අබූ අර්ශද්

From Yahamaga
Revision as of 12:10, 29 April 2023 by Admin (talk | contribs)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්
යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හෙළ බසින් ශ්‍රී ලාංකීය සමාජයට ලබාදීම මූලික අරමුණ කොටගෙන 2009/12/07 දින මෙම යහමග අඩවිය අන්තර්ජාලයට එක් කරන ලදී. මෙම අඩවිය ආරම්භ කල මුල් කාලයේ මා මුහුණදුන් අභියෝග සුළුපටු නොවේ.

එවැනි කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්,

  •  මීට වසර 13 කට පෙර මෙම අඩවිය ආරම්භ කලේ HTML වෙබ් අඩවියක් ලෙසයි. (HTML වෙබ් අඩවියක් යාවත්කාලීන කිරීම ඉතා දුෂ්කර එසේම වැඩි කාලයක් ගතවන වෙහෙසකාරී ක්‍රියාවක් බව HTML භාෂාව පිලිබදව යම් දැනුමක් ඇති පිරිස දනී.)
  • එදා මෙම අඩවිය සම්පූර්ණයෙන් නිර්මාණය කලේ මා විසින්ම වූ අතර ඒ වනවිට එම HTML භාෂාව පිලිබදව කිසිවක් මා හදාරා නොතිබුණි.
  • HTML භාෂාව වෙබ් අඩවි නිර්මාණය සදහා අනාරක්ෂීත භාෂාවක් වූ නිසා එදා නිතර නිතර විවිධ දෝෂයන්ට යහමග අඩවියට මුහුණදීමට සිදුවිය.
  • ඊට අමතරව අවස්ථා කිහිපයකදීම යහමග අඩවිය Hack කිරීමන්ට ද ගොදුරු විය.
  • මීට අමතරව එදා යහමග අඩවිය ආරම්භ කාලයේ Sinhala Unicode ක්‍රමය අන්තර්ජාලය තුල සරලව භාවිතා නොවීම නිසා සාමාන්‍ය Sinhala Font මඟින් යහමග ඉදිරිපත් කිරීමට සිදුවිය. එයද ඉතා දුෂ්කර කටයුත්තක් විය.
  • ඊට පසු මිතුරෙකුගේ සහයෝගය ඇතුව යහමග අඩවිය PHP භාෂාවෙන් ඉදිරිපත් කිරීමට හැකි වූවත් එම PHP භාෂාව පිලිබදව නිසි දැනුමක් එදා මාහට නොතිබූ නිසා එයද ආරම්භයේ දුෂ්කර කටයුත්තක් විය.
  • එදා මා වෘත්තියෙන් රාජ්‍ය සේවකයෙකු වූ අතර සේවා කාලය තුල මාගේ වෘත්තිය කටයුතුවල නියලී අනතුරුව මෙම අඩවියේ කටයුතුවල නියලීම මානසිකව මෙන්ම කායිකව ද ඉතා දුෂ්කර ක්‍රියාවක් විය.
  • මෙම අඩවිය ආරම්භ කරන කාලය වනවිට මා විවාහක එක්දරු පියෙකි. එම නිසා මෙම අඩවිය පවත්වාගෙන යාමේදී ආර්ථික දුෂ්කරතාවයන්ට ද මුහුණපෑමට සිදුවිය.
  • යහමග අඩවිය ආරම්භ කරන වකවානුවේ නිසි පරිගණකයක් පවා නොමැතිව කුලී නිවසක හිඳ මෙම මෙහෙවර ආරම්භ කරන ලදී.
  • යහමග අඩවිය ආරම්භ කොට වසර 13ක් ඉක්මවා ගොස් තිබුණද මෙම අඩවිය හෝ ආගම පදනම් කරගෙන සතයක් තරම් හෝ මුදල් උපයා හෝ ආධෘර වශයෙන් ලබාගෙන නොමැත.
  • ...


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/29

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම