යුක්තිගරුක හා සාධාර්ණ නොවන සමාජයක ඉරණම

යුක්තිය, සාධාර්ණය හා අවංකකම මේවා අද අප සමාජයේ හුදෙක් වචනයන්ට පමණක් සීමා වු කාරණයක් වී ඇත. මෙම තත්වය සමාජයේ පහලම තලයේ සාමාන්‍ය ජනයාගේ පටන් නායකයින්, පූජකයින්, විද්වතුන්… යනාදී ලෙස ඉහලම තලය දක්වා එකසේ විහිදී පැවතීම මේ රටේ අවාසනාව හා පරිහානිය මනාව කියාපාන්නකි.