සියදිවි නසාගැනීම පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


පසුගිය 21 බෝම්බ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවත්, එයට සම්බන්ධ වූ පිරිස මුස්ලීම්වරුන් යන්නත් දැන් පැහැදිලිව අනාවර්ණය වී ඇත. මේ හේතුව නිසා ‘මුස්ලීම්වරයෙකු මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල් කිරීම ඉස්ලාම් දහමට අනුකූලද ?’ යන කාරණය ‘යහමග’ තුලින් විමසා බැලීමට මා අදහස් කරමි.

මෙහිදී ශ්‍රී ලාංකීය සමාජය ප්‍රථමයෙන් වටහාගතයුතු කාරණය නම්, මුස්ලීම්වරුන් කරන සියල්ල ඉස්ලාම් නොවන බවත්, ඉස්ලාම් කියන සියල්ල මුස්ලීම්වරුන් සියළුදෙනා එකසේ පිලිනොපදින බවත්ය. මෙය ඉස්ලාම් දහම තුල පමණක් නොව ලොව සෑම ජන සමාජයකම ආගමකම දකින්නට තිබෙන පොදු තත්වයකි. ඒ අනුව මුස්ලීම්වරුන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකල පමණින් එයයි ඉස්ලාමීය ඉගෙන්වීම යැයි ප්‍රචාරය කිරීමත්, මාධ්‍ය සාකච්චා පැවැත්වීමත්, තීන්දු තීරණ ගැනීමත් කිසිසේත් සාධාර්ණ නොවන බව මුලින්ම සදහන් කරමි.

යමක් ඉස්ලාම් යැයි පැවසීමට නම්, එය ශුද්ධ වූ කුර්ආනයේ හෝ මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟපෙන්වීම (වන හදීස්) තුල තිබීම අනිවාර්‍ය වේ. ඒ අනුව මෙවැනි මරාගෙන මැරීම ප්‍රහාරයකට හෝ සියදිවි හානි කරගැනීමේ ක්‍රියාවකට ඉස්ලාම් දහම තුල කිසිදු ඉගෙන්වීමක් නොමැති බව මෙහි පැහැදිලිවම සදහන් කලයුතුයි. මෙවැනි තත්වයක කිසිවකු එවන් ක්‍රියාවක නියලෙන්නේ නම්, එය ඉස්ලාම් විරෝධි ක්‍රියාවක් බව මෙහිදී වටහාගතයුතු අතර එවැනි ක්‍රියාවක නියලෙන පිරිස සම්බන්ධයෙන් ඉස්ලාම් දැඩි දඬුවම අවවාද කිරීමේ ඉගෙන්වීමන් නම් ඉස්ලාම් දහම තුල දක්නට ලැබෙන බව මෙහි සදහන් කලයුතුයි. එනම්,

මුහම්මද් (සල්) තුමාණණ් මෙසේ පවසන ලදී,

කඳු මුදුනෙන් පහළට පැන සිය දිවි හානි කර ගත් අය නිරයේ ද සදාකාලිකව ඉහල සිට පහලට හෙලමින් දඩුවම් කරණු ඇත. විෂ ශරීරගත කොට සියදිවි නසාගන්නා පුද්ගලයා අපාගින්නේ හිඳ තම විෂ පානය කරමින් සදාකාලිකවම එහි සිටිනු ඇත. තියුණු ආයුධයකින් සියදිවි නසාගත් තැනැත්තා අපා ගිනි මැද හිඳ තම එම ආයුදයෙන්ම තමාගේ උදරයට ඇනගනිමින් සදාකල් එහි වසනු ඇත.

දන්වන්නේ අබු හුරෙයිරා (රලි) තුමා

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

ඉහත ඉගෙන්වීම හොදින් බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, සියදිවි හානි කරගැනීම සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය ඔබට පැහැදිලි වියයුතුය. ඒ අනුව අප රට තුල පසුගිය දිනයේ එල්ල වූ මරාගෙන මැරෙන් ප්‍රහාරය ඉස්ලාම් දහමේ ඉගෙන්වීමට එරෙහිව සිදුකල ක්‍රියාවක් බවත්, ඉස්ලාමීය ඉගෙන්වීම අනුව මෙම ක්‍රියාවට දඬුවම සදාකල් නිරය යන්නත් පැහැදිලි වේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම