මෙලොව ජීවත්වන සෑම කෙනෙකුටම මරණින් මුතුවද ජීවයක් ඇතැයි ලොව පවතින සෑම දහමක්ම පිලිගනී. එහිදී මොලව කරන කුසල් අකුසල් අනුව එම මරණින් මතු ජීවයට නිරය හෝ ස්වර්ගය හිමිවන බවද සෑම ආගමක් ම වාගේ පිලිගනී. ඉස්ලාම් දහම ද මෙලොව කරන කුසල් අකුසල් අනුව සදාකල් නිරය, තාවකාලික නිරය හෝ සදාකල් ස්වර්ගය යන්න පිලිගනී.
පසුගිය 21 බෝම්බ ප්රහාරය මරාගෙන මැරෙන ප්රහාරයක් බවත්, එයට සම්බන්ධ වූ පිරිස මුස්ලීම්වරුන් යන්නත් දැන් පැහැදිලිව අනාවර්ණය වී ඇත. මේ හේතුව නිසා ‘මුස්ලීම්වරයෙකු මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල් කිරීම ඉස්ලාම් දහමට අනුකූලද ?’ යන කාරණය ‘යහමග’ තුලින් විමසා බැලීමට මා අදහස් කරමි. මෙහිදී ශ්රී ලාංකීය සමාජය ප්රථමයෙන් වටහාගතයුතු කාරණය නම්, මුස්ලීම්වරුන් කරන සියල්ල ඉස්ලාම් නොවන බවත්, […]