හදීස් ජිබ්රීල්

මුහම්මද් (සල්) තුමාණන් තම අනුගාමික (සහභාවරුන්) පිරිස සමඟ එක්තරා ස්ථානයක අසුන්ගෙන සිටින විට පිරිසිදු සුදු ඇඳුමකින් සැරසුණු, ඔහුගේ හිසකෙස් අසාමාන්‍ය ලෙස කළු වූ (ආධුනික) මිනිසෙක් අප ඉදිරියේ පෙනී සිටියේය. ඔහු තුල ගමන් වෙහෙසෙහි කිසිදු සලකුණක් නොතිබුණි. අප අතර සිටි කිසිවකු ඔහු හඳුනා ගත්තේද නැත. අවසානයේ ඔහු මුහම්මද් (සල්) තුමාණන් ඉදිරියේ හිඳගත්තේ දණින් වැටී තම අත් මුහම්මද් (සල්) තුමාණන්ගේ දෙකලවා මත තබමිනි. ඉන්පසු මුහම්මද් (සල්) තුමාණන්ගෙන්,
- ‘ඊමාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසීය,
එයට මුහම්මද් (සල්) තුමාණන් ‘ඊමාන්’ යනු,
(‘ඊමාන්’ බව ) පවසන ලදී. එවිට එම ආධුනික තැනැත්තා ‘ඔබ ඇත්ත කීවේය’ යනුවෙන් පවසා නැවත,
- ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් විමසීය,
එයට මුහම්මද් (සල්) තුමාණන් ‘ඉස්ලාම්’ යනු,
යනුවෙන් පවසන ලදී. එවිට එම ආධුනික තැනැත්තා ‘ඔබ ඇත්ත කීවේය’ යනුවෙන් පවසා නැවතත්,
- ‘ඉහ්සාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසීය,
එයට මුහම්මද් (සල්) තුමාණන් ‘ඉහ්සාන්’ යනු
- අල්ලාහ් (දෙවි) තමා අබියස සිටින බව සිතා ඔහුට වැඳුම්පිඳුම් ඉටු කිරීමයි. නුඹට ඔහු නොපෙනුනත් නියත වශයෙන්ම ඔහු නුඹගේ ක්‍රියාවන් සියල්ල බලාගෙන හිදී.’
යනුවෙන් පවසන ලදී. එවිට එම ආධුනික තැනැත්තා ‘ඔබ ඇත්ත කීවේය’ යනුවෙන් පවසා නැවතත්,
- ‘(ලෝක විනාශයේ) පැය ගැන මට කියන්න?’ යනුවෙන් විමසීය,
එයට මුහම්මද් (සල්) තුමාණන්,
- ‘අසනු ලබන තැනැත්තා (ඒ ගැන) මට වඩා හොදින් දන්නා බවත්, ඔහුට වැඩි යමක් තමන් නොදනී.’
යනුවෙන් පවසන ලදී. එවිට එම ආධුනික තැනැත්තා
- ‘එම දිනයේ සලකුණූ කිහිපයක් මට කියන්න’ යනුවෙන් විමසීය,
එයට මුහම්මද් (සල්) තුමාණන්,
- වහල් දැරිය ඇගේ ස්වාමිපුරුෂයා සහ ස්වාමියා බිහි කරන බවත්,
- විශිෂ්ට ගොඩනැගිලි තැනීමේදී එකිනෙකා සමඟ තරඟ කරන බවත්,
- පාවහන් නැති පිරිස් සමාජය පාලනය කිරීම දකිනු ඇති බවත්, පැවසීය
මින් අනතුරුව එම ආධුනිකයා එම ස්ථානයෙන් සමුගෙන පිටව ගියේය. එසේ පිටව ගියපසු මුහම්මද් (සල්) තුමාණන් ‘උමර්, මෙසේ කරුණු විමසා පිටව ගියේ කවුදැයි ඔබ දන්නේද?’ යනුවෙන් විමසීය. එයට මා ‘අල්ලාහ් (දෙවි) සහ ඔහුගේ දූතයාණන්ම හොඳින් දනී’ යනුවෙන් පැවසුවේය. එවිට මුහම්මද් (සල්) තුමාණන් ‘ඔහු ජිබ්රීල් (අලෛ (දේවදූතයා)), ඔහු අප වෙත පැමිණියේ දහම සම්බන්ධයෙන් වූ පාඩම් කියාදීමටය’ යනුවෙන් පැවසීය.
දන්වන්නේ - උමර් ඉබ්නු අල් කත්තාබ් (රලි) හදීසයේ නම - හදීස් ජිබ්රීල් මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරී / මුස්ලීම්
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න