නිමා නොවන ළමා හිංසන

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අප රට තුල වාර්ථා වන ළමා හිංසන හා අපයෝජන දිනෙන් දින වර්ධනය වෙමින් ඇත. ළමා ආරක්ෂන අධිකාරිය දැනුම් දෙන ආකාරයට 'ළමා අපයෝජන සම්බන්ධයෙන්වු පැමිණිලි දොළොස් දහස් එකසිය හැට පහක්(12,165) පසුගිය වසර එක හමාරේදී ලැබී ඇත'. මෙය ළමා ආරක්ෂන අධිකාරියට වාර්ථා වු ප්‍රමාණය මිස සමස්ථ සිදුවීම් සංඛ්‍යාව නොවන බව මෙහි මා පැහැදිලි කලයුතුව ඇතැයි නොසිතමි.

මේ හේතුව නිසාම මෙහි බැරැරුම් බව සමාජයට අවදාරණය කරණු පිණිස මෙම මණ්ඩපය ඔස්සේ එවැනි සිදුවීම් පෙලගැසීමට අපෙක්ෂා කරමි.


රන්ටැඹේ පුහුණුට ආ සිසුවියකට අතවරයක්

හසලක ශිෂ්‍ය භට පුහුණු කඳවුරකට ගිය මහනුවර ප්‍රදේශයේ බාලිකා පාසල සිසුවියකට එම කඳවුරේ නාවාතැනගෛන සිටියදි රාත්‍රී කාලයේ පැමිණි නාඳුනන අයකු අතවරයක් කර පළාගොස් ඇතැයි හසලක පොලිසිය කියයි.

මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ පාසලක සිසුවියන් පිරිසක් මෙසේ රන්ටැඹේ පිහිටි ශිෂ්‍ය භට පුහුණු කඳවුකට ගොස් ඇත. එහි නේවාසිකව සිටියදි මෙම අකරතැබ්බයට මුහුණ පා ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

කාමරයේ නිදා සිටි මෙම සිසුවියගේ පාදය ස්පර්ශ කර පළා ගොස් ඇතැයි පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හසළක පොලිසිය හ රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුඳු කඳවුරේ නිලධාරීන් වැඩිදුර පිරීක්ෂණ සිදුකරයි.

Link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%90%E0%B6%B9%E0%B7%9A-%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%A7-%E0%B6%86-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-629946

දෙහිවල පාසලක අයියලා දෙන්නෙක් මල්ලියකුට කැත වැඩක් කරලා

දෙහිවල ප්‍රදේශයේ පාසලක් තුළදී 11 හැවිරිදි පාසල් සිසුවකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේම සිසුන් දෙදෙනකු සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

සැකකාර සිසුන් දෙදෙනා එම පාසලේ10 වසරේ ඉගෙනුම ලබන සිසුන් බවත්,අපයෝජනයට ලක් කර ඇත්තේ එම පාසලේම 6 වසරේ ඉගනුම ලබන සිසුවෙක් බව පොලීසිය සඳහන් කරයි.

මොවුන් අවස්ථා කිහිපයකදීම ඉහත සිසුවා අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

සැකකාර සිසුන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

දෙහිවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%A7-%E0%B6%9A%E0%B7%90%E0%B6%AD-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F/1-629989

පාසල් දැරියට අමුතු පාඩමක් කියා දුන් නියෝජ්‍ය විදුහල්පති අල්ලයි

අත්තනගල්ල ප්‍රදේශයේ විදුහලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට වට්ස්ඇප් මාර්ගයෙන් සිය නිරුවත ඡායාරූප යැවූ බව කියන එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ කියයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි දෙදරු පියෙකි.

වට්ස් ඇප් මගින් සිසුවියට සිය නිරුවත පෙන්වීම ට අමතරව පාසල් කාලය අතරතුර දී මෙම සිසුවිය නිල කාමරයට කැඳවා ලිංගික අතවර සිදුකර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සිසුවිය සතුව තිබූ ජංගම දුරකථනයේ නිරුවත් ඡායාරූපයක් තිබෙනවා දුටු එම සිසුවියගේ මව ඒ ගැන සිය දියණියගෙන් තොරතුරු විමසා කරුණු අනාවරණය කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුව මව දියණියද කැටුව ගම්පහ පොලිස් ළමා ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ මේ ගැන පැමිණිලි කර ඇත.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිදේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බස්නාහිර උතුරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මතගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී උපාලි කාරියවසම් මහතාගේ මෙහෙයුම යටතේගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-630275

ගුරුතුමියගේ සැමියා සිසුවියනට පාඩමක් කියා දෙයි

ඇතිමලේ ප්‍රදේශයේ පිහිටි පාසලක පස්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් හතරදෙනකුට නිරුවත පෙන්නූ බව කියන තිස් දෙහැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු එම පාසලේ ගුරු නිවාසයක නවාතැන් ගෙන සිටින ගුරුවරියකගේ සැමියා බව ඇතිමලේ පොලිසියේ නිලධාරියෙක්ලංකාදීපයට පැවැසීය. සිසුවියන් හතර දෙනකුට නිරුවත පෙන්වා ලිංගික අතවරයක් කළේ යැයි කියමින් මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි එම පොලිස් නිලධාරියා කීය.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

Link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92/1-630458

පාසල් සිසුවිය දපනේ දා ගෙන කුඩු පොවලා

කොළඹ ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන දාහත් හැවිරිදි පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් ඇය අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා දූෂණය කළ බව පැවසෙන 23 හැවිරිදි තරුණයෙක් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පිහිටි පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින්සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සමඟ සමග හෝටල් කාමරයක රැඳී සිටි එම දාහත් හැවිරිදි සිසුවිය ද පොලිස් භාරයට ගත් අතර ඇය කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියකි. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා කිසිදු රැකියාවක් නොකරන අයෙක් බවද පැවසේ.

තම දියණිය පාසල් ගොස් ආපසු නිවසට නොපැමිණි බව කියමින්එම සිසුවියගේ මව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

දියණිය තරුණයකු සමඟ වසර හයක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවදඇය කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.

කොතරම් අවවාද කලත් දියණිය එම සම්බන්ධතාවය නතර කර නොමැති බවද ඇය පොලීසියට පවසා ඇතැයි කියති.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA-%E0%B6%AF%E0%B6%B4%E0%B6%B1%E0%B7%9A-%E0%B6%AF%E0%B7%8F-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%B4%E0%B7%9C%E0%B7%80%E0%B6%BD%E0%B7%8F/1-630521

දුරකතනයෙන් හැදිනගෙන බාල දැරිය අපයෝජනය කරලා

වට්ස්ඇප් මාර්ගයෙන් හඳුනා ගත් බව කියනබාලවයස්කාර පාසල් සිසුවියක් රවටා ඇය මහනුවර ගැටඹේ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළකට රැගෙන ගොස් ලිංගික අපයෝජනයකට ලක්කළේ යැයි කියනඅම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට මහනුවර මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

අත්අඩංගුවට ගැනීමට සොයන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්අවුරුදු 15 ක් වයසැති මෙම දැරිය වට්ස් අප් මාර්ගයෙන් හඳුනා ගෙන කාලයක් තිස්සේ සිට ඇය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි බවට පැවසෙන මෙම අය මහනුවරට පැමිණ ඇය රවටා ගෙන ගැටබේ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළකටරැගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇතැයි පොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි.

එදින දකින තෙක් මෙම බාලවයස්කාර සිසුවිය එම පුද්ගලයා දැක නොතිබූ බවද කියති.

අපයෝජනයට ලක් වූයේ යැයි කියන මෙම බාලවයස්කාර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය කීය.

මහනුවර මූලස්ථාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F/101-630810

බාල දැරියක් කෙළෙසූ හිටපු විදුහල්පති වසර 30 ක් හිරේ

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වැරදිකරු වූ අම්බලන්ගොඩ ගොඩහේන කනිටු විදුහලේ හිටපු විදුහල්පතිවරයාට වසර 30ක සිරදඬුවමක් නියම කළ බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසනායක මහතා අතවරයට ලක් වු දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමටද අද (30) නියම කළේය.

වසර 09කට ඉහත කළ වරද සඳහා නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 15000/-ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා වසර 30ක සිරදඬුවම වසර 10ක කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අම්බලන්ගොඩ ගොඩහේන කනිටු විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ ආර්”එම්” මර්වින් නමැත්තාටය.

2004 ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා 03ක් යටතේ නඩු පවරා තිබිණී.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය.

විත්තිකරුට එරෙහහි එක් චෝදනාවකට වසර 10 බැගින් චෝදනා 03ට වසර 30ක සු`ථ වැඩ සහිත සිරදඬුවම් නියම කොට සිරදඬුවම වසර 10ක කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළ විනිසුරුවරයා එක් චෝදනාවකට රුපියල් 5000/- බැගින් චෝදනා 03ට රුපියල් 15000/-ක දඩයක් නියම කළේය.

https://www.lankadeepa.lk/news/%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B7%83%E0%B7%96-%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-30-%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A/101-630996

කැමරා අධ්‍යක්ෂ දැරියට අමුතු පින්තූරයක් පෙන්නලා

හෝමාගම මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි දස හැවිරිදි බාලවයස්කාර දැරියකට රහස් ප්‍රදේශය පෙන්වූ බව කියන කැමරා අධ්‍යක්ෂකවරයකු අල්ලා පොලීසියට බාර දුන් බව හෝමාගම රෝහල් ආරංචි මාර්ග පවසයි.

බාහිර ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා හමු වීමේ අපේක්ෂාවෙන් ඉදිරිපිට අසුනක රැදී සිටියදී, ඊට පිටුපස පේළියේ රැඳී සිටි පුද්ගලයකු දැරිය සමඟ කුළුපඟවීමට අවස්ථා කිහිපයකදී උත්සාහ දරා ඇත.

මෙම අවස්ථාවේදී එක්වරම මෙම පුද්ගලයා දැරිය දෙස බලා කටින් සංඥාවක් කොට දැරිය ඔහු දෙස බලනවාත් සමඟම හැද සිටි කලිසමේ සිපරය පහත් කොට පුරුෂ ලිංගය දැරියට පෙන්වා ඇති බව එම ආරංචි මාර්ග පවසයි .

බියට පත් දැරිය අසල රැදී සිටි මවට පවසා ඇති අතර එම අවස්ථාවේදී සැකකරු රැඳී සිටි පුටුවෙන් නැගිට පළා යාමට උත්සාහ දරා තිබේ .

එම අවස්ථාවේදී රෝහලට පැමිණ සිටි පිරිස සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව රෝහලෙන් පිටතට දිව යමින් සිටි පුද්ගලයා අල්ලා පොලිසියට බාර දුන් බව එහි රැඳී සිටි පිරිස පවසති .

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F-%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%8F/101-627834

අයියා මලෝ තිදෙනාට කසිප්පු පොවලා

හම්බන්තොට බැල්ලගස්වැව ප්‍රදේශයේ පුද්ගලයකු බාල වයස්කාර සහෝදරයන් තිදෙනකුට කසිප්පු පොවා ඇතැයි හම්බන්තොට වරාය පොලීසිය කියයි.

සැකකරුගේ නිවෙස ආසන්නයේ දරු තිදෙනකුට සැකකරු මෙසේ කසිප්පු පොවා ඇත.

දරු තිදෙනා සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ මෙවැන්නක් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මොහු මේ වන විට ප්‍රදේශය අතහැර පලා පලා ගොස් සැඟව සිටින බව පොලීසිය සඳහන් කරයි. මොවුන් වයස අවුරුදු 15 - 13 සහ 11 යන වයසේ පසුවන සහෝදරයන් තිදෙනෙකි. මොවුන් තිදෙනා පාසල් සිසුන් යයි පොලීසිය කියයි.

දරුවන් තිදෙනා නිවසේ පෙනෙන්නට නොසිටි නිසා පියා දරුවන් ගැන විපරම් කර බලා අවස්ථාවේ ඔවුන් නිවස ආසන්නයේ වෙරි මරගාතේ වැටී සිටියදී සොයාගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

වැඩිමල් දරුවාගෙන් පියා මේ ගැන කරුණු විමසීමේදී රනා වීදුරු තුනකට දමාබීමට දුන් බව පවසා ඇතැයි පොලීසිය සඳහන් කරයි දරුවන් තිදෙනා කැටිව මව පොලිසියට පැමිණ මේ ගැන පැමිණිල්ලක් කරනු ලැබුවාය.

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B6%BD%E0%B7%9D-%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7-%E0%B6%9A%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94-%E0%B6%B4%E0%B7%9C%E0%B7%80%E0%B6%BD%E0%B7%8F/101-627847

පියාගේ අපලය දුරුකරන්න ගිහින් දියණියට අපලයක් පාත් වේ

දොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ගාල්ල ඕපාත ප්‍රදේශයේ නිවසක කාමරයක දින 8ක් තිස්සේ රඳවාගෙන යාතිකා කරමින් ඇය දූෂණය කළේ යැයි කියන කපුවකු අත්අඩංගුවට ගැනීමට ඕපාත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම දැරිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර ඇති අතර ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇය දූෂණයකට ලක්ව ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැමියාට ඇතැයි කියන අපලයක් දුරු කර ගැනීමට යැයි කියා ඔහුගේ බිරිය මෙම කපුවා ඇගේ නිවෙසට ගෙන්වාගෙන ඔහු ලවා ශාන්ති කර්මයක් කරවාගෙන ඇති අතර දොළොස් හැවිරිදි දියණියට දේව වරමක් ලබාදිය හැකි බව පවසා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

සිය දියණියට දේව වරමක් ලබා ගැනීමට ඇයගේ මවුපියන් කපුවාට කැමැත්ත ලබා දී ඇතැයි කියති.

පුද පූජා පවත්වා දින අටකට පසුව ඇයට දේව වරම ලැබෙන බව කපුවා පැවසීමෙන් පසුව කපුවා එම දැරිය සමග නිවසේ කාමරයක එම කාලය ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දින 8ක කාලයක් පිරුණු දින රාත්‍රියේ දැරිය පමණක් තබා සියලු දෙනාටම තමා දැනුම් දෙන තෙක් නිවෙසින් පිටව යන ලෙස කපුවා පරලවී දැනුම් දී ඇතැයි ද එම නිලධාරියා කීය.

දේව වරමින් ලබාදුන් නියෝගයක් නිසා එම නියෝගයට අවනත වෙමින් දැරිය කපුවාට බාර දී මවුපියන් ඇතුළු නිවසේ අය පිටතට ගොස් ඇතැයි එම නිලධාරියා පැවැසීය.

ප්‍රදේශයේ විදුලිය කප්පාදු කළ අවස්ථාවේ කපුවා දැරිය දූෂණය කර ඒ ගැන කිසිවකුට හෝ නොකියන ලෙස දැනුම් දී ඇති බවත් කාට හෝ පැවසුවහොත් පවුල පිටින්ම මරා දමන බවට පිහියක් පෙන්වා තර්ජනය කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

දැරිය මේ බව ඇගේ නැන්දනියට දැනුම් දීමෙන් පසුව ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මිත්‍යා විශ්වාස පසුපස ගොස් අහිංසක දැරියකගේ ජීවිතය අඳුරු කර ඇති බවත් මෙවැනි වංචාකාරයන්ට පසු නොවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

දැරියක මේ ආකාරයට කාමරයක පිරිමියකු සමග තනිකර යෑමෙන් එම දැරියගේ මවුපියන් කර ඇත්තේ ද බරපතළ වරදක් බව ද අජිත් රෝහණ මහතා කීවේය.

මවුපියන් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මෙම දැරිය වැඩිවියටවත් පත් වී නැති බව ඇයගේ මව පොලිසියට පවසා ඇතැයි කියති.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිස් ගමගේ සහ ගාල්ල සහකාර පොලිස් අධිකාරී ජගත් සමරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ ඕපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිම ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.

Link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%B4%E0%B6%BD%E0%B6%BA-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%85%E0%B6%B4%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%9A/1-628213

දින 7ක් වයස බිළිඳිය තුන්වරක් පොලොවේ ගහලා

දින හතක් වයසැති බිළිඳියක් තුන්වරක් පොලොවේ ගසා ඝාතනය කල 28 හැවිරිදි සැකකාර මවක් ලද තොරතුරක් මත අද (17) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පයාගල,හල්කඳවිල , කැන්දගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි කාන්තාවකට දාව නාගොඩ ශික්ෂණ රෝහලේදී පසුගිය 9 දා උපත ලද නිවුන් බිළිඳියන් දෙදෙනාගේන් බාල දියණිය බව පොලිසිය සදහන් කරයි.

මව්පිය දෙදෙනා බිළිදියන්හට නම් තැබීම සදහා ඉකුත් 15 දා ජෝතීර් වේදියෙකු හමුවීම සඳහා ගොස් නිවසට පැමිණීමෙන් පසු මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැකපලකරන බව පොලිසිය කීය.

එදින පස්වරුවේ බිළිඳිය ඇඳෙන් වැටුණු බව සඳහන් කරමින් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, මරණය සම්බන්ධයෙන් සැක සිතී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරිය ඝාතනයට ලක්ව ඇති බවට හෙළි වීමෙන් පසු බිළිඳියගේ මව අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

දැරියගේ මව බිළිඳියගේ නහය අවස්ථා තුනකදී මිරිකා ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද අනාවරණය වේ.

අඹුසැමි යුවළ මීට වසර තුනකට පෙර විවාහ වී ඇති බවත්, ඔවුන්ගේ කුළුදුල් දරු උපත මෙය බවත් සඳහන් වේ.

සැකකාර මව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර (වැබ) මහතාගේ උපදෙස් පරිදි අපරාධ සහ ළමා කාර්‍යාංශ නිළධාරීනියන් පරීක්ෂණ පවත්වති.

Link - https://www.lankadeepa.lk/news/%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-7%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B6%BA%E0%B7%83-%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B7%9A-%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F/101-628847

කුඩා දරුවාට කසිප්පු පොවා කැත වැඩක් කරලා

දහතුන් හැවිරිදි පාසල් සිසුවකුට කසිප්පු පොවා වෙරි වූ පසු බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළැයි කියන පුද්ගලයෙක් හලාවත උඩප්පුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු හතළිස් තුන් හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි.

මොහු ධීවර කර්මාන්තයේ නිරතව සිටින අයෙකි.

බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන බාලවයස්කාර පාසල් සිසුවා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන බව කියන මෙම සිසුවාට පොත්පත් ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දෙමින්පාසල් යාමට ආධාර උපකාර කරනු ලබන්නේ උඩප්පුව පොලිසියේ නිලධාරීන් විසිනි.

කලපුවට මාළු ඇල්ලීමට යැයි කියා සැකකරු සිසුවා කැඳවාගෙන ගොස් ඔහුට කසිප්පු පානය කිරීමට ලබා දී වෙරි වූ පසු කලපුව ඉස්මත්තේ දී බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය කියයි.

සිසුවාගේ සිරුරෙන් ලේ වහනය වීම නිසා ඔහු මේ බව මවුපියන්ට දැනුම් දී ඇත. මව සිසුවා ද කැටුව උඩප්පුව පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කරනු ලැබුවාය.

link - https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7-%E0%B6%9A%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94-%E0%B6%B4%E0%B7%9C%E0%B7%80%E0%B7%8F-%E0%B6%9A%E0%B7%90%E0%B6%AD-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F/1-629012

ළමා නිවාස පාලිකාවගේ සැමිය දැරියන් 10ක් කෙළෙසලා

රක්වාන ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි තරුණියක් සහ දැරියන් දසදෙනකු වරින්වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එහි පාලිකාවගේ සැමියා රක්වාන පොලිසිය විසින් පෙරේදා 25 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ලිංගික අපයෝජනයකට ලක් වූයේ යැයි කියන මෙම තරුණිය සහ දැරියන් දසදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි.

මෙම ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි දැරියක් නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු එම ළමා නිවාසයේ පාලිකාව ඇයගේ නිවසට කැඳවාගෙන ගොස් පාසල් යවමින් ඇයට රැකවරණය ලබාදී ඇතැයි පොලිසිය කියයි.

මේ වන විට මෙම තරුණිය අවුරුදු 20 ක වයසේ පසුවන තැනැත්තියකි.

ළමා නිවසේ පාලිකාව නිවසේ නොමැති අවස්ථාවල ඇගේ සැමියා ඇය ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි පොලිසිය කියයි.

මේ සිදුවීමට අදාළව පරීක්ෂණ පැවැත්වීමේදී ළමා නිවාසයේ දැරියන් දස දෙනකුට සැකකරු ෙ වරින් වර ලිංගික අපයෝජ‍ෙවලට ලක්කර ඇති බවට තොරතුරු හෙළි විණි යැයි පොලිසිය සඳහන් කරයි.

බිරිඳ පාලිකාව වශයෙන් සේවය කරන ළමා නිවාසයට පැමිණි අවස්ථාවල මෙසේ මෙම දැරියන් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පරීක්ෂවලින් හෙළි වූ තොරතුරු මත මෙම සැකකරු රක්වාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

link - https://www.lankadeepa.lk/latest_news/%E0%B7%85%E0%B6%B8%E0%B7%8F-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-10%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B7%83%E0%B6%BD%E0%B7%8F/1-629321

70 සාදු අටේ දැරිය අපයෝජනය කරලා

වයස අවුරුදු 8 ක් දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ 70 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකාර හිමිනම මාස 2 ක පමණ කාලයක සිට මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

සැකකාර හිමිනම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අතර, දැනට පලාගොස් ඇත.

Link - https://www.lankadeepa.lk/news/70-%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%94-%E0%B6%85%E0%B6%A7%E0%B7%9A-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F/101-629480

මුහුණු පොතින් යාළු වී 15 දැරිය පන්නලා

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක මුහුණු පොත මගින් හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් පසුව කතරගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ සිටියදී අතිශය අමානුෂික ලිංගික හිරිහැරවලට ලක් වූ බව කියමින් කතරගම පොලිසිය විසින් ඇය පෙරේදා (16) පොලිස් භාරයට ගනු ලැබුවාය.

බාලවයස්කාර දැරියට අමානුෂික ලෙස ලිංගික වශයෙන් හිරිහැර කළේ යැයි කියන 27 හැවිරිදි එම තරුණයා ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් භාරයට ගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කතරගම රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.

මෙම බාලවයස්කාර දැරියට අඹුසැමියන් ලෙස ගත කිරීමට සැකකරු යෝජනා කළ අවස්ථාවේ ඇය එය ප්‍රතික්ෂේප කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ලිංගිකව හැසිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් බලවත් ලෙස කෝපයට පත්වූ බව කියන සැකකරු හිස් බියර් බෝතලයක් ඇයගේ සිරුරට ඇතුළු කර පැය කාලකට ආසන්න කාලයක් තිස්සේ එය තබාගෙන සිට ඇතැයිද පොලිසිය කියයි.

මීට අමතරව සැකකරු දැරියගේ ගෙල මිරිකා ඇයගේ නහය තුළට කට දමාගෙන ලේ එන තුරු විකාගෙන සිටි බව දැරිය පොලීසියට පවසා ඇතැයි කියති.

දැරිය පොලිසියට ප්‍රකාශයක් දෙමින් මෙම තොරතුරු අනාවරණය කර ඇතැයි දැන ගැනීමට ඇත.

පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මගින් කරන ලද දැනුම් දීමක් මත කතරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් දැරිය රඳවා සිටි නිවෙස සොයා ගෙන ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන දැරියද පොලිස් බාරයට ගෙන තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක දහවැනි වසර දක්වා පමණක් ඉගෙනුම ලබා ඇති මෙම දැරිය මුහුණුපොතෙන් හඳුනාගත් සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

තම මවුපියන්ට ද නොදන්වා කිසිදු දිනක සැබැවින් දැක නොතිබූ මෙම තැනැත්තා සමග මීට මාස කිහිපයකට ඉහතදී හොර රහසේ පැන ආ බවද දැරිය වැඩිදුරටත් පොලීසියට පවසා ඇති බව දැන ගැනීමට ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B7%8F%E0%B7%85%E0%B7%94-%E0%B7%80%E0%B7%93-15-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%8F/101-631753

ලොකු සාදුලා දෙනමක් පොඩි සාදුට කළ අපරාදය

අරණායක ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන 16 හැවිරිදි සාමනේර සාමනේර හිමිනමක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේ ම වැඩ වාසය කරන 58 හැවිරිදි හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

මෙම සාමණේර හිමි නම බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේ ම වැඩ වාසය කරන තවත් හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අවස්ථා දෙකකදී මෙම සාමනේර හිමිනම බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව ද කියති.

බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන සාමණේර හිමි නම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.

කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත අරණායක පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

https://www.lankadeepa.lk/news/%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94-%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8F-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92-%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%A7-%E0%B6%9A%E0%B7%85-%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA/101-632263

පාසල් සිසුවට ගංජා පොවන්න හදලා

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත 11 වසරේ පාසල් සිසුවකුට බලහත්කාරයෙන් ගංජා පෙවීමට උත්සාහ දැරූ පුද්ගලයකු දිඹුලාගල පැළෑටියාව ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි,

අදාල පාසල් සිසුවා ප්‍රධාන මාර්ග රැඳී සිටියදි සැකකරු බලහත්කාරයෙන් ගංජා පෙවීම්ට උත්සාහ දරා ඇති බව එම සිසුවාගේ මාපියන් පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය,

සිසුවාට ගංජා පෙවීමට උත්සාහ දැරූ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගංජා අලෙවිකරු සහ ප්‍රවාහනය කෙරු සැකකරුද අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දිඹුලාගල පැළෑලෑටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31, 32, 38, යන වයසේ පසුවන අය බවද පොලිසිය සඳහන් කරයි,

https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F-%E0%B6%B4%E0%B7%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%84%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F/101-632346

කළුතර ගණන් ගුරෙක් සිසුවියන් 16 කෙළෙසලා

කළුතර උපකාරක පංතිවල ගුරුවරයකු සිසුවියන් 16 දෙනකුට ලිංගික අතවර කළ කර ඇති බව පැමිණිලි කීපයක් ලැබී ඇතැයි පොලිසිය කියයි. කියන උපකාරක පංති ගුරුවරයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අද සවස වන විට කළුතර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන දෙකකට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව පොලිස් නිළධාරීයෙක් කිය.

පාසල් සිසුවියන්ට පංතිකාමරයේ දී ලිංගික අතවර කර ගුරුවරයා, දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කර ඇති බවත් , ඒ අතරතුර සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර තිබියදී පොලිසිය සොයාගෙන ඇති බව පොලිස් නිළධාරීයෙක් කීය.

දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීමට ලින්ක් යවා මව්පියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ට ඇදුම් ගලවන ලෙස උපදෙස් දී එම දර්ශණද පටිගත කර ඇති බවද සදහන් වේ.

සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් යන්ත්‍රයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසුවී ඇය එම දැරියන්ගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසු පැමිණිලි කිරීම ආරම්භ වී ඇතැයි පොලිසිය පොලිස් නිළධාරීයෙක් කීය.

අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිළධාරීයෙකගේ දියණියක් සිටින බවද වාර්තාවේ.

කළුතර පොලිස් කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසේ.

ගණිතය විෂය උගන්වන සැකකාර ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි සදහන් වේ.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB-%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-16-%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B7%83%E0%B6%BD%E0%B7%8F/1-632858

පාසල් සිසුවියට කැත වැඩ කළ තරුණයෙක් මාට්ටු

12 හැවිරිදි දැරියක් රවටා පාසල් සිසුවියක රවටා ඥාතියකුගේ නිවසට රැගෙන ගොස් අපහරණය කර බන්ඩාරගම බස් නැවතුම්පොළ අසළ දමා ගිය 19 හැවිරිදි තරුණයකු සහ ඊට ආධාර අනුබල දුන් අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත ඇතුළත් කර ඇත.

දැරියගේ මව දැරිය සමඟ පොලීසියට පැමිණ කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු සහ අඹු සැමි යුවළ අත් අඩංගුවට ගෙන ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9A%E0%B7%90%E0%B6%AD-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%9A%E0%B7%85-%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-633708

දා හතරේ දැරියට අසභ්‍ය ඡායාරූප යැවූ ගුරා අල්ලයි

තඹුත්තේගම නගරයේ පිහිටි ප්‍රධාන පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට සිය ජංගම දුරකතනයෙන් ‘වට්ස් අප්’ හරහා අසභ්‍ය ජයාරූප යවන ලද බව කියන එම පාසලේම ගුරැවරයෙකු අත්අඩංගුවට ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම,මලියදේවපුර පදිංචි 44 හැවිරිදි විවාහක ගුරැවරයෙකි.

මෙම පුද්ගලයා 08 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි දැරියකට ‘වට්ස් අප්’ හරහා අසැබි දසුන් එවන බවට දැරියගේ දෙමාපියන් විසින් සිදුකළ පැමිණිල්ලක් මත සැකකරැ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පාසල් ගුරැවරයා අද (31)අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.

https://www.lankadeepa.lk/news/%E0%B6%AF%E0%B7%8F-%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%85%E0%B7%83%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4-%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%96-%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%8F-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-634011

රැකවරණය පතා සිටි සිව් හැවිරිදි දැරියකට කැත වැඩක් කරලා

තුල්හිරිය ප්‍රදේශයෙන් ප්‍රදේශයේ පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි අවුරුදු හතරක් වයස දැරියකට බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළේ යැයි කියන එම දිවා සුරකුම් මධ්‍යස්ථානයේ පාලිකාව ගේ 74 හැවිරිදි සැමියා වරකාපොල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන මෙම සිව්හැවිරිදි දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රෝහල් ගත කළ බව වරකපොල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් 74 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට වරකාපොල පොලිසිය කටයුතු යොදා ගෙන යයි.

https://www.lankadeepa.lk/news/%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A-%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B6%9A%E0%B7%90%E0%B6%AD-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F/101-634057