FIFA සම්ප්‍රදායට අභියෝග කල කටාරය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ දිනවල ලොවපුරා දැඩි කථා බහට ලක්ව ඇති මාතෘකාවන් අතර ඉදිරියෙන් තිබෙන්නේ කටාර් රාජ්‍යයේ පැවෙත්වෙමින් තිබෙන FIFA පාපන්දු ක්‍රිඩා තරඟයයි. ලෝක පාපන්දු ක්‍රිඩා ඉතිහාසය උඩුයටිකුරු කරමින් සහ FIFA තරඟ ඉතිහාසය තුල මෙතෙක් පැවතී සම්ප්‍රදායන් අභියෝගයට ලක් කරන ආකාරයේ තීන්දු තීරණ ගණනාවක් අරගනිමින් 2022 FIFA ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය මේ දැන් පැවැත්වෙමින් ඇත.

ලොව කුඩා රාජ්‍යයක් වූ කටාර් රාජ්‍යය මුළු ලෝක අවදානයම තමන් වෙත මෙලෙස කරකැවීමට සමත් එම තීන්දු තීරණ මොනවාද?. එවැනි කිහිපයක් මෙහි පහතින් සදහන් කරන්නේ නම්,

  • FIFA තරඟාවලිය ආරම්භ වීමට දින කිහිපයකට පෙර, බටහිර ලෝකය මවිත කරවමින් ‘මතින් තොර ක්‍රිඩාවක්’ පැවැත්වීමේ අරමුණින් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය තම රාජ්‍යය තුල තහනම් බව නිවේදනය කරන ලදී.
  • කාමුක හැඟීම් උද්දීපනය වන ආකාරයේ අක්‍රමවත් ඇදුම් පැලඳුම් ඇඳ විවිධ නැටුම් ගැයුම්වලින් ආරම්භ වන ක්‍රිඩා උත්සව සම්ප්‍රදායන්ට කණේපාරක් දෙන ලෙසට අලංකාර අල්කුර්ආන් පාඨයන් හා බුද්ධිමත් කථිකාවන් සමඟ මෙම FIFA පාපන්දු උත්සව සමාරම්භය සිදුවීම ලෝකයම මවිත කරවන තවත් කාරණයක් විය.
  • මෙවැනි තරඟ සදහා විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් ගෙන්වා ගැනීම අරමුණු ඇතිව නිළ හා නිළ නොවන ලෙස විවිධ අනාචාර කටයුතු ද සංවිධානය වන සම්ප්‍රදායක් ලෝකයේ ඇත. එහි ගණිකා වෘත්තිය මූලික කරගත් ගණිකා කලාප (Red Light Area) සහ රාත්‍රී සමාජ ශාල (Night Club) විශේෂය. නමුත් කටාර් රාජ්‍ය තම රට තුල එවැනි දෑ තහනම් බව නිවේදනය කරන ලදී.
  • මුස්ලීම් රාජ්‍යයක් වූ පලස්තීනය ආක්‍රමණය කොට ඒ තුල ගොඩනැඟූ ඊශ්‍රායීලය රටක් ලෙස පිලිනොගන්නා බව නිවේදනය කරන ආකාරයට ‘ඊශ්‍රායිලය’ යන නම මෙම තරඟාවලිය තුල කිසිදු විටෙක සලකුණූ නොකලයුතු බව නිවේදනය කරන ලදී.
  • මුස්ලීම් නොවන ලෝකයට විශාල අභීයෝගයක් වී ඇති ඉස්ලාම් දහම් ප්‍රචාරක Dr. සzකිර් නායක් මහතා මෙම තරඟාවලියේ ප්‍රධාන අමුත්තා වීම බටහිර ලෝකය තව තවත් මවිත කරවන්නක් විය.

රටක් ජාත්‍යන්තර තරඟාවලියක් තම රට තුල සංවිධානය කරන්නේ, ඒ තුලින් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමේ අවස්ථාව පවතින නිසා සහා තම රටට අසීමිත ප්‍රසිද්ධියක් ලබාගැනීමේ හැකියාව පවතින නිසා බැවිණි. ඒ අනුව කටාර් රාජ්‍යය මෙම තරඟය සංවිධානය කිරීමේ නිළ රට ලෙස සුදුසුකම් ලබාගත්තේ ඇමරිකාව සමඟ පැවතී දැඩි තරඟයකින් අනතුරුවය. එසේ නිළ අවසරය ලද පසුව පවා විවිධ අභියෝග හා බාධා කිරීම් මධ්‍යයේ මෙම 2022 FIFA තරඟාවලිය සංවිධානය කල කටාර් රාජ්‍යය ඒ සදහා ආයෝජනය කල මුදල ඩොලර් බිලියන 220 ($220 billion)කි. මෙය FiFA තරඟ ඉතිහාසයේ වැය කල විශාලතම මුදලයි.

මේ ආකාරයට විශාල ධනයක් ආයෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිඩා සම්ප්‍රදායන් බිඳලමින් මතින් හා අනාචාරයන්ගෙන් තොර නැවුම් හා ආදර්ශමත් ක්‍රිඩා රසාස්වාදයක් ප්‍රේක්ෂකයින් හට ලබාදීමේ අභියෝගය භාර ගැනීම සුළුපටු කාරණයක් නොවේ. විශේෂයෙන් තමන් ඉස්ලාමීය රාජ්‍යයන් යැයි හදුන්වා ගන්නා රටවල් පවා මෙවැනි අවස්ථාවල විදේශික ආකර්ශණය දිනාගැනීම සදහා සහ ඒ තුලින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා ඉස්ලාම් දහමට එරෙහි ක්‍රියාවන් හා අනාචාරයන් නිළ හා නිළ නොවන ලෙස තම රට තුල ප්‍රසිද්ධියේ අවසර ලබාදී ඇති යුගයක ලෝකයා ඉදිරියේ තම දහම කිසි විටෙකත් නොදැවෙනි බව කියාපාන ලෙස ඉස්ලාම් දහමේ සීමාවන් පිලිපදිමින් මෙම 2022 FIFA තරඟාවලිය සංවිධානය කරන්න කටාර් රාජ්‍යයට විශාල ධෛර්‍යයක් තිබිය යුතු නොවේද?.

‘දහම පළමුව අන් සියල්ල ඊට පසුවයි’ යැයි පවසන ආකාරයට මුස්ලීම් ලෝකය පවා මවිත කරවමින් ඔවුන් කල ආදර්ශමත් එම ක්‍රියාමාර්ගය ජාති ආගම් වැනි පටු භේදයන් ඉක්මවා ගොස් අගය කලයුතු කාරණයක්ව ඇත. ක්‍රිඩාවක් තුලින් අපේක්ෂා කරන්නේ සතුට, විනෝදය, කායවර්ධනය… වැනි ධනාත්මක කරුණු නම්, ඒ තුල මතට හා අනාචාරයට ඉඩ තබන්නේ කුමකටද? යන පණිවුඩය ඔවුන් ආදර්ශමත්ව ලෝකයට ඔප්පු කොට පෙන්වා ඇත. එපමණක් නොව ඉස්ලාම් දහම ක්‍රිඩාව උනන්දු කරවන දහමක් යන්න පමණක් නොව එහි සීමාවන් පිලිපැදීම අත්‍යඅවශ්‍ය යන පණිවුඩයත් ඔවුන් ලෝකයට ලබාදී ඇත.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ, ඉතිහාසයට හා සම්ප්‍රදායට අභියෝග කරමින් මුළු ලෝකයම තමන් දෙස හැරී බලන තරමට ධෛර්‍යවන්ත තීරණයකට එළඹූණු ලොව කුඩා රාජ්‍ය වන කටාර් රාජ්‍යයට ලෝකවාසී සමස්ථ මුස්ලීම් ප්‍රජාවගේම ආශිර්වාදාත්මක ප්‍රාර්ථනය එක් කලයුතුව ඇත. ඒ අනුව යහමග අඩවිය ද කටාර් රාජ්‍යය වෙනුවෙන් මෙලෙස ප්‍රාර්ථනාව එක් කරමින් මෙම සටහන අවසන් කරමි.

යාඅල්ලාහ්!, කටාර් රාජ්‍යයට හා එහි පාලකයින් හට ඔබගේ භාග්‍යය හා ආශිර්වාදය ලබාදෙත්වා!,

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම