ජාතියම ගිලගන්නා මත් උවදුර

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


උදේ සවස පන්සිල් ගන්නා රටක සමාජයේ ඉහල ම තලයේ සිට පහලම තලය දත්වාත්, කුඩා ම පාසැල් දරුවන්ගේ පටන් මහළු වැඩිහිටියන් දක්වාත්, කාන්තා පිරිමි භේදයක් නොමැතිව ගිලගනිමින් තිබෙන මත් උවදුරේ තරම පිලිබදව සමාජය දැනුවත් කිරීම අරමුණින් මෙම FORUM යටතේ කරුණු පෙල ගසමි.


බිස්කට් ටින් එකෙන් මත් කුඩු මතුවේ

ඩුබායි රටේ සැඟව සිට හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය ඇතුළු අපරාධ ගණනාවක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ද මෙහෙයවන කන්නංගරගේ ලලිත් කන්නන්ගරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයකු රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු සමඟ හොරයින් මත්කුඩු ග්‍රෑම් 225 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ගත තොරතුරු ලද තොරතුරකට අනුව අතුරුගිරිය මුල්ලේගම ජනතා පොළ ප්‍රදේශයේ දී සැකකරු හොරයින් මත් කුඩු ග්‍රෑම් 100 ක් සමග අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී නිවෙස තුළ බිස්කට් ටින් එකක් තුළ බහා සඟවා තිබූ තවත් මත්ද්‍රව්‍ය ගෑම් 125 ක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

Link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A/1-630324

පාසල් සිසුවිය දපනේ දා ගෙන කුඩු පොවලා

කොළඹ ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන දාහත් හැවිරිදි පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් ඇය අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා දූෂණය කළ බව පැවසෙන 23 හැවිරිදි තරුණයෙක් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පිහිටි පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින්සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සමඟ සමග හෝටල් කාමරයක රැඳී සිටි එම දාහත් හැවිරිදි සිසුවිය ද පොලිස් භාරයට ගත් අතර ඇය කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියකි. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා කිසිදු රැකියාවක් නොකරන අයෙක් බවද පැවසේ.

තම දියණිය පාසල් ගොස් ආපසු නිවසට නොපැමිණි බව කියමින්එම සිසුවියගේ මව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

දියණිය තරුණයකු සමඟ වසර හයක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවදඇය කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.

කොතරම් අවවාද කලත් දියණිය එම සම්බන්ධතාවය නතර කර නොමැති බවද ඇය පොලීසියට පවසා ඇතැයි කියති.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA-%E0%B6%AF%E0%B6%B4%E0%B6%B1%E0%B7%9A-%E0%B6%AF%E0%B7%8F-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%B4%E0%B7%9C%E0%B7%80%E0%B6%BD%E0%B7%8F/1-630521

කෝටි 7ක අයිස් මත්ද්‍රව්‍ය තලෛයිමන්නාරමෙන් අල්ලයි

තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද (2) කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 7කට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 කට අධික තොගයක් භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය අද තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ උරයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කළ බවත් එම උරය තුල පර්සල් හතරක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක (තෙත බර සහිත) පමණ තොගයක් භාරයට ගත් බවක් නාවික හමුදා කීය.

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 67.5 කට අධික වෙතැයි විශ්වාස කරන බවකි නාවික හමුදාව භාරයට ගත් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් භාරයේ තබා ගන්න බව ද සඳහන් කළේය.

Link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-7%E0%B6%9A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%AD%E0%B6%BD%E0%B7%9B%E0%B6%BA%E0%B7%92%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/1-631123

කෝටි නවයක කුඩු නාවික හමුදාවට කොටු

ඩව් යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 92 ට අධික වටිනා හසීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයන් තිදෙනකු තලෙයිමන්නාරම මුහුදේදී ,අද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

සැකකරුවන් සමග විශාල උර තුනක බහා තිබූ පාර්සල් 95ක අසුරන ලද හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 92 ක් හා ප්‍රවාහනයට යොදාගත් ඩව් යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත මැරින් බලඝණ නාවිකයන් තලෙයිමන්නාරම වැලි පර ආශ්‍රිත මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා යාත්‍රාකරමින් තිබූ මෙම යාත්‍රාව නිරීක්ෂණය කර අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සමග හසීස් මත්ද්‍රව්‍ය තොගය සහ ඩව් යාත්‍රාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෙයි මන්නාරම පොලිසිය වෙත භාරදී ඇත.

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B6%9A-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94/101-631308

ප්‍රදේශ කීපයක් මත් කළ කතක් මාට්ටු

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක මත්කුඩු හා මුදල් තොගයක් සමඟ ගෑන්ඩ්පාස් ස්ටේස්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .

සැකකාරිය සමග රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා හොරයින් මත්කුඩු ග්‍රෑම් 208 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය චෝදනාවට වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින සැකකාරියගේ සැමියා මාර්ගයෙන් මහර බන්ධනාගාරයේ සිටින ජාවාරම්කරු හඳුනාගෙන තිබූ බව කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත

එම ජාවාරම්කරු සැමියාට ජංගම දුරකථන හරහා ලබාදෙන උපදෙස් සැමියා තමන් වෙත ලබාදීමෙන් අනතුරුව. හොරයින් මත්කුඩු ජාවාරම සිදු කරන බව සැකකාරිය ප්‍රකාශ කර ඇත

කොලොන්නාව වැල්ලම්පිටියේ සාලමුල්ල ග්‍රෑන්ඩ්පාස් හා කොටහේන ආදී ප්‍රදේශ වලට මත්කුඩු තොග වශයෙන් බෙදා හරින බව සැකකාරියගේ වැඩිදුරටත් අනාවරණ වී ඇත

44 හැවිරිදි සැකකාරිය වැල්ලම්පිටිය මීතොටමුල්ල පදිංචිකාරියකි

https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81-%E0%B6%9A%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85-%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-631425

ලොකුම කුඩු සිද්ධියේ සැකකරුවෝ නිදොස් කොට නිදහස්

ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් කුඩු කිලෝ 196 ක් ලංකාවට රැගෙන එද්දී මහමුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහි චෝදනාවල පැමිණීල්ල දෙදරා ගොස් ඇතැයි ඒකමතිකව තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවෝ 05 දෙනාම අද (06) නිදොස් කොට නිදහස් කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකළත් එම විමර්ශන කළ ආකාරය පිළිබඳ මවිතය පළකරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කළේය.

ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් ජාවාරම්කරුවන්ට එරෙහි නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා විභාග කිරීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මාස 06ක කාලයක් තුළ පැවැත්වු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරු මඩුල්ල මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ මෙලෙස චෝදනා ලැබ සිටින්නේ අනුර චමින්ද අප්පුහාමි” තවරාසා සුදාකරන්” අග්ලේස පිල්ලේ තවරාසා” ලසන්ත ප්‍රියලාල් අප්පුහාමි සහ කන්දයියා චන්ද්‍රකුමාර් නමැත්තන්ය.

මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා (සභාපති) මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන් විසින් එලෙස නියම කරන ලදී.

ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් ජාවාරම්කරුවන්ට එරෙහි නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පත් කරන ලද මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල 2021 සැප්තැම්බර් 27 වැනිදා නඩු විභභාගය ආරම්භ කරන ලදී.

2019 අප්‍රේල් මස 21 වනිදා හෝ ඊට ආසන්න දිනයක පේදුරුතුව සහ කන්කසන්තුරය අතර ජාත්‍යයන්තර මුහුදේදී ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196 ලංකාවට ආනයනය කිරීම” එම හෙරොයින් කිලෝ 196 ලඟ තබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම යන චෝදනා මත අනුර චමින්ද අප්පුහාමි” තවරාසා සුදාකරන්” අග්ලේස පිල්ලේ තවරාසා” ලසන්ත ප්‍රියලාල් අප්පුහාමි සහ කන්දයියා චන්ද්‍රකුමාර් නමැති විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කොට තිබිණී.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව විසින් පේදුරුතුව සහ කන්කසන්තුරය අතර ත්‍රීකුණාමලයට කිලෝමීටර් 400ක් දුරින් ජාත්‍යයන්තර මුහුදේදී “ශාන්ත අන්තෝනි” නමැති ධීවර යාත්‍රාවකින් උර 13ක බහාලු පාර්සල් 248ක් තුළ සඟවා හෙරොයින් කිලෝ ග්රෑම් 263ක්ද සමඟ මෙම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ ග්රෑම් 263 තුළ ශුද්ධ හෙරොයින් කිලෝ 196 ග්රෑම් 986ක් ඇත බව රජයේ රස පරීක්‍ෂකවරයා අධිකරණයට වාර්තා කළේය.

කුඩු නඩුවක් විභාග කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී සභාපති විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අධිකරණය අමතමින් ඒකමතික තීන්දුවක් ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් අතර තීන්දුවේ නිගමන සහ හේතූ විවෘත අධිකරණයේ දක්වන බව දැනුම් දුන්නේය.

ඒ අනුව මුලින්ම මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතාද පසුව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාද අනතුරුව සභාපති විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතාද තීන්දුවේ නිගමන සහ හේතූ විවෘත අධිකරණයේ පැහැදිලි කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ඇතැම් නිලධාරීන් අධිකරණයේ ෂත්‍ය සාක්කි දුන්නේද යන්න සැකමතුවන බවත් ඇතැම් සාක්කි විශ්වාෂනීයත්වයෙන් තොර ඒවා බවත් තීන්දු කළ විනිසුරු මඩුල්ල මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සිද්ධිය පිළිබඳ විමර්ශන කළ ආකාරය පිළිබඳ මවිතයට පත් වන බවත් සඳහන් කළේය.

සිද්ධියේදී ගත් ඡායාරූප සහ වීඩීයා් පට අධිකරණයට ඉදිරිපත් කොට නැති බවත් නාවික හමුදාව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට පෙන්වන ලද පොලිසැක් උර ඔහුට හඳුනාගැනීමට නොහැකිවීම පුදුම සහගත බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවධධාරණය කළේය.

පැමිණීල්ලෙන් කියන ආකාරයට මෙවැනි වැටලීමක් සිදුවුවාද යන්න සැක සහිත බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සාක්කි කෙරෙහහි විශ්වාෂය තැබිය නොහැකි බවත් විත්තිකරුවනන්ගෙන් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් පිළිබඳ නඩු භාන්ඩ දාමය ඔප්පු කිරීමටට පැමිණීල්ලට හැකියාව ලැබී නැතැයිද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධධාරණ සැකයකින් තෙතාරව ඔප්පු කොට නැතැයී තීන්දු කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් සිය`ථ දෙනාම සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.

විනිසුරු මඩුල්ලේ නියෝගය මත අධිකරණ භාෂා පරිවර්ථන නිලධාරිනියන් වන මල්ෂී ප්‍රනාන්දු සහ සෆායා අරූෂ් මෙනවියන් විසින් අධිකරණ නියෝගය අධිකරණයට දැනුම් දුන්හ.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් වන ගාමිණී අල්විස්” ජගත් අබේනායක” අමිලා උදයංගනී” දීපීකා හෙට්ටිමුල්ල” අරණ්‍ය දේවනාරායන” චානුක දිසානායක යන මහත්ම මහත්මීන් ඇතු`ථ නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%B8-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A/1-631352

පාසල් සිසුන් ඉලක්ක කරගෙන වව්නියාව ප්‍රදේශයේ මත්පෙති

පාසල් සිසුන් ඉලක්ක කරගෙන වව්නියාව ප්‍රදේශයේ මත්පෙති අලෙවි කරමින් සිටි සැකකරුවෙක් පෙති 539ක් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහුගේ මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරු වව්නියාව පුවරසන්කුලම් පොලිස් වසමේ 04 කණුවල මන්නාරම් පාරල වව්නියාව ලිපිනයේ ඊයේ (27) පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති අතර සැකකරු වව්නියාව පූවරසම්කුලම් ප්‍රදේශයේ පදිංචි (33) හැවිරිදි පුද්ගලයෙකි.

link - Lankadeepa web

ගිලන් රථ රියැදුරා කුඩුත් එක්ක මාට්ටු

ගම්පහ මහ රෝහලේ ගිලන් රථ රියදුරෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 320 සන්තකයේ තබාගෙන සිටි බව කියමින් යාගොඩ ප්‍රදේශයේ දී ෙසැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මෙම ගිලන් රථ රියදුරා කාලයක් තිස්සේ සිට හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයකු බවට තොරතුරු හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මොහු හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර රෝගීන් රැගෙන ගිලන් රථය පදවාගෙන ගිය අවස්ථා පවා තිබෙන බව කියති.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සීදුව රද්දොළුගම කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි අයෙකි.

ලැබුණු තොරතුරක් මත මෙම රෝහල් ගිලන් රථ රියදුරා යාගොඩමුල්ල ප්‍රදේශයේදී පරීක්ෂාවට ලක්කර හෙරොයින් සමග සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවේ මිනුවන්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

මෙම සැකකාර ගිලන් රථ රියදුරාට හෙරොයින් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

https://www.lankadeepa.lk/news/%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B6%AE-%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-627746

දවල් මිගෙල් රෑ දැනියෙල්

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා බවට සැක සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තරුණයන් හයදෙනකු අධික බීමතින් මහනුවර නගරයේ සිටියදී අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.

මහනුවර මූලස්ථාන පොලිසිය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අද (30) අළුයම 01.00 පමණ නගරයේ සිදුකළ සිදු කළ සෝදිසියකදී මහනුවර ඔරලෝසු කණුව අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි මෙම පිරිස පරික්ෂා කිරීමේදී ඔවුන් සතුව හැඳුනුම්පත් නොමැතිවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී ඔවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා පිරිසක් බවට අනාවරණය වී තිබේ.

එම පිරිසෙන් 05 දෙනකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා බවත් එක් අයකු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේ නමක් බවත් අනාවරණය වී තිබේ .

ඔවුන් තංගල්ල, ගාල්ල, පිළිමතලාව සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටද අනාවරණය වී තිබේ.

ඔවුන් මහනුවර නගරයේ මත්පැන් ශාලාවකින් මත්පැන් පානය කොට ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔවුන්ගේ හැඳුනුම්පත් පොලිසියට ඉදිරිපත් කරණ තෙක් රඳවා තබා ගෙන සිටින අතර එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BB%E0%B7%91-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%BD%E0%B7%8A/101-627751

කුඩු කිලෝ 25 ක් සමග තුනක් මාට්ටු

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේහයේ නිවස තිබී හෙරොයින් කිලෝ 25 ක් සමග සැකකරුවෙක් හා සැකකාරියක් අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ

අම්බලන්තොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර හොරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D-25-%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-622768

කෝටි 5ක මත්පෙති තැපැල් හුවමාරුවෙන් අල්ලයි

විදේශක සිට එවූ රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අද (2) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

මෙහිදී මත්පෙති 4000 ක් පමණ සොයාගත් බවත් ඒ පිළිබඳව වැඩි දුරටත් පරීක්‍ෂණ ක්‍රියාත්මක බවත් රේගුව සඳහන් කළේය.

link - https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-5%E0%B6%9A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A-%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-622686

කෝටි 7ක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු

එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, එක්සත් ජනපදය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත යොමුකර තිබූ රුපියල් කෝටි 7 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා අද (4) පැවසීය.

ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් රඳවාගත් සැක සහිත පාර්සල් 13 ක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරියේදී පරීක්ෂා කළ බවත් මෙම පාර්සල් සම්බන්ධයෙන් තැපැල් නිලධාරීන් වෙත ලබාදී තිබුණ ලේඛනවල ඒවායේ පුද්ගලික භාණ්ඩ අඩංගු බවට සඳහන්ව තිබූ බවත් ඒ මහතා කීය.

එම පාර්සල් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබුණ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබු බව කී සුදත්ත සිල්වා මහතා එම මත්ද්‍රව්‍ය අතර කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 921 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 106 ක්, කංසා ඇටවලින් නිස්සාරනය කරන ලද තෙල් ලීටරයක්, මෙතම්ෆිටමයින් නමැති මත්පෙති 5272 ක්, මත් මුද්දර කොටස් 425 ක්, මැන්ඩි ග්‍රෑම් 2 ක් සහ හෂිෂ් ග්‍රෑම් 4 ක් තිබූ බව ද සඳහන් කළේය.

එම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් 73,065,000 ක් බවට තක්සේරු කර ඇති බවත් මේ පිළිබඳව මුලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාරදුන් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා කීය.

link - https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-7%E0%B6%9A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8-%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A-%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-622827

එකට බීල වෙරිමරගාතෙන් රහසඟ කපලා

එකට එක්ව එකම බෝතලයෙන් මත්වතුර බී වෙරිමාරගාතයෙන් යාළුවාගේ ලිංගික අවයවය තියුණූ ආයුධයකින් කැපූ පුද්ගලයකු මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත යවා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වියළුව තල්දෙන ප්‍රදේශයේ වයස අවුරුදු 55 ක පුද්ගලයෙකි.

අධීක ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් සිහි විකල්ව සිටියදී ඔහු සමග එකට මත් පැන් පානය කළ තවත් මිතුරකු විහිළුවකට මෙන් මෙලෙස අත තිබූ පිහියකින් ලිංගික අවයවය කපා දමා ඇතැයි දැන ගන්නට ඇත.

ලිංගික අවයවය කැපීම නිසා බරපතළ තුවාල සහිතව වැටී සිටි මෙම පුද්ගලයා ඔහුගේ තවත් මිතුරන් පිරිසක් එක්ව පසුව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B6%E0%B7%93%E0%B6%BD-%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9F-%E0%B6%9A%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F/101-627889

දෙමස්සිනාලා එකට සූර්වී මස්සිනා මරාදාලා

ගල්කිස්ස පිටත සේරම් පාර දෙමහල් නිවසකදී පෞද්ගලික ආරවුලක් මත මස්සිනා විසින් මස්සිනා ඝාතනය කර පලාගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පිටත සේරම් පාර පදිංචිව සිටි එම්.ටී.බේරුවලගේ නැමැති (55) වියැති ව්යාසපාරිකයකු බව පොලීසිය කියයි .

අද 31 වන දින ප.ව.5.00 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති අතර , ඒ වනවිට මියගිය පුද්ගලයා තම බිරියගේ සොහෝයුරා සමග මත්පැන් පානය කරමීන් සිට ඇති බවත් ඒ අතරතුර තම බිරිඳගේ සොහෝයුරා තියුණු ආයුධ යොදාගන මෙම පුද්ගලයා උඩු මහලේදී ඝාතනයට ලක්කර නිවසින් පලාගොස් ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

මෙම ඝාතනය දේපල ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇතිබව පොලීසිය කියයි.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය, පොලිස් අධිකාරි 1 සමන් ජයසේකර, මූලස්ථාන ප්ර ධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්රොධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් යන මසතුන්ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක නීල් ප්රිියන්ත මහතා ඇතුලු නිලධාරීහු කණ්ඩායමක් සිදුකරති.

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%93-%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F/101-627907

සැමියාට ගෙනා හෙරොයින් කලිසමේ ඉනෙන් මතුවෙයි

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුගේ බිරිද එම සැකකරුට දීමට ගෙනා ඩෙනිම් කලිසමක ඉනේ වෙළෙඳ සන්නාමය සලකුණු කර ඇති ලේබලයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් බන්ධනාගාර නිලධාරීන් අද (1) අත්අඩංගුවට ගත් බව අතිරේක බන්ධානගාර කොමසාරිස් ජනරාල්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

අදාල කාන්තාව ගෙනා පාර්සල් බන්ධනාගාර නිලධාරීන් කළ සෝදිසියේදී කලිසමේ ලේබලයේ සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 48 ක ප්‍රමාණයක් සොයාගත් බව කී ඒකනායක මහතා එම කාන්තාව සහ මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර උතුර පොලිස් ස්ථානයට භාරදුන් බව ද සඳහන් කළේය.

Link - https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F-%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A-%E0%B6%89%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92/101-627978

කොග්ගල්ල නිවෙසකින් කුඩු කිලෝ 25 ක් අල්ලයි

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රෙද්ශයේ නිවසක වී ගෝනි අස්සේ තිබී හෙරොයින් කිලෝ 25 ක් සමග සැකකරුවෙකු හා සැකකාරියකු අද (3) අත්අඩංගුවට ගත්බව අම්බලන්තොට පොලිසිය කියයි.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 30 ක් පමණ වන බව පොලිසිය කියයි.

අම්බලන්තොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර හොරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි

link - https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D-25-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-622767

කුඩුත් එක්ක කොස්තාපල් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 405 ක් සමඟ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පොලිස් කණ්ඩායමක් විසින් අනුරාධපුර නගරයේ පිහිටිපෞද්ගලික බැංකුවක් අසලදී ඊයේ 28 වෙනිදා දහවල් කාලයේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානයකට අනුයුක්තව විනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි අයෙක් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

මොහු රාජකාරි කරන පොලිස් ස්ථානයෙන් නිවාඩු නොලබා අනවසරයෙන් පේමඩුව ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත පැමිණ සිටි අයෙක් බවද පොලිසිය පවසයි.

අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A-%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/101-629476

ජාතික රෝහලේ සුව කත කුඩුත් එක්ක මාට්ටු

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහායිකාවක ලෙස සේවය කරන කාන්තාවක් රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වටිනා හෙරොයින් සමග කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (01) අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි .

මෙම සේවිකාව පොළොන්නරුව , කාලිංග ඇළ ප්‍රදේශයේ 38 හැවිරිදි පදිංචිකාරිනියක වන අතර දැනට කටුනායක කෝවින්න ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන වෙනත් සැමියා සමග ජීවත් වෙමින් සිටින බව ද පොලීසිය මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .

ඇය විසින්ම නිපදවන කාන්තාවන් රෑපලාවන්‍ය කටයුතු සදහා යොදා ගන්නා කුඩා ආලේපන බදුන් තුළ , එම ආලේපන සමග , මෙම හෙරොයින් වෙනම ඔතා , කුඩා පැකට්ටු සකස් කර මෙම ආලේපන බදුන් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ බව පොලීසිය පවසයි .

මෙසේ මෙම ආලේපන බදුන් තුළ හෙරොයින් ග්රැම් 05යි මිලි ග්රැම් 200 තිබී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

කටුනායක පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙත පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් දෙන ලද තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මෙම කාන්තාව මෙම හෙරොයින් අඩංගු ආලේපන පාර්සලය කටුනායක මල්ගස්හංදිය ප්‍රදේශයේ දී මෝටර් රථයක පැමිණි පුද්ගලයෙකුට ඊයේ (01) ලබා දීමට උත්සාහ කරමින් සිටියදී , පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් , මෙම කාන්තාව අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර ඇය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (02) ඉදිරිපත් කිරීමට නියමිතය .

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා සහ මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගේ අධීක්ෂණය යටතේ එම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි , පොලිස් සැරයන් 37371 සුනිල් , කාන්තා පොලිස් සැරයන් 4620 කළ්‍යාණි යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A-%E0%B7%83%E0%B7%94%E0%B7%80-%E0%B6%9A%E0%B6%AD-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-627991

ගිලන් රථ රියැදුරා කුඩුත් එක්ක මාට්ටු

ගම්පහ මහ රෝහලේ ගිලන් රථ රියදුරෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 320 සන්තකයේ තබාගෙන සිටි බව කියමින් යාගොඩ ප්‍රදේශයේ දී ෙසැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මෙම ගිලන් රථ රියදුරා කාලයක් තිස්සේ සිට හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයකු බවට තොරතුරු හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මොහු හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර රෝගීන් රැගෙන ගිලන් රථය පදවාගෙන ගිය අවස්ථා පවා තිබෙන බව කියති.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සීදුව රද්දොළුගම කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි අයෙකි.

ලැබුණු තොරතුරක් මත මෙම රෝහල් ගිලන් රථ රියදුරා යාගොඩමුල්ල ප්‍රදේශයේදී පරීක්ෂාවට ලක්කර හෙරොයින් සමග සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවේ මිනුවන්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

මෙම සැකකාර ගිලන් රථ රියදුරාට හෙරොයින් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

https://www.lankadeepa.lk/news/%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B6%AE-%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-62774

මුළු පවුලම එකතුවී කුඩු විකුණලා

බුලත්සිංහල නගර මාධයේ ඉතා රහසිගතව සැමියා බිරිඳ දරුවන් ඇතුළු පවුලක් විසින් තම නිවසේ පවත්වාගෙන ගිය කුඩු තිප්පොලක් වටලා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සමග බිරිඳ ඊයේ (11) රාත්‍රි අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

බුලත්සිංහල පොලිසියට ලද තොරතුරක් මත මෙම මෙම වැටලීම් සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාව අතුළු පවුලම කුඩු වලට ඇබ්බැහි වී ඇති බවත් බුලත්සිංහල ප්‍රදේශය පුරා කුඩු බෙදා හරින බවත් ඒ අනුව ඇගේ සැමියා, පියා ඇතුළු ඥාති පිරිසක් මේ වනවිටත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවත් පොලිසිය පැවසීය.

කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මතුගම සහකාර පොලිස් අධිකාරි ජයසිරි යන මහත්වරුන්ගේ උදෙස් මත බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ, පොලිස් පරීක්ෂක රණවක පොලිස් සැරයෙන් (30940) වන්නිනායක යන නිලධාරින් මෙම වැටලීම සිදුකර තිබේ. සැකකාරිය අද (12) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94-%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%B8-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%93-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%BD%E0%B7%8F/101-628479

මත්පෙති සමග ඇල්ලූ වෙදා රිමාන්ඩ්

මත්පෙති තොගයක් සමඟ බදුල්ල විහාරගොඩ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයා ලබන 17 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුජිත්ද සිල්වා මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූයේ බදුල්ල මයිලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි බදුල්ල මහ රෝහලේ සේවය කරන වෛද්‍ය තිලිණ ගජනායක (44) නැමති වෛද්‍ය වරයෙකි.

පස්සර ආගරතැන්න පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට බදුල්ල ප්‍රදේශයේ පාසල් සිසුන්ට තරුණ පිරිසට මත්පෙති හොර රහසේ මුදලට විකුණන බවට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකා නිලධාරීන් උපායදූතයකු යොදවා සිදු කළ වැටලීමකදී බදුල්ල විහාරගොඩ ප්‍රදේශයේ දී මුදලට හොර රහසේ මත්පෙති විකිණීමේ දි සැකකාර වෛද්‍ය වරයා මෙසේ මත්පෙති 145ක් සමඟ අත්අඩංගුවට ගත්තේය.

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96-%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/101-628682

කෝටියක මත්කුඩු මිදිගමින් අහුවෙයි

කාලයක් තිස්සේ මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමක් කරගෙන ගිය ජාවාරම් කරුවකු කෝටියක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග මිදිගම පොලිස් වසමෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි

සැකකරු මිදිගම,පාතේගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි විවාහකයෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 25ක් තිබී ඇති අතර ප්ලාස්ටික් බටයක් තුළ දමා

පොලවේ වළලා තිබූ තවත් හෙරොයින් ග්‍රෑම් 300ක් තිබී ඇත.

ප්ලාස්ටික් බටය තුළ හෙරොයින් දමා තිබී ඇත්තේ ජලය ඇතුළට නොයන ලෙස එහි දෙපැත්ත පියන් දෙකකින් හොඳින් ආවරණය කරය.

සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවන් දෙදෙනෙකු විසින් ලබාදෙන හෙරොයින් විකිණීම හා මාතර දිසාව

පුරා බෙදාහැරීම සිදු කරණ බව හෙළිවී තිබේ.

සැකකරු මාතර පොලිසියට භාරදී ඇති අතර ඔහු කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මාතර පොලිසිය කටයුතු කරගෙන යයි

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92/101-628652

කෝටියක මත්ද්‍රව්‍ය දෙහිවලින් අල්ලයි

හා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයෙකු රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙහිවල කව්ඩාන ප්‍රදේශයේදී දෙහිවල පොලිස් අපරාධ අංශය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරු (36) පදිංචි ස්ථාන වෙනස් කරමින් විවිධ ප්‍රදේශවල පදිංචිව සිටිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග මෙම ජාවාරමේ නියුතුව සිට ඇති බවත් අනාවරණය වී ඇතැයිද පොලීසිය කියයි .

සැකකරු මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධවී ඇති බවට හා තවත් පුද්ගලයන් මෙයට සම්බන්ධවී සිටීද යන්නත් පිළිබඳ සෙවීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රදවා තබා ගැනීමේ නියෝග මත පොලීසියො රදවා තබාගන දීර්ඝ වශයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන බවත් පොලීසිය කියයි.

වැඩිදුර විමර්ශනයට අනුව ඔහු රුපියල් එක්‌ලක්ෂ විසිපන්දාහකට කුලී පදනම මත ලබාගන සිටි අධි සුඛෝපභෝගි නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී රහසිගතව නිවසතුල සගවාතිබූ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 84 ක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36 ක් , හසීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 535 ක් , ඩාන්සින් ටැබ්ලට් 30 ක් , මත්ද්‍රව්‍ය කිරීමට ගන්නා ඉලෙක්ට්රො නික තරාදියක් , ආරක්ෂිත ඉටිකොල තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය කියයි.

link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/1-628943

කුඩ්ඩා සමග ඇල්ලූ දුරකතනයට කුඩු ඉල්ලා ඇමතුම් ගලා එයි

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු ළඟ තිබී පොලිස්ර බාරයට ගත් ජංගම දුරකථනයට ඔහුගෙන් අයිස් මත්ද්‍රව්‍ය ඉල්ලා මත්ලෝලීන් බවට පැවසෙන 50 දෙනකු පමණ අයිස්මත්ද්‍රව්‍ය ඉල්ලා දුරකථන ඇමතුම් ලබා දීමේ පුවතක් හලාවත උඩප්පුව පොලිසියෙන් වාර්තා වේ.

මෙම 23 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන පැයක පමණ කාලය ඇතුළත මෙම ඇමතුම් ලැබී ඇතැයි පොලීසිය පවසයි

මොහු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව නොදැන ඔහු ගෙන් මත්ද්‍රව්‍ය ඉල්ලා මෙසේ ඇමතුම් ලබාදී ඇති අතර එම ඇමතුම්වලට කතා කර ඇත්තේ පොලිස් නිලධාරියකු විසින් බව පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙම සැකකරුට දුරකථන ඇමතුම් ලබාදී අයිස් මත්ද්‍රව්‍යය ඉල්ලා සිටි බව කියන අය ගැන ද පොලීසිය සොයා බලා ගෙන යයි.

මුලින්ම අවුරුදු 19 ක් වයසැති තරුණයකු කොට්ටන්තිව් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම විසි තුන් හැවිරිදි තරුණයා ද අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනයද පොලිස් බාරයට ගත් බව එම පොලිස් නිලධාරියා කීය.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් මෙම 23 හැවිරිදි තරුණයා ළඟ තිබී පොලිස් භාරයට ගත්ජංගම දුරකථනයට ඇමතුම් ලබාදී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින අය බවට පොලීසිය සැක කරයි.

link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F-%E0%B6%91%E0%B6%BA%E0%B7%92/1-628917

ආධාරකරුවන්ට බෙදන්න කසිප්පු පෙරලා

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ආධාර කිරීමට පැමිණෙන අයට පානය කිරීමට ලබා දීමට යැයි කියමින් කසිප්පු පෙරූ බව කියන උඩුබද්දාව ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායමකින් තරග කරන අපේක්ෂකයෙක් කුලියාපිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා 18 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අපේක්ෂකයා සමඟ කසිප්පු පෙරමින් සිටියේ යැයි කියන ඔහුගේ ආධාරකරුවකු ලෙස සැලකෙන අයකු ද මේ සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

කසිප්පු බෝතල් හතළිහක් සහ කසිප්පු පෙරීමට පදම් කරන ලද ගොඩා අඩංගු බැරල් දෙකක් ද කසිප්පු පෙරීමට යොදාගත් ගෑස් ලිපක් සහ ගෑස් සිලින්ඩරයක් ද මෙම වැටලීමේදී පොලිසිය භාරයට ගනු ලැබීය.

මෙම වැටලීම සිදුකර ඇත්තේ කුලියාපිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිත් ජයමහ මහතාට ලැබුණු තොරතුරක් මතය.

තමාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ආධාර කිරීමට පැමිණෙන ආධාරකරුවන්ට පානය කිරීමට ලබා දීමට කසිප්පු පෙරන ලදැයි සැකකාර අපේක්ෂකයා පොලිසියට පවසා ඇතැයි කියති.

link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94--%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F/1-628918

හරක් කටාගේ මත් ජාවාරම් කළ පී.සී මාට්ටු

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැකකරන පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත මිරිහාන උප ඒකකයේ රාජකාරී කරන අයෙකි.

කොස්තාපල්වරයා සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සාන්තගේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 74 ක් ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන.

පිටකෝට්ටේ සිරිකොත ගොඩනැගිල්ල ඉදිරිපිටදී මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 64 ක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පදිංචි පිටකෝට්ටේ ඩේසි මාවතේ නිවස පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි

https://www.lankadeepa.lk/news/%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85-%E0%B6%B4%E0%B7%93-%E0%B7%83%E0%B7%93-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-631454

මුහුදෙන් ඇල්ලූ කුඩු ගාල්ලට

රුපියල් කෝටි 350කට අධික වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 175ක් සමග දකුණු මුහුදු සිමාවේ සිට මුහුදු සැතපුම් 235ක් දුර ජාත්‍යන්තර මුහුදේදි අත් අඩංගුවට ගනු ලැබු බහුදින යාත්‍රාව සහ සැකකාර ධිවරයන් හය දෙනා අද ගාල්ල වරායට ගෙන එනු ලැබිය.

නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය කාරයංශය රාජ්‍ය බුද්ධි සේවය එක්ව සිදු කරනු ලැබු විශේෂ වැටලිමකදි හම්බන්තොට සිට නාවික සැතපුම් 235ක් ඈත මුහුදේදි මෙම බහුදින යාත්‍රාව පසුපස හඹාගොස් අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි යාත්‍රාවේ තිබු හෙරොයින් කිලෝ ග්‍රෑම් 175ක තොගය සොයාගෙන ඇත.

දික්වැල්ල අලුත්ගොඩ කදුරුගොඩ පදිංචි ආර්.පී.සාලින් නදිර යන අයට අයත් “සලින් 02” නමැති මෙම බහුදින යාත්‍රාව මාරතු 20වනදින කුඩාවැල්ල ධිවර වරායෙන් ධිවරයින් හය දෙනෙකු සමග මුහුදු ගොස් ඇති අතර පකිස්ථානයේ සිට ගෙන එන ලද ‍හෙරොයින් තොගය ජාත්‍යන්තර මුහුදේදි ලබාගෙන ඇති බවද අනාවරණයවි ඇත.

හෙරොයින් සමග යාත්‍රාවද සැකකාර ධිවරයින්ද ගාල්ල වරායවෙත ගෙන එනු ලැබ ුඅවස්ථාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ඇතුලු නාවික හමුදාවේ උසස් නිලධාරිහුද පැමිණ සිටියහ.

https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7/101-631739

ඒස්.ටි.එෆ් සෙබලා කුඩු සමග මාට්ටු

හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 190ක් ලඟ තබාගෙන සිටියේ යැයි කියමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු මාලිගාවත්තේතේදී අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ යාපනයේ ප්‍රදේශයේ පිහිටි විශේෂ කාර්ය බළකාකඳවුරක රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

මාලිගාවත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා රාත්‍රියේ අපරාධ නිවාරණ රාජකාරියේ නිරතව සිට ඇත

මාලිගාවත්ත සමාධි විහාරස්ථානය අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි පුද්ගලයකු දැක ඔහු පරීක්ෂාකර බැලීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය තිබී සොයා ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී යාපනය ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරක රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු බවත් මොහු නිවාඩු ලබා පැමිණ සිටි අයෙක් බවත් හෙළි විණි යැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

https://www.lankadeepa.lk/news/%E0%B6%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%A7%E0%B7%92-%E0%B6%91%E0%B7%86%E0%B7%8A-%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-631813

මත්පෙති කිලෝ 34 ක් සමඟ අයෙක් මාට්ටු

හෙරොයින් ආදේශකයක් වශයෙන් භාවිතා කරන මත් පෙති කිලෝ 34 ක් සිය ගමන් බෑගය තුළ සඟවා චෙන්නායි සිට ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි මගියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

මෙම සැකකරු ඊයේ (18) සවස ගුවන් මඟින් මෙරටට පැමිණ සිටියදී ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස අසුරා තිබූ මෙම මත්පෙති සොයාගත් බව පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ මත්පෙති 60, 460 ක් තිබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර රජවැල්ල ප්‍රදේශයේ පදිංචි (40) පුද්ගලයෙකි.

මෙරටට මත්පෙති ආනයනය කිරීම, ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D-34-%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-631833

කුඩු කිලෝ 25 ක් සමග තුනක් මාට්ටු

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේහයේ නිවස තිබී හෙරොයින් කිලෝ 25 ක් සමග සැකකරුවෙක් හා සැකකාරියක් අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ

අම්බලන්තොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර හොරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D-25-%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-622768

කොග්ගල්ල නිවෙසකින් කුඩු කිලෝ 25 ක් අල්ලයි

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රෙද්ශයේ නිවසක වී ගෝනි අස්සේ තිබී හෙරොයින් කිලෝ 25 ක් සමග සැකකරුවෙකු හා සැකකාරියකු අද (3) අත්අඩංගුවට ගත්බව අම්බලන්තොට පොලිසිය කියයි.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 30 ක් පමණ වන බව පොලිසිය කියයි.

අම්බලන්තොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර හොරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි


https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D-25-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-622767

කුඩු කිලෝ 300ක් හම්බන්තොට මුහුදෙන් අල්ලයි

හම්බන්තොටට ආසන්නෙන් වූ මුහුදේදී මත්කුඩු කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් දස දෙනකු සමග ධීවර බෝට්ට් කීපයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

ධීවර බෝට්ටු දෙකක් සහ ඩිංගි බෝට්ටුවක් සිය බාරයට ගත් බව නාවික හමුදා ව කියයි

නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙහෙයුමක දී මත් ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D-300%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-622936

බේරුවලින් කෝටි අටක කුඩු අල්ලයි

බේරුවල අඹේපිටිය ඩයස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 8 අධික වටිනා වටිනාකමින් මත්කුඩු සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

නාවික හමුදා මූලස්ථානය ලද තොරතුරකට අනුව හික්කඩුව විෂ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 පුද්ගලයෙකි.


https://www.lankadeepa.lk/news/%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-%E0%B6%85%E0%B6%A7%E0%B6%9A-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-622981

එතෙරින් ආ කුඩු පාර්සලය ගන්න ආ තරුණිය මාට්ටු

විදේශ රටක සිට ගුවන් මගින් එවා තිබු පාර්සලයක මත්ද්‍රව්‍ය තිබිම හේතුවෙන් එම පාර්සලය ලබා ගැනිමට ගාල්ල ප්‍රධාන තැපැල් කාරයාලයේ විදේශිය පාරසල් අංශයට පැමිණි තරුණියක අද (10) සවස අත්අඩංගුවට ගත් බව මත්ද්‍රව්‍ය නාශක කාරයංශය කියයි.

link - lankadeepa web

අලුතින් ’’බාර් ලයිෂන්’’ 150ක්

විවිධ ස්ථාන වෙනුවෙන් මත්පැන් බලපත්‍ර 150ක් අලුතින් නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මින් බලපත්‍ර අනූවක් නිකුත් කරනු ලැබ ඇත්තේ සුපිරි වෙළෙඳසල්( supermarket) සඳහාය.

අනෙක් බලපත්‍ර හැට අවන්හල් (restaurant) සඳහා නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

අවන්හල් සඳහා මෙලෙස නිකුත් කර ඇත්තේ බියර් සහ වයින් අලෙවිය සඳහාවූ බලපත්‍රය.

මේ අතර බලපත්‍ර සහිත මත්පැන් මෙන්ම නීති විරෝධී මත්පැන් මිලද අධික ලෙස ඉහළ යෑම නිසා ජනතාව අයිස්, මත්පෙති වැනි මත්ද්‍රව්‍යවලට යොමුවීම වැඩිවීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට ඇතැයි ගුණසිරි මහතා කීවේය.

https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E2%80%99%E2%80%99%E0%B6%B6%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A%E2%80%99%E2%80%99-150%E0%B6%9A%E0%B7%8A/101-623289

වයඹ සිසුවියෝ අයිස් ගසති?

වයඹ පළාතේ පාසල්වල ඉගෙනුම ලබන සිසුවියන් විශාල පිරිසක් මේවනවිට අයිස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව මේවනවිට අනාවරණයවී තිබේ.

ප්‍රධාන පෙළේ විදුහල් රැසක ඉගෙනුම ලබන සිසුවියන් වැඩි පිරිසක් මෙසේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවට තොරතුරු ලැබී තිබෙන අතර, අට වසරෙන් ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසුවියන් මේ ආකාරයට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව තහවුරු වී තිබේ.

වයඹ පළාතට අයත් ප්‍රධාන නගරවල පිහිටි ප්‍රධාන යැයි සම්මත පාසල්වල සිසුවියන් මේ ආකාරයට මත්ද්‍රව්‍ය සඳහා යොමුවී තිබෙන අතර ඔවුන්ගේ පෙම්වතුන්ගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් ඔවුනට මත්ද්‍රව්‍ය ලැබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කලකට පෙර පාසල් සිසුන් අතරේ ඉතා ජනප්‍රියව පැවති දිව යට තබා ගැනීමෙන් මත් වන තූල් නමැති මත්ද්‍රව්‍ය මේවනවිට සිසුවියන් අතර බහුලව පැතිරී තිබෙන බවද , බොහෝ විට පාසල් වේලාව තුළ වැසිකිළියට ගොස් ඔවුන් ඒවා භාවිතා කරන බවද හෙළිවී තිබේ.

එසේම සති අන්තයේ ප්‍රධාන නගරවල පැවැත්වෙන පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වන මුවාවෙන් පැමිණන් සිසුවියන් තම පෙම්වතුන් සහ හිතවතුන් හිතවතියන් සමඟ එක්ව මෙම මත්ද්‍රව්‍ය පානයට පෙළඹී සිටින බවද මේවනවිට අනාවරණය කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුණෑගල ප්‍රදේශයේ පාසලක නම සඳහන් කිරීමට අකැමැතිවූ විදුහල්පතිවරයෙකු කියා සිටියේ මෙය ඉතා බරපතළ ප්‍රශ්නයක් බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරීන් ඉක්මණින් පියවරක් ගත යුතු බවය.

එසේ නොවුනහොත් රටේ සමස්ත පාසල් පද්ධතියම සහ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් විනාශයට පත් වීම වැළැක්විය නොහැකි බවද ඔහු අවධාරණය කළේය.පාසල් වල පවතින මෙම තත්ත්වය මර්ධනය කිරීම සඳහා ආරක්ෂක අංශ වලට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමේ කාලය එළඹ ඇති බවද ඔමු පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව කළ විමසීමකදී වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රජිතා රත්නායක මහත්මිය ප්‍රකාශ කළේ මෙය ඉතා බරපතළ තත්ත්වයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් රජයේ වගකිව යුතු අංශ දැනුවත් කිරීමට ඉතා ඉක්මණින් පියවර ගන්නා බවය. මෙවැනිම වාතාවරණයක් පිළිබඳව හලාවත ප්‍රදේශයේ විදුහල්පතිවරුන් විසින් කළ පැමිණිලි සැලකිල්ලට ගෙන එම ප්‍රදේශයේ පාසල් සඳහා දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට උපදෙස් ලබා දුන් බවද ලේකම්වරිය සඳහන් කළාය.

https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B6%BA%E0%B6%B9-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9D-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%83%E0%B6%AD%E0%B7%92-/101-623328

කෑම පෙන්නා කුඩු විකුණලා

ගම්පොළ නගරයේ හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කුඩු පානය කරන්නන්ට පහසුකම් සපයමින් සියලුම වර්ගයේ ‍මත්දුව්‍ය අලෙවිය, ප්‍රවාහනය, ජාවාරම සිදු කරන ස්ථානයක් වටලා තරුණයන් අට දෙනකු සමග විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

link - Lankadeepa web

පොහොට්ටු ප්‍රා මන්ත්‍රී කුඩු එක්ක මාට්ටු

හෙරෝයින් ජාවාරමේ යෙදුණු බව කියන උකුවෙල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයකු ඇතුලු කාන්තාවන් දෙදෙනකු මාතලේ කළුදැවල නරිකන්ද ප්‍රදේශයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය කියයි.

අත්අඩංගුවට ගත් මෙම මන්ත්‍රිවරයා සන්තකයේ තිබි හෙරෝයින් මිලිගෑම් 2600ක ප්‍රමාණයක්ද අනෙක් සැකකාර කාන්තාවන් සන්තකයේ හෙරෝයින් මිලිගෑම් 2500ක ප්‍රමාණයක්ද තිබි හමුවු බවද පොලිසිය කියයි.

සැකකාර මන්ත්‍රිවරයා මිට පෙර අවස්ථා ගණනාවකදිම සොරකම් සහ වෙනත් සිද්ධීන් සදහා අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත්ව ඇප ලබා සිටි අයකු බවත් ඔහුට විරුද්ධව ළමා අපයෝජන සිද්ධියකට මහාධිකරණයේ නඩුවක් පවතින බවත් පොලිසිය පවසයි.

මොහු මෙම නරිකන්ද ප්‍රදේශයේ සැගව සිටිමින් මෙම හෙරෝයින් ජාවාරමේ නිරත වි ඇති බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වු බවද පොලිසිය කියයි.

https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-623703

නාඳුනන මත්පෙති සමග අයෙක් සැකපිට

පානදුර මාලමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනා හඳුනානොගත් මත් පෙති තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි .

සැකකරු සමඟ මත්පෙති 3500ක් පොලිසිය බාරයට ගෙන ඇත.

හොරයින් මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ට ආදේශකයක් ලෙස පාවිච්චි කරන මත් පෙති වර්ගයක් සැකකරු අලෙවිකරන බවට හිරණ පොලීසියට ලද තොරතුරක් අනුව නිවස වැටලීමේදී සැකකරු මත්පෙති තොගය නිවස පිටිපස සැඟවීමට උත්සාහ දැරූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනාවක් ලැබුවකු බවත් පොලිසිය කියයි.

වයස අවුරුදු තිස් හයක් වන සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 https://www.lankadeepa.lk/news/%E0%B6%B1%E0%B7%8F%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B6%B1-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7/101-623857

මත් කරල් එක්ක අයෙක් මාට්ටු

මහපරිමාණයෙන් මත්කරල් ජාවාරමේ නිරත සැකකරුවකු මත්කරල් 78,000 ට අධික ප්‍රමාණයක් සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මෝදර ප්‍රදේශයේ මත්කරල් 4,800 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ දෙහිවල කළුබෝවිල නිවසේ තිබී තවත් මත්කරල් 73,800 ක් , අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු (47) හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු අද (22) මාලිගාකන්ද අධිකරණය හමුවට ඉදිරිපති කිරීමට නියමිතව ඇත.

 https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A-%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/1-623941

විභාගය අවසන් වී බියර් ගහලා

පානදුර වෙරළ තීරයේ අද දහවල් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පාසල් නිළ ඇදුමෙන් බියර් පානය කරමින් සිටී පාසල් සිසුන් පස්දෙනකු පොලිස් බාරයට ගත්බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ පානදුර ජනප්‍රිය පාසලක 16 සහ 15 වියැති සිසුන් පිරිසක් බව පොලිසිය කීය.

ලද තොරතුරක් මත පානදුර මුහුදු වෙරළේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී වැටකෙයියා පදුරක පාසල් නිළ ඇදුමෙන් බියර් පානය කරමින් සිටී සිසුන් පස් දෙනා බියර් ටින් සමග භාරයට ගත්බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

වාර විභාගය අවසානවී ඔවුන් පානදුර රටබීම හලකින් බියර් මිළදී ගෙන පැමිණ සිටී බවද පොලිසිය පවසයි .

දෙමාපියන් ගෙන්වා උපදෙස් දී භාරදීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

 https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%93-%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F/101-623961

පාසල් සිසුන්ට දෙන්න ගෙනා මත්පෙති සමඟ අයෙක් මාට්ටු

පාසල් සිසුන් ඉලක්ක කරගෙන වව්නියාව ප්‍රදේශයේ මත්පෙති අලෙවි කරමින් සිටි සැකකරුවෙක් පෙති 539ක් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහුගේ මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරු වව්නියාව පුවරසන්කුලම් පොලිස් වසමේ 04 කණුවල මන්නාරම් පාරල වව්නියාව ලිපිනයේ ඊයේ (27) පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති අතර සැකකරු වව්නියාව පූවරසම්කුලම් ප්‍රදේශයේ පදිංචි (33) හැවිරිදි පුද්ගලයෙකි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පුවරසන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

 https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-624304

දරුවන්ට දෙන්න ගෙනා මත් ගුලි තොගයක් අල්ලයි

නිශ්පාදිත රටක්,දිනයක් සමාගමක්, අඩංගු ද්‍රව්‍ය හෝ කල්ඉකුත් වන දිනයක් සදහන්ව නොමැති මත්වන බවට සැකකරන කුඩා බෝල සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.

පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන ගිය වෙළඳ වටලා කුඩා බෝල 4000 ක් පමණ සහ ලොලිපොප් 55 ක් සොයාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි දරුවන් මෙම බෝල සහ ලොලොපොප් වලට ඇබ්බැහි වී ඇති බව මව්පියන් පිරිසක් කල දැනුම් දීමකට අනුව වැටලීම කර ඇත.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සරික්කම්මුල්ල සහ නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

මෙම ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට නියමිත බව පොලිසිය කීය.

https://www.lankadeepa.lk/news/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%92-%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-624349

අපේක්ෂාව භංග කළ අපේක්ෂා රෝහලේ සේවකයා

මහරගම අපේක්ෂා රෝහලේ සේවකයකු එම රෝහල ආසන්නයේදි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සෞඛ්‍ය කාර්යය සහයකයකු ලෙස සේවය කරන්නෙකි.

සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 500 ක් හා කේරළ ගංජා ග්‍රෑම් 10 ක් පොලිස් බාරයට ගෙන ඇත.

එම රෝහලේ සේවකයකු අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා පැකට් කර අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරන බවට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනසාන්ත කහටදෙනිය මහතාට ලද තොරතුරකට අනුව සැකකරු රැකියාවට යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී ඔහු නවතා සෝදිසි කිරීමේදී කුඩා පැකට් වශයෙන් අසුරා තිබූ අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය හමුවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

වසර හතක පමණ කාලයක් එම රෝහලේ සේවය කර තිබෙන මෙම සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින රෝහල් සේවකයන් කීප දෙනකුට සහ පිටස්තර පුද්ගලයන් සඳහා අලෙවි කරන බවට අනාවරණය වී යැයි යැයි පොලිසිය කියයි.

  https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%B4%E0%B7%99%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80-%E0%B6%B7%E0%B6%82%E0%B6%9C-%E0%B6%9A%E0%B7%85-%E0%B6%85%E0%B6%B4%E0%B7%99%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F/101-624403

අල්ලන හෙරොයින් පාන් පිටි වන අතර හෙරොයින් වෙළද පොළට යන අවාසනවා

නීතිය ක්‍රියාත්මක කරන ආයතන අත්අඩංගුවට ගන්නා හෙරොයින් "පාන් පිටි" බවට පත්වී බොහෝ අවස්ථාවල නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදීම වෙළෙඳපොළට නැවතත් පැමිණ ජනතාව අතට පත්වන ප්‍රවණතාවක් පවතින බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.

හෙරොයින් අත්අඩංගුවට ගන්නා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින්ම ඒවා නැවතත් ජනතාව අතරට යවනු ලබන තත්වයක්ද පසුගිය කාලයේදී දක්නට ලැබුණු බවත් එවැනි වැරදි කළ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ බවත් හෙතෙම සඳහන් කළේය.

රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

 https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1-%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B7%80%E0%B7%99%E0%B6%B1-%E0%B6%AF%E0%B7%9A-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/101-624680

පාසල් ආපන ශාලාවේ කත දරුවන්ට කුඩු බෙදලා?

ගම්පහ මල්වතුහිරිපිටියට නුදුරු මහ විදුහලක ආපන ශාලාවකින් තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගිය 42 හැවිරිදි කාන්තාවක, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි.

පොලීසියට ලද තොරතුරක් මත ආපන ශාලාව පරීක්ෂාවට ලක් කිරීමේදී මත් වර්ගයක කරල් 38 ක් සහ අයිස් වර්ගයේ මත් පැකට් 5 තිබු බව පොලීසිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇති කාන්තාව මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන බවද පොලීසිය සදහන් කරයි.

 https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B6%86%E0%B6%B4%E0%B6%B1-%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%9A%E0%B6%AD-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F-/101-624683

සිසුවෙක් අතේ සිසුන්ට අයිස් යවලා

පාසල් සිසුවෙක් මාර්ගයෙන් පාසල් සිසුන් ඉලක්ක කර අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවි කළ සිව්දෙනකු හොරණ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරුවන් සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 ක් හා මත්පෙති 120 ක් විශේෂ කාර්ය බලකාය පවසයි.

මොවුන් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මිල්ලනිය හා පරගස්තොට යන ප්‍රදේශවලදී ඊයේ (5) අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් 18 හැවිරිදි පාසල් සිසුවෙක් මාර්ගයෙන් සිසුන්ට මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරඇති බවට විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත

සැකකරුවන් මල්ලනිය පොලිසිය වෙත බාර දී ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%BA%E0%B7%80%E0%B6%BD%E0%B7%8F/101-624750

සිසුන්ට මත් කරල් ගෙනා ඖෂධ සාහායකයා මාට්ටු

මහරගම පෞද්ගලික රෝහලක ඖෂධ මිළදී ගැනීම් සහායකයෙකු මත්කරල් 800 ක් සමග අද අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි.

සැකකරු ගමන් මල්ලක බහා මත්කරල් රැගෙන එන බවට ලද තොරතුරක් මත දොඩංගොඩ දික්හේන හංදිය ආසන්නයේ දී පරීක්ෂා කිරීමේදී මත්කරල් 800 ක් සමග අත්අඩංගුවට ගෙන ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබේ.

පාසල් ළමුන් සහ පෞද්ගලික උපකාරක පංතිවලට සහභාගි වන සිසුන් ඉලක්ක කරගනිමින් ජාවාරම සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පොලිසිය කීය.

https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F-%E0%B6%96%E0%B7%82%E0%B6%B0-%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-624824

බුත්පිටිය පාසල් කැන්ටිමට මත් කරල් දාන්න සිංහල වෙදෙකුත් හවුල්

මල්වතුහිරිපිටිය, බුත්පිටිය මහ විදුහල් ආපන ශාලාවට මත් කරල් වර්ගයක් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී අනාවරණය වූ කරුණු මත මත් කරල් 5500 ක ප්‍රමාණයක්ද සමග 68 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයකු අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාසය අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

විදුහල් ආපන ශාලාවෙහි මත් ද්‍රව්‍ය තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන් බව කියන තැනැත්තා , කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු මත සිද්ධියට අදාලව තවත් සිව් දෙනකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අනුව අනාවරණය වූ කරුණු මත නිට්ටඹුව, රුග්ගහවිල ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වා ගෙන යන ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් මත් කරල් ලබා ගැනීම සිදු කළ බව පොලීසිය පවසයි.

මේ අනුව ඉකුත් 9 වෙනි දින රාත්‍රියේ පොලිස් උපාය දූතයකු යොදවා ආයුර්වේද වෛද්‍යවරයාට අයත් බෙහෙත් ශාලාව පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී මත්වීම පිනිස යොදා ගන්නා බව කියන කරල් 5500 ක් සහ මුදලින් රුපියල් ලක්ෂ 55 ක මුදලක් සමග ආයුර්වේද වෛද්‍යවරයා මෙලෙස සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි.

විදුහල් ආපන ශාලාවට මත් කරල් වර්ගයක් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් පේමරත්න මහතාගේ උපදෙස් පරිදි ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ සහ සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා ඇතුලු සැරයන් ලසන්ත (35084) , කොස්තාපල් වරුන්වන සේනානායක ( 79413), හිරිපිටිය ( 102065), විනෝද් ( 94006) සහ හෙට්ටිගේ ( 1867) යන නිලධාරීහු වැඩි දුර පරීක්ෂණ සිදු කරති.

අත් අඩංගුවට පත් සැකකාර ආයුර්වේද වෛද්‍යවරයා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

https://www.lankadeepa.lk/news/%E0%B6%B6%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A/101-625002

නිලඇඳුමෙන් නිවෙසක් කොල්ල කාලා

පොලිස් නිළ ඇදුමින් ගොස් නිවසක් කොල්ල කෑමට ගොස් සිටි පාර්ලිමේන්තු කොට්ඨාසයේ කොස්තාපල්වරයකු ඇතුල් තිදෙනකු වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකාර කොස්තාපල් ඇතුලු තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහි වුවන් බවද පොලිසිය පවසයි.

මොවුන් තිදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑමට ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය පානයට මුදල් සොයා ගැනීම සදහා මොවුන් කොල්ලකෑමේ නිරත වී ඇති බවද පොලිසයි සැකකාර කොස්තාපල් වැඩිතහනමට ලක්කර ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%87%EF%BB%BF%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F/101-625025

රේගු පරීක්ෂකවරු මත්ද්‍රව්‍ය සමග මාට්ටු

කොකේන් මත්ද්‍රව්‍ය, මත්මිශ්‍ර මුද්දර, සහ කුෂ් නමැති මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක සහ පෞද්ගලික ගුදමක රාජකාරි කරමින් සිටි රේගු පරීක්ෂකවරුන් දෙදෙනකු බවට උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

වරායේ රේගු නිලධාරීන් පිරිස් වරාය තුළ ජාවාරමේ නිරත වන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු තොරතුරු මත එක් රේගු පරීක්ෂකවරයකු පෙරේදා වරායයෙන් පිටවන අවස්ථාවේ චෛත්‍යපාරේ දී අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු සන්තකයේ මත්ද්‍රව්‍ය මිශ්‍ර මුද්දර තොගයක් තිබු බව එම උසස් නිලධාරියා කීය.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ ඔහුට මෙම මත් මුදකර ලබා දෙන සෙසු රේගු පරීක්ෂකවරයා සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, වරාය පරිශ්‍රයේ කාමරයක දී එම සැකකරු ද අත්අඩංගුවට ගත් බව ඔහු සන්තයේ කුෂ් නමැති මත්ද්‍රව්‍ය තිබු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ ඔහුගේ මෝටර් රථයේ සඟවා තිබු කොකේන් ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

වරාය පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගත් සැකකරු රැඳී සිටි කාමරයක් තුළ තැපෑලය ලැබී තිබු හිස් පාර්සල් කවර තුනක් තිබු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මොවුන් මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණෙන මත්ද්‍රව්‍ය පාර්සල් සිය බාරයට ගෙන ඒවා අයිතිකරුවන් වෙත මුදා හැරීම හෝ ඒවා තුළ ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරන බවට පොලිසිය සැකකරයි.

අත්අඩංගුවට ගත් රේගු පරීක්ෂකවරුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 https://www.lankadeepa.lk/news/%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94-%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C--%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-625034

මත්ද්‍රව්‍ය ලඟ තබන් සිටි රේගු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර

එල් එස් ඩී මත් මුද්දර 11ක් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක් සහ කොකේන් ග්‍රෑම් එකක් සන්තකයේ තබාගෙන සිටි බව කියන රේගු පරීක්ෂක නිලධාරීන් දෙදෙනා ලබන 17 වැනිදා තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ‍ෙවල මහතා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද (12) අවසර ලබා දුන්නේය.

මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කළේ රේගු නිලධාරීන් දෙදෙනකු වන තිස්සමහාරාම පදිංචි නානායක්කාර පල්ලියගුරුගේ අශාන් ඉවන්ත සහ මාලඹේ පදිංචි යාමනගේ රොෂාන් සපුමල් යන අයවලුන්ටය.

මෙම සැකකරුවන් දෙදෙනා වරාය තුළ මත්ද්‍රව්‍ය ඡාවාරමේ නිරතවන බවට ලද තොරතුරකට අනුව චෛත්‍ය පාරේදී අත්අඩංගුවට ගත් බවත්, මොවුන් දෙදෙනා කටුනායක සහ පෞද්ගලික ගුදමක රාජකාරි කරමින් සිටි රේගු නිලධාරීන් දෙදෙනකු බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%BD%E0%B6%9F-%E0%B6%AD%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB/101-625108

මීතොටුම්ල්ල නිවසක් කැඩූ කොස්තාපල් ඇතුළු 3ක් රිමාන්ඩ්

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මීතොටුම්ල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑ බව කියන පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ කොස්තාපල්වරයා ඇතුළු තිදෙනා හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂන කැකුණාවෙල මහතා නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (82151) සමීර මදුෂංඛ දිසානායක, බත්තරමුල්ලේ පදිංචි හිටපු නාවික හමුදා සෙබලකු වන කොඩිතුවක්කු ආරච්චිගේ නිශ්ශංක සහ පාර්ලිමේන්තු මුලුතැන්ගෙයි කෝකියකු වූ මාළඹේ පදිංචි පැලෑන පතිරනගේ ධනුෂ්ක සංජීව ඩයස් යන අයවලුන්ය.

මෙම සැකකරුවන් තිදෙනාම තදින් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් අයිස් මිලදීගැනීම සදහා මුදල් නොමැති වීම හේතුවෙන් මෙම නිවස කොල්ලකෑ බවට කරුණු අනාවරණය වන බවත් වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙමම සැකකරුවන් තිදෙනා මීතොටුමුල්ල ප්‍රදේශයේ එම නිවසට ගොස් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් එම නිවස පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා නිවසේ තිබූ රිදී මුදු04ක් සහ රුපියල් 10,000ක මුදලක් කොල්ල කා ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96-%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94-3%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/101-625110

කැන්ටිමේ කුඩු විකුණුවැයි ඇල්ලූ කත නිදොස් කොට නිදහස්

ගම්පහ, බුත්පිටිය මහ විද්‍යාලයේ ආපනශාලාවේ මත් කරල් 38ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ රැදවුම් නියෝග මත ඉකුත් 05 වෙනිදා සිට මල්වතු හිරිපිටිය පොලිසියේ රඳවා තබා සිටි එම ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර් එස් එම් මහේන්ද්‍රරාජා මහතා විසින් එකී චෝදනාවෙන් අද (12) නිදොස් කොට මුදා හරන ලදී.

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ පදිංචි දෙදරු මවක් වු වගසිංහ ආරච්චිගේ නිලුකා නැමැති කාන්තාව මෙසේ චෝදනාව සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය .

නිදහස් කරනු ලැබූ කාන්තාව සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර ඇති හඳුනා නොගත් මත් කරල් 38 සහ කුඩා ප්‍රමාණයේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 07 එම සිද්ධිය කුමන්ත්‍රණය කිරීම සඳහා කටයුතු කළ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන්ගේ නඩු ගොනුවට ඇතුලත් කරන ලෙසට පැමිණිල්ල මෙහෙය වමින් මල්වතුහිරිපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ (උප .පො.ප) ඒ.පී.රණවීර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම මත එම මත්ද්‍රව්‍ය තොගය අසත්‍ය නඩු පැවරීමකට කුමන්ත්‍රණය කිරීම සහ රජයේ සේවකයෙකුට අසත්‍ය තොරතුරු ලබාදීම යන චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවන විණි වික්‍රමඅරච්චි, රංග ප්‍රශාද් කුමාර, නාමල් ධනංජය ප්‍රේමරත්න, සුමිත් දේවින්ද ජයලත් සහ කේ .ඒ. උෂාන් එරංග යන සැකකරුවන්ට අදාළ නඩු ගොනුවට එකී නඩු භාණ්ඩ ඇතුළත් කිරීමට අධිකරණය කටයුතු කරනු ලැබීය .

පාසල් ආපන ශාලාව පවත්වාගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව වෙනුවෙන් නීතිඥ ගයනි මාන්නප්පෙරුම සහ නීතිඥ ඉෂාර ගුණසේකර යන මහත්ම මහත්මීන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රියන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය.

පොලීසිය මගින් දැනට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින විනි නැමැති සැකකරු සමඟ යක්කල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු තම සේවා දායිකාව අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය කර ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති බව නීතිඥ ප්‍රියන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ පැවසීය.

මෙම වරදට සෘජුවම සම්බන්ධ එම උප පොලිස් පරීක්ෂකවරයාවද අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥ ප්‍රියන්ත මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

රිමාන්ඩ් භාරයට පත්ව සිටින විණි නමැති සැකකරු සහ උප පොලිස් පරීක්ෂක අතර ජංගම දුරකථනයෙන් පැවති සාකච්ඡාව කුමන්ත්‍රණකාරී බවක් ලෙසට මේ වන විට අනාවරණය වී ඇති බවත් නීතිඥ ප්‍රියන්ත මහතා අධිකරණයේ හමුවේ පැවසිය .

සිද්ධියට සම්බන්ධ යැයි සැකකරන ඕනෑම අයෙකු තරාතිරම නොබලා අත් අඩංගුවට ගන්නා ලෙසට අධිකරණයෙන් මල්වතුහිරිපිටිය පොලිසියට නියම කෙරුණි.

යක්කල පොලිසියට අනුයුක්ත එම උප පොලිස් පරික්ෂකවරයා සම්බන්ධයෙන් ගත යුතු කියාමාර්ග පිළිබඳ මේ වන විටත් විමර්ශන සිදු කරමින් පවතින බවට අධිකරණයේ දී වැඩිදුරටත් සදහන් විය .

අසත්‍ය නඩු පැවරීමකට කුමන්ත්‍රණය කිරීම සහ රජයේ සේවකයෙකුට අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධව රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් පස් දෙනාට අදාල නඩුව ලබන 20 වෙනිදාට නැවත කැදවීමට නියම වී තිබේ .

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%9A-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96-%E0%B6%9A%E0%B6%AD-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A/1-625115

රෝහල් සේවිකාව මත් පෙති සමග මාට්ටු

මත් පෙති 173 ක් සමග අත් අඩංගුවට ගත් කෑගල්ල මහ රෝහලේ කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහයිකාව හෙට 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කෑගල්ල පරගම්මන නාමල් උයනේ පදිංචිව සිටින මොරගහකන්ද රාළලාගේ කුසුමාවති නැමැති 58 හැවිරිදි සිව් දරු මවකි.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති කණිෂ්ඨ සෞඛ්‍ය සහයිකාව කාලයක සිට මත් පෙති කෑගල්ල රෝහලේ සිට අලෙවි කරන බවට අවස්ථා ගණනාවක දී බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති බව පොලිසිය පැවසීය.

පොලිස් නිලධාරියෙකු උපාය දූතයකු ලෙස පෙනී සිට වාට්ටුවේ රාජකාරී කටයුතු සිදු කරන අවස්ථාවේ දී වාට්ටුවට ගොස් රුපියල් 2000 ක මුදලක් දී වර්ග තුනකින් මත් පෙති 40 ක් උපාය දූත පොලිස් නිලධාරියාට අලෙවි කරන අවස්ථාවේ දී සෞඛ්‍ය කාර්ය සහයිකාව පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගන්නා ලදි.

පසුව ඇය සේවය කරන වාට්ටුවේ කබඩි එකක් ද පොලිස් නිලධාරින් විසින් පරීක්ෂා කරන අවස්ථාවේ දී තවත් මත් පෙති 133 ක් සගවා තිබී හමු වු බව පොලිසිය පැවසීය.

අත් අඩංගුවට ගත් සැකකාරියගෙන් අද ප්‍රකාශ සටහන් කරගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී සැකකාරිය හෙට 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 https://www.lankadeepa.lk/news/%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-625125

කෝටි ගණනක මත්ද්‍රව්‍ය ලංකාවට පන්නන්න බැරි වේ

ශ්‍රී ලංකාවට එවීම සඳහා සූදානම් කළ ඉන්දීය රුපියල් කෝටි 110 ක් වටිනා ගංජා තෙල් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනකු තමිල්නාඩු රාමනාතපුරම් හිදි අත්අඩංගවට ගත් බව තමිල්නාඩු බුද්ධි අංශ සමත්ව ඇත.

සැකකරුවන් දෙදෙනා සමඟ මෙතම්ෆටමයින් (අයිස්) මත්ද්‍රව්‍ය කිලෝ 35 ක් සහ ගංජා තෙල් කිලෝ 50 ක් ද අත් අඩංගුවට ගැනීමට බුද්ධි අංශ නිලධාරීන් සමත්ව තිබේ.

තමිල්නාඩු බුද්ධි අංශයට ලද තොරතුරක් මත පරමාකුදි නගරයේ සිදු කළ මෙහෙයුමකදී මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී එහි තිබී එම මත් තොගයක සහ සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත්ව ඇත.

සැකකරුවන් පැමිණි වාහනයේ තිබී තහනම් මත් ද්‍රව්‍ය කිලෝ 88 ක් අත් අඩංගුවට ගත් බවත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් තමිල්නාඩු බලධාරීහු ප්‍රකාශ කළහ.

 https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92-%E0%B7%80%E0%B7%9A/101-625205

මත්කුඩු-කඩු කිනිසි සමග දෙමස්සිනෝ සැකපිට

අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමග දෙමස්සිනාලා කුඹුක නැගෙනහිර, නාරන්ගහහේන නිවසකදී අත්අඩංගුවට ගත් බව මොරගහහෙන පොලීසිය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 11 කට අධික ප්‍රමාණයක්, තියුණු ආයුධ හතරක් පොලිස් භාරයට ගෙන ඇත.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් සහ කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා එකම නිවසක පදිංචිව සිටින අතර පරවියන් සහ සුරතල් මසුන් විකුණන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම කාලෙක සිට සිදුකරගෙන ගොස් ඇති බවත් බුද්ධි නිලධාරීන්ට ගම්වාසීන් ලබාදුන් සාර්ථක තොරතුරක් අනුව වැටලීම සිදු කළ බවත් පොලිසිය කියයි.

ඉකුත් කාලය පුරා මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් වසමේ ආරක්ෂක කමිටු රැස්වීම් අමතමින් ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම සඳහා සහයෝගය දක්වන ලෙස කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස සමාජයට පිළිලයක් වී තිබෙන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනාට එරෙහිව මීට පෙරද හොරෙයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක් පවතින බවත් පොලිසිය කියයි.

https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%9A%E0%B6%A9%E0%B7%94-%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7/101-625213

මෙක්සිකෝවේ එවූ කෝටියක ‘අයිස්’ ගුවන්තොටේදී කොටු

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650 ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මෙක්සිකෝවේ සිට මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට එවූ සැකකටයුතු කුරියර් පාර්සලයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කළ විශේෂ පරීක්‍ෂාවේදී ඉතා සූක්ෂම ලෙස බෑගයක් තුළ සගවා තිබූ මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650 සොයාගත් බවත් එම පාර්සලය රැගෙන යාමට පැමිණි සැකකරු ද අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට හැකිවූ බවත් රේගුව කීය.

මෙම මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම මිලියන 13 ක් පමණ වන බවට තක්සේරු කළ අතර මෑත ඉතිහාසයේ මෙක්සිකෝවේ සිට යොමුකර තිබියදී අත්අඩංගුවට ගන්නා ලද පළමු අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙය බවත් මෙම වැටලීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් ද සහයෝගය දැක්වූ බවත් රේගු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%9A-%E0%B6%91%E0%B7%80%E0%B7%96-%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A-%E2%80%98%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%99-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94/101-625243

‘ජිලේගේ’ කෝටි 32ක කුඩු අල්ලයි

මහාපරිමාණ හෙරොයින් ඡාවාරම්කරුවකු ව සිටි ‘අංගොඩ ලොක්කා’ ගේ ගෝලයකු වූ ‘ජිලේ’ නමැත්තාට අයත් රුපියල් කෝටි 32කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 12 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (14) මුල්ලේරියාව බාරොන් තිලකරත්න මාවතේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම හෙරොයින් තොගය සමඟ සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

ඉදිරි විමර්ශන සදහා සැකකරුවන් සහ හෙරොයින් තොගය මුල්ලේරියාව පොලීසියට භාරදීමට නියමිත බවද විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

පොන්නම්පෙරුම ආරච්චිගේ ධනුෂ්ක බුද්ධික නොහොත් ‘ජිලේ’ නමැත්තා මේ වන විට ඉන්දියාවට පලාගොස් සැගව සිටින බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වෙයි.

https://www.lankadeepa.lk/latest_news/%E2%80%98%E0%B6%A2%E0%B7%92%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A%E2%80%99-%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-32%E0%B6%9A-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/1-625234

අයිස් ගැසූ සිසුන් 81ක් පුනරුත්ථාපනයට

අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පාසල් සිසුන් 81 දෙනකු ඉකුත් මාසයේදී පුනරුත්ථාපනට යොමු කර ඇතැයි අධයාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පාසල් පද්ධතියෙන් මත්ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පොලිසිය සමග එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බව ඇමැතිවරයා කීය.

 https://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-81%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7/1-625302

කුඩුගැසූ සරසවි සිසුහු 18ක් ඉවතට

හෝමාගම පොලිස් වසමට අයත් පිටිපන ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලයක සිසුන් 18 දෙනකු මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනාව මත විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතා හෝමාගම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (15) ප්‍රකාශ කළේය.

මේ ආකාරයෙන් පසුගිය සති දෙක තුනක කාලය තුළදී විශ්වවිද්‍යාල සිසුන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කර ඇති බවත් ඔහු පැවසීය.

මේ අතර ඉදි⁣රියේදී හෝමාගම පිටිපන මාහේන ප්‍රදේශයට පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීමටත්, හෝමාගම පොලිස් කොට්ඨාසය ලෙස පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කර මත්ද්‍රව්‍ය මැඩලීම කඩිනම් කිරීමටත් කටයුතු කරමින් සිටින බව ද ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96-%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%84%E0%B7%94-18%E0%B6%9A%E0%B7%8A-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7/1-625294

ගැඹුරු මුහුදෙන් ඇල්ලූ අයිස් කිලෝ 200 ගොඩබිමට

දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වු ගැඹුරු මුහුදේ දී බහුදින යාත්‍රා දෙකකින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් කිලෝ 200 ට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු 13 දෙනා අද (18) පෙරවරුවේ කොළඹ වරායට රැගෙන ආවේය.

නාවික හමුදාවල රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් පසුගිය (14) මෙම යාත්‍රා දෙක සමග පිරිස අත්අඩංගුවට ගත් බව ගෙන තිබුණි.

 https://www.lankadeepa.lk/news/%E0%B6%9C%E0%B7%90%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D-200-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7/101-625399

මත් රකුසා ළමා පරපුර බිලි අරන්

මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන එක බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පමණක් නොව පාසල්වලත් අද වන විට සිදු වෙන බවබෞද්ධ හා පාලි විශ්ව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමියෝ පැවැසූහ.

මෙයින් පිළිබිඹු වන්නේ මුළු සමාජයම පරිහානියට පත් වී තිබෙන බව යැයිද අප ප්‍රයත්නයන් දරන්නේ මේ සමාජය යහපත් පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන සමාජයක් බිහි කිරීමට බව ද උප කුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමියෝ පැවසීය .

විශ්වවිද්‍යාලය තුළ විනය කඩකළ ශිෂ්‍යයන්ට එරෙහිව ගත යුතු විනයානුකූල පියවර අප ගන්නවා . මේ වන විටත් ශිෂ්‍යයන් 30 කගේ පන්ති තාවකාලිකව තහනම් කොට තිබෙනවා .

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ඉදිරි කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මහනාහිමිවරුන්ගෙන් කරුණු දැන ගැනීමටයි අප අද මෙහි පැමිණියේ .

අප මේ ආකාරයට මහනාහිමිවරුන් සිවු නම හමුවි අවශ්‍ය උපදෙස් ලබාගෙන ඉතා ඉක්මනින් විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න කියලයි මහනාහිමිවරුන් අපට උපදෙස් දුන්නේ .

 https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B7%8F-%E0%B7%85%E0%B6%B8%E0%B7%8F-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB-%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92-%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A/101-625706

පාසල් දරුවන් මත් කරන්න ගිය අයෙක් මාට්ටු

රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු අලෙවිය සඳහා සූදානම්කර තිබූ මාවෝ මිලිග්‍රෑම් 7200 ක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරූදු (58) ක්ද වන අතර , කොළඹ ප්‍රදේශයෙන් රැගෙන එනු ලබන මාවෝ මත්ද්‍රව්‍ය නිවසේ සිට පැකට්කර සූක්ෂම ලෙස පාසල් අවට සැරිසරමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගන ගොස් ඇතැයිද පොලීසිය කියයි.

ගල්කිස්ස ප්‍රධාන පාසලක් ආසන්නයේ නිවසක මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මේ අනුව තම දරුවන් සිටින පාසල් අවට සැකකටයුතු ලෙස සැරිසරන විවිධ ජාවාරමාකරුවන් පිළිබඳව දැඩි සෙවිල්ලෙන් සිටිමින් ජාවාරම්කරුවන්ගෙන් පාසල් ළමුන් බේරා ගැනීමට පොලීසියට සහාය ලබාදෙන ලෙසටත් මාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටී.

 https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-625833

තරුණයන්ට ගෙනා මත් කරල් සමග අයෙක් මාට්ටු

අම්බලන්තොට නෝනගම ප්‍ර දේශයේ දී මත්කරල් 490 ක් සමඟ පුද්ගලයකු අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අම්බලන්තොට හා ඒ අවට ප්‍රදේශයන්හි තරුණ තරුණියන් හා පාසල් ළමුන් ඉල්ලක්ක කර ගනිමින් බෙදා හැරීමට ගෙනා මත් කරල් 490ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස වුරුදු 24ක් පමණ පුද්ගලයකු වන අතර ඔහු අම්බලන්තොට උහපිටගොඩ සමාධිගම ප්‍රද්ශයේ පදිංචි කරුවෙකු බවයි පොලිසිය සදහන් කරන්නේ.

ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාට ලැබුණු තොරතුරකට අනුව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යාලයබලකා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.පියතිලක මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

https://www.lankadeepa.lk/news/%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-625846

කුඩුවලට මාට්ටු වී දිවි තොර කර ගන්න ගිහින්

මත්ද්‍රව්‍ය සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු නොච්චියාගම පොලිස් ස්ථානයේ සිර මැදිරියේදී ගෙල වැල දමා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙ වහා ක්‍රියාත්මක වී එම තරුණයාගේ ජීවිතය බේරා ගෙන ඇත.

සැකකාර තරුණයා ගේ ජීවිතය බේරා බේරාගෙන ඇත්තේ සැරයන් කුසුම්සිරි මහතා සහ පොලිස් කොස්තාපල් ජයන්ත මහත්වරුන් විසිනි.

සැකකාර තරුණයා ඔහු ඇඳ සිටි යට කලිසමේ ඉලාස්ටික් පටිය උපයෝගී කරගනිමින් සිරමැදිරියේ ඉහළින්ම ඇති යකඩ කූර ගැටගසා ගෙල වැලලාගෙන ඇතැයි පොලිසිය පවසයි.

නොච්චියාගම පොලිසියේ පොලිස් කොස්තාපල් ජයන්ත මහතා සැකකාර තරුණයා එල්ලී සිටින අයුරු දැක පොලිස් සැරයන් කුසුම්සිරි මහතාගේද සහය ඇතිව ඔහු මුදා ගෙන අනුරාධපුර රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලදැයි එම පොලිස් නිලධාරියා කීය.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94-%E0%B7%80%E0%B7%93-%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92-%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/1-626112

අයිස් ගැසූ ආධුනික පී.සී අල්ලයි

නිවසක් තුළ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් දෙහිඕවිට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා ලඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 180ක් ද තිබී පොලිස් භාරයට ගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙම සැකකාර ආධුනික කොස්තාපල්වරයා මොරටුව මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයකු වන අතර මොහු නිවාඩු ලබා පසුගිය දෙසැම්බර් මස 12 වැනිදා පැමිණ යළි සේවයට වාර්තා කර නොමැති බව ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

සැකකරු ඔහු හඳුනන අයකුගේ නිවසට ගොස් අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිට ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

 https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96-%E0%B6%86%E0%B6%B0%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%9A-%E0%B6%B4%E0%B7%93-%E0%B7%83%E0%B7%93-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-626110

කෝටි 21 ක කුඩුත් එක්ක බහුදින යාත්‍රාවක් බේරුවලදී අල්ලයි

රුපියල් කෝටි 21 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමග ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය කින්ග් ෆිසර් බහුදින ධීවර යාත්‍රාව සහ එහි මසුන් මැරීම සදහා ගොස් සිටී ධීවරයින් මෙලෙස වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් බාරයට ගෙන ඇති බව සදහන් වේ.

නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව බේරුවල ධීවර වරාය නීතිගත සංස්ථාවේ යාන්ත්‍රික වැඩපලේ ජැටිය වෙත රැගෙන විත් තිබුණි .

අද පස්වරුව වන විටත් බේරුවල වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් භාරයට ගෙන ඇති ධීවර යාත්‍රාව විශේෂ ආරක්ෂාවක් යොදා පරීක්ෂා කරමින් සිටී අතර, එහි තිබ් හෙරොයින් මත්කුඩු කිලෝ 20 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවද සදහන් වේ.

එම බහුදින යාත්‍රාවේ සීටී ස්කීපර් ඇතුළු ධීවරයන් පස් දෙනකුගෙන් ප්‍රශ්න කරමින් සිටි

මෙම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් තවත් වැඩිදුර විමර්ශන සිදුකරන බැවින් වැඩිදුර මාධ්‍යට තොරතුරු ලබදිය නොහැකි බවත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

 https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-21-%E0%B6%9A-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A-%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/1-626403

ශ්‍රී ලංකාව තුල අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ගැන ඉන්ටර්පෝල් එකෙන් රතු එළියක් !

අයිස් හෙවත් ක්‍රිස්ටලයින් නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වී ඇතැයි ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය අනාවරණය කර ඇත.

ඉන්ටර්පෝල් පොලිසිය දියත් කළ ‘ලයන් ෂිප්’ මෙහෙයුම යටතේ මෙම තොරතුරු හෙළිවී ඇති අතර අයිස් රටවල් 22 කට ප්‍රවාහනය කෙරෙන බව සොයාගෙන තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වන්නේ ලෝප්‍රකට පෝචූන් සමාගම් 500 කට සමාන අපරාධ කල්ලිවලින් බවද ඉන්ටර්පෝල් මහලේකම් ජර්ජන් ස්ටොක් හෙළිකර ඇත.

අයිස් මත්ද්‍රව්‍ය විශාල ලෙස ප්‍රවාහනය වන්නේ ආසියාවේ බවත් නව මත්ද්‍රව්‍ය ප්‍රවාහන මාර්ග රැසක් බිහිවී ඇතැයි ද ඉන්ටර්පෝල් ආයතනය කියා සිටී.

මෙම අයිස් නිපදවීම සඳහා භාවිතා කරන රසායනික වර්ග ඉතා හානිකර බවද හෙළිවී ඇති අතර අයිස් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් 24 ක් විදේශ රටවල සැඟවී සිටින බවද පැවැසේ.

 https://ceylonnewsfactory.lk/2022/12/20/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%ad%e0%b7%94%e0%b6%bd-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a/

අයිස් සමග දෙකක් මාට්ටු

ඉන්දියාවෙන් රැගෙන විත් කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කල්පිටිය සිංහකුඩිරිප්පුව ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගත් බව කියයි.

රුපියල් කෝටි තුනකට ආසන්න වීථි වටිනාකමක් ඇති මෙම අයිස් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහන කළ දෙදෙනකුද පොලිස් බාරයට ගෙන ඇත. අ

කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශ නිළධාරින්ගේ බුද්ධි තොරතුරකට අනුව කල්පිටිය පොලිසියෙ නිළධාරිහු පිරිසක් මෙම වැටලීම කළහ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයෙ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත ප්‍රධාන පෙලේ සැකකරුවකු හා කල්පිටිය තොරඅඩිය ප්‍රදේශයෙ පදිංචිකරුවකු බව කියයි.

 https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-626616

මත් කරල් සමග ග්‍රාමාරක්ෂකයා මාට්ටු

මත් කරල් 50ක් විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි බව කියන සිවිල් ආරක්ෂක බළකායේ භටයකු සෙට්ටිකුලම ප්‍රදේශයේ වැවක් අසල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය විශේෂ කාර්ය බළකාය පවසයි.

අඩංගුවට ගත් සැකකරු කැබිතිගොල්ලෑව සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ රාජකාරි කරන ඇටිකෙහෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මත් කරල් තොගේ සමග සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙට්ටිකුලම කඳවුරේ උප පොලිස් පරීක්ෂක ගුරුසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට භාරදුන් බව පොලිසිය විශේෂ කාර්ය බළකාය පවසයි.

https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-632347

කසිප්පුවලට සිරගත කළ අය ළඟ කුඩු

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේදී කසිප්පු නඩුවකට සිර දඩුවම් නියමවූ රැදවියකු ලග තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතක් සොයාගෙන ඇතැයි අගුණකොලපැලැස්ස පොලිසිය පවසයි.

කසිප්පු ලග තබා ගැනීමේ නඩුවකට මෙම රැදවියාට අගුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල 5000 ක දඩයක් නියම කර තිබේ.

දඩය නොගෙවීම නිසා ඔහුට මාස හයක සිර දඩුවමක් නියමවී ඇත.

බන්ධනාගාරයට රැගෙන ආ රැදවියා සිර මැදිරියට දැමීමට පෙර බන්ධනාගාර නිළධාරින් පරීක්ෂා කළ අවස්ථාවේ ඔහුගේ යට කලිසමේ සූක්ෂ්ම ලෙස සඟවා ගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය එම නිළධාරින් සොයාගෙන ඇත.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD-%E0%B6%9A%E0%B7%85-%E0%B6%85%E0%B6%BA-%E0%B7%85%E0%B6%9F-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94/1-632340

ශ්‍රී ලංකාවේ තරුණ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට: "සමහර තරුණියන් දවසට තුන්පාරක් හෙරොයින් ගන්නවා"

"ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ සිගරට් එක ලොකු දෙයක් නෙමෙයි කියලා. ඒත් මම සිගරට් එකෙන් පටන් අරගෙන තමයි අරක්කු, ගංජා ගහලා හෙරොයින් දක්වා ගියේ. ඒ නිසා මුලින් ම නතර කරන්න ඕනා සිගරට් එක." මෙලෙස පවසන්නේ හෙරොයින් පානයට තදින් ඇබ්බැහි වූ තරුණ මවකි.

විසි නව වන වියේ පසුවන ඇය බීබීසී සිංහල සේවයට හමුවූයේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් පාලනය වන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදීය.

අනාගත පරපුර "මත් රකුසාගෙන් මුදවා ගැනීමේ අරමුණින්" ඇය තම "දුක්බර ජීවිත කතාව" අප හා හෙළි කිරීමට එකඟ වූවාය. නමුත් තම අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඇය අපගෙන් ඉල්ලා සිටියාය.

එම නිසා අපි ඇය නිලන්ති නමින් හඳුන්වමු.

"මුලින්ම බිව්වේ සිගරට්"

නිලන්ති දුම් පානයට යොමුවී ඇත්තේ වයස අවුරුදු 14දීය. ඒ, තම පියාට සිගරට් මිල දී ගෙන එන අතරතුරය.

"මම අවූරුදු 21දී තමයි හෙරොයින් කියන දේ අත්හදා බලන්නේ. දුම්වැටියට පුරුදු වුණේ අපේ ගෙදර පරිසරයෙන්. අපේ තාත්තා මත්පැන් සහ දුම්වැටි පාවිච්චි කරනවා. අපේ අම්මාලත් ඒ ආශ්‍රිතව ඉන්නවා. මාව තමයි කඩේ යවන්නේ තාත්තාට සිගරට් එක ගේන්න කියලා. පස්සේ මටත් අස හිතුණා ඒක බීලා බලන්න. සිගරට්වලින් පස්සේ බියර් මම පාවිච්චි කරලා තියෙනවා. අරක්කු පාවිච්චි කරලා තියෙනවා, ගංජා බීලා තියෙනවා. හෙරොයින් දක්වා මම ඇවිල්ලා තියෙනවා." ඇය පැවසීය.

කඩවත ප්‍රදේශයේ උපන් ඇය, මෙම ගැටලු මැද වුව ද අ.පො.ස. උසස් පෙළ විභාගය තෙක් තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට වාසනාවන්ත වූ බව පැවසුවාය.

නිලන්ති තව දුරටත් කියා සිටියේ, 2008 වසරේදී කලා විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දී එහිදී සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් සමග විභාගය සමත් වූ බවය.

සම්පූර්ණ ලිපිය පහත Link එක තුලින් කියවන්න

https://www.bbc.com/sinhala/sri-lanka-47227307

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයේ ඉතිහාසය හා පැතිරීම

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුව මෑතකාලීන සංසිද්ධියක් නොවේ.ක්‍රි.ව.1505දී ලංකාව පෘතුගීසීන් විසින්ද ඉන්පසුව ලන්දේසින් හා ඉංග්‍රිසීන් විසින්ද ආක්‍රමණය කරන ලදී. ප්‍රථමයෙන්ම පෘතුගීසි ජාතිකයන් විසින් අබිං කෑම ලංකාවට හඳුන්වා දෙන ලද අතර පෘතුගිසි හා ලන්දේසි සොල්දාදුවෝ බහුල වශයෙන් අබිං කෑමට පුරුදු වී සිටියහ.1829දී එකල සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා විසින් ශ්‍රි ලංකාවේ අබිං වගාව සංවර්ධනය කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරිම පිණිස අනුබල දෙන ලදී.මෙයට විශේෂයෙන් හේතු වූයේ වතුකරයේ සේවය කළ ද්‍රවිඩ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා අබිං ගෙන්වීම කරන අතරතුරදීම ලංකාවේ වගා කිරීමට උනන්දු කිරීමය.

එසේම මේ වන විට අබිං වෙළෙඳාම ක්‍රමවත් කිරිම සඳහා ලයිසන් ක්‍රමය හඳුන්වා දී තිබු අතර එමඟින් රජයට විශාල බදු ආදායමක් ලැබුණි.ක්‍රමයෙන් ශ්‍රී ලාංකික සමාජය තුළ අබිං කෑම සමාජ ප්‍රශ්නයක් ලෙසින් ගැටලු මතු වීමට පටන් ගත් නිසා මේ සම්බන්ධයෙන් 1867 අංක 19 දරන අබිං සහ කංසා ආඥා පනත පනවන ලදී.[1]


1930 ගණන් වන විට ශ්‍රි ලංකාවේ වැඩියෙන්ම භාවිතා කළේ අබිං සහ ගංජාය. 1929 දී ගංජා සහ විෂ මත් වර්ග වලට අන්තරායකාරී මත් ද්‍රව්‍ය ඒකාබද්ධ පනතක් ඉදිරිපත් කළේ මේවායේ භාවිතය ක්‍රමයෙන් ඉහළ යන ප්‍රවණතාවක් තිබුණ නිසාය.1948 වන විට ශ්‍රි ලංකාවට නාමික නිදහස ලබා දී තිබු නමුත් විෂ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට 1955 වන තෙක්ම උත්සාහ නොගෙන තිබුණි. එකල බොහෝ පිරිස් ඉන්දියාවෙන් නීති විරෝධි ලෙස අබිං ප්‍රවාහනය කොට වෙළෙඳාම් කරන ලද අතර ලංකාවේ වෙළෙඳසැල් වලින්(කලුකඩ) අබිං වැඩි මිලකට මිලදී ගැනීමට හැකි විය. සිංහල ආයුර්වේද වෛද්‍යවරුන්ටද කලුකඩ තුළින් තම අවශ්‍යතාවන් සපුරා ගැනීමට සිදු විය.19 වෙනි සියවස අගදී සහ 20 වෙනි සියවස මුලදී අබිං වලට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට තරම් මෙම මත්ද්‍රව්‍ය ප්‍රශ්නය උග්‍ර විය.

1955 වර්ෂයෙන් පසු කිසිදු සංශෝධනයක් කර නොතිබුණු විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥා පනත 1984 අංක 13 දරණ විෂ වර්ග අබිං හා අන්තරායදායක ඖෂධ වර්ග පනත මඟින් සංශෝධනය කරන ලදී.1984 අංක 11 දරණ අන්තරායදායක ඖෂධ පාලනය කිරිමේ ජාතික මණ්ඩල පනත නමින් වු පනතක් මඟින් අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලය පිහිටුවන ලදී.

ශ්‍රී ලංකාවේ මෑතක් වන තූරුම මත් ද්‍රව්‍ය උවදුරෙහි ප්‍රධාන මත් ද්‍රව්‍ය වශයෙන් ගංජා සහ අබිං සැළකිය යුතු වුවද, 70 දශකය අවසානයේදී ඉතා ප්‍රබල හා භයානක මත් ද්‍රව්‍යයක් වන හෙරොයින් භාවිතයද ආරම්භ විය. එය ප්‍රධාන වශයෙන්ම විදේශීය සංචාරකයන් ගැවසෙන කොළඹ, හික්කඩුව වැනි ප්‍රදේශ වලට සීමා වුවද වර්තමානය වන විට මෙහි භාවිතය වර්ධනය වී අනෙක් පාරම්පරික මත් ද්‍රව්‍ය හා සම තත්වයට පත්ව ඇත.

මත් ද්‍රව්‍ය ප්‍රශ්නයේ වර්ධනය

මේ සඳහා බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස සැළකිය හැක්කේ 1978 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියයි. මත් ද්‍රව්‍ය ප්‍රශ්නය නව මුහුණුවරකින් වර්ධනය වූයේත් තවත් ප්‍රබල සමාජ ආර්ථික ප්‍රශ්න රාශියක් හට ගත්තේත් මෙම විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ අනියම් දායාද ලෙසයි. මේ යටතේ ආනයන හා අපනයන සීමාවන් ලිහිල් කිරීම නිසා ජාත්‍යන්තර ගනුදෙනු ඉහළ යාමත්, පෞද්ගලික අංශයට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු වලට අවසර ලැබීමත් නිසා නොයෙකුත් නීති විරෝධී ජාවාරම් මඟින් මුදල් ඉපයීමට බොහෝ අය තැත් කර ඇත

මෙම සම්පූර්ණ ලිපිය පහත Link එක තුලින් කියවන්න

https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA_%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA

දරුවන් මත් කළ අයෙක්

පාසල් ළමුන් සහ අමතර පන්ති සිසුන් ඉලක්ක කර ගංජා මිශ්‍ර මෝදකය හා මත් කරල් අලෙවි කල පුද්ගලයකු කොළඹ මෝටර් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු සමඟ ගංජා මිශ්‍ර මෝදක 25 ක්, මත් කරල් 202 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 20,500.00 ක් පොලිස් භාරයට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කළාපය) නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 15, අලුත් මාවත පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක් වන පුද්ගලයෙකි.

https://www.lankadeepa.lk/news/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85-%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A/101-632815

කෝටියක කුඩු වත්තලින් අල්ලයි

යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ ජාවාරමෙන් උපයා ගත් බව කියන මුදල් තොගයක් සමග පුද්ගලයකු වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 14 විද්‍යුත් තරාදියක් සහ ජාවාරමෙන් උපයා ගත් බව කින රුපියල් පහළොස් ලක්ෂ හතළිස් දහසක මුදලක් ජංගම දුරකථන සහ ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත .

දිගු කලෙක පටන් මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරි සැකකරු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති (විශේෂ මෙහෙයුම් ) පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-632814

හෙරොයින් සමඟ 2ක් එස්.ටී.එෆ්. දැලේ

මාලිගාවත්ත ලක්හිරු සෙවණ මහල් නිවස සංකීර්ණය තුළ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් දෙදෙනකු හොරොයින් පැකට් 660 ක් සමග විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම මත්කුඩු වල වටිනාකම රුපියල් ලක්ෂ 10 ට අධික බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේ දී මේවා දෙමටගොඩ චමින්ද නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ පුතාට අයත් මත්කුඩු බවට හෙළි වු බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මොවුන් මෙම නිවස සංකීර්ණයේ මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරම් සිදුකරන බවට විශේෂ කාර්ය බලකායේ බුද්ධ අංශය වෙත ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකම උත්සහ කර ඇති අතරල මොවුන් මුදල් ගෙවා වැටලීමට එන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඔත්තු බැලීම සදහා පත්කර ඇති ඔත්තුකරුවන් හරහා කල්තියා ඔත්තුව යාම නිසා සැකකරුවන් සැඟව සිටි බව විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකා බුද්ධ නිලධාරීන් දින කිහිපයක් ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිට ඊයේ :7* පස්වරුවේ සිදුකළ හදිසි වැටලීමේ දී මොවුන් දෙදෙනා එම මහල් නිවාස සංකීර්ණයේ තුන් වන මහලේ මත්කුඩු සමග රැදී සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුවන් දෙදෙනා සතුව හොරොයින් පැකට් 660 ක් අත්අඩංගුවට ගෙන ඇති අතරල මොවුන් මහල් නිවාස සංකීර්ණය තුළ මත්කුඩු ජාවාරම් කරමින් සිටියදී මෙම වැටලීම සිදුකර ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අව්රුදු 52 හා 38 යන වයස්වල පසුවන්නන් බවද විශේෂ කාර්ය බලකාය.

https://www.lankadeepa.lk/news/%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-2%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91%E0%B7%83%E0%B7%8A-%E0%B6%A7%E0%B7%93-%E0%B6%91%E0%B7%86%E0%B7%8A--%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A/101-632791

හිටපු හමුදා සෙබළා කුඩු සමග අල්ලයි

යුද හමුදා හැදුනුමිපත භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත හිටපු හමුදා සෙබලෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු සන්තකයේ අයිස් ග්‍රෑම් 08යි මිලි ග්‍රෑම් 150ක්, හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 400ක් සහ මත්පෙති 1,850ක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඔහු මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මුල්ලේරියාව උණ රෝහල ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මුල්ලේරියාව උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හැවිරිදි තරුණයෙකු බවත්, මොහු 2020 වර්ෂයේ දී නිත්‍යානුකූල නොවන අන්දම්න් සේවය හැරගොස් සිටින සෙබලෙක් බවද විශේෂ කාරක බලකාය පවසයි.

හමුදා සේවයේ යෙදී සිටියදී ඔහුට නිකුත් කර තිබු හමුදා හැදුනුම්තපත භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හා ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය විය.

සැකකරු මුල්ලේරියාව පොලිසියට පොලීසියට බාර දී ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-633660

කෝටි 4 ක හෂීෂ් රේගුවේදී මාට්ටු

ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට ඊ.එම්.එස්. හරහා එවන ලද රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3 කට අධික ප්‍රමාණයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම තැපෑලෙහි රේගු නිලධාරීහු මත්ද්‍රව්‍ය බවට සැක සහිත පාර්සල් 10ක් රදවා තබා පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශය ඉදිරියේ විවෘත කළ බවත් එම පාර්සල්වල තිබී හෂීෂ් කිලෝ 3.475 ක් සොයාගත් බවත් එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 3.5 පහකට ආසන්න බවත් රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-4-%E0%B6%9A-%E0%B7%84%E0%B7%82%E0%B7%93%E0%B7%82%E0%B7%8A-%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-633658

කපුවා කුඩු සමග මාට්ටු

බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍රවූ බොරලස්ගමුව නගරයට ආසන්න ප්‍රධාන විහාරස්ථානයකට අයත් දේවාලයක සේවය කරන කපුවකු මත්කුඩු මිලිග්‍රැම් 150 ක් සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු (37) වැනි වියේ පසුවන පිලියන්දල කොළමුන්න, ආටිගල මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ලද නියෝගයක් මත බොරලැස්ගමුව පොලිස් වසමේ මත්ද්‍රව්‍ය හා සොරකම් කිරීමේ සිද්ධීන් පාලනය සඳහා යොදවා ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් පොලිස් කණ්ඩායමක් විසින් බොරලැස්ගමුව, වේරහැර, බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන යතුරුපැදියකින් යමින් සිටි සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන ඇත

මෙම සැකකරු දේවාලයේ කපු රාජකාරියේ යෙදී සිටින අතරතුර විටින් විට කිසිවකුටත් සැක නොසිතෙන ආකාරයෙන් සුදු පැහැති සරමකින් සහ කමිසයකින් සැරසී යතුරුපැදියෙන් ගොස් මත්කුඩු හා මත්ද්‍රව්‍ය විහාරස්ථානය වෙත රැගෙනවිත් පානය කර ඇති බවත් තදින්ම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයකු බවත් මූලික විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-634056

මත් ජාවාරම්කරුවන් හතරක් අල්ලයි

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් සමග කල්පිටිය ප්‍රදේශයේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි.

අඩංගුවට ගත් සැකකරුවන් අතර තමිල්නාඩුවේ පදිංචි ඉන්දියන් ජාතිකයකු ද සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියන් ජාතිකයා මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය එරට සිට මෙරටට රැගෙන ආ පුද්ගලයා ලෙසට පොලිසිය සැක කරයි.

ඉන්දියන් ජාතිකයා මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන ප්‍රධාන පෙළේ නියෝජිතයකු බවට ද තොරතුරු පොලිසියට ලැබී ඇතැයි කියති.

පොලිස් විශේෂ කාර්යාංශය කල්පිටිය ඒකකයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරියකුට ලැබුණු තොරතුරක් මත කල්පිටිය බස් නැවතුම්පොළේ දී මත් ද්‍රව්‍ය අඩංගු පාර්සල් තුනක් සමග සමග සැකකරුවකු මුලින්ම අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම පුද්ගලයාගෙන් හෙළිකරගත් තොරතුරු මත ඔහු ගෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණ සිටි බව කියන පිරිමි පුද්ගලයන් තිදකු සහ කාන්තාවන් දෙදෙනකු වෑන් රථයක් තුළ සිටියදී කල්පිටිය, ඒතාල ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ උපදෙස් මත පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රූපසිංහ මහතාගේ මෙහෙයුම යටතේ කල්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් සහ සැකකාරියන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-634060

ලක්ෂ 50 ක කුඩු සමඟ දෙකක් මාට්ටු

මහරගම නාවින්න ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක නිවසක් තුළ මත්කුඩු පැකට් කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ලක්ෂ 50 ක පමණ හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකාය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 203, මිලි ග්‍රෑම් 170 ක් ජංගම දුරකථන 04 ක්, ඩිජිටල් තරාදියක්, ඇසුරුම් උපකරණ කට්ටලයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 සහ 34 වයසේ පසුවන (පානදුර චූටාන් සහ හිච්චා)යන අනුවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

දැනට බන්ධනාගාර ගතව සිටින පානදුර කමල් කැමැත්තාගේ සහ දෙහිවල, ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශ වල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බඩෝවිට නලින් නමැත්තා ගේ ගෝලයන් බවත්, ඔවුන්ගේ මත්කුඩු මෙම සැකකරුවන් මෙම මහල් නිවසේ සිට පැකට් කර මෝටර් රථයකින් අවට ප්‍රදේශ වෙත බෙදා හරින බවද බව ද විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-50-%E0%B6%9A-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/1-634062