හදීස් කලාවේ යෝධයින් – ඉමාම් බුහාරී

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මුහම්මද් (සල්) තුමාණන්ගේ මුතුවදන් හෙවත් හදීසයන් එතුමාණන්ගේ අභාවයෙන් පසුව රුකුණේ සමකාලීනයන් (සහාභාවරුන්) අතය. එතැනින් එහාට එය ආරක්ෂා කිරීමේ මෙහෙවරේ නිරතවූවන් අතර ‘බුහාරී’ තුමා ප්‍රධාන තැනක් ගනී. එතුමාණන් හදීසයන් ගොනු කල වකවානුව මුහම්මද් (සල්) තුමාණන් නමින් ගොතනලද වදන් ද හදීස් නමින් සමාජගත වෙමින් පැවතී වකවානුවකි. එවන් වකවානුවක මුහම්මද් (සල්) තුමාණන්ගේ මුතුවදන් ගැඹුරින් අධ්‍යනය කොට සැබෑවටම නබිතුමාණන්ගේ ප්‍රකාශයන් හා ආදර්ශයන් තෝරා බේරා එය ක්‍රමවත්ව පෙලගස්වා ප්‍රකාශයට පත්කළ පළමු තැනැත්තා වන්නේ ඉමාම් බුහාරී තුමාණන්ය.

එතුමාණන්ගේ මූලික තොරතුරු පහතින් දැක්වේ…

නම – මුහම්මද්,

පියාගේ නම – ඉස්මයිල්,

උපත ස්ථානය – රුසියාවේ, බුහාරා නගරයේය. (මේ හේතුව නිසා මේතුමාව ‘බුහාරී’ හෙවත් බුහාරා වාසී ලෙසින් හදුන්වයි).

උපන් දිනය – 810 ජූලි 20 දින (හිජ්රි 194, ෂාවුල් 13)

අධ්‍යාන කටයුතු සඳහා ගමන් කළ තැන් – කුරාසානය, බසාරාව, කුෆාව, බැග්ඩෑඩ්ය, මක්කාව, මදීනාව, සිරියාව, මිස්ර්ය.

ශිෂ්‍යයන් – එතුමාණන්ගෙන් ගුරුහරුකම් ලද ශිෂ්‍යයන් නම්, ඉමාම් මුස්ලීම්, ඉමාම් තිර්මිදි, ඉමාම් ඉබ්නු හුසෙයිමා, ඉමාම් අබුදාවූද් යන ප්‍රධාන ඉමාම්වරුන්ට අමතරව තවත් බොහෝ අය වෙති.

බුහාරී ග්‍රන්ථයට එතුමාණන් තැබූ නම – ‘ජාමිඋස් සහීහුල් මුස්නද් බින් හදීසි රසූලිල්ලාහි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් වසුන්නිහි වඅයියාමිහිනි’ (නබිතුමාණන් හමුවේ හිද පිලිගතහැකි සාක්ෂි ඇතුව ලද පණිවුඩ හා එතුමාණන්ගේ ජීවිත කාලය හා ආදර්ශයන්ය). නමුත් මෙම ග්‍රන්ථය වර්ථමානයේ ‘බුහාරි’ නම් එතුමා උපන් ගම නමින් හදුන්වයි.

මරණය – 870 සැප්තැම්බර් 01 (හිජ්රි 256 ශව්වාල් 01) දින

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම