යහපත් මුස්ලීම්වරයෙකුගේ ක්‍රියාකාරකම් විශ්මය ජනකය. නිසැකවම, ඔහුගේ මුළු ජීවිතයම යහපත් වන අතර මෙය ඔහු හැර වෙන කිසිවෙකු තුල දක්නට නොවේ. ඒ ඔහුට යහපතක් සිදු වේ නම් ඔහු තම දෙවිට කෘතඥ වන අතර එයින් එය ඔහුට යහපතක් ම වේ. එසේම ඔහුට හානිකර යමක් සිදුවු විට ඔහු ඉවසිලිවන්තව සිටින අතර එයින් එයත් ඔහුට යහපතක් ම වේ.
ශරීරය හොදින් වැසෙන සේ දිගට ඇදුමක් ඇඳ, පිරිමියෙකු නම් යටිරුවුල දිගට වවා හිස් වැස්මක් ද පැලද, කාන්තාවක් නම් මුහුණු ආවර්ණය කොට නොඑසේ නම් මුහුණ පමණක් විවෘතව තබා ශරීරයේ අනිකුත් සියළුතැන් හොදින් වැසෙන ලෙස ඇදුම් ඇඳ, නමත් ‘මුහම්මද්’ ‘ෆාතිමා’… යනාදී ලෙස අරාබි සංස්කෘතියට අනුව තබා ජීවත් වන පිරිස් ‘මුස්ලීම්වරුන්’ යන්න මුස්ලීම් නොවන බහුතර සමාජ පිලිගැනීමයි. නමුත් […]
ජාතිවාදී සංවිධාන හා ජාතිවාදී මතදරයන්ගේ ක්‍රියාකාරීත්වය හා එහි ප්‍රථිපලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට ඕනෑවට වඩා අත්දැකීම් ඇත. මේ නිසාම යහමග අඩවිය ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට (ලිපි ගණනාවකින්ම) පුලපුලා පවසන කාරණයක් ඇත. ඒ මේ රට තුල ක්‍රියාත්මක ජාතිවාදී සංවිධාන හා ජාතිවාදී පිරිස් තම ව්‍යාපාරය සමාජය තුල දියත් කිරීමට අවස්ථාවක් සොයමින් උකුසු ඇස යොමා වියරුවෙන් වෙහෙසෙන […]
ලොව පුරා මුස්ලීම්වරුන් ජීවත් වන කුමණ භූමිය සැලකුව ද ඒ සියළු තැන් හි මුස්ලීම්වරුන් ගෙවමින් සිටින්නේ භීතියෙන් පිරි අවාසනාවන්ත ජීවිතයකි. තවත් සරලව පවසන්නේ නම්, මුස්ලීම්වරුන්ට ලෝකයා දායාද කොට ඇත්තේ අනාගතය පිලිබදව වූ අවිනිශ්චිත තත්වයකි. එය අද ලොවපුරා අතිබහුතරයක් මුස්ලීම්වරුන් වෙසෙන ‘ඉස්ලාමීය රාජ්‍යයන්‘ යයි කියාගන්නා රාජ්‍යයන් පටන් සුළුතරයක් වෙසෙන අප වැනි රටවල් දක්වා එහි වෙනසක් නැත. […]
මිනිස් දිවිය තුල අනිවාර්යයෙන්ම රුකිය යුතු අත්‍යඅවශ්‍ය ගුණාංගයක් වේ නම් ඒ “ඉවසීමයි”. ජීවිත කාලය පුරාවට විවිධ අවස්ථාවන් හි මිනිසා විවිධ බාධක දුෂ්කරතාවයන් සදහා නොසිතූ නොපැතූ මොහොතයන් හි මුහුණපෑමට සිදුවේ. ඒවායින් සමහරක් ඔහු පහසුවෙන් ජයගන්නා නමුත් බොහෝ අවස්ථාවල ඔහුට එලෙස ජය ගැනීමට නොහැකිව තම දිවිය තුල දැඩි අපහසුතාවයන්ට හා අසරණභාවයන්ට පත්වේ. මෙවන් වූ දුක්බර අවස්ථාවන් හි […]