සුන්නත් කිරීම තහනම් කරන්නැයි මුස්ලිම් කාන්තාවෝ අධිකරණයට

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනක අන්තර්ජාලයේ ‘සුන්නත් කිරීම තහනම් කරන්නැයි මුස්ලිම් කාන්තාවෝ අධිකරණ ඇමතිණියගෙන් ඉල්ලයි !‘ යනුවෙන් පුවතක් නෙත ගැටුණී. එය දුටු මොහොතේ මාගේ මතකයට ආවේ මීට කලකට ඉහත හජ් කෝටා ඉල්ලා ජාතිවාදීන් සරණ ගිය මුස්ලීම් නම් දරයන් පිරිසයි. ඔවුන් ඔබේ මතකයේත් තවම ඇත්දැයි මා නොදනිමි. (ඔබට එය අමතක නම් ඒ සම්බන්ධයෙන් ලියවූ ලිපිය ඇස්ගෙඩි දෙකට හෙණ ගහලද මුසල්මානුවනේ ! මෙතැනින් කියවන්න.) අද යහමග අඩවිය තුලින් කථා කිරීමට අදහස් කරන්නේ ‘සුන්නත් කිරීම තහනම් කරන්න‘ යයි ඉල්ලා නීතිය සරණ ගිය ඉහත කාන්තා කණ්ඩාය පිලිබදවයි.

අතීතයක පටන් පැවත එන ස්ත්‍රී ලිංගාශ්‍රිත චේදනය (FGM) ලොවින් තුරන්වෙමින් පවතින දැනට ලොවපුරා රටවල් අතුරින් රටවල් කිහිපයක එයිනුත් නොදියුණූ සමාජයන් තුල පමණක් පවතින සම්ප්‍රදායකි. මේ පිලිබදව විස්තරාත්මකව මෙම අඩවිය තුල මීට පෙර ලියා ඇත. (එය චර්ම ඡේදනය හා සමාජ සම්ප්‍රදාය විමසුමක්මෙතැනින් කියවීමට පුළුවන) මෙය මුස්ලීම්වරුන්ට පමණක් අවේනික සම්ප්‍රදායක් නොවන නමුත් මා දන්නා පමණින් අප රට තුල මෙය සිදුකරනු ලබන්නෙ මුස්ලීම් සමාජයේ සීමිත පිරිසක් පමණි. මෙය එම සම්ප්‍රදාය කරන පිරිස් 'කාන්තා සුන්නත් කිරීම' හෙවත් 'කත්නා' යනුවෙන් පවසයි. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය හා ඉස්ලාම් දහම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව මුලින්ම මෙහි සටහන් කලයුතුයි. මුස්ලීම් සමාජයේ ඉතා සුළු පිරිසක් කරනු ලබන මෙම ක්‍රියාව වෙනුවෙන් පුළුල් වැඩසටහනක් මුස්ලීම් සමජාය තුල සංවිධානය කොට එහි වරද හා එහි ආදීනය පෙන්වා දී එයින් සමාජය මුදාගැනීම කලයුතුව ඇත. නමුත් එය පසෙක තබා මේ සදහා රටේ නීතිය සරණ පැතීම විහිළුවකි. එපමණක් නොව ඉතා සුළුතරයක් කරන මෙම ක්‍රියාව නිසි ලෙස පැහැදිලි නොකිරීම තුල මෙම වරද සමස්ථ මුස්ලීම් කාන්තා සමාජයේම කරපිට පටවා සාකච්චා වෙමින් ඇත. මේ ආකාරයට කරුණූ නිසි ලෙස සමාජගත නොකොට විකෘති පණීවුඩයක් සමාජ ගතවන ආකාරයට කටයුතු කිරීම දහමටත් සමස්ථ සමාජයටත් කරන අපහසයකි. ඉස්ලාම් දහමටත් සෑබෑ මුස්ලීම්වරුන්ටත් කිසිදු සම්බන්ධයක් නැති මෙවැනි ක්‍රියාවන් වෙනුවෙන් සමස්ථ සමාජයම නින්දා අපහසයට ලක්වීම කිසිසේත් අනුමත කලහැකි කාරණයක් නොවේ.

මුස්ලීම්වරුන් වන අප එක් කාරණයක් පැහැදිලිව වටහා ගතයුතුයි. කවදත් පුවත් මවන්න ඉඟි සොයන මාධ්‍යයන්ටත්. මුස්ලීම්වරුන්ට මඩ ගහන්න කුමක් කලහැකිද? කියා බලා සිටින ජාතිවාදීන්ටත් මෙවැනි ප්‍රවෘත්ති ප්‍රබල මාතෘකාවන්ය. මේ දිනවල මෙම මාතෘකාව සමහරක් ජාතිවාදී වෙබ් අඩවිවල ප්‍රධාන මාතෘකාවන්ය. එමෙන්ම බොහෝ ජාතිවාදී සමාජ ජාල අඩවිවල ද ඉහල ප්‍රතිචාර හිමි මාතෘකාවන් අතර මෙයත් එකකි. ශ්‍රී ලාංකීය සමාජය තුල ප්‍රබල සංවාදයන්ට බඳුන් කලයුතු නීතිය හමුවට ගොස් තහනම් හෝ සංශෝධනය කලයුතු පොදු කාරණා ඕනෑතරම් ඇත. ඒ සියල්ල අභීබවා මේ කාරණය ප්‍රබල සංවාදයන්ට බඳුන්වන තරමට ප්‍රබල වන්නේ ඇයි ද?. මෙයට පිලිතුරු මා මෙහි පැහැදිලි කලයුතු නැතැයි සිතමි.

කෙසේ වෙතත් මෙවැනි වැරදි සම්ප්‍රදායන් තුල කොටූ වී ඉස්ලාම් නමින් දහමේ අණ නොකරන ක්‍රියාවන් හි නියලෙන පිරිසට පවසන්නට කාරණයක් ඇත. ඒ ඉස්ලාමීය ඉගෙන්වීමන් පුළුල්ව අධ්‍යනය කොට මෙවැනි සම්ප්‍රදායන්වලින් ඔවුන් මිදියයුතුයි. එසේම පටු වාසි හා ජනප්‍රියත්වය පදනම් කරගෙන සමස්ථ මුස්ලීම් සමාජය පාවාදෙන නාමික මුස්ලීම්වරුන් මෙලෙස කලින් කලට මතුවීම පිලිබදව සමාජයේ විද්වතුන්ගේ හා වගකිවයුත්තන්ගේ අවදානය දැඩිව යොමු වියයුතුයි. ඔවුන්ගේ නිර්වත සමාජයට අණාවර්නය කලයුතුයි. මොවුන් කාගෙන් කුමක් සදහා විනිශ්චය පතන්නේද?. හදවතේ ඉස්ලාම් දහමේ තෙතමනය අංශු මාත්‍රයක් හෝ තිබේ නම්, ඔවුන්ගේ බුද්ධිමත් විමසුමට අල්කුර්ආන් පාඨයක් මෙහි ගෙන එන්නට කැමැත්තෙමි. එනම්,

(ඔවුන් ඉස්ලාමයෙන් බැහැරව) ජාහිලියියා කාල නීති අනුව විනිශ්චය ඔවුන් සොයන්නේද? (නමුත්) ස්ථීර විශ්වාසයෙන් යුතු ජනයාට අල්ලාහ් (දෙවි)ට වඩා යහපත් විනිශ්චයකාරයකු කවරකුද ?.

ශුද්ධ වූ කුර්ආනය 5-50

ඉහත වාක්‍යයෙන් පවසන ආකාරයට සැබෑ මුස්ලීම්වරයෙකු හට අල්ලාහ් (දෙවි)ට වඩා යහපත් විනිශ්චයක් අපේක්ෂා කල හැකි කිසිවකු සිටිය හැකිද?. මුස්ලීම්වරුන්ට ගැටළුවක් ඇති වූ විට ආගමික රාමුව තුල විසඳුම් සෙවීම කලයුතුයි. අල්ලාහ් (දෙවි)ගේ නීතිය අනුව කටයුතු කලයුතුයි. ඔහුගේ ඉගෙන්වීමන් තුලින් යහපත අපේක්ෂා කලයුතුයි. ඒ සියල්ල පසෙක තබා රටේ නීතිය පිලිසරණ යෑම හෝ රටේ නීතියෙන් සාධාර්ණය අපේක්ෂා කර සිටීම සැබෑ මුස්ලීම්වරයෙකුට ගැලපෙන නිවරුදි ක්‍රමවේදයක් නොවේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/10

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම