සියදිවි හානි කරගැනීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටී 24 හැවිරිදි සිසුවෙකුගේ මෘත දේහය ගැටඹේ ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබියදී සොයාගත් පුවත රට ම කම්පා කරවන්නක් විය. එහි සංවේදීම කාරණය වන්නේ මනෝ විද්‍යාව පිලිබදව හදාරන ඔහු සියදිවි හානි කරගැනීමට පෙර තැබු සටහනයි. එනම්, ‘මා හට කවුරුන් හෝ මුණගැසි බාධාවක් නොපැමිණිය නම්, මාගේ දේහය මහවැලි ගඟ අයිනක තිබී හමුවනු ඇත.’ යන්නයි.

මේ මරණය අපට ඔහු ගැන මෙන්ම මේ යෞවන සමාජ පරිහානිය පිලිබදව බොහෝ දෑ පවසයි. විශ්ව විද්‍යාලයක මනෝ විද්‍යාව වසර 04ක් හැදෑරු කෙනෙකු මෙවන් ඉරණමක් තොරාගැනිම සැබෑවටම මවිත කරවන කාරණයකි. තම ජීවිතයේත්, තමන්ව සමාජයේ හොද පුරවැසියෙකු කරන්නට බලාපොරොත්තු රාශියක් පොදි බැඳගෙන දුක් මහන්සි වි මෙතැනට ගෙන ආ තම දෙමාපියන්ගේ සිහිනයේත් වටිනාකම තේරුම් නොගෙන මෙවැනි තීන්දු තිරණවලට එළඹීම අවාසනාවන්ත තත්වයකි. එසේම විශ්ව විද්‍යාලයක් තුල ක්‍රියාකාරි දරුවෙකු වු ඔහු තුල පැවති මෙම ආතතිය හා පීඩනය නිසි ආකාරයට හදුනාගෙන එයට සුදුසු පියවරක් ගැනිමට ඔහුගේ මිතුරන් හා දෙමාපියන් අපොහොසත් වීම ද ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකි.

කෙසේ වෙතත් සිදුනොවිය යුතු සියල්ල දැන් සිදුව හමාරය. දැන් කලයුතුව ඇත්තේ මෙවන් අවාසනාවන්ත තත්වයන් සමාජය තුල යලි සිදු නොවෙන්නට කටයුතු කිරීමයි. ඒ පිලිබදව කථා කිරීමට මත්තෙන් ඉහත මරණය සම්බන්ධයෙන් අන්තර්ජාලය තුල තිබු වටිනා සටහනක් මෙවැනි භයානක තීන්දු තිරනවලට යන්න සිතන පිරිසගේ අවදානයට මෙහි පහතින් උපුටා දැක්විමට අදහස් කරමි.  එය මෙසේය…

   මැරෙන්න හිතෙන උන් ඉන්නවාද?
   උබ මැරෙන එක කල් දාපං දවස් දෙක තුනකින්…
   උබට ජීවිතේ එපා වෙලා නම් ලියුමක් ලියන්න ඔය මැරෙන හැමෝම ලියනවා වගේ…
   මං මැරෙනවා කියලා ලියලා කොහෙ හරි දවස් දෙකක් හැංගිලා ඉන්න…
   උබට ජීවිතේ එපා වෙලා නම් ඒ දවස් දෙක තුන යද්දී උබට එන call වලින් msg වලින්, අම්ම තාත්තා බය වෙලා, අඩන හැටි දැකලා…
   උඔව තේරුම් නොගත්ත, තේරුම් ගත්ත හැමෝම උඔව හැමතැනම පීර පීර හොයද්දී… උබට ආයේ ජීවත් වෙන්න ආසවක් එයි…
   අඩුම ගානේ ඒ මිනිස්සූ නිසාවත් ආයෙත් කියනවා…
   මැරෙන්න ඕනේ නම් ඒක දවස් දෙක්කට කල් දාපන්

මෙතැනදී අප නොසලකා හැරිය නොහැකි තිත්ත වු සත්‍යයක් ඇත. ඒ මෙවැනි තත්වයන් සමාජය සිදුවීම අහඹුවක් නොවන බවයි. මා එසේ පවසන්නට මුලික හේතුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව ලෝකයේ සියදිවි නසා ගැනීමේ වැඩිම ප‍්‍රතිශතයක් සහිත රටක් වශයෙන් ශ්‍රි ලංකාව හඳුන්වා දී තිබීම සහ සියදිවි නසා ගැනීමේ අනුපාතිකය කාලයක් තිස්සේ ඉහළ අගයක් ගත් රටක් වශයෙන් ශ්‍රි ලංකාව හදුන්වා දි තිබීමයි. තවත් වාර්ථාවකට අනුව වසරකට 4000 ක් පමණ ශ‍්‍රී ලාංකිකයෝ සියදිවි නසා ගන්නා බවත්, එය දවසකට 11 දෙනෙකු පමණ වන බවත්, එයින් ද බහුතරය වයස අවුරුදු 15-44 අතර රටේ කොඳුනාරැටිය බඳු වු රටේ ශ්‍රම බලකාය බවත් තහවුරු වි තිබිමයි.

නිදහස් මනසකින් ජීවතය විඳින්න හෝ ඉලක්ක දිනාගන්න බැරි මෙවැනි රටක් අපට උරුම කොට ඇති රටේ පාලකයින් මෙම තත්වයට වගකිවයුතු නොවේද?. එසේම නිදහස් නිරවුල් දැහැමි මනසින් යුතු සුවපත් සමාජයක් නිර්මාණය කරනවා වෙනුවට ආගම නමින් විවිධ මනස්ගාත දේශනා කරමින් විකෘති සිතුවිලිවලින් රෝගි වු සමාජයක් නිර්මාණය කල ආගමික නායකයින් ද මෙයට වගකිවයුතු නොවේද?. මෙම දෙපාර්ශවයට කිසිසේත් ඔවුන්ගේ වගකීම්වලින් බැහැර විය නොහැක. එහිද විශේෂයෙන් ආගමික නායකයින් හට මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් ඇති බව දැන්වත් තේරුම් ගතයුතුව ඇත.

මෙතැනදී ලොව අනිකුත් දහමන් හා දර්ශනයන් ට සාපේකෂව ඉස්ලාම් දහම පිලිපදින මුස්ලීම්වරුන් අතර මෙම සියදිවි නසා ගැනීම අවම මට්ටමක ඇත. නමුත් එය ප්‍රශස්ථ මට්ටම නොවන බව අප පිලිගත යුතුය. මේ හේතුව නිසාම මුස්ලීම් ආගමික නායකයින් ද මෙවැනි එනම් සියදිවි හානි කරගැනිම් වැනි ඉතා පාපකාරී තින්දු තිරණවලට යොමු වීම සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ඉගෙන්වීම් පිලිබදව වැඩි වැඩියෙන් තම සමාජය ද දැනුවත් කලයුතුව ඇත.

ඒ අනුව එවැනි ඉගෙන්විමක් මෙහි ඔබේ බුද්ධිමත් විමසුමට තබන්නේ නම්.

   මුහම්මද් (සල්) තුමාණණ් මෙසේ පවසන ලදී,
   කඳු මුදුනෙන් පහළට පැන සිය දිවි හානි කර ගත් අය නිරයේ ද සදාකාලිකව ඉහල සිට පහලට හෙලමින් දඩුවම් කරණු ඇත. විෂ ශරීරගත කොටගෙන සියදිවි නසාගන්නා පුද්ගලයා අපාගින්නේ හිඳ එම විෂ පානය කරමින් සදාකාලිකවම එහි සිටිනු ඇත. තියුණු ආයුධයකින් සියදිවි නසාගත් තැනැත්තා අපා ගිනි මැද හිඳ එම ආයුදයෙන්ම තමාගේ උදරයට ඇනගනිමින් සදාකල් එහි වසනු ඇත.

දන්වන්නේ අබු හුරෙයිරා (රලි) තුමා

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

ඉහත ඉගෙන්වීම හොදින් බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, සියදිවි හානි කරගැනීම සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය ඔබට පැහැදිලි වියයුතුය. එනම්, එය කවර තත්වයක දී කවර ආකාරයකට සිදුකලත් නියත වශයෙන් සදාකල් නිරයට රැගෙන යන මහා අකුසලක් යන්න පැහැදිලිය.

මේ ආකාරයට ඒ ඒ ආගමික නායකයින් ද තම දහමේ ඉගෙන්විමන් මුලික කරගෙන මේ සමාජයේ පවතින ජිවිත කලකිරිම, ආතතිය, සියදිවි හානි කරගැනීම වැනි විකෘති මානසිකත්වයන් සමාජයෙන් තුරන් කිරීමට කටයුතු කලයුතුය. එසේම රටේ පාලකයින් හා සමාජ වගකිවයුත්තන් මෙම විකෘති තත්වයන් පාලනය කිරිමට විශේෂයෙන් විශාදය වැනි තත්වයන්ගෙන් පෙලෙන පිරිස් කඩිනමින් හදුනාගෙන එම තත්වයෙන් මුදවා ගැනීමට ක්‍රියාකාරි සැලැස්මක් සකස් කොට ඒ අනුව කටයුතු කලයුතුය. මේ සදහා ඒ සියළු පාර්ශවයන්ට නුවණැස පැදේවා! යන ප්‍රාර්ථනයෙන් මෙම ලිපිය අවසන් කරමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම