ළමා හිංසනයට එරෙහි ජාතික දිනය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග අඩවිය කාලීන හා ඉස්ලාම් ආගමික ඉගෙන්වීමන් මූලික කරගෙන ලිපි ඉදිරිපත් කරන වෙබ් අඩවියක් යන්න ඔබට අලුත් කාරණයක් නොවේ යයි සිතමි. එසේ මෙම අඩවිය තුල ඉදිරිපත් කරන ලිපිවලට අමතරව කාලීන වශයෙන් වැදගත් වෙනත් වෙබ් අඩවිවල හා බ්ලොග් අඩවිවල පල වන ලිපි ද උපුටාගෙන ‘බ්ලොග් විමසුම’ යන පෙලගැසීම යටතේ ලිපි පල කිරීම ද ඔබට අලුත් කාරණයක් නොවේ යයි සිතමි. ඒ අනුව අද දිනයේ දී කාලීන වශයෙන් වැදගත් එසේම සමස්ථ ජාතියේ බුද්ධිමත් අවදානයට යොමු වියයුතු බ්ලොග් ලිපියක් වෙත ඔබේ අවදානය යොමු කිරීමට අදහස් කරමි.

එම කාරණය වෙත යොමු වීමට මත්තෙන් කෙටියෙන් හෝ ඔබේ අවදානයට ගෙන ආයුතු වැදගත් කාරණා කිහිපයක් ඇත. එනම්, අද අප රටේ තමන් ‘ජාතිමාමක’ නොඑසේ නම් ‘දේශමාමක’ යයි හදුන්වා ගන්නා පිරිස් තම ක්‍රියා කලාපය සාධාර්ණීකරණය කිරීමට යොදා ගන්නා උණුසුම් මෙන්ම සමීපතම මාතෘකාවන් කිහිපයක් ඇත. රටේ දැවෙන ප්‍රශ්නයක් ලෙසත්, සමස්ථ ජාතියම මුහුණපා ඇති අවාසනාවන්ත ඛේදවාචකයක් ලෙසත් මිත්‍යා මතවාදයක් ශ්‍රී ලාංකීය සමාජය තුල නිර්මාණය කිරීමට ඔවුන් ඉදිරිපත් කරන එවැනි ජනප්‍රිය මාතෘකාවන් කිහිපයක් නම් ‘පාරිභෝගික භාණ්ඩවල ‘හලාල්’ ලාංඡනය සටහන් කිරීම, නීති විද්‍යාලයට තේරී පත් වූ පිරිස් අතර මුස්ලීම් ප්‍රජාව සැලකිය යුතු සංඛ්‍යාවකින් වැඩිවීම, ඉස්ලාමීය දේවස්ථාන බෞද්ධ පූජා භූමි ආසන්නයේ පිහිටා තිබීම හා එම දේවස්ථානවල ‘අසාන්’ ශබ්ද විකාශන යන්ත්‍රවලින් පැවසීම… යනාදීය එවැනි කිහිපයකි. මෙම මාතෘකාවන් වෙන වෙනම ගෙන දීර්ඝ ලෙස සාකච්චා කලයුතු මාතෘකාවන් වන නමුත් මෙම ලිපිය තුලින් එවැනි යොමුවක් සිදු කිරීමට බලාපොරොත්තු නොවෙමි. මන්ද මෙම ලිපිය තුලින් ඔබේ අවදානයට ගෙන එන විෂය එයට සෘජුවම සම්බන්ධ නොවීම මෙන්ම ඉහත බොහෝ විෂයන් මීට පෙර මෙම අඩවිය තුල තරම් දුරකට සාකච්චා කොට තිබීම එයට ප්‍රධාන හේතුවයි.

ඉහත තත්වයන් අප රට තුල අද ඊයේ ඇති වූ අලුත් තත්වයන් නොවුවත් අද ඊයේ අප රට තුල බිහිවූ ජාතිවාදී සංවිධානවලට නම් මෙම තත්වයන් තම ව්‍යාපාරයන් ජනතාව අතරට ගෙනයාමට හොද අවස්ථාවක් වී ඇත. ඔවුන් ඒ තුල කොතරම් මෝහයට පත්ව වියරුවෙන් ක්‍රියා කරනවාද? යන්න පවසනවා නම්, ජාතියක් ලෙස සංස්කෘතිමය වශයෙන් ප්‍රබල බිඳ වැටීමකට හා පිරිහීමකට ගොදුරු වෙමින් වර්ථමාන සමාජය පැවතුන ද ඒ පිලිබදව ඔවුනට කිසිදු වගක් නැත. දියුණූ සංස්කෘතියකට උරුමකම් කියන ජාතියක් ලෙස ආඩම්භරයෙන් ලොවට කියාගන්නා අප ලෝක ප්‍රකට අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් වන ගුගල් සෙවුම් යන්ත්‍රය තුලින් ලිංගිකත්වය (sex) පිලිබඳ වඩාත් වැඩියෙන් සොයා ඇති රට ලෙස අනාවර්ණය වීම අපගේ සංස්කෘතිමය වශයෙන් සිදුවෙමින් තිබෙන පරිහානියට හොද නිදසුනකි. මා මෙසේ පවසන විට එම ගුගල් සමීක්ෂණ ප්‍රතිපලයට විවිධ වූ තර්ක, විතර්ක හා අර්ථකථන ඉදිරිපත් කරමින් එය සාධාර්ණීකරනය කිරීමට ඔබට පුළුවන. මේ නිසාම ඇත්තටම අද අප සමාජය යොමුව ඇත්තේ කොයිබටද? යන්න වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස බ්ලොග් අඩවි කිහිපයක පසුගිය දිනවල වාර්ථා වූ පුවතක් එක්තරා බ්ලොග් අඩවියකින් උපුටාගෙන ඔබේ අවධානයට මෙසේ ගෙන එමි.

පසුගිය මාස 11 තුළ ලංකාවේ ළමා ස්ත්‍රී දූෂණ 1,464යි
  • 2012 වසරේ මුල් මාස 11 තුළ ළමා ස්ත්‍රී දූෂණ 1,464ක් සිදුවී තිබෙනවා. නියෝජ්‍ය සිලිස්ටර් ජෙනරාල්වරයාය ඒ බව සඳහන් කලේ ඊයේ කොළඹ පැවති ළමා හිංසනයට එරෙහි ජාතික දින සැමරුම් උලෙලට සහභාගී වෙමින් නීතිය පසඳලීම ප්‍රමාද වීම ගැටළු සහගත බවද ඔහු එහිදී පවසා තිබුණා. පසුගිය වසර හතරක කාලය තුලදී ලංකාවේ වාර්තාවූ ළමා ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව මෙසේය.
  • 2009 වසරේ 1,228කි
  • 2010 වසරේ 1,446කි
  • 2011 වසරේ 1,463කි
  • 2012 මුල් මාස 11 තුළ 1,464කි

ළමා අපචාර වලින් 76%ක් වයස 16ට අඩු ළමයින්ගේ කැමැත්ත සහිතව සිදුවූ ඒවා බවද ඔහු එහිදී සඳහන් කලා.

https://player.vimeo.com/video/56764315

link - www.gossip9.com/2013/01/11-1464.html

ඉහත බ්ලොග් ලිපිය තුලින් ඔබේ අවදානයට ගෙන එන්නේ, මෙම තත්වයන් නොසලකා හැර විකෘති මතවාදයන් සදහා වූ ව්‍යාපාරයන්ට ප්‍රමුඛස්ථානය දී පටු න්‍යාය පත්‍රයන් තුල ක්‍රියා කිරීම තුලින් ජාතියක් ලෙස අපට දිනාගත හැකි කිසිවක් නොතිබෙන බවයි. බුද්ධිමත් සමාජය දැන්වත් මේ පිලිබදව විමසා බැලිය යුතු යන්න ‘යහමග’ අපේක්ෂාවයි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම