පලස්තීන අර්බුද පුවත් යාවත්කාලීනය: Difference between revisions
(→2023/11/19 - අල් ශිෆා රෝහල මරණය වැළදගන්නා කළාපයක්: new section) |
(→2023//11/20 - දිනට යාවත්කාලීන: new section) |
||
Line 502: | Line 502: | ||
https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%BD%E0%B7%8A-%E0%B7%81%E0%B7%92%E0%B7%86%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD-%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%AF%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/101-643178 | https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%BD%E0%B7%8A-%E0%B7%81%E0%B7%92%E0%B7%86%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD-%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%AF%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/101-643178 | ||
== 2023//11/20 - දිනට යාවත්කාලීන == | |||
* දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - '''13000''' ක්, | |||
* 2023/11/19 දවසේ ඝාතනය වූ පලස්තීනුවන් ගණන - '''1000''' ක්, | |||
* එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - <span style="color:red;">'''5500'''</span> ඉක්මවා ඇත, | |||
* ගාසා තීරයේ අවතැන් වී ඇති ගණන - '''830,000''' ක් | |||
* එහි තුවාල ලබා ඇති පලස්තීනුවන් ගණන - '''22000''' ඉක්මවා ඇත, | |||
* දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන - '''1200''' ක්, | |||
* '''විශේෂ අවදානයට -''' | |||
** මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව පවසා ඇත්තේ ගැටුම ආරම්භයේ සිට මේ දක්වා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 48 දෙනෙකු ඝාතනය වී ඇති බවයි. | |||
** ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මවුනිර් එල්-බෝර්ෂ්, අල්-ෂිෆා රෝහලේ හමාස් උමං මාර්ගයක් සොයා ගත් බවට ඊශ්‍රායලයේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් එය “පිරිසිදු බොරුවක්” ලෙස විස්තර කරයි. | |||
* තොරතුරු උපුටා ගත් සබැඳුම - [https://www.aljazeera.com/ | aljazeera] |
Revision as of 22:33, 19 November 2023

ලෝක බලවතුන් යැයි කියාගන්නා පාර්ශවයන් එක් වී “පලස්තීන“ භූමිය තුල නිර්මාණය කල අර්බුදය සියවසයකටත් ආසන්න කාලයක් පුරාවට ඇවිලෙමින් පවතී. මේ පලස්තීන ආක්‍රමණ අර්බුදය පිලිබදව යහමග අඩවිය විවිධ මාතෘකා ඔස්සේ සාකච්චා කල ලිපි මෙහි පහතින් ඔබේ අවදානයට නැවත පෙලගසමි.
- කවුද මේ ඊශ්‍රායල් හා යුදෙව්වන් ?
- පලස්තීනය තුල බිහි වූ ඊශ්‍රාඊලය විමසුමක්
- ලොව විශාලතම සිර කඳවුරට ඔබේ දායකත්වය – පලස්තීනය පිලිබදව විමසුමක්.
- ශ්‍රී ලාංකිකයෙකු ඇසින් වත්මන් පලස්තීනය පිලිබදව විමසුමක්
- ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ද?
- පලස්තීන අරඟලය බබාලාට තේරෙන බසින්
- පලස්තීන ඉතිහාසය, වර්ථමානය හා අනාගතය
- යුදෙව්වරුන් පලස්තීනය ආක්‍රමණ කල කාලරාමු පෙලගැස්ම
- ඊශ්‍රායල් රට පිලිගැනීම හා ප්‍රතික්ෂේප කිරීම
- මිනී කඳු මත නොමියැදුනු ඊමානය
- මේ ලෝකයා මෙතරම් ටොක්සික්ද?
මේ වනවිට ලක්ෂ සංඛ්‍යාවක ජීවිත බිලිගෙන ඇති මෙම “පලස්තීන බිම යුදෙව් ආක්‍රමණය කිරීමේ අර්බුදය“ පසුගිය 2023/10/07 දිනෙන් නැවත ඇවිලෙන්නට පටන් ගෙන ඇත. එම අර්බුදයේ නවතම යාවත්කාලීනයන් ඔබේ අවදානය පිණිස පහතින් පෙලගැසීම මෙම පිටුවෙහි අරමුණයි.
2023/10/07 වෙනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කිරීම.
ඊශ්‍රායලය විසින් ගාසා තීරය දිගුකාලීනව අවහිර කිරීම, පලස්තීන ඉඩම් අත්පත් කර ගැනීම සහ ජෙරුසලමේ අල්-අක්සා පල්ලිය කෙලෙසීම ඇතුළු මුස්ලිම්වරුන්ට එරෙහි අපරාධ චෝදනා ගණනාවක් මුල් කරගෙන 2023 ඔක්තෝම්බර් 7 වෙනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට පෙර නොවූ විරූ විස්මිත ප්‍රහාරයක් දියත් කළ අතර එය ප්‍රචණ්ඩත්වය පිපිරවීමට තුඩු දුන්නේය. ඊශ්‍රායල මාධ්‍යවලට අනුව, ගැටුමේ ආරම්භක ප්‍රහාර ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 250 ක් මිය ගොස් 1,500 ක් තුවාල ලබා ඇති අතර එය දශක කිහිපයකින් රට තුළ සිදු වූ මාරාන්තික ප්‍රහාරය බවට පත් විය. පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය, ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 232ක් මිය ගොස් 1,700ක් තුවාල ලැබූ බව වාර්තා කළේය.
2023/10/17 - ගාසා රෝහලකට බෝම්බ ප්‍රහාරයක්: 500 ක් මරුට
ගාසා තීරයේ අල් ආහිල් රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන සිවිල් වැසියෝ 500 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් සිය ගණනක් තුවාල ලැබූ බව පැවැසෙයි.
ඊශ්‍රායල ගුවන් හමුදාව දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්‍රහාර හමුවේ පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා වී රැදී සිට ඇත්තේ මෙම අල් ආහිල් රෝහලේ බව ද පැවැසෙයි.
ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ ආධාර මත ගාසා තීරයේ ඉදි කර තිබුණු පාසල් සංකීර්ණයක් ද ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් විනාශ විය.
අද (18) ඊශ්‍රායලයට පැමිණෙන්න සූදානමින් සිටින ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන්, රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් දුරකතන මාර්ගයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ සාකච්ඡා පැවැත්වීය.
(අල් ජසීරා)
ගාසා තීරයේ මරණ 3,487 ක්
ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන මේ වනවිට 3,487 තෙක් ඉහළ ගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 12,065 කි.
මියගිය පලස්තීන වැසියන්ගෙන් පමණක් නොව, තුවාල ලැබූ පලස්තීන වැසියන්ගෙන් ද සියයට 70 ක් දෙනා වැඩිහිටියන්, කාන්තාවන් සහ කුඩා දරුවන් බව පැවැසෙයි.
ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පූර්ණ සහාය ඊශ්‍රායලයට හිමිවී ඇත.
ඊට අප්‍රසාදය පළ කරන පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් පවසා ඇත්තේ, ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දීමට ඉදිරිපත් වීම, අර්බුදය තවත් උත්සන්න වනු ඇති බවය.
ඊශ්‍රායලයට රිසි පරිදි ගාසා තීරයට පහර දීමට ඇමෙරිකාවේ අනුමැතිය හිමිවී ඇති බව එයින් තහවුරු වන බව ද පලස්තීන ජනාධිපති අබ්බාස් පවසා තිබේ.
(අල් ජසීරා)
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB-3-487-%E0%B6%9A%E0%B7%8A/1-641639
2023/10/19 - ගාසා තීරයේ එකම පිළිකා රෝහලට ප්‍රහාරයක්
ගාසා තීරයේ පිහිටි එකම පිළිකා ප්‍රතිකාර රෝහලට ද ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තුර්කි පලස්තීන මිත්‍රත්ව රෝහල යනුවෙන් නම් කර ඇති මෙම රෝහල තුර්කියේ අනුග්‍රහයෙන් ඉදි කරන ලද්දකි. ගාසා තීරයේ පිළිකා රෝගීන් 9,000 කට ප්‍රතිකාර ලබා දෙන එකම රෝහල මෙය යැයි අල් ජසීරා පුවත් සේවය පවසා තිබේ. මේ අතර, ගාසා තීරයේ රෆා නගරේය පලස්තීන වැසියන් පිරිසකට ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 30 දෙනකු මියගොස් 21 දෙනකු තුවාල ලැබූ බවය.
(අල් ජසීරා)
https://www.lankadeepa.lk/world_news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%91%E0%B6%9A%E0%B6%B8-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/14-641656
2023/10/20 - ගාසා දේවස්ථානයකටත් ප්‍රහාරයක්
ගාසා තීරයේ ග්‍රීක සධාර්මික දේවස්ථානයකට ඊශ්‍රායල ගුවන් හමුදාව පහරදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගුවන් ප්‍රහාරය එල්ල වෙද්දී ගැටුම්වලින් බේරී පලස්තීන සිවිල් වැසියන් බොහෝ දෙනකු දේවස්ථානයේ රැඳී සිටි බව පැවැසෙයි. දේවස්ථානයට එල්ල වුණු එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල රජයට දැඩි විරෝධයක් එල්ල වීමට පටන්ගෙන ඇත.
ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ පසුගිය 7 වැනිදා සිටය. එදා සිට මේ දක්වා ගාසා තීරයට එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 3,785 කි. තුවාල ලැබූ ගණන 12,493 කි.
(අල් ජසීරා)
https://www.lankadeepa.lk/world_news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/14-641718
2023/10/21 - ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 4,137 කි.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බැටකන ගාසා පලස්තීන වැසියන්ට මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20 ක්, ඊජිප්තු ගාසා රෆා දේශසීමා පිවිසුම ඔස්සේ ගාසා තීරයට ඇතුළු වුණු බව රතු අඩකව සංවිධානය පවසයි.
මෙම ආධාර මහා සාගරයක එක් ජල බිංදුවක් පමණක් බවත්, ඊශ්‍රායල වැසියන්ට තව තවත් මානුෂීය ආධාර නොකඩවා ලබා දීම කළ යුතු බවත් රතු අඩකව සංවිධානය පැහැදිලි කර ඇත.
ඊජිප්තුව හරහා මෙම ආධාර ගැබීම සිදුවූයේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ඊජිප්තු ජනාධිපති අල් සීසී අතරේ පැවැති සාකච්ඡාවලින් පසුවය.
මේ අතර හමාස් සටන්කාමින් සහ ඊශ්‍රායලය අතරේ හටගත්අර්බුදයට සාමකාමී විසදුමක් සෙවීමට, ඊජිප්තු ජනාධිපතිගේ මැදිහත් වීමෙන් ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට සූදානමක් පවතී.
මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 4,137 කි. තුවාල ලැබූ ගණන 1,400 ඉක්මවා ඇත.
(අල් ජසීරා)
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%93%E0%B6%BA-%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB/1-641776
2023/10/22 - පලස්තීන වෛද්‍ය කාර්ය මණ්ඩලවලටත් පහර දීලා
ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ පමණක් නොව, පලස්තීනුවන් වෙසෙන බටහිර ඉවුරේ ද වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් සහ රෝහල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටී.
මේ වනවිට ගාසා තීරයේ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 37 ක් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. රෝහල් 7 ක් ගුවන් ප්‍රහාරවලින් විනාශ වී ඇති අතර, සෞඛ්‍ය අමත්‍යාංශයට අයත් ගොඩනැගිලි 69 කට ප්‍රහාර එල්ල කර තිබේ. ගිලන් රථ 24 ක් ද ගුවන් ප්‍රහාරවලින් විනාශ වී ඇතැයි පැවැසෙයි.
නැගෙනහිර ජෙරුසලම සහ ඊශ්‍රායලයේ පාලනය යටතේ පවතින බටහිර ඉවුරේ ප්‍රදේශවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ පහරදීම්වලින් සෞඛ්‍ය අමත්‍යාංශයට අයත් ගොඩනැගිලි 85 ක්, ගිලන් රථ 26 ක් විනාශ වී ඇතැයි පැවැසෙයි.
ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට උත්සාහ කළ වෛද්‍ය ආධාරකරුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර 56 ක් එල්ල වී තිබේ.
ලෝක බලවතුන්ගේ සහාය ඊශ්‍රායලයට
ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම සහාය ඊශ්‍රායලයට හිමිවන බවය.
එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී, ඊශ්‍රායලය ජාත්‍යන්තර මානුෂීය නීති අනුගමනය කරමින්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට පියවර ගතයුතු යැයි ද බටහිර ලෝක බලවතුන් ඊශ්‍රායලයට දැනුම් දී තිබේ.
(අල් ජසීරා)
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A-%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA-%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7/1-641836
පැය 24 ඇතුළත 266 ක් මැරිලා
ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ පහරදීම්වලින් ගතවුණු පැය 24 ඇතුළත ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් 266 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ.
ඊට අමතරව ජබාලියා සරණාගත කඳවුරට ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් මියගිය ගණන 30 ක් බව පැවැසෙයි.
හමාස් සටන්කාමීන් සොයමින්, ඊශ්‍රායල හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින්, මේ වනවිට මියගොස් ඇති සමස්ත පලස්තීනුවන් ගණන 4,651 කි. හමාස් ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 1,400 කි.
(අල් ජසීරා)
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%90%E0%B6%BA-24-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD-266-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8F/1-641835
ගාසා රෝහල් දෙකකට ප්‍රහාර
ගාසා තීරයේ අල් ෂීෆා සහ අල් කුඩ්ස් යන රෝහල් දෙකට ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීන සිවිල් වැසියන් බොහෝ දෙනකු ප්‍රතිකාර ගනිමින් සිටින්නේ අල් ෂීෆා රෝහලේ යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් රෝහල් දෙකට හානි සිදුවුණු බව පැවැසෙයි.
පලස්තීන පාලන අධිකාරිය වාර්තා කළේ ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ උතුරු කොටසට පමණක් නොව, දකුණු කොටසට ද දිගින් දිගටම පහර දෙමින් සිටින බවය. ඊට අමතරව, බටහිර ඉවුරේ ඊශ්‍රායල පලාන ප්‍රදේශවල ද ඊශ්‍රායල හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පැවැසෙයි.
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා පවසන ආකාරයට මේ වනවිට හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතරේ ආරම්භ වුණු ගැටුම්වලින් දෙපාර්ශ්වයේම 6,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවය.
(අල් ජසීරා)
2023/10/23 - ඊශ්‍රායලයෙන් පලස්තීන රෝහලක් අසලට ප්‍රහාර
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පලස්තීනයේ අල් කුඩ්ස් රෝහලේ සංචාරයක් සිදු කරන අතර තුර ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ එම රෝහල ආසන්නයේ පිපිරීම් දෙකක් සිදුවන අයුරු දැක්වන වීඩියෝවක් පලස්තීන රතු අඩසඳ සංවිධානය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.
එසේම ඊශ්‍රායල හමුදා පලස්තීනයේ අල්-ශිෆා සහ අල්-කුඩ්ස් රෝහල් ආසන්නයට ඊයේ(22) ගුවන් ප්‍රහාර එල්ල කළ බව පලස්තීන මාධ්‍ය වාර්තා කළේය.
https://twitter.com/PalestineRCS/status/1716224980491374908
https://www.lankadeepa.lk/news/%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB/101-641886
ඊශ්‍රායල ප්‍රහාරවලින් පැය 24ට 400ක් මරුට
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කිරීමෙන් පසුව ගතවූ පැය 24 ක කාලය තුළ පලස්තීන වැසියන් 400 දෙනෙකු මියගොස් ඇත.
මධ්‍යම ගසා තීරයේ අල් රෝහලට එම ප්‍රහාර වලින් පසුව ගෙන තුවාල ලැබූවන්ගෙන් සියයට 65 ක් දරුවන් බව එම රෝහල් බලධාරීහු ප්‍රකාශ කළහ.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් අද (23) දහවල් වනවිට පලස්තීනුවන් 4785 කට වැඩි පිරිසක් මියගොස් තවත් 14245 ක් තුවාල ලබා තිබූ බව පලස්තීන බලධාරීහු පෙන්වා දුන්හ.
හමාස් ප්‍රහාර හේතුවෙන් අද (23) වනවිට ඊශ්‍රායල 1405 දෙනෙකු මියගොස් තවත් 5431 දෙනෙකු තුවාල ලබා තිබිණ.
ඒ අනුව දෙපාර්ශවයේම මිය ගිය සංඛ්‍යාව අද (23)දහවල් කාලය වන විට 6200ට ආසන්න විය.
මේ වන විට ඊශ්‍රයල හමුදාවන් ලෙබනනයාට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙමින් සිටි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් ස්ථාන දෙකකට අද (23) හමුදාවන් සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළේය.
මේ වන විට ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජනතාව ඉතාමත් අසරණ වී ඇති බවත් ඔවුන්ට ලැබෙන ආධාර තවමත් ප්‍රමාණවත් නොවන බවත් පලස්තීන බලධාරීන් පවසා ඇත.පලස්තීන ජනතාවට සහාය වීම සඳහා උතුරු ගසා තීරයේ පිහිටුවා ඇති ඉන්දුනීසියානු රෝහල් සඳහා අවශ්‍ය ඉන්ධන ඉතා ඉක්මණින් නොලැබුණහොත් එම රෝහල් වල සිටින වෛද්‍යවරුන් කරන ශල්‍යකර්ම නැවත්වීමට සිදුවනු ඇතැයි පලස්තීන බලධාරීන් පෙන්වා දී තිබේ.
https://www.lankadeepa.lk/news/%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B6%BA-24%E0%B6%A7-400%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7/101-641884
ලොව හැමතැනම සිටින යුදෙව්වෝ ඊශ්‍රායලයට එනවා
ලොව දසත විසිරී සිටින යුදෙව්වන් මේ වනවිට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටින බවත්, ඔවුන් ඊශ්‍රායලයට පැමිණෙන්නේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනට එක්වීමට බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලය යනු, මුස්ලිම් අරාබි රටවල් මැද ඇති එකම යුදෙව් රාජ්‍යයයි. ලෝකයේ එකම යුදෙව් රාජ්‍යය වන්නේ ද ඊශ්‍රායලයයි.
ලොස් ඇන්ජලීස්, නිව්යෝක්, ලන්ඩන්, පැරිස්, බැංකොක්, ඇතන්ස් සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා පැමිණෙන ගුවන් යානා සියල්ල පිරී ඇත්තේ ඊශ්‍රායලය හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයෙන් බේරා ගැනීමට ඉදිරිපත් වී, සටන් බිමට යෑමට ද පසුබට නොවන ඊශ්‍රායල වැසියන්ගෙන් යැයි මාධ්‍ය වාර්තා මාධ්‍ය වාර්තා පැහැදිලි කර ඇත.
මේ වනවිට ඇමෙරිකාවේ යුදෙව්වන් 10,000 කට වැඩි පිරිසක් සාමාන්‍ය මගී ගුවන් යානාවලින් හෝ කුලියට ගත් ගුවන් යානාවලින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා පැමිණ ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඊශ්‍රායල රජය, එරට අතිරේක හමුදා බලඇණිවලට සම්බන්ධ 3,60,000 ක පිරිස සේවයට කැඳවා ඇති අතර, විදේශගතව ජීවත් වන ඔවුන්ගෙන් වැඩි දෙනකු ද මේ වනවිටත් ඊශ්‍රායලය බලා පැමිණ ඇතැයි ඊහ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(එන්.ඩී.ටීවී.)
https://www.lankadeepa.lk/news/%E0%B6%BD%E0%B7%9C%E0%B7%80-%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%B8-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1-%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%9D-%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F/101-641895
2023/10/21 හමාස් ප්‍රාණ ඇපයේ සිටි අම්මයි දුවයි නිදහස්
ඊශ්‍රායලයට පසුගිය 7 වැනිදා කඩා වැදි පහර දුන් අවස්ථාවේ, ගාසා හමාස් සටන්කාමීන් පැහැරගෙන ගොස් රදවන් සිටි ඇමෙරිකන්-ඊශ්‍රායල මවක සහ දියණියක නිදහස් කිරීමට එම සටන්කාමීන් කටයුතු කර තිබේ.
නිදහස ලැබුවේ ජුඩිත් තායි රාන් සහ දියණිය නටලී ෂෝෂානාය.
හමාස් සටන්කාමීන් මොවුන් දෙදෙනා ඊශ්‍රායල හමුදා සෙබළුන්ට බාර දී ඇති බවත්, ඔවුන් යළි ඊශ්‍රායලයට පැමිණි බවත් වාර්තා වේ.
මව සහ දියණිය නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් කටයුතු කිරිම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ද සතුටට හේතුවක් වී ඇත.
(අල් ජසීරා)
https://www.lankadeepa.lk/news/%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB-%E0%B6%87%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92-%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A/101-641761
2023/10/24 හමාස් ප්‍රාණ ඇපයේ සිටි කාන්තාවන් දෙදෙනෙක් නිදහස්
තම ග්‍රහණයේ සිටි ඊශ්‍රායල වැඩිහිටි කාන්තාවන් දෙදෙනකු නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් පියවර ගෙන ඇත.
හමාස් සටන්කාමීන්, එම වැඩිහිටි කාන්තාවන් දෙදෙනා ඊශ්‍රායල හමුදාවට බාර දී ඇති අතර, පසුව ඔවුන් රෝහල්ගත කෙරුණි.
ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව පැවැසෙයි.
තවත් ඊශ්‍රායල වැසියන් 200 කට ආසන්න පිරිසක් හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව ද වාර්තා වේ. ඔවුන් අතර විදේශිකයෝ ද වෙති.
(අල් ජසීරා)
https://www.lankadeepa.lk/world_news/%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB-%E0%B6%87%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A/14-641923
2023/10/25 - ඊශ්‍රායලය, පලස්තීන වැසියන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ ඒවායේ ජනාවාස පිහිටුවීම නැවැත්විය යුතුයි - ප්‍රංශ ජනාධිපති මැක්රොන්
ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට ගොස්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් බටහිර ඉවුරේ රාමල්ලා නුවරදී පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් හමුවිය.
ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර අර්බුදය සම්බන්ධයෙන් මැක්රොන්, පලස්තීන ජනාධිපතිවරයා සමඟ ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.
හමාස් සටන්කාමීන්, පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට කුරුරි ප්‍රහාරයක් එල්ල කළ බව තමන් පිළිගන්නා නමුත්, එය සාධාරණීකරණය කරමින්, ගාසා තීරයේ අහිංසක පලස්තීනුවන්ට පහර දීම යුක්තිසහගත නොවන බව පලස්තීන ජනාධිපතිවරයා, ප්‍රංශ ජනාධිපති මැක්රොන් හමුවේ පැහැදිලි කළේය.
ගාසා තීරයේ ගැටුම් වහා නැවැත්වීමට සටන් විරාමයක් අවශ්‍ය යැයි ද පලස්තීන ජනාධිපති අබ්බාස් අවධාරණය කළ අතර ප්‍රංශ ජනාධිපති මැක්රොන් එය අනුමත කළේය.
ප්‍රංශ ජනාධිපතිවරයා ටෙල් අවීව් නුවරට පැමිණ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවූයේ, ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී, ප්‍රංශයේ පූර්ණ සහාය ඊශ්‍රායල රජයට හිමිවන බව අවධාරණය කරමිනි.
වසර ගණනාවක් තිස්සේ ඔඩුදුවන ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට නම්, ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය යැයි මැක්රොන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු හමුවේ පෙන්වා දුන්නේය.
ද්වී රාජ්‍ය විසඳුමක් සෙවීමට නම් පළමුවෙන් ඊශ්‍රායලය, පලස්තීන වැසියන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ ඒවායේ ජනාවාස පිහිටුවීම නැවැත්විය යුතු යැයි ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් පැහැදිලි කළේය.
පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් ප්‍රහාරයෙන් පසු, එම ප්‍රහාරය හෙළා දකිමින්, ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබා දෙන බව අවධාරණය කරමින් පළමුවෙන් ටෙල් අවීව් පැමිණ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු හමුවූයේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය. ඉන්පසු, සහාය පළ කිරීමට පැමිණියේ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ය.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92/1-641983
2023/10/25 ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 714 ක් මැරිලා
ඊශ්‍රායල ගුවන් හමුදාව, ඊයේ (24) රාත්‍රියේ සිට අද (25) උදඍසන දක්වා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීනය පවසයි.
ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු සිදුවුණු වැඩිම ජීවිත හානිය මෙය යැයි පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)
https://www.lankadeepa.lk/world_news/%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-714-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8F/14-641990
ගාසා ආක්‍රමණයට සූදානම් - නෙදන්යාහු කියයි
ගාසා තීරය ආක්‍රමණයට සූදානම් බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සියලු දෙනාට මරණය උරුම බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙසේ කීවේ, ජාතිය අමතමිනි.
‘ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීම අපේ අරමුණයි. හමාස් සංවිධිනයේ පාලන බලය අපි බිඳ දමනවා. හමුදා ශක්තිය නැති කරනවා. අල්ලා ගත් ඊශ්‍රායල වැසියන් අපි මුදා ගන්නවා’ යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහු ජාතිය අමතමින් පෙන්වා දුන්නේය.
එම අවස්ථාවට ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්, අමාත්‍ය බෙනී ගෑන්ට්ස් සහ ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීහු ද එක් වී සිටියහ.
ඊශ්‍රායලය මේ වනවිට ගාසා තීරය වට කර ඇති අතර, ඊශ්‍රායල හමුදා ගාසා දේශසීමාවේ රැඳී සිටින්නේ, ගාසා තීරයේ උතුරුදිග පළාත් හරහා පහර දෙමින් ගාසා තීරයට කඩා වැදී ආක්‍රමණය සූදානමින්ය.
ඊශ්‍රායල ගුවන් හමුදාව පසුගිය 7 වැනිදා එල්ල වුණු හමාස් ප්‍රහාරයෙන් පසු දිගින් දිගටම ගාසා තීරයට පහර දෙයි.
https://yahamaga.lk/index.php?action=edit&preload=Extension%3AInputBox%2Fpreload&editintro=Extension%3AInputBox%2Feditintro+comment§ion=new&title=%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B6%BA&create=%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
හමාස් පවසා ඇත්තේ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින්, තම ප්‍රාණඇපකරුවන් 55 ක් මියගිය බවයි
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් දෙසිය විසි දෙදෙනාගෙන් 55 දෙනකු මේ වනවිට මියගොස් ඇතැයි හමාස් සංවිධානය පැවැසීය.
හමාස් සංවිධානය වැඩි දුරටත් පවසා ඇත්තේ ඊශ්‍රායල ගුවන් හමුදාව ඉවක් බවක් නැතිව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින්, එම ප්‍රාණඇපකරුවන් 55 දෙනා මියගිය බවය.
හමාස් සටක්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ, පසුගිය 7 වැනිදා දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය. ප්‍රාණ ඇපයේ සිටින වැඩි දෙනා කාන්තාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටියන්ය.
(ඒ.එෆ්.පී.)
ගාසා හි පලස්තීන ජනතාව ලෝකයෙන් හුදෙකලා වී ඇත - ඉලොන් මක්ස්
ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සහය ලබා දීමට තමන් සූදානම් බව, ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි.
එම කටයුත්තේ දී තමන්ට එක්සත් ජතීන්ගේ සහාය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද මස්ක් වැඩි දුරටත් පවසා තිබේ.
ගාසා තීරයේ සන්නිවේදන කටයුතු සියල්ල අඩපණ කර ඇත්තේ, හමාස් සටන්කාමීන් සොයා දිගින් දිගටම ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලයයි.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ විදුලිය, දුරකථන සහ අන්තර්ජාල අවහිර කිරීම් ද සිදුවී තිබේ. සන්නිවේදන කටයුතු බිද වැටී ඇති බැවින්, ගාසා හි පලස්තීන ජනතාව ලෝකයෙන් හුදෙකලා වී ඇතැයි ද පැවැසෙයි.
https://www.lankadeepa.lk/world_news/%E0%B6%89%E0%B6%BD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/14-642165
ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්න
ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි.
පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මෙසේ ඉල්ලා ඇත්තේ ඊශ්‍රායලය දිගට හරහට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත් වීම නැවැත්වීමේ අරමුණ ඇතිවය.
ඊශ්‍රායල බලධාරීන් සහ ඊශ්‍රායල හමුදාව යුද අපරාධ කරනවා යැයි ද පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් චෝදනා නගා තිබේ. මේ වනවිට පලස්තීන වැසියන්ට ලබා දෙන ආහාර, ජලය සහ විදුලිය නැවැත්වීමට ද ඊශ්‍රායලය පියවර ගෙන ඇත. එය ද යුද අපරාධයක් බවට චෝදනා එල්ල වෙයි.
(අල් ජසීරා)
https://www.lankadeepa.lk/news/%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7-%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/101-642308
ගාසා සරණාගත කඳවුරකට ප්‍රහාරයක්: 50 ක් මරුට
ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුරට ඊශ්‍රායල ගුවන් හමුදාව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ප්‍රහාරය එල්ල කෙරුණේ ‘ජබාලියා’ සරණාගත කඳවුරටය.
පලස්තීන සෞඛ්‍ය අංශ පැවැසුවේ එම ප්‍රහාරයෙන් සරණාගත කඳවුරේ සිටි පලස්තීන වැසියන් 50 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. තවත් 150 ක් පමණ තුවාල ලැබූ බවත්, ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමට පහසුකම් නොමැති බවත් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් කියා සිටී.
‘ජබාලියා’ සරණාගත කඳවුරට තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පිළිගෙන තිබේ. ඊශ්‍රායල බුද්ධි අංශය මෙන්ම හමුදාව ද වැඩි දුරටත් නිවේදනය කළේ පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට පහර දුන් හමාස් සටන්කාමීන් නායකයකු ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරය එල්ල කළ බවය.
තම ප්‍රහාරයෙන් එම හමාස් නායකයා ජීවිතක්ෂයට පත්වුණු බව ද ඊශ්‍රායල හමුදාව වැඩි දුරටත් පවසා ඇත.
https://www.lankadeepa.lk/news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD-%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A:-50-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7/101-642323
ලතින් රටවලින් ඊශ්‍රායලයට විරෝධයක්
‘ජබාලියා’ සරණාගත කඳවුරට එල්ල කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ලතින් ඇමෙරිකා රටවල් ඊශ්‍රායලයට විරෝධය දක්වමින්, ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ තානාපතිවරුන් යළි ගෙන්වා ගැනීමට තීරණය කර තිබේ. තානාපතිවරුන් ගෙන්වා ගැනීමට තීරණය කළ ලතින් ඇමෙරිකානු රටවල් වන්නේ බොලිවියාව, කොලොම්බියාව සහ පේරු රාජ්‍යයයි.
මේ අතර, තවත් ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන චිලී රාජ්‍යය ද ‘ජබාලියා’ සරණාගත කඳවුරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.
චීලී ජනාධිපති ගේබි්‍රයෙල් බොරික් පවසා ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාරයෙන් ‘ජබාලියා’ සරණාගත කඳවුරේ පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත්වීම කිසිසේත් සමාව දිය හැකි කරුණක් නොවන බවය. අරාබි ලෝකයෙන් පිට, වැඩිම පලස්තීන ප්‍රජාවක් ජීවත් වන්නේ චිලී රාජ්‍යයේය.
https://www.lankadeepa.lk/news/%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/101-642328
ඊශ්‍රායලය පලස්තීනයේ සිදු කරන්නේ ජන සංහාරයක් - දැනට මරණ 9000 යි දරුවන් 3648 ක්
මෙතෙක් මියගොස් ඇති පලස්තීනුවන් 9000 න් 3648 ක් දරුවන් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මෙයට මැදහත් විය යුතු බවත් මානව හිමිකම් සංවිධාන රාශියක් මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කළේය.එසේම යුද්ධයෙන් මේ දක්වා පලස්තීනුවන් 22000 ක් තුවාල ලබා ඇතැයිද මානව හිමිකම් සංවිධාන පෙන්වා දී ඇත.
පසුගිය 7 වැනිදා සිට මේ දක්වා ගාසා තීරයේ හමාස් ඉලක්ක 12,000 කට ප්‍රහාර එල්ල කර ඇතැයි ඊශ්‍රායල හමුදා පවසයි.එම ප්‍රහාර වලින් හමාස් සටන්කාමීන් විශාල පිරිසක් ඝාතනය කිරීමට හැකියාව ලැබුණු බව ඊශ්‍රායල හමුදා පෙන්වා දී ඇත.එසේම සිය හමුදා ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවද ඊශ්‍රායලය පවසයි.
https://www.lankadeepa.lk/news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%A2%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%89%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%94-%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%80-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%8A-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%9A/101-642394
මානව හිමිකම් කවුන්සිලය ගාසා තීරයට එක ආකාරයකටත් ශ්‍රී ලංකාවට වෙනත් ආකාරයකට සලකනවා - ජනාධිපති
මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය සඳහා පිරිසිදු දෑතින් එන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (3)පැවසීය.
මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කරන ආකාරයේ සාධාරණත්වයක් නැතිනම් ඔවුන් නගන ප්‍රශ්නවලට ශ්‍රී ලංකාව පිළිතුරු සැපයිය යුතු දැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීමේ සාධාරණත්වයක් නොමැති බව කී ජනාධිපතිවරයා ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා යැයි කීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිරිසිදු දෑතින් ආවොත් ශ්‍රී ලංකාව ඔවුන් නගන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
https://www.lankadeepa.lk/news/%E2%80%99%E2%80%99%E0%B6%91%E0%B6%A2%E0%B7%8F-%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%BA-%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99-%E0%B6%B1%E0%B7%91%E2%80%99%E2%80%99/101-642458
ඊශ්‍රායල අගමැතිගේ නිවස වට කරලා විරෝධයක්
ගාසා තීරයට දිගින් දිගටම පහර දීමෙන්, පලස්තීන සිවිල් වැසියන් පමණක් නොව, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගේ ද ජීවිත අනතුරට පත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට විරෝධයක් එල්ල වෙමින් පවතී.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ නිවස ඉදිරියට රැස්වුණු ඊශ්‍රායල වැසියන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළ කරමින් කෑ ගසන්න වූ බවය.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහරදීම් ආරම්භ කළේ පසුගිය 7 වැනිදා සිටය.
(එන්.ඩී.ටීවී.)
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83-%E0%B7%80%E0%B6%A7-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-642517
2023/11/07 - ගාසා තීරය අමු සොහොනක්
පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමඟ ආරම්භ වූ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ දිනකට පලස්තීන ළමුන් 180 ක් ඝාතනයට ලක්වී ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල හමුදා එල්ල කරන අමානුෂික ගුවන් ප්‍රහාර හමුවේ ඊයේ (7) අවසන් වූ මසක කාලය තුළ පලස්තීන ළමුන් 4237 දෙනකු ඝාතනයට ලක්වී ඇති බවත් තවත් ළමුන් 1350 දෙනකු අතුරුදන් වී ඇති බවත් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දී ඇත.අතුරුදන් වී සිටින ළමුන් 1350 දෙනා ඊශ්‍රායල හමුදා බෝම්බ හෙළීමෙන් විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින බව විශ්වාස කරන බවත් ඉන් බොහෝ දෙනා මේ වනවිටත් මියගොස් ඇතැයි අනුමාන කරන බවත් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඊයේ(07) අවසන් වූ මසක කාලය තුළ ඊශ්‍රායල හමුදාවේ අමානුෂික ප්‍රහාර හමුවේ පලස්තීන ළමුන් 5500 ක් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.එය 1967 වසරේ සිට පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා දක්වා කාලය තුළ බටහිර ඉවුරේදී සහ ගාසා තිරයේදී ඊශ්‍රායල හමුදා අතින් ඝාතනය වූ ළමුන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් බවද පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
කම්පන සහගත වේගයකින් ඊශ්‍රායල හමුදා පලස්තීන ළමුන් මරා දමද්දී බෝම්බ ප්‍රහාර අවසන් කිරීමට ඊශ්‍රායලයට බල කිරීමට ලෝක නායකයන්ට ශක්තියක් නොමැති බව ඔවුන් දිනෙන් දින ක්‍රියාකාරීව පෙන්නුම් කර ඇතැයි පලස්තීනයේ ජාත්‍යන්තර ළමා ආරක්‍ෂාව පිළිබඳ සංවිධානයේ වගවීමේ වැඩසටහන් අධ්‍යක්ෂ අයෙඩ් අබූ ප්‍රකාශ කර ඇත. බෝම්බ ප්‍රහාර අවසන් කිරීමට ඊශ්‍රායලයට බල කිරීම ලෝක නායකයන්ට දැක්විය හැකි අවම මානුෂීය ප්‍රතිචාරය බවද ඔහු පෙන්වා දුන්නේය.
ගාසා තීරයේ නේවාසික ගොඩනැගිලි සහ රෝහල්, පාසල්, බේකරි වැනි සිවිල් යටිතල පහසුකම් වලට ඊශ්‍රායල හමුදා සෘජුව ප්‍රහාර එල්ල කරන බැවින් තවත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව අයෙඩ් අබූ සඳහන් කර ඇත.
ගාසා තීරය ළමුන්ගේ සොහොන් බිමක් වී ඇති බවත් දිනකට ළමුන් විශාල පිරිසක් තුවාල ලැබීමට හෝ මිය යාමට ලක්වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් පසුගියදා ප්‍රකාශ කළේය.ඉන්ධන නොමැති වුවහොත් යන්ත්‍ර මත යැපෙන අලුත උපන් සහ රෝගී දරුවන් මිය යා හැකි යැයි ඔහු පැවසුවේය.
අල් - රන්ටිසි ළමා රෝහලට ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තිබීම හේතුවෙන් එහි රෝගී දරුවන් ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායල බලධාරීන් දැනුම් දී තිබුණත් මේ වන විටත් එම රෝහල තිබෙන ප්‍රදේශයට දෙවරක් ඊශ්‍රායල හමුදාවේ ගුවන් ප්‍රහාර එල්ල වී ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දුන්නේය.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA-%E0%B6%85%E0%B6%B8%E0%B7%94-%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A/1-642683
2023/11/10 - ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ රෝහල් දෙකකට පහර දෙමින් සිටි
උතුරු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට, ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින්, සෑම දිනකම පැය 4 ක්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමෙන් වැලැකී සිටින බව ඊශ්‍රායලය පවසා තිබේ.
ඊශ්‍රායලය මේ සඳහා එකඟ වී ඇත්තේ ඇමෙරිකාව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
පැය 4 ක් පහර නොදීමට එතඟ වුවත්, තමන් කිසිදු අවස්ථාවක, හමාස් සටන්කාමීන් සමඟ සටන් විරාමයකට නොයන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.
මේ වනවිට ගාසා තීරයේ ‘ගාසා නගරයේ’ දරුණු ගැටුම් පවතී. ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ රෝහල් දෙකකට පහර දෙමින් සිටින බව වාර්තා වේ. හමාස් සටන්කාමීන් මෙම රෝහල්වල සැඟවී සිටින බව ඊශ්‍රායල හමුදාව පවසා තිබේ.
https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%90%E0%B6%BA-4-%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B1%E0%B7%91/101-642797
2023/11/11 - ඊශ්‍රායලය ගාසා තීරයේ රෝහල්වලට බෝම්බ හෙලන විට උපකාර ඉල්ලා සිටීම
- දහස් ගණන් රෝගීන් සහ අවතැන් පලස්තීනුවන් නවාතැන් ගෙන සිටින ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ ඉදිරිපස ගේට්ටුවට ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කරයි.
- පලස්තීන රතු ක්‍රෙසන්ට් ප්‍රධානියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පවසන්නේ ගාසා තීරයේ සිවිල් වැසියන් බලහත්කාරයෙන් ඉවත් කිරීම සඳහා “හිතාමතාම ඉලක්ක කර” ඇති බවයි.
- ඊශ්‍රායලය පවසන්නේ පසුගිය දින දෙක තුළ පලස්තීනුවන් 100,000ක් ගාසා තීරයේ දකුණු දෙසට ගමන් කර ඇති බවයි; බොහෝ පලස්තීනුවන් පවසන්නේ ඔවුන් අඛණ්ඩ සටන් මධ්‍යයේ සිරවී සිටින බවයි.
- ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 11,078ක් මිය ගොස් ඇත. ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,200කට වඩා වැඩිය.
https://www.aljazeera.com/news/liveblog/2023/11/11/israel-hamas-war-live-pleas-for-help-as-israel-bombards-gaza-hospitals
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා රෝහල් අඩපණ වෙයි
ගාසා තීරයේ ප්‍රධාන රෝහල දෙක ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ ප්‍රධාන රෝහල් දෙක වන්නේ, අල් ෂයිෆා රෝහල සහ අල් කුඞ්ස් රෝහලය.
ඊශ්‍රායලය ගාසා තීරයට ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කරයි. ප්‍රහාර හේතුවෙන් පලස්තීන සිවිල් වැසියක් 2,300 කට වැඩි පිරිසක් ආරක්ෂාව ලැබ රැඳී සිටින්නේ අල් ෂයිෆා සහ අල් කුඞ්ස් රෝහල්වල යැයි ද පැවැසෙයි. රෝහල්ව කටයුතු අඩපණ වෙද්දී, රෝහල්වල නොමේරූ බිලිඳුන්, හෘද රෝගීන් ද ඇතුළු අසාද්‍ය රෝගීන් මියයෑමට පටන් ගෙන ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ පලස්තීන කාන්තාවන්, වැඩිහිටියන් සහ කුඩා දරුවන් ඝාතනය කරමින් සිදුවන ඊශ්‍රායල හමුදා ප්‍රහාර වහා නවත්වා, සටන් විරාමයකට යා යුතු බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඊශ්‍රායලයට දන්වා තිබේ.
https://www.lankadeepa.lk/world_news/%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A-%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB-%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92/14-642886
ගාසා තීරයේ විශාලතම රෝහලට ඊශ්‍රායලය පහර දෙයි
ගාසා තීරයේ විශාලතම රෝහල වට කළ ඊශ්‍රායල හමුදාව ඊට පහර දීම ආරම්භ කළේය.
ඊශ්‍රායල හමුදාව පහර දෙද්දී, අල් ෂයිෆා නමැති මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ගණන 2,300 ක් බවත්, නොමේරු බිලිඳන් ගණන 36 ක් බවත් පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ඊශ්‍රායලය පවසන පරිදි, හමාස් සටන්කාමීන්, රෝහලේ සිටින පලස්තීන වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින්, ඊශ්‍රායල හමුදාව සමඟ සටන් වදී. තමන් රෝහලට පහර දීමට පටන් ගත්තේ ඉතා ක්‍රමාණුකූලව සහ සැලැසුම්සහතව යැයි ඊශ්‍රායල හමුදාව පැහැදිලි කර තිබේ.
https://www.lankadeepa.lk/world_news/%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/14-643018
පොඩි දරුවන්-කාන්තාවන් ඝාතනය නවත්වන්න
ඊශ්‍රායල ප්‍රහාරවලින්, බිලිඳන්, කුඩා දරුවන් සහ කාන්තාවන් මියයෑම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා තිබේ. කැනඩා අග්‍රාමාත්‍යවරායා මෙසේ පවසා ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමිණි.
ඊශ්‍රායලය, හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදාය. ඒ, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී කළ ප්‍රහාරයකින් අනතුරුවය.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීමට පටන්ගත්තේ ඉන්පසුවය. මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන 11,000 පසු කර තිබේ. ඔවුන්ගෙන් වැඩි දෙනා කුඩා දරුවන් සහ කාන්තාවන්ය.
https://www.lankadeepa.lk/world_news/%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/14-643018
ඊශ්‍රායලයට එරෙහිව ආරක්ෂක මණ්ඩලයට තවත් යෝජනාවක්
මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින්, ඊශ්‍රායල හමාස් ගැටුම්වලට මැදි වී අසරණ වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ආරක්ෂිතව ගාසා තීරයෙන් පිටවී යෑමට ඉඩ ලබා දෙන්නැයි ඊශ්‍රායලයට බල කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට තවත් යෝජනාවක් ඉදිරිපත් විය.
සටන් විරාමයකට යන්නැයි ඊශ්‍රායලයට බල කිරීමක් එම යෝජනාව හරහා ද සිදු නොවුණු බව පැවැසෙයි. ඇමෙරිකාව, එක්සත් රාජධානිය පමණක් නොව, රුසියාව ද එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටි අතර, ඊශ්‍රායලය යෝජනාවට එකහෙලා විරෝධය දැක්වීය.
මේ වනවිට ගාසා තීරයේ විශාලතම රෝහල ලෙස සැලකෙන ‘අල් ෂිෆා’ රෝහලට ද ඊශ්‍රායල හමුදා කඩා වැදී පහර දෙයි. ඒ, හමාස් සටන්කාමීන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් රෝහල තුළ පිහිටුවා ඇති බැවිනි. හමාස් සටන්කාමීන් රෝහලේ රෝගීන් සහ පලස්තීන සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස රඳවා ගෙන ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර එල්ල කරන බව පැවැසෙයි.
‘අල් ෂිෆා’ රෝහලේ හමාස් සටන්කාමීන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති බව ඇමෙරිකන් බුද්ධි අංශ පවා තහවුරු කර තිබේ. හමාස් මෙහෙයුම් මධ්‍යස්ථානය පිළිබඳ තමන් ඊශ්‍රායලයට බුද්ධි තොරතුරු ලබා දුන් නමුත්, පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින් රෝහලට කඩා වැදී පහර දීමට ඊශ්‍රායලයට උපදෙස් නොදුන් බව ඇමෙරිකාව පැහැදිලි කර තිබේ.
2023//11/17 දිනට යාවත්කාලීන...
- දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - 11470 ක්,
- 2023/11/16 දවසේ ඝාතනය වූ පලස්තීනුවන් ගණන - 170 ක්,
- එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - 5500 ක්,
- ගාසා තීරයේ අවතැන් වී ඇති ළමුන් ගණන - 700,000 ක්
- එහි තුවාල ලබා ඇති පලස්තීනුවන් ගණන - 22000 ක්,
- දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන - 1200 ක්,
- රොහල්වලට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් “කාන්තාවන්, ළමයින්, රෝගීන් සහ තුවාල ලැබූවන් දහස් ගණනක් මරණයට පත්වීමේ තර්ජනයට ලක්ව ඇත“ යනුවෙන් ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක අෂ්රෆ් අල්-කුද්‍රා පවසයි.
- තොරතුරු උපුටා ගත් සබැඳුම - | aljazeera
ඊශ්‍රායලය සමඟ ගනුදෙනු අවසන්
ඊශ්‍රායලයට බලශක්තිය ලබා දෙමින් ඒ වෙනුවට ඊශ්‍රායලයෙන් පානීය ලබා ගැනීමේ ගිවිසුමට තමන් අත්සන් නොකරන බව ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය තීරණය කර තිබේ.
ජෝර්දානය ඊශ්‍රායලය සමඟ අමනාප වී ඇත්තේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් අහිංසක පලස්තීන මුස්ලිම් වැසියන් ජීවිතක්ෂයට පත් වීමට විරෝධය පළ කරමිණි.
‘ඊශ්‍රායලය සමඟ කලාපීය වශයෙන් අප ව්‍යපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඊශ්‍රායල හමාස් යුද්ධය නිසා ඒ සියල්ල අප අත්හිටුවීමට තීරණය කළා.” යැයි ජෝර්දාන විදේශ ඇමැති අයිමාව් සෆාඩී අල් ජසීරා පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා තිබේ.
ttps://www.lankadeepa.lk/news/%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A/101-643115
2023//11/18 දිනට යාවත්කාලීන...
- දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - 12000 ක්,
- 2023/11/17 දවසේ ඝාතනය වූ පලස්තීනුවන් ගණන - 530 ක්,
- එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - 5500 ක්,
- ගාසා තීරයේ අවතැන් වී ඇති ගණන - 830,000 ක්
- එහි තුවාල ලබා ඇති පලස්තීනුවන් ගණන - 22000 ක්,
- දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන - 1200 ක්,
- විශේෂ අවදානයට - ඊශ්‍රායල හමුදාව සිකුරාදා තුන්වන දිනටත් අල්-ෂිෆා රෝහල වටලන විට, වෛද්‍ය මධ්‍යස්ථානයේ විදුලිය නොමැතිකම හේතුවෙන් නොවැම්බර් 11 සිට නොමේරූ ළදරුවන් හතර දෙනෙකු ඇතුළු රෝගීන් 40 දෙනෙකු මිය ගිය බව රෝහලේ පරිපාලකයින් වාර්තා කළ බව UN වාර්තා කරයි.
- තොරතුරු උපුටා ගත් සබැඳුම - | aljazeera
2023//11/19 දිනට යාවත්කාලීන
- දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - 12000 ක්,
- 2023/11/17 දවසේ ඝාතනය වූ පලස්තීනුවන් ගණන - 530 ක්,
- එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - 5500 ඉක්මවා ඇත,
- ගාසා තීරයේ අවතැන් වී ඇති ගණන - 830,000 ක්
- එහි තුවාල ලබා ඇති පලස්තීනුවන් ගණන - 22000 ඉක්මවා ඇත,
- දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන - 1200 ක්,
- විශේෂ අවදානයට - උතුරු ගාසා තීරයේ UN විසින් පවත්වාගෙන යනු ලබන පාසල්වලට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ළමුන් විශාල ගණනක් මිය ගොස් ඇත [1].
- තොරතුරු උපුටා ගත් සබැඳුම - | aljazeera
2023/11/19 - අල් ශිෆා රෝහල මරණය වැළදගන්නා කළාපයක්
ගාසා තීරයේ අල් ශිෆා රෝහල මේ වන විට මරණය වැළඳගන්නා කලාපයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායල හමුදාවේ නියෝගය මත වෛද්‍යවරුන්, රෝගීන් සහ අවතැන් වූ පුද්ගලයන් බොහෝ දෙනා රෝහලෙන් ඉවත් වූ පසු ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරේදා(18) අල්-ශිෆා රෝහලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කළේය.
මරණය වැළඳගන්නා කලාපයක්අල් - ශිෆා රෝහලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් කණ්ඩායම ඇතුළු වනවිට සමූහ මිනි වළක් දුටු බවත් එහි මෘත දේහයන් 80 කට වැඩි ප්‍රමාණයක් වළලා ඇතැයි පලස්තීන බලධාරීන් පැවසූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතීන්ගේ විවිධ දෙපාර්තමේන්තු වල මහජන සෞඛ්‍ය විශේෂඥයන්, සැපයුම් සහ ආරක්ෂක නිලධාරීන් මෙම කණ්ඩායමට ඇතුළත් විය.එම කණ්ඩායම ආරක්ෂක හේතුන් මත පැයක කාලයක් පමණක් අල්-ශිෆා රෝහලේ රැඳී සිට ඇති අතර එම කාලයේදී එම රෝහලට එල්ල වූ වෙඩි සහ ෂෙල් වෙඩි ප්‍රහාර පිළිබඳව සාක්ෂි දැක ගැනීමට හැකියාව ලැබුණු බවද එම නිවේදනයේ දැක්වේ.අල්-ශිෆා රෝහලට පිරිසිඳු ජලය, ඖෂධ, ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟ වීම හේතුවෙන් වෛද්‍ය පහසුකම් සපයන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම නතර වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.
ආරක්ෂක හේතුන් මත අල්-ශිෆා රෝහලට අපද්‍රව්‍ය කළමනාකරණය කර ගැනීමට පවා නොහැකි වී ඇති බවත් රෝහල තුළ වෛද්‍ය අපද්‍රව්‍ය සහ අනෙකුත් අපද්‍රව්‍ය පිරී තිබූ බවත් එය අසාදන පැතිරීමේ අවදානම වැඩි කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
අද (19) වන විට අල්-ශිෆා රෝහලේ සෞඛ්‍ය සේවකයන් 25 දෙනකු සහ රෝගීන් 291 දෙනකු රැඳී සිටි බවත් ඉන් 32 දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන ළදරුවන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.
2023//11/20 - දිනට යාවත්කාලීන
- දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - 13000 ක්,
- 2023/11/19 දවසේ ඝාතනය වූ පලස්තීනුවන් ගණන - 1000 ක්,
- එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - 5500 ඉක්මවා ඇත,
- ගාසා තීරයේ අවතැන් වී ඇති ගණන - 830,000 ක්
- එහි තුවාල ලබා ඇති පලස්තීනුවන් ගණන - 22000 ඉක්මවා ඇත,
- දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන - 1200 ක්,
- විශේෂ අවදානයට -
- මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව පවසා ඇත්තේ ගැටුම ආරම්භයේ සිට මේ දක්වා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 48 දෙනෙකු ඝාතනය වී ඇති බවයි.
- ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මවුනිර් එල්-බෝර්ෂ්, අල්-ෂිෆා රෝහලේ හමාස් උමං මාර්ගයක් සොයා ගත් බවට ඊශ්‍රායලයේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් එය “පිරිසිදු බොරුවක්” ලෙස විස්තර කරයි.
- තොරතුරු උපුටා ගත් සබැඳුම - | aljazeera