අබූ අර්ශද්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්
යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්

අබූ අර්ශද් වන මා යහමග අඩවියේ ඇඩ්මින් Admin වෙමි. ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හෙළ බසින් ශ්‍රී ලාංකීය සමාජයට දායාද කිරීම මූලික අරමුණ කොටගෙන 2009/12/07 දින මෙම යහමග අඩවිය අන්තර්ජාලයට එක් කරන ලදී. දශක එකහමාරකට ආසන්න කාලයක් පුරාවට අඛණ්ඩව යාවත්කාලීන කරමින් පවත්වාගෙන එන මෙම අඩවිය ආරම්භ කල මුල් කාලයේ පටන් මා මුහුණදුන් සහ මුහුණදෙන අභියෝග සුළුපටු නොවේ.

එවැනි කිහිපයක් මෙහි ඔබේ දැන ගැනීම පිණිස සටහන් කරන්නේ නම්,

  •  මීට වසර 13 කට පෙර මෙම අඩවිය ආරම්භ කලේ HTML වෙබ් අඩවියක් ලෙසයි. (HTML වෙබ් අඩවියක් යාවත්කාලීන කිරීම ඉතා දුෂ්කර එසේම වැඩි කාලයක් ගතවන වෙහෙසකාරී ක්‍රියාවක් බව HTML භාෂාව පිලිබදව යම් දැනුමක් ඇති පිරිස දනී.)
  • එදා මෙම අඩවිය සම්පූර්ණයෙන් නිර්මාණය කලේ මා විසින්ම වන නමුත් ඒ වනවිට එම HTML භාෂාව පිලිබදව පූර්ණ දැනුමක් හෝ හැදෑරීමක් කර නොතිබුණි.
  • HTML භාෂාව වෙබ් අඩවි නිර්මාණය සදහා අනාරක්ෂීත භාෂාවක් වූ නිසා එදා නිතර නිතර විවිධ දෝෂයන්ට යහමග අඩවියට මුහුණදීමට සිදුවිය.
  • ඊට අමතරව අවස්ථා කිහිපයකදීම යහමග අඩවිය Hack කිරීමන්ට ද ගොදුරු විය.
  • මීට අමතරව එදා යහමග අඩවිය ආරම්භ කාලයේ Sinhala Unicode ක්‍රමය අන්තර්ජාලය තුල සරලව භාවිතා නොවීම නිසා සාමාන්‍ය Sinhala Font (Malithi) යහමග ඉදිරිපත් කිරීමට සිදුවිය. එයද අර්බුද රාශියකට මුහුණපෑමට සිදුවූ දුෂ්කර කටයුත්තක් විය.
  • ඊට පසු මිතුරෙකුගේ සහයෝගය ඇතුව යහමග අඩවිය PHP භාෂාවෙන් ඉදිරිපත් කිරීමට හැකි වූවත් එම PHP භාෂාව පිලිබදව නිසි දැනුමක් එදා මාහට නොතිබූ නිසා එයද ආරම්භයේ දුෂ්කර කටයුත්තක් විය.
  • එදා මා වෘත්තියෙන් රාජ්‍ය සේවකයෙකු වූ අතර සේවා කාලය තුල මාගේ වෘත්තිය කටයුතුවල නියලී අනතුරුව මෙම අඩවියේ කටයුතුවල නියලීම මානසිකව මෙන්ම කායිකව ද ඉතා වෙහෙසකාරී කටයුත්තක් විය.
  • මෙම අඩවිය ආරම්භ කරන කාලය වනවිට මා විවාහක එක්දරු පියෙකි. ආර්ථික අතින් ශක්තිමත් නොවූ මාගේ පවුලේ කටයුතු සමඟ මෙම අඩවිය පවත්වාගෙන යාමද දුෂ්කර කටයුත්තක් විය.
  • යහමග අඩවිය ආරම්භ කරන වකවානුවේ නිසි පරිගණකයක් පවා නොමැතිව කුලී නිවසක හිඳ මෙම මෙහෙවර ආරම්භ කිරීම ද දුෂ්රකර ක්‍රියාවක් විය.
  • මේ වනවිට යහමග අඩවිය ආරම්භ කොට වසර 13ක් ඉක්මවා ගොස් තිබුණද මේ දක්වා මෙම අඩවිය පවත්වාගෙන ආ ගමන් මඟ තුල මෙහි කිසිදු කටයුත්තක් සදහා කිසිදු පුද්ගලයෙකුගෙන් හෝ සංවිධානයකින් මූල්‍යමය හෝ භාණ්ඩමය පරිත්‍යාග කිසිවක් ලබාගෙන නොමැති බව සතුටින් සටහන් කල හැක.
  • මෙම අඩවිය ඉස්ලාම් දහම පිලිබදව ශ්‍රි ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම පිණිස පමණක් පවත්වාගෙන යන අතර මේ තුලින් අපේක්ෂා කරන්නේ අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය පමණි.
  • මෙම අඩවිය පදනම් කරගෙන මේ දක්වා කිසිදු ලෞකික ලාභයක් හෝ ප්‍රයෝජනයක් ලබාගෙන නොමැති අතර ඉදිරියටත් දහම පළිහක් කරගෙන ලෞකික ලාභ ප්‍රයෝජන ලබාගැනීමට අපේක්ෂා නොකරමි. (එවන් පහත් ක්‍රියාවන්ගෙන් අල්ලාහ් (දෙවි) මාව ආරක්ෂා කරත්වා!)
  • ...


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම