ඥානාන්විතය.”

අල්කුර්ආනය 4: 56

කුර්-ආනය මෙම වාක්‍යයෙන් පවසන්නේ දරුණු පිළිස්සිමකින් පසු යළි වේදනාව දැනීමට අලුත් සමකින් ප්‍රතිස්ථාපනයකළයුතු බව මිස පිළිස්සුම් තුවාලය සුව වන තෙක් සිටිම හෝ ඉබේ සම අලුත්වැඩියා වීමක් ගැන නොවේ. එයට හේතුව ද වෛද්‍ය විද්‍යාව අද සොයාගෙන ඇත. එනම්, දරුණු පිළිස්සිමකට පසු නැවත කිසිසේත් ඉබේ සම නොසෑදෙන අතර සුව කිරීමට නම් අනිවාර්යයෙන්ම එම පිළිස්සුනු කොටස කපා ඉවත් කර අලුත් සමක් බද්ධ කළයුතුය. එය වෛද්‍ය විද්‍යාත්මකව excission සහ Skin grafting යනුවෙන් හඳුන්වයි.

එකම වාක්‍යයක් තුළ වුවද මෙවන් ගැඹුරු විද්‍යාත්මක හරයන් ගැබ්වන්නට තරම් කුර්-ආනය විශ්මය ජනකය. සත්‍යය සොයා ගැනීම බුද්ධිමත් ඔබට භාරය.

වැඩි විස්තර - අපා ගින්නේත් විද්‍යාව

මුහු නොවන මුහුදු ජලය

Sea yahamaga-bpfbt.png

එකින් එකට මුසු නොවන මුහුදු ජලය පිලිබදව අල්කුර්ආනය මෙසේ පවසයි.

එකට එකතු වන සමූද්‍රයන් දෙකම ඔහුම හමු වීමට සැලැස්සුවේය, එහෙත් ඒවා අතර බාධකයක් ඇත. (එම බාධකය) ඒ දෙක, කඩ කරන්නේ නැත.

අල්කුර්ආනය 55-19 හා 20

වැඩි දුර කරුණු සදහා පහත වීඩියෝ Link නරඹන්න