හදුනා ගන්න – "ග්‍රීස් යකා"

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ශ්‍රී ලාංකීය සමාජය තුල පුළුල් සංවාදයකට බදුන් වූ කිලන් කලට සංවාදයට බඳුන් වන මාතෘකාවක් පිලිබදව කරුණූ කිහිපයක් ඔබගේ අවධානයට ගෙන ඒමට අදහස් කරමි. ඒ “ග්‍රීස් යකා” නම් යකෙක් නොවූ යකෙක් පිලිබදවයි. මෙම නම ඇසූ සැණින් ඔබට කිසියම් භයානක සිතුවිල්ලක් ඇති වූවද ඒ යකෙක් නොවන බව දැන් සියල්ල දනී. මේ “ග්‍රීස්යකා” අප රටේ කොතරම් උණූසුම් මාතෘකාවක් වී තිබෙනවාද යන්න පවසනවා නම් මේ වනවිට මිනිස් ජීවිත පවා මෙම සිදුවීම් පසුපස බිලිවී හමාරය. මේ “යකා” කොතරම් ප්‍රසිද්ධ වී ඇත්ද? යන්න පවසනවා නම් මේ “යකා” නමින් අද Facebook ගිණූම් පවා විවෘත වී ඇත. ඒ කෙසේ වෙතත් මේ ලිපිය පුරාවට මා ඉදිරිපත් කරන කරුණූ හොදින් විශ්ලේෂණය කරන්නේ නම් ග්‍රීස්යකා පමණක් නොව ඒ යකා නමින් Facebook ගිණුම් පවත්වාගෙන යන්නේ කවුරුන්ද? යන්න පහසුවෙන් ඔබට අවබෝධ වනු ඇත.

මෙම විෂය යහමග හි සාකච්චාවට ගැනීමට ප්‍රධාන හේතු දෙකක් ඇත. එකක් නම් එය අද කාලීන උණූසුම් මෙන්ම සමාජය භීතියකට පත්කරවන මාතෘකාවක් වී තිබීම සහ මෙම විෂය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාරයන් පතුරවමින් රටේ සුළු ජාතීන් විශේෂයෙන් මුස්ලීම් සමාජය කිසියම් ආකාරයක බියගැන්වීමකට හා ආවේගකාරී තත්වයකට පොළොඹවා ගැනීමකට උත්සාහ කිරීමක් සිදුවීම නිසාය. මෙම “ග්‍රීස්යක්කු” යන්න අප රටේ අද ඊයේ ඇති වූ තත්වයක් නොවේ. සෑම මිනිස් සමාජයකට මෙම “යක්කු” අතීතයේ පටන් සිටී බවත් අදටත් සිටින බවත් පහත ලිපිය කියවීමෙන් ඔබට අවබෝධ වනු ඇත. නමුත් අවාසනාවකට “කෙන්ද කන්ඳ කරන” අපේ රටේ සමරහක් මාධ්‍යය මෙය ජාතික ගැටළුවක් බවට පරිවර්ථනය කොට ඇත. කෙසේ වෙතත් බුද්ධිමත් ජනතාවට පවසන්නට ඇත්තේ “මේ බොරදියේ මාළු බාන්න” පිරිසක් බලාහිදින වේලාවක්. මෙවැනි අවස්ථාවල “ආවේගයට හෝ ඇඟේ හයියට තැන දී ක්‍රියා කිරීම මහත් ව්‍යසනයක් රටේ නිර්මාණය වීමට හේතු වන්න පුළුවන”. රටේ නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට කිසිවකුටත් අවසර නැත. මේ නිසා මෙම තත්වයට ජාතිවාදී මුහුණුවරයන් ලබානොදී රටේ පොදු තත්වයක් ලෙස සලකා එකාමෙන් අත්වැල් බැදන් විසදුම් සෙවීම අත්‍යඅවශ්‍ය කාරණයකි. ඒ සදහා පහත ලිපිය ඔබට කිසියම් පිටුවහලක් වනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.

(සැ:යු: – පහත ඉදිරිපත් කොට ඇත්තේ “ග්‍රීස් යකා” හෙවත් එම තත්වයට බලපාන කිසියම් මානසික රෝගි තත්වය පිලිබදව කරන ලද විග්‍රහයකි. මෙම ලිපිය කාලීන මෙන්ම හරවත් එකක් යයි සිතූ නිසා එම ලිපිය blogයකින් උපුටාගෙන සාරංශ කොට මෙහි මෙලෙස ඉදිරිපත් කරමි)

(උපුටා ගැනීම ආරම්භය)


මූලිකවම කියන්න තියෙන්නේ මේ තත්ත්වයට ස්ථිරවම හේතුව මේකයි කියල තවමත් හරියටම හොයාගෙන නැහැ, ඒ කියන්නේ තවමත් මේ රෝග තත්ත්ව ගැන පරියේෂණ කරමින් පවතිනවා, හැබැයි මේ වන විට කළ පර්යේෂණ සහ හඳුනාගත් සාධක අනුව මේ ග්‍රීස් ලෙඩේ වගේ රෝග වලට බලපෑ හැකියැයි හදුනා ගත් සාධක ගනනාවක් තියෙනවා, එනම්,

  • මොළයේ හෝ ස්නායු පද්ධතියේ යම් අසාමාන්‍යතාවයක් නිසාත් මෙහෙම වෙන්න පුළුවන් (biological effects) ඒ කිව්වේ මොළයේ හෝ ස්නායු පද්ධතියේ විවිධ රෝග වලදිත් මානසික සුවතාවය වෙනස් වෙන්න පුළුවන්, එවිට මේවගේ ගැටළු ඇති වෙන්නට අවදානමක් තියෙනවා
  • ඒ වගේම Alcoholism කියන තත්ත්වයේදීත්,ඒ කියන්නේ මත්පැනට අධිකය ඇබ්බැහි වීම (කාළක් නැතිව ඉන්නම බැරි අය ) මේ රෝග උග්‍ර කරන්න හේතු සාධකයක් වෙනවා
  • ඒ වගේම දරුවෙක්ගේ වර්ධන අවධි (developmental stages ) වලදි ඔවුන්ට ඇති වන සිදුවීම, උදාහරණයක් කිව්වොත් ළමා වයසට දරා නොගත හැකි තරමේ නීති -රීති දණ්ඩණ වලට යටත්ව, තම අදහස්, හැඟීම් පවා ප්‍රකාශ කරන්නට, කුතුහලය ගැන අවබෝධයක් ගන්නට පවා නොලැබෙන තරම් තද බල පීඩනයක් දෙමාපියන් හෝ ගුරුවරුන් විසින් ඇති කරන්නේ නම්, ඒ දරුවා වැඩිහිටියෙක් වුන දවසක මේ වගේ දුර්වල පුද්ගලයෙක් වීමේ අවදානමක් තිබෙනවා
  • ඒ වගේම ළදරු කාළයේදීම විවිධ ලිංගික අතවර වලට ලක්වීම වගේම වැඩිහිටියන්ගේ ලිංගික ක්‍රියාවන් (සමහර විට දෙමාපියන්ගේ ලිංගික ක්‍රියා) බලා සිටිමට අවස්ථාව ලැබිම වැනි තත්ත්වයන් වලදිත්, මේ දරුවා වැඩිහිටියෙක් වූ දවසට මේ වගේ විකෘති ලිංගික ආශාවන් සහිත දුර්වලයෙක් බවට පත් වෙන්න පුළුවන් බව සොයා ගෙන තිබෙනවා.
  • මීට අමතරව විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, වගේම දුර්වල පෞරුෂයන්ගෙන් යුක්තවීමත් ( පිරිස සමඟ මිත්‍රශීලීව ගත කළ නොහැකි, හැම විටම ගැටුම්කාරී චරිත පෙන්වන, හෝ සැගවුනු ගුප්ත චරිත මේ අයත් යම් අවස්ථාවක මේ වගේ ග්‍රීස් යකෙක් වෙන්න පුළුවන්.
  • මීට අමතරව නිසි වයසට විවාපත් වීමට නොහැකිවීම වගේ සමාජ-ආර්ථික සාධකත් මීට බලපානවා, ඒ වගේම විවිධ සමාජ -ආර්ථික හේතු එක්ක බිඳ වැටුනු පවුල් ඇතිවීම වැඩි වීමත් මීට සෘජුවම බලපානව බව හදුනාගෙන තිබෙනවා.
  • ඒ විතරක් නොවෙයි දිගු කාළීනව, වරින් වර සමාජය පිළිනොගන්නා සතුට ලබන්නට යාමත් මේ වගේ තත්ත්ව වලට පාර කැපීමක් වෙන්න පුළුවන්.

මේක අපි වෛද්‍යවිද්‍යාත්මකව හදුන්වන්නේ Paraphilia පැරෆීලියා කියලා, මේක නියුමොනියාව වගේ ලේසියෙන් හඳුනගන්න, ප්‍රතිකාරය සඳහා යොමු කරන්න පුළුවන් වැඩක් නොවේ. මොකද මේ තත්ත්වය ඒ තරම්ම සංකීර්ණය, ඒත් මේ ගැටළු තත්ත්ව හඳුනාගෙන නිසි ප්‍රතිකාරයකට උදේශනයකට යොමු කරනවා නම් සාර්ථක ප්‍රතිපල ලබා ගන්න පුළුවන්, ප්‍රශ්නේ තියෙන්නේ මේක ලෙඩක් කියල හඳුනාගන්නේ නැති එකයි, දැනගත්තත් ප්‍රතිකාරයකට යොමු නොවෙන එකයි.පොතේ හැටියටම කිව්වොත් මෙහෙමයි යම් උපකරණයක්, ද්‍රව්‍යයක් මගින්, සාමාන්‍ය මිනිස් ලිංගික චර්යාවෙන් තොරව වෙනත් හෝ බලහත්කාරය මත දරුවෙක් හෝ යම් අයෙක්ගෙන් ලිංගික ආශ්වාදයක් ලබා ගන්නවා නම් හෝ, තමාම හෝ වෙනත් අයෙක් රිදවිම, වේදනාවට පත් කිරීම මගින් ලිංගික සතුටට පත්වීමට උත්සාහ දැරීම හෝ ලිංගික ආශ්වාදයක් ලබා ගැනීමේ අවශ්‍යතාව තිබීම තමයි මේ රෝග කාණ්ඩයට දෙන පැහැදිළි කිරීම.

විශේෂ තත්ත්වයක් තියෙනවා මේ ලක්ෂණ හෝ අවශ්‍යතාව (වැරදි චර්යාවන් ) පිළබඳ හැඟීම් නිරන්තරයෙන් ඇති වෙනවා නම්, එම චර්යාවන් වල යෙදුනානම් ඒ වගේම මාස හයකට වඩා පැවතුනානම් ටිකක් පරිස්සම් වෙන්න, (යකාගේ ඡායාවක් වෙන්න පුළුවන්), තමන් ළඟ මේ කියන ලක්ෂණ එකක් හරි තියෙනවා නම් එය නිවැරදිව හඳුනගන්න උත්සාහ කරන්න, තේරුම් ගන්න මේ යක්ෂ ඡායාව, අනාගතයේ ඔබට, ඔබේ බිරිඳට, ස්වාමියාට සමස්ථයක් ලෙස පවුලටම ඉන් විය හැකි හානිය, සමාජීය වශයෙන් වගේම සෞඛ්‍යානුකූලව ඔබට විය හැකි හානි සහ පාඩු, ඒ තත්ත්වය හඳුනගත්තා නම් උත්සාහ ගන්න ඇඟට වැටිල තියෙන මේ යක්ෂ ඡායාව ඉන් එලවල ඉවත් කරල දාන්න, ඔබේ විතරක් නොවෙයි ඔබේ දරුවා, පවුලේ සාමාජිකයා හෝ මිතුරා තුල මේ අඳුරු සෙවනැළි තිබේනම් උදව්ව කරන්න ඔවුන්ට එය හඳුන ගන්න, උදව්කරන්න නිවැරදි වෙන්න, ඒ හැකියාව තමන්ට නැත්නම්, අපහසුයි කියල දැනෙනවනම් යන්න ඔබේ රෝහලේ “මානසික රෝග ප්‍රතිකර ඒකකයට හෝ උපදේශ ඒකකයට Counselling unit”, බය වෙන්න එපා ඔය තැන් වලට යන හැමෝම පිස්සෝ නෙවෙයි, තවත් හේතු ගණනාවකට මෙම සායන, ඒකක වලට පුද්ගල එනවා, අනෙක ඔබේ අසාමාන්‍යතාවය ඔබටම හඳුනගන්න පුළුවන් නම් ඒක කොයි තරම්ම වාසනාවක්ද?….හොඳට දැන ගන්න මේ රෝගි තත්වය ඇති වන්නේ පිරිමි අය අතර පමණක් නොව කාන්තාවන් අතරත් තිබෙනවා ඒ කිව්වේ මේ තත්ත්වය පිරිමි සහ කාන්තා අතර අනුපාතය බැළුවොත් එය 20:1 වගේ පවතිනවා.

අපි දැන් බලමු මේ paraphilia තත්ත්වයේ අවස්ථා කිහිපයක්

  • Exhibitionism - මේ අය හඳුනාගන්න හරිම ලෙසියි, මොවුන් තම ලිංගික ආශ්වාදය සපුරාගන්නේ තම ලිංගික අවයව හදිසියේම වෙනත් අයෙකුට ප්‍රදර්ශනය කරලා, ඒ හදිසි දර්ශනයෙන් අනෙක් පුද්ගලයා තැති ගැනීම බියවීම සහ කෑගැසීම, අර “රෝගියාට” ලිංගික වින්දනයක් වෙනවා, බොහොමයක් මේ තත්තවයේ සිටින්නේ පිරිමින්, විශේෂයෙන්ම හුදකලා පාරවල් , නවාතැන් පොළ වල් වැනි තැන් වලින් මතුවෙන , “දර්ශනයක් ” පෙන්වල ක්ෂණිකව අතුරුදහන් වෙන මේ පුද්ගලයා ප්‍රතිකාර ගත යතු අයෙක් , බොහෝ අවස්ථාවල සැඟවුනු චරිතයක් තිබෙන මොහු තනිව සිටීමට හුඟක් කැමතියි , ඒ වගේම ස්වයං වින්දනය මඟින් තම ලිංගික සතුට උපදවා ගන්නා මොහු පවුල් බැඳිමෙන් බිඳුනු අයෙක් වීමේ අවස්ථාව ඉහළයි …
  • Fetishism – එයා අර මුලින් කීකෙනා වගේ ඇවිත් පෙන්නලා බය කරන්නේ නැහැ , හොරෙන් ඇවිත් කාන්තා යට ඇඳුම් , කාන්තා සපත්තු අරගෙන ගිහින් ඒ එක්ක ලිංගික චර්යාවන් කරන , එයින් සතුටු වන පුද්ගලයෙක් , මොහු “සාමාන්‍ය ,ස්වභාවික ලිංගික චර්යාවන්ගෙන් සතුටක් ලබන්නට බැහැ කියන මතයේ ඉන්නේ ” , මේ අය ඔබටත් සමහර විට හඳුනගන්න පුළුවන් වේවි , ඔබේ නේවාසිකාගාරයේ ඉන්න මිත්‍රයා අනවශ්‍ය විදියට මෙවැනි දෑ රැස් කරන්නෙක් නම් (හොර කම් නොකළත් ) ටිකක් හොයල
  • Frotteurism – මේ තත්ත්වයේම තවත් අවස්ථාවක් තියෙනවා, ඒ දේහයේ සාමාන්‍ය ලිංගිකක්‍රියාවට භාවිත නොවන කොටස් සමඟ ලිංගික චර්යාවන් කරමින් සතුටට පත් වීම’ බොහෝ වෙලාවට පාදයෙ පතුල, පියයුරු, තට්ටම් වගේ ප්‍රදේශ එක්ක එක්වන මේ පුද්ගලයා ප්‍රධානවම ලිංගික සතුටට පත් වෙන්නේ එමගින් . මේ තත්ත්ව විවාහක පුද්ගලයින් අතරේ පවා තිබෙන්නට පුළුවන් , අවාසනාව මෙය යම් මානසික ගැටළුවක් බව නොහඳුනා ගැනීම, ඒ වගේම තම පාර්ශවකරුගේ සතුට සහ ගෞරවය වෙනුවෙන් මේ සියළු මානසික ආබාධිත ක්‍රියා ඉවසා දරා සිටින කාන්තාවන් අපේ සමාජයේ අදටත් ඉන්නවා. ඔබ සෙනග වැඩි, තද බදයක් සහිත බස් එකක, දුම්රියක ගියොත් තවත් මෙබඳුම මානසික ගැටළුවක් සහිත කාණ්ඩයක් හඳුනා ගන්න පුළුවන්, අපි සාමාන්‍යෙයන් කියන්නේ “ජැක් කාරයා” කියලා, ඒ වගේ පොදු, තදබදයක් සහිත තැනකදි වෙනත් අයෙක්ගේ ඇඟේ ඇතිල්ලෙන, ලිංගික උත්තේජනයන් ලැබෙන ප්‍ර දේශ වලට (තට්ටම, පියයුරු, මුහුණ ) තෙරපීම් දෙන මොවුන් හඳුන්වන්නේ Frotteurism ෆ්‍රොටෙයුරිසම් කියන නමින්, මේ අයටත් බෙහෙත් දෙන්න ඕන , නිසි ප්‍රතිකාරයක් කරන්නට උපදේශනයක් දෙන්නට ඕන.

පුද්ගලිකව තමන්ට මේ වගේ විකෘති හැඟීමක් නිරන්තරයෙන්, ඇති වෙනවා නම්, එයින් සතුටක් ලැබෙන බවක් දැනෙනවා නම් ඔන්න අනතුරක්, නිසි තැනකට යොමු වෙන්න , නැත්නම් ඔබේ අනාගතය අඳුරේ.

  • Masochism – දැන් ඔන්න ග්‍රීස් යකා ගාවට යමු, Masochism මේ තත්ත්වයේදී අදාල පුද්ගලයා සතුටට පත් වෙනනේ තව පුද්ගලයෙක්ට රිද්දලා, ලේ හලලා, කපල සමහර විට සැපීම් කරළා, මේ විකෘති ආශාව මගින් සතුට ලබන්නා මැසොකිසම් කියන මානසික අසාමාන්‍යතාවයට ලක් වුවෙක්, මෙහි උග්‍රම අවස්ථාවට ආවට පස්සේ විරුද්ධ පාර්ශවයේ පුද්ගලයා ගෙල සිර කර ඒ දෙස බලා, ඔහු හෝ ඇය විදින මරණයේ වේදනාව ලිංගික සතුටක් විදියට දකින්න තරම් විකෘති තත්ත්වයකට මොවන් පත් වෙනවා, සමහර විට මේ ග්‍රීස් යකුත් ඒ ජාතියෙ ලෙඩෙක් වෙන්න ඇති.
  • sadism – මේ එක්කම යන තවත් තත්ත්වයත් තමයි sadism මෙහිදී තම ලිංගික සහකරු හෝ සහකාරිය වේදනාවට පත් කිරීමේ ලිංගික චර්යා මගින් සතුටට පත් වීමක් සිදුකරනවා, එය සමහර විට ලිංගික චර්යාවක් පමණක් නොවී තදබල සිත් වේදනාවක් හෝ ලැජ්ජාවකට පත් කිරිම් වෙන්නත් පුළුවන්, මේ හැම ක්‍රියාවෙන්ම රෝගියා “සතුටක්” ලබනවා, (සතුටක් කිව්වාට එය අවාසනාවන්ත සහ අමානුෂීක සතුටක්), බොහෝ වෙලාවට මේ දෙකම එකට අරගෙන sadomasochism නමින් තමයි හදුන්වන්නේ.
  • අනෙක් කට්ටිය තමයි කාන්තා නේවාසිකාගාර වල ඉන්න අය, මම කීවේ එයාල ලෙඩ්ඩු කියල නෙවී, ඔය කාන්තා නේවාසිකාගාර වල ජනෙල් වලින්, නාන කාමර වලින් එබෙන, සමහර විට වැසිකිළයට පවා එබෙන රෝගීන් කාණ්ඩයක් ඉන්නවා, ලොකු කරදරයක් නොකළත් මේ දර්ශනය දැකීමෙන්, ඒ ගැන සිතීමෙන් තමා ඔවුන් සතුටට පත් වෙන්නේ.
  • scatolophilia – කරදරකාර ඇමතුම්, විශේෂයෙන්ම අසභ්‍ය අදහස්, ප්‍රකාශන වරින් වර යොමු කරමින් අනෙක් පාර්ශවය අපහසුතාවයට පත් කරන්නෙත් මේ වගේම මානසික ව්‍යාධියකට ලක්වූ පිරිසක්,එම තත්ත්වය scatolophilia කියලයි හඳුන්වන්නේ.

ඔය වගේ කිව්වොත් ලෙඩ පනහක් හැටක් කියන්න පුළුවන්, නමුත් ඒ සියල්ල මෙතැන කියවීමේ ප්‍රයෝජනයක් ලැබෙන එකක් නැහැ, අඩුම තරමේ මේ කතා කළ තත්ත්ව ගැන හරි දැන ගෙන එයින් ගැලවෙන්නට යමක් කළ හැකිනම් එයයි වැදගත් එහෙනම් අදත් තොවිලේ ඉවරයි, යන්නම්… පරිස්සමින් ඉන්න, යක්කු වැහි වැහැල, දැන් අහන්න එපා කෝ යකා කියලා, ටිකක් බලන්න සමාජය, ඔබේ වටපිටාව ඔබටම හඳුනගන්න පුළුවන් වේවි …


(උපුටා ගැනීම අවසන්)

Link – ග්‍රීස් යකා හෙවත් අප්‍රසිද්ධ මානසික රෝගියා

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/15

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම