යහමග පුවත්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


කාලීන වශ‍යෙන් වැදගත් එසේම යහමග පාඨක ඔබේ අවදානය යොමු වියයුතු කෙටි පුවත් හා දැනුම්දීම් මේ යටතේ පෙලගැසීම සිදු කරනු ලැබේ. විශේෂයෙන් මාධ්‍යයන් තුල කලින් කලට ඉදිරිපත් වන විශේෂ පුවත් කෙටියෙන් මෙහි ඔබේ අවදානයට ගෙන ඒම මූලික අරමුණයි. එසේම යහමග පණිවුඩ ද මෙහි පෙලගැසීමට අපේක්ෂා කරමි.

  • යහමග කෙටි පුවත්...


2023/3/10 - රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට විශේෂ වැඩපිළිවෙලක්

රාමලාන් (රාමසාන්) සමයේ දී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත විය හැකි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය.

ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ (04/2023) මේ වන විට සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර ඇතැයි ද ලේකම්වරයා කීය.

රාමසාන් සමය මෙම මස 23 දින ආරම්භ වී අප්‍රේල් 21 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇති අතර එම කාලසීමාව තුළදී සියලුම මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදිය හැකි වන පරිදි වැඩමුර සකස් කරදීමත්, නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කිරීමත් මෙම චක්‍රලේඛය අනුව සිදු කළ හැක.

රාමලාන් (රාමසාන්) අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද ලේකම්වරයා සඳහන් කළේය.

Link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A/1-629653

2023/3/15 - ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමේ ජාත්‍යන්තර දිනය

බොහෝ ආන්ඩු ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමට වෛරී-අපරාධ-විරෝධී නීති සම්පාදනය කිරීම සහ වෛරී අපරාධ වැළැක්වීම සහ නඩු පැවරීම සඳහා පියවර ගැනීම සහ ඍණාත්මක මිථ්‍යාවන් සහ දුර්මත දුරු කිරීමට සැලසුම් කර ඇති මුස්ලිම්වරුන් සහ ඉස්ලාම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර පැවැත්වීම මගින් පියවර ගෙන ඇත.

ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස මාර්තු 15 වන දින නම් කරන ලද ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) සාමාජික රාජ්‍ය 60ක් විසින් අනුග්‍රහය දක්වන ලද යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලදී . ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය කිසිදු ආගමක්, ජාතියක්, ශිෂ්ටාචාරයක් හෝ ජනවාර්ගික කණ්ඩායමක් සමඟ සම්බන්ධ නොවිය යුතු බව ලේඛනය අවධාරණය කරයි. එය මානව හිමිකම්වලට ගරු කිරීම සහ විවිධ ආගම් සහ විශ්වාසයන් මත පදනම් වූ ඉවසීමේ සහ සාමයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ගෝලීය සංවාදයක් ඉල්ලා සිටී.

2021 දී ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමේ පළමු ජාත්‍යන්තර දිනය සනිටුහන් කරමින් , එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පෙන්වා දුන්නේ මුස්ලිම් විරෝධී ආගම්වාදය වාර්ගික-ජාතිකවාදය, නව-නාසිවාදය, අපකීර්තිය සහ වෛරී කථනය ඇතුළු අවදානමට ලක්විය හැකි ජනතාව ඉලක්ක කර ගනිමින් පුනර්ජීවනය වීමේ විශාල ප්‍රවණතාවක කොටසක් බවයි. මුස්ලිම්වරුන්, යුදෙව්වන්, සමහර සුළුතර ක්‍රිස්තියානි ප්‍රජාවන් මෙන්ම තවත් අය. "ශුද්ධ වූ අල් කුර්ආනය අපට මතක් කර දෙන පරිදි: ජාතීන් සහ ගෝත්‍ර නිර්මාණය කර ඇත්තේ එකිනෙකා දැන ගැනීමට ය. විවිධත්වය පොහොසත්කමක් මිස තර්ජනයක් නොවේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ලොව පුරා නැගී එන වෛරී ප්‍රකාශයේ තැතිගන්වනසුලු ප්‍රවණතාවයට ප්‍රතිචාර වශයෙන්, මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් එක්සත් ජාතීන්ගේ උපායමාර්ගය සහ වෛරී කථනය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම දියත් කළේය .

Link - https://www.un.org/en/observances/anti-islamophobia-day


2023/3/20 - සෞදියෙන් රට ඉඳ ටොන් 50ක් ලැබෙයි

සෞදි අරාබි රාජ්‍යය ශ්‍රී ලංකාවේ ජනතාව අතර බෙදාදීම සඳහා රට ඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර තිබේ.

එම රටඉඳි තොගය ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කහිල්ඩ් හම්මුද් අලි කටානි මහතා ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත බාර දුන්නේය.

සෞදි අරාබි රාජ්‍යෙය් සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සාහන මධ්‍යස්ථාන මගින් ලොවපුරා මිත්‍ර රටවල් ගණනාවක මෙලෙස රටඉඳි තොග පරිත්‍යාග කරනු ලබයි.

Link - https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A7-%E0%B6%89%E0%B6%B3-%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A-50%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92/101-630366

2023/3/22 - ரமளான் பிறை அறிவித்தல்

[7:49 pm, 21/03/2023] +94 77 777 1141: ஹிஜ்ரி 1444ஆம் ஆண்டின் ரமளான் மாதத்துக்கான தலைப்பிறை, ஷஃபான் 30 ஆம் நாளான இன்று நாட்டின் எப்பாகத்திலும் காணப்பாடாத நிலையில், இலங்கைக்கு வெளியில் நேரத்தால் இலங்கைக்கு பிந்திய நாடுகளில் இருந்து பிறை சாட்சியம் கிடைக்கப்பெற்றால், நாளை புதன்கிழமை (22.03.2023) முதல் ராமளான் அனுஷ்டிக்கப்படும்.

பிந்தி கிடைக்கும் தகவல் புதன்கிழமை காலை பொழுதை அடைந்தாலும் சரியே. ஏனெனில் நபி (ஸல்) அவர்களின் வழி காட்டல் மிகத் தெளிவாக அதனையே எமக்கு வலியுறுத்திகிறது.

ராமளான் நோன்பு கடமையாக்கப் படுவதற்கு முன்பு, ஆஷூறா நோன்பு கடமையாக்கப்பட்டிருந்த காலத்தில், ஆஷூறா அன்று காலையில் மாதினாவை சாராத இரண்டு கிராமவாசிகள் வந்து பிறை சாட்சியம் சொன்ன போது, அல்லாஹ்வின் தூதர் (ஸல்) அவர்கள், அன்சாரியீன்களின் (மதீனாவின்) கிராமங்களுக்கு ஒருவரை அனுப்பி "காலையில் யார் சாப்பிட்டு விட்டாரோ, அவர் இன்றைய நாளின் எஞ்சிய பகுதியை நோன்பாக தொடரட்டும். காலையில் சாப்பிடாமல் இருப்போர் அப்படியே நோன்பை தொடரட்டும்." என்று அறிவிப்பு செய்தார்கள். (புகாரி 1924 / 1960)

இலங்கைக்கு வெளியில் இருந்தும் சாட்சியம் கிடைக்காவிடின், ஷஃபான் 30 ஆக பூர்த்தியாக்கப்பட்டு, வியாழக்கிழமை (23.03.2023) முதல் ராமளான் நோன்பு அனுஷ்டிக்கப்படும்.

ஏனெனில் இவ்வாறே நபி (ஸல்) அவர்கள் எமக்கு ஏவி உள்ளார்கள்.பிறையை கண்டு நோன்பு வையுங்கள். பிறையை கண்டு நோன்பை விடுங்கள். பிறை மறைக்கப்பட்டால் மாதத்தை 30ஆக பூர்த்தியாக்குங்கள். எனினும் (அவ்வாறு பூர்த்தியாக்கிய பின்னர்) இரண்டு முஸ்லிம்கள் சாட்சி சொன்னால் அதை ஏற்று செய்யற்படுத்துங்கள்.(நாசயீ : 2116, முஸ்னத் அஹ்மத் 7516, 7581, 7778, 9472, 9556, 9654, 9853, 10060)

குறிப்பு : இன்ஷா அல்லாஹ் சாட்சியம் கிடைக்கப் பெற்றால் உடனே அறியத்தரப்படும்

இஸ்லாமிய தகவல் நிலையம் [7:56 pm, 21/03/2023] +94 77 777 1141: திருத்தம் : ஷஃபான் 30 என்பதை ஷஃபான் 29 என்று திருத்தி வாசிக்கவும்

2023/3/22 - Moon 🌙

  • India
    1. Seen: MCW member Rasheed Usman, from Kozhikode, Kerala reported: The hilal of Ramadan 1444 has been sighted at Kapad Beach Kozhikode Kerala today Wednesday 22 March 2023 as confirmed by the Kapad Qazi Shihabudheen Faizi . Accordingly the Ramadan 1 will be Thursday 23'March 2023 in the State as declared by Qazis. Kerala Hilal Committee and Wisdom Islamic Organisation hilal wing also begin Ramadan tomorrow Thursday.
  • Indonesia
    1. Seen: MCW member AR Sugeng Riyadi from Rowasiya Observatory Central Java Indonesia reported: The new crescent of Ramadhan 1445 AH was NOT SIGHTED on Wednesday, March 22, 2023 from Assalaam Observatory, Pabelan Kartasura Sukoharjo Central Java Indonesia, the west sky was covered by thick clouds. The crescent was seen from several places in Indonesia via telescope. According to this report, on Ithbat Council by the Ministry of Religious Affairs of the Republic of Indonesia declare that 1 Ramadhan 1444 AH will start on Thursday, March 23rd, 2023.

2023/3/22 - මක්කම වන්දනාව වීසා මුදලට විකිණීමට ඉඩ නෑ

මක්කම වන්දනාව සඳහා නිකුත් කරන වීසා පසුගිය වසරවල මෙන් මුලදට විකිණීමට කිසිඳු ඉඩක් නොතබන බවත් කිසිවෙක් හෝ එවැනි අසාධාරණයන්ට ලක්වූවහොත් වහාම අමාත්‍යංශය දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටින බවත් බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් උපරීම සාධාරණ ලෙස සේවා සැපයීම සඳහා කටයුතු සුදානම් කර ඇති බව කී අමාත්‍යවරයා මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් කාර්යාලයක් පමණක් විවෘත කිරීමෙන් සෑහීමකට පත්නොවී උපරීම සාධාරණ සේවාවක් සපයන බව ද සඳහන් කළේය.

ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් සේවා සැපයීම සඳහා පත්කළ හජ් කමිටුවේ නිලධාරී මඩුල්ලෙහි කටයුතු කිරීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහි ස්ථාපනය කළ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

2023/3/23 - උපවාස මාසය ඇරඹුනි

පෙර මාසය වන 'ශහ්බාන්' මාසය දින 30ක් ලෙස පූර්ණ කිරීමෙන් අනතුරුව අදින් රමලාන් නම් උපවාස මාසය ඇරඹූනි. ඊයේ දින ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ සමහරක් ප්‍රදේශවල නව සඳ දර්ශනය වූ බවද වාර්ථා වුණී. (ඒ පිලිබදව වැඩි විස්තර මෙහි Click කොට කියවීමේ හැකියාව ඇත.)

2023/3/30 - සාරා ජස්මින් මියගිහින්

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මියගිය පිරිස අතර සිටි පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය පිරිස අතර සිටින බව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව තහවුරු කරන බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින්ගේ මවගෙන් ලබාගත් ඩී.එන්.ඒ. සමඟ අපරාධ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස් කීපයක ඩී.එන්.ඒ. සාම්පල මව සහ දරුවන් අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිපලයක් බවත් ඒ අනුව එම අස්ථි සාම්පල හිමි අයගේ ජීව විද්‍යාත්මක මව රාජරත්නම් කවීදා වීමට ඇති සම්භාවිතාව සියයට 99.9999 ක් බව තහවුරු වී ඇති බවත් රජයේ රස පරීක්‍ෂක වාර්තාවේ වැඩි දුරටත් සඳහන් බව එම නිවේදනයේ සඳහන් වේ.

එම වාර්තාව අනුව 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය බව තහවුරු වී ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදඟන් වේ.

පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් එම සිද්ධියේදී මිය නොගිය බවත් ඇය ඉන්දියාවට පැනගිය බවටත් මතයක් පැවතීම නිසා ඔවුන්ගේ මළසිරුරු භූමදානය කළ ස්ථානයෙන් අවස්ථා කීපයකදී එම සිරුරු ගොඩගැනීමට ද කටයුතු කළේය.

Link - https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F-%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/101-630953

2023/4/12 - සංහිඳියාව ගොඩනඟන්න කැබිනට් අනු කමිටුවක්

පියවර තුනක් ඔස්සේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පිහිට වූ බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ වල සහය ගෙන සියලු ලාංකිකයන්ට ලැබිය යුතු ගෞරවය දීම සඳහා පුළුල් එකඟතාවයකට පැමිණීම එම කමිටුවේ පළමු පියවර බව කී අමාත්‍යවරයා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට පෙර සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම එම අනු කමිටුවේ දෙවැනි පියවර බව විදේශ කටයුතු අමාත්‍යවරයා කීය.

වගවීමේ ක්‍රියාවලියක් ලෙස දේශීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අනු කමිටුවේ තුන්වන පියවර බව ද අලි සබ්රි මහතා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නේ ජනවාර්ගික සංහිඳියා ක්‍රියාවලියට ප්‍රමුඛත්වය දෙමින් ගැටළු වලට දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම සඳහා ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසංස්කරණය සාක්ෂාත් කරගැනීම බවද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.

ttps://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A-%E0%B6%85%E0%B6%B1%E0%B7%94-%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A/101-631578

2023/4/16 - Get ready for the heat wave!

Get ready for the heat wave!

Be prepared for high temperatures between 40 ° -50 ° C. Always drink clean water and drink slowly. Avoid cold water or ice.

Currently, Malaysia, Indonesia, Singapore and other countries are experiencing a "heat wave."

What to do and what not to do?

 1. *Doctors say not to continue drinking very cold water when the temperature reaches 40 ° C, as our small blood vessels may burst or explode.*

It was said that one of the doctor's friends had come in from outside on a hot day. Sweating profusely and wanting to cool down quickly, he immediately washed his feet with cold water... Suddenly, out of sight, he collapsed. An ambulance was immediately called and taken to hospital.

 2. When the heat reaches 38 ° C and you come from outside... let's warm up. Don't drink cold water. You can drink hot or warm water, but drink it slowly.

Do not wash your hands or feet immediately, and do not wash or wet areas exposed to the sun. Take at least 30 minutes or half an hour before washing or showering.

 3. A man cooled down from the heat and immediately took a shower. After the shower, he was taken to hospital with a stiff jaw. He had a stroke.
  • Notes:*

During the summer months or if you are very tired, avoid drinking very cold water immediately, CT reminder to each other!

  • Spread and spread the word*

2023/4/19 - පක්ෂ විපක්ෂ නායකයෝ එක්ව ඉෆ්තාර් සමරති

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ජාතික සංහිඳියාව උදෙසා ආශිර්වාද කිරීම ද මෙහිදී සිදුවිණි.

ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන් පසුගිය දශක ගණනාවක සිට සක්‍රිය දායකත්වයක් ලබා දී ඇති බවත් එය අනාගතය සඳහාත් ගෙන යමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක වන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ඉස්ලාම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය. ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස කාලයේදී අධ්‍යාත්මික ශක්තිය වර්ධනය වනවා සේම ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට ද එය ඉවහල් වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙහිදී ආගමික දේශන සිදු කළ මවුලවිතුමන්ලාට සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතින් සිදු විය. හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන අලී සබ්‍රි, නසීර් අහමඩ්, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාමිල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ.එච්.එම්. ෆවුසි, එච්.එම්.එම්. හරීස්, එම්.එස්. තවුෆික්, අලී සබ්‍රි රහීම්, එස්.එම්.එම්. මුෂාරෆ්, යදාමිණි ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරු සහ විදෙස් තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_f7b5bc2dba.gif

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_f132d940da.gif

https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80-%E0%B6%89%E0%B7%86%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%92/101-631812

2023/4/23 - බෝම්බ ප්‍රහාරයක් ගැන බොරු ඇමතුම් දුන් මවුලවීවරයකු අත්අඩංගුවට

අකුරණ නගරයේ මුස්ලිම් පල්ලියකට සහ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත 118 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ව්‍යාජ ඇමතුම් දෙකක් ලබාදුන් මවුලවි වරයකු පරිගණක අපරාධ කොට්ඨාශය මගින් හාරිස්පත්තුව ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාරිස්පත්තුව බටගොඩ ප්‍රදේශයේ පදිංචි (21) පුද්ගලයෙකු බවත් ඔහු ලබාදුන් තොරතුරු ව්‍යාජ බවටත් සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම සැකකරු ඉකුත් 18 සහ 19 යන දෙදින තුළ මෙම ව්‍යාජ ඇමතුම් 2 දෙක ලබාදී ඇති අතර, පරිගණක අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර දින තුනක් ඇතුළත සැකකරු අඩංගුවට ගෙන ඇත.

මෙසේ ව්‍යාජ ඇමතුම් ලබා දීම හේතුවෙන් පොලිසිය ඇතුළු රජය නිලධාරීන් විශාල වශයෙන් අපහසුතාවයට පත් වු බවත් , වැඩි පිරිසක් යොදවා ආරක්ෂාවක් තර කිරීමට සිදුවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙවැනි ඇමතුම් මගින් මහජනයා සහ ආගම් අතර කිසියම් කැළඹීමක් හටගැනීමට ඉඩ තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙවැනි වැරදි සිදුකරන සිදුකරන පුද්ගලයන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

https://www.lankadeepa.lk/news/%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%80%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%94-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/101-631977

2023/4/25 - කාන්තාවන්ට වඩාත් ආරක්ෂිත රටවල් පහක්

සංචාරයට පැනවී තිබු දීර්ඝ වසංගත විවේකයෙන් පසු ව, මිනිසුන් සහායකයෙක් සූදානම් වන තුරු බලා සිටින්නේ නැත. තනි ව සංචාරයේ යෙදීමට ඇති කැමැත්ත ලෝකය පුරා ම, විශේෂයෙන් ම කාන්තාවන් අතර වර්ධනය වෙමින් පවතියි.

නෝර්වීජියානු යාත්‍රා සමාගමක් සිදු කළ පර්යේෂණයකින් සොයාගෙන තිබෙන්නේ තිදෙනෙකුගෙන් එක් අයෙකු තනි ව සංචාරය කිරීමට වඩා කැමැත්‍තක් දක්වන අතර වැඩිහිටි කාන්තාවන් විශේෂයෙන් ම මෙම ප්‍රවණතාවය මෙහෙයවන බවයි. Virtuoso සංචාරක ජාලයේ අභ්‍යන්තර පර්යේෂණයකට අනුව, 2022 දී තනි ව සංචාරය කිරීමේ විශාල වර්ධනයක් පැමිණ තිබෙන්නේ වයස 65 හෝ ඊට වඩා වැඩි කාන්තාවන්ගෙන් ය. ඔවුන් 2019 දී තනි ව සංචාරය කරන්නන්ගෙන් 4%ක් පමණක් වූ අතර, 2022 දී ඔවුන් තනි සංචාරකයන්ගෙන් 18%ක් වී තිබේ.

තනි ව සංචාරය කිරීමේ ප්‍රවණතාව වර්ධනය වෙමින් තිබුණ ද, කාන්තාවෝ තනි ව එතෙර යාමේ දී තවමත් විශේෂිත වූ ගැටලුවලට මුහුණ දෙති. ලෝකයේ සෑමතැනම කාන්තාවන්ට සංචාරය කිරීමට ආරක්ෂිත විය යුතු වුවත්, ලෝකයේ සෑමතැනක ම තවමත් වෙනස්කොට සැලකීම සහ ආරක්ෂාව පිළිබඳ ගැටලුවලට කාන්තාවන් තවමත් මුහුණ දීම යථාර්ථයයි. එසේ වෙතත්, බොහෝ රටවල් කාන්තාවන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමටත්, සිය රට තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් කාන්තා පදිංචිකරුවන් දක්වන ආකල්ප මැනීමටත් යන දෙකට සාමූහික උත්සාහයක් දරා ඇත.

සංචාරයේ යෙදෙන කාන්තාවන්ගේ ආරක්ෂාව සහ සමානාත්මතාව පිළිබඳ ව වඩා ප්‍රගතියක් අත්කරගෙන ඇති ස්ථාන සොයා ගැනීම සඳහා අප ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයයේ කාන්තාවන්ගේ සාමය සහ ආරක්ෂාව පිළිබඳ දර්ශකය (WPS), ලෝක ආර්ථික සංසදයේ ලෝක පුද්ගල සමාජභාවයේ පරතරය පිළිබඳ වාර්තාව සහ ආර්ථික විද්‍යා සහ සාමය සඳහා ආයතනයේ ලෝක සාම දර්ශකය (PGP) සලකා බලා තිබේ. ඉන්පසුව, ශ්‍රේණිගතකිරීම්වලින් ඉහළින් ම සිටින රටවල තනි ව සංචාරය කළ කාන්තාවන් සමග සාකච්ඡා කළේ, ඔවුන්ට ආරක්ෂිත බවක් දැනුණු දේවල් මොනවාද කියා අවබෝධ කරගැනීමට, ඔවුන්ගේ ම සංචාරක උපායවලට සවන් දීමට සහ නැරඹීමට හොඳම දේවල් මෙන් ම තනි ගවේශකයෙකු ලෙස සිදු කළ හැකි දේ පිළිබඳ ව සොයා බැලීමටයි.

පවුල සමග සතුටින් සංක්‍රමණය විය හැකි රටවල් පහක් Slovenia's easy access to towns and wilderness makes for an ideal mix of solitude and safety ඡායාරූප මූලාශ්‍රය,DAVORLOVINCIC/GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ලෝවේනියාවේ නගර සහ වනාන්තරවලට පහසුවෙන් පිවිසීමේ හැකියාව හුදෙකලාවේ සහ ආරක්ෂාවේ කදිම සංකලනයක් නිර්මාණය කරයි

ස්ලෝවේනියාව මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ WPS ශ්‍රේණිගතකිරීමේ ඉහළින් ම සිටින ස්ලෝවේනියාව, මෑතකාලීන වසරවල කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ දැක්මේ විශාල වර්ධනයක් ලබා ඇති අතර, ශ්‍රේණිගතකිරීමට අනුව 85%ක් කාන්තාවන්ට මෙහි දී ආරක්ෂිත හැඟීමක් දැනේ.

ක්ලෙයාර් රැම්ස්ඩෙල් පළමුවරට ස්ලෝවේනියාවේ ප්‍රධාන සහ විශාල ම නගරය වන ලුබියානා වෙත පැමිණි විට දී, ඇය ඡායාරූප ගනිමින් රාත්‍රියේ වීදිවල සැරිසැරුවා ය.

"මේක වෙනත් තැනක දී අන්තරායකර අත්දැකීමක් වෙන්න තිබුණත්, මේ වෙලාවෙ දි ඒක නියම දෙයක් වුණා,"යි 'වයිල්ඩ්ලෑන්ඩ් ට්‍රෙකින්ග්' හි ගවේශන උපදේශිකාවක් වන සහ 'ද ඩීටුවර් ඉෆෙක්ට්' සංචාරක බ්ලොගය පවත්වාගෙන යන රැම්ස්ඩෙල් පැවසුවා ය. "රට ඇතුළෙ මම සිටි කාලයේ දී කවුරුත් මට කිසිම බාධාවක් කළේ නෑ වගේ ම මට පාරවල් හොයාගන්න, භාෂා බාධකයක් හෝ ඔබ තනි කෙනෙක් කියලා අඳුරගත්තට පස්සෙ බය වද්දන්න පුළුවන් කිසිම දෙයක් ගැන ගැටලුවක් තිබුණෙ නෑ."

නගරය ඇවිද යාමට වඩා සුදුසු බවත්, රටපුරා ප්‍රවාහනය විශ්වාසවන්ත සහ පුළුල් බවත් ඇය සොයාගෙන තිබේ. සමාන අදහස් ඇති අය සමග එකතු වීමට කැමති අයට 'ලුබියානා යම් ෆුඩ් ටුවර්ස්' සහ 'ෆුඩ් ටුවර් ලුබියානා' ඇය නිර්දේශ කරයි. කණ්ඩායමක් ලෙස හෝ තනි ව සිටිය ද, "හොඳ ම අතුරුපසවලින් එකක්," ලෙස ඇය පවසන, මෝජි ස්ට්‍රකර්ජි වෙතින් පිර වූ පිටි ගුලියක් ලෙස පිළිගන්වන, බඩඉරිඟු වොල්නට් ස්ට්‍රකර්ජි ඇණවුම් කළ යුතු බව සහ කකාඕහි ලෝක ප්‍රසිද්ධ ජෙලාටෝ (අයිස්ක්‍රීම් වර්ගයක්) උත්සාහ කළ යුතු බව ඇය පවසයි.

දැඩි ආශා ඇති කඳු නගින්නියක් ලෙස, රැම්ස්ඩෙල් ස්ලෝවෙනියාවට විශේෂයෙන් ම පැමිණියේ රටපුරා ඇති විශාල එළිමහන් සහ උස් කඳුමුදුන් සොයා යාමට වන අතර, ඔවුන් හුදෙකලාවේ සහ ආරක්ෂාවෙ කදිම සංයෝජනයක් ලබා දෙන බව ද සොයා ගන්නා ලදි. "මම වනාන්තරයක ඉන්නවා කියලා මට නිතර ම දැනුනත්, මොකක් හරි හදිසි අවස්ථාවක් ආවොත් ළඟ ම නගරයක් තියෙන බවත් නිතර ම දැනගෙන සිටියා,"යි රැම්ස්ඩෙල් පැවසුවා ය. "මට සම්පූර්ණයෙන් ම තනිවෙලා කියලා දැනුනේ නෑ, ඒක මගේ මනසට සැනසීමක් ගෙන ආවා."

ඉතාලි දේශසීමාවට ආසන්නයේ රටේ බරහිර පැත්තට වන්නට පිහිටා ඇති සහ "ක්‍රොනිකල්ස් ඔෆ් නානියා" චිත්‍රපටයේ රූගත කිරීමේ ස්ථානයක් වූ නිල්වන් සෝකා ගඟ අසල නතර වීමට ඇය අමුත්තන්ට නිර්දේශ කරයි. කඳු නගින්නන්ට සාමකාමී ව ජලයේ ඇවිදයාම විඳගැනීමට හැකි අතර, මෝටර් රථවලින් ගමන් ගන්නා අයට පවා ගඟ හරහා ඉහළින් එල්ලෙන පදික පාලම් වෙත යා හැකි ය.

Rwanda ranks sixth in the world in the Global Gender Gap index ඡායාරූප මූලාශ්‍රය,MICHAEL COOK - ALTAI WORLD PHOTOGRAPHY/GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය, රුවන්ඩාව ලෝක පුද්ගල සමාජභාවයේ පරතරය පිළිබඳ වාර්තාවේ සයවන ස්ථානයේ සිටියි

රුවන්ඩාව WPS වාර්තාවට අනුව, පාර්ලිමේන්තුවේ 55%ක කාන්තා නියෝජිතයන් සිටින රුවන්ඩාව, පාර්ලිමේන්තුවේ පුද්ගල සමාජභාවය පිළිබඳ සමානාත්මතාවය අතින් ලෝකයේ පළමු ස්ථානයේ රැඳී සිටියි. එය මහජන ආරක්ෂාව පිළිබඳ දර්ශකයේ ද ඉහළින් ම රැඳී සිටින අතර; ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය සහ දේශපාලන සහභාගීත්වය යන කොන්දේසිවලින් රටක් කෙතරම් සමානාත්මතාවයකින් යුක්ත ද යන්න මනිනු ලබන ලෝක පුද්ගල සමාජභාවයේ පරතරය පිළිබඳ ශ්‍රේණිගතකිරීමේ ද ලෝකයෙන් ම හයවන ස්ථානයේ තිබේ.

රෙබේකා හැන්සන් මෙය පළමුවෙන් ම දුටුවේ ඇය 2019 දී ඩෙන්මාර්කයේ සිට රුවන්ඩාවට ගිය අවස්ථාවේ දී වන අතර තනි ව සංචාරය කිරීමට එය අතිශයින් ම ආරක්ෂිත බව සොයාගත්තා ය. "දවාලෙත් රාත්‍රියේත්, හැම වෙලාවක ම, හැමතැනක ම වගේ පොලිසිය, ආරක්ෂක අංශ සහ හමුදාවන් ඉන්නවා," ඇය පැවසුවා ය. "ඒකට මුලින් ම බය හිතෙන්න පුළුවන් වුණත්, මේ නිල ඇඳුම් සියල්ල ම නිතර ම ඔබට උදවු කිරීමට කැමති මිත්‍රශීලී අය කියලා ඔබ ඉක්මනින් ම දැනගන්නවා."

ඇය පවසන්නේ සාමාන්‍යයෙන් මිනිසුන් ඔබට බාධා නොකරන නමුත්, විශේෂයෙන් ම පාසල් ළමුන් සමග ඉඳහිට "ඔයාට කොහොමද?" හෝ "සුබ උදෑසනක්!" වැනි ඔවුන්ගේ ඉංග්‍රීසි කතා කළ හැකිවනු ඇති බවයි. ඉංග්‍රීසි සහ ප්‍රංශ රුවන්ඩාවේ නිල භාෂා වන අතර, කින්යර්වන්ඩා සහ කිස්වහීලි (එනමැ'ති රුවන්ඩාවේ භාවිත වන තවත් භාෂා දෙකක්) සමගින් එහි භාෂාමය බාධාවන් අවම කරයි. ඉංග්‍රීසි කතා නොකරන පුද්ගලයන් පවා ඔබ අතරමං වූ විට සතුටින් උදවු කරන බව හා මාර්ගය පෙන්වා දෙන බව ඇය පැවසුවා ය.

1994 ටුට්සි ජන සංහාරයෙන් පසුව, සාමය සහ සමථකරණ වැඩ සඳහා රුවන්ඩාව දිගු කාලයක් තිස්සේ මූලිකත්වය ලබා දී තිබේ. රටේ ස්මාරකයන් කිහිපයක් තිබෙන නමුත්, මෙහි ජන සංහාරය පමණක් නිරූපණය නොකරන, ලොව පුරා ඇති අනෙකුත් නිදසුන් සහ ලෝකය තවමත් මුහුණ දෙන මෙම තර්ජනයේ අන්තරායදායක බව පෙන්වන අගනගරයේ කිගාලි ජනසංහාර ස්මාරකයේ අත්දැකීම විඳගැනීමට හැන්සන් අමුත්තන්ට යෝජනා කරයි.

එය අධික මිලක් දැරීමට සිදුවන දෙයක් වුව ද, ඕනෑ ම සංචාරකයෙකු විසින් රටේ කඳුකර ගෝරිල්ලන් නැරඹීම සිදු කළ යුතු ය; නමුත් හැන්සන් වඳුරන් නැරඹීමට නිර්දේශ කරන්නේ නිරිතදිග ඇති න්‍යුන්ග්වේ ජාතික වනෝද්‍යානය සහ උතුරේ ඇති ජාතික ගිනිකඳු උද්‍යානය හෝ රියපැදවීමේ ක්‍රීඩා සඳහා නැගෙනහිර ප්‍රදේශයේ ඇති අකාගේරා ජාතික වනෝද්‍යානයයි.

Solo female travellers will generally find a safe and secure environment across the United Arab Emirates ඡායාරූප මූලාශ්‍රය,JORG GREUEL/GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය, තනි ව සංචාරය කරන කාන්තාවෝ සාමාන්‍යයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුරා ආරක්ෂාව සහ ආරක්ෂිත පරිසරයක් ලබා ගනිති

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තාවන්ගේ පාසල් අධ්‍යාපනය සහ මූල්‍ය අන්තර්ග්‍රහණය අතින් මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව තුළ WPS දර්ශකයේ වැඩිම ලකුණු ලබා ගනිමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුද්ගල සමාජභාවයේ සමානාත්මතාව අතින් කලාපයේ නියමුවා බවට දිගට ම පත් වී සිටින අතර මෑතක දී එහි පාර්ලිමේන්තුව පුද්ගල සමාජභාවයේ සමත්වය ළඟා කරගත්තේ ය. වයස අවුරුදු 15 හෝ ඊට වැඩි කාන්තාවන්ගෙන් 98.5%ක් "[ඔවුන්] ජීවත් වන නගරයේ හෝ ප්‍රදේශයේ රාත්‍රියේ තනිව ම ඇවිද යාමට ආරක්ෂිතබව දැනෙන," බවට වාර්තා කරන අතර මහජන ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ සියලු රටවල් අතරින් ඉහළින් ද සිටියි.

සංචාරක රක්ෂණ සමාගමක් වන 'Insure My Trip'හි ශ්‍රේණිගතකිරීමට අනුව, තනි කාන්තා සංචාරකයන් සඳහා විශේෂයෙන් ම ඩුබායි නගරය ආරක්ෂිත ම නගරය ලෙස ශ්‍රේණිගතකර තිබේ.

පැරිස් හි සහ ඩුබායි හි සිය කාලය බෙදාගෙන ජීවත්වන බලපෑම්සහගත පුද්ගලයෙකු වන සැන්ඩි අවාඩ් පවසන්නේ නගරයේ, නගරයෙන් පිටත පවා ඇවිද යාමේ දී නිතර ම ඇයට ආරක්ෂිත හැඟීමක් දැනුණු බවයි. "එකපාරක් මගේ ටයර් එකේ හුළං ගියා. යතුරුවලින් ඇතුළේ දොරවල් ඇරලා කාන්තාරෙ මැද්දෙ මම කාර් එක දාලා ආවා," ඇය පැවසුවා ය. "මම හොඳට ම දැනගෙන සිටියා මාව ගන්න එන ටැක්සිය මට විශ්වාස කරන්න පුළුවන් සහ මගේ කාර් එකත් ආ‍රක්ෂිත ව තියේවි කියලා."

තනි ව සංචාරය කරන්නන් සඳහා, කාන්තාරයේ සෆාරි චාරිකා යාම වෙන්කරගැනීමට ඇය නිර්දේශ කරන්නේ, විවිධාකාරයේ සිත් ඇදගන්නාසුළු පුද්ගලයන් මුණ ගැසීමට එය ඉතා පහසු මාර්ගයක් වන නිසා ය. නමුත් ඔබට වඩා නිර්භීත බවක් දැනෙන්නේ නම්, ඇය පාම් ඩ්‍රොප්සෝන් හි ස්කයිඩයිවින් කිරීමට පුද්ගලික ව කැමති වූවා ය.

Dining alone is a cultural norm in Japan with many eateries offering seating for solo diners ඡායාරූප මූලාශ්‍රය,D3SIGN/GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය, තනිව ම ආහාර ගැනීම ජපානයේ සංස්කෘතියේ සම්මත දෙයක් වන අතර බොහෝ ආපනශාලා තනි ව ආහාර ගන්නා අයට ඉඩ ලබා දී තිබේ

ජපානය ලෝක සාම දර්ශකයේ ලෝකයේ හොඳ ම රටවල් දහය අතරින් පළමු ස්ථානය සිටින එහි, බාහිර හෝ අභ්‍යන්තර ගැටුම්වල අතිශයින් ම අඩු හිංසන අපරාධ අනුපාතයක් ඇති අතර, ජපානයේ කාන්තාවන්ට පමණක් වූ උමං මාර්ග කාර් රථ සංස්කෘතියක් (ඇතැම් වෙලාවල්වල දී සහ මාර්ගවල) තිබෙනවා මෙන් ම, කාන්තාවන් සඳහා පමණක් නවාතැන් ලබාදීම, තනිව සංචාරය කරන කාන්තාවන්ට වැඩි ආරක්ෂිත හැඟීමක් ලබා දීමට හැකි ය.

තනි ව ආහාර ගැනීම සහ තනි ව සිදු කරන ක්‍රියාකාරකම් ද වෙනත් තැන්වලට වඩා මෙහි දී වඩාත් සංස්කෘතියේ සම්මත දෙයකි. ජපානයේ ඉපදුණු සහ 'චැප්ටර් වයිට්' සංචාරක සමාගමේ ආරම්භකයා වන මීකා වයිට් පැවසුවේ "ජනගහණය අඩුවීම, මිනිසුන් විවාහ වීමට බලාපොරොත්තු නොවීම සහ අපගේ 'තනි ව (ගෙවන) කාලය,' සංස්කෘතියක් ලෙස පෝෂණය කිරීම වැනි බොහෝ දේ "තනි ව" සංචාරය කිරීමේ පසුබිමේ තිබෙන" බව යි. "සඟරාවල නිතර ම යන්නෙ හොඳ ම තනි කැරොකේ, තනියෙන් යන්න පුළුවන් රාමෙන් කඩ සහ තනියෙන් නාන්න යන්න පුළුවන් තැන්."

වසර 20කට පෙර ඉන්දුනීසියාවේ සිට මෙහි පැමිණි ලුලූ අසාගාෆ්ට මෙහි පැමිණි වහා ම ආරක්ෂිත හැඟීමක් දැනී තිබේ. "ප්‍රදේශයේ ජීවත්වන අය ඔබට ගෙදර ඉන්නවා වගේ දැනෙන්නට දෙනවා වගේ ම ආගන්තුකයන්ට උදවු කරන්නත් කැමතියි," යැයි වර්තමානයේ Intrepid Travel හි සංචාරක නායකයෙකු වශයෙන් සේවය කරන අසාගාෆ් පැවසුවා ය. කෙසේවුවත්, ඔබ වඩාත් ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කරන්නේ නම්, ඉංග්‍රීසි කතා කිරීමට අඩු වියහැකි නිසා මඟපෙන්වන්නෙකු සමග යාමට ඇය නිර්දේශ කරයි.

මෙහි තනි ව ආහාර ගැනීම සාමාන්‍යයක් නිසා, විශේෂයෙන් ම කියෝතෝ, ඔසාකා සහ තෝකියෝ හි ආහාර දර්ශනයන් පරීක්ෂා කිරීමට අසාගාෆ් නිර්දේශ කරයි. තෝකියෝ හි ඇගේ ප්‍රියතම ස්ථානය වන්නේ බොහෝ ආපනශාලා ඇති, රාත්‍රී ක්‍රියාකාරකම් සහ දේශීය ඉසකයා (සමාජශාලා වල ජපන් ආකාරය) ඇති ශින්කුජු සැන්-චොම් ප්‍රදේශයයි.

සාමාන්‍ය සංචාරක ස්ථානවලින් පිටත අවදානමක් ගැනීමට කැමති අමුත්තන් සඳහා ඇය, සමුරායිවරුන්ගේ නිවහන ලෙස හඳුන්වන වෙරළබඩ නගරයක් වන කනසාවා සහ ජපන් ඇල්ප්ස් කඳුමුදුන් හි පිහිටි තකයාමා නිර්දේශ කරයි. "තකයාමාවල සුන්දර සාම්ප්‍රදායික ගෘහ නිර්මාණශිල්ප සහ සකේ පෙරන තැන් තිබෙනවා," ඇය පැවසුවා ය. 1926 සිට 1989 දක්වා හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ පාලන කාලයේ පොප් සංස්කෘතික මෙවලම් ප්‍රදර්ශනය කරන තකයාමා ශෝවා-කැන් කෞතුකාගාරය ද ඇය නිර්දේශ කරයි.

Consistently ranking as one of the happiest countries in the world, Norway is an inclusive place for travellers of all types ඡායාරූප මූලාශ්‍රය,JOHNER IMAGES/GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝකයේ ප්‍රීතිමත් ම රටවල් අතරින් එකක් ලෙස අඛණ්ඩ ව ශ්‍රේණිගතකිරීම්වල රැඳී සිටින නෝර්වේ සියලු ආකාරයේ සංචාකයන්ට ඇතුළත් වියහැකි තැනකි

නෝර්වේ කාන්තා මූල්‍ය අන්තර්ග්‍රහණය, නෛතික ව වෙනස්කොට සැලකීම් නොමැතිවීම සහ කාන්තාවන්ගේ සමාජ ආරක්ෂාව අතින් WPS ශ්‍රේණිගතකිරීමේ ඉහළ ම ලකුණු ලබා අංක එකේ රැඳී සිටින සහ, ලෝකයේ පුද්ගල සමාජභාවය පිළිබඳ සාධාරණත්වය සහ ප්‍රීතිමත් ම රටවල් අතින් ඉහළ ම දහයේ නිත්‍ය ලෙස ම රැඳී සිටින නෝර්වේ, LGBTQ+ සහ තනි සංචාරකයන් ඇතුළු සියලු ආකාරයේ සංචාරකයන්ට පැමිණිය හැකි ස්ථානයක් බවට ඔප්පු වී තිබේ.

ඔස්ලෝ හි පදිංචි 'අප් නෝර්වේ' හි ආරම්භක ටූරන් ට්‍රොන්ස්වැන්ග් සඳහන් කරන්නේ, සංස්කෘතිය සමාජීය ලෙස ඉවසිලිවන්ත සහ විශ්වාසදායක වීම, එය තනි කාන්තාවන් සඳහා සුදුසු ම ස්ථානයක් බවට පත් කර ඇති බවයි. "ඔයා රෙස්ට්රූම් එක පාවිච්චි කරන්න යන අතරතුර ඔයාගෙ දේවල් දිහා බලාගෙන ඉන්න කියලා ළඟ ම මේසයක ඉන්න කෙනෙක්ගෙන් හරි ම පහසුවෙන් ඔයාට අහන්න පුළුවන්," ඇය පැවසුවා ය. ආහාර ගැනීමට සහ නැවතී සිටීමට රටපුරා ග්‍රාමීය ප්‍රදේශවල සුන්දර ස්ථාන නිර්මාණ කර කාන්‍තාවන් කොපමණ ප්‍රමාණයක් මෙහි ව්‍යාපාර පවත්වාගෙන යනවා ද යන්න පිළිබඳ ව ද ඇය ආඩම්බර වේ.

සංචාරයෙන් වඩාත් හොඳ ම දේවල් ලබා ගැනීමට, විශාල එළිමහන්වල ජීවත්වීමේ දර්ශනයක් වන "ෆ්‍රිලෆ්ට්ස්ලිව්" නෝර්වීජියානු සංකල්පය වැළඳගැනීමට ට්‍රොන්ස්වැන්ග් සංචාරකයන්ව දිරිමත් කරයි.

2025 වන විට සූර්ය ක්‍රියාකාරීත්වයේ වැඩිවීමක් නාසා ආයතනය විසින් වාර්තා කිරීමත් සමග, ආක්ටික් වෘත්තයේ උතුරු එළි නැරඹීමට, සුනඛ හිමයානවල යාම සහ දිනය පුරා හිමසපත්තු ක්‍රීඩා කිරීමට මෙන් ම පවුල් විසින් පවත්වාගෙන යන ඉග්ලූ සහ අයිස් ආපනශාලාවල රාත්‍රියට රැඳී සිටීමට එය වඩාත් සුදුසු ම වේලාව විය හැකි ය.

https://www.bbc.com/sinhala/articles/cxwjw1zv4meo

2023/4/30 - කොවිඩ් යළි හිස ඔසවයි:මරණ 2ක්

කොරෝනා රෝගය උත්සන්න වීමෙන් දින දෙකක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිය බව කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය පැවසුවාය.

මෙලෙස මියගොස් තිබුණේ මාතර හමන්දුව පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක හා යටියන්තොට පනා වත්ත පදිංචි වී සිටී 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මියගිය කාන්තාව ඉකුත් 27 වැනි අයි ඩි එච් රෝහලට ඇතුළත් කර ඇති අතර පසුදින (28) මියගොස් තිබූ අතර පිරිමි පුද්ගලයා 28 වෙනි දින රෝහල් ගතව ඊයේ (29) මිය ගොස් තිබූ බව හදිසි මරණ පරීක්ෂකවරිය පැවසුවාය.

කොව්ඩ් වසංගතය සමාජය පුරා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පැන නැගී ඇති බවත් විශේෂයෙන් මුඛ ආවරණ පැළඳ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වඩා යෝග්‍ය බව හදිසි මරණ පරීක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය.

අයි ඩි එච් රෝහලේ මේ වන විට කොවිඩ් රෝගය වැළඳුණු රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන බවත් කාර්ය මණ්ඩලයටද කොවිඩ් රෝගය වැළදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B6%BA%E0%B7%85%E0%B7%92-%E0%B7%84%E0%B7%92%E0%B7%83-%E0%B6%94%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%92:%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB-2%E0%B6%9A%E0%B7%8A/1-632339