විශේෂයෙන් ‘Slim fit Abaya සහ Denim’ සංස්කෘතියක් මුස්ලීම් සමාජය තුල බිහිවීමත් සමඟ ඉස්ලාම් ආරක්ෂා කර දුන් ඒ වටිනා ආදර්ශමත් සංස්කෘතිය අද බිඳ වැටෙන්නට පටන්ගෙන ඇත. මුහම්මද් (සල්) තුමාණන් පැවසු ‘…ඇදුම් ඇද සිටීවි. නමුත් නොඇන්දා සේ පෙනේවී…’ යන විකෘති තත්වය සමාජය තුල බිහිවෙමින් ඇත. වෙනසකට ඇත්තේ එසේ වස්ත්‍ර අඳින කාන්තාව තම ස්වභාවික වර්ණය වෙනුවට වස්ත්‍රයේ වර්ණයෙන් තම ශරීරයේ ස්වභාවය හැඩතල සමස්ථ සමාජයට නිරාවර්ණය කිරීමයි.
පසුගිය 2019 අප්‍රේල් 21 රටේ විවිධ ප්‍රදේශවල පිපිරීගිය බෝම්බය හේතුවෙන් ශ්‍රී ලාංකීය සමාජය තුල බොහෝ තැන් දෙදරා ගොස් ඇත. දශක ගණනාවක් මුළුල්ලේ මුස්ලීම් ජනතාව සමඟ සාමයෙන් කටයුතු කල කිතුණු සමාජයට සිදුවූ කෲර ප්‍රහාරය හමුවේ ඔවුන් කම්පනයට පත්ව ඇත. ජාතිය ආගම පසෙකලා සාමුහිකව හා සහෝදරත්වයෙන් විසූ ජන සමාජය අද සියල්ල කුතුහලයෙන් හා සැකයෙන් බලන තරමට දෙදරා […]
කාන්තා හිංසනය, අපයෝජනය හා දූෂණය වත්මන් ලෝකයේ උග්‍ර ගැටළුවක් ලෙස නිතර සාකච්චා කෙරේ. ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවර කුමක්ද? යන්න මෙහි කෙටි අවධානයක් යොමු කලේ නම්, ලොව අනිකුත් ආගම් මෙන්ම ඉස්ලාම් දහම ද මෙවැනි ක්‍රියාවන් දැඩිව හෙලාදකී. නමුත් ඉස්ලාම් එය හෙලාදැකීමට පමණක් සීමා නොවේ. වර්ථමානයේ විවිධ සංගම්, සමිති, ආගමික ආයතන විවිධ තේමාපාඨයන් පෙරදැරිව මෙවැනි කාන්තා […]
අද යහමඟ අඩවිය තුල සාකච්චාවට ගැනෙන්නේ ‘ඉස්ලාමීය විවාහය’ යන විෂයයි. මේ යටතේ ‘විවාහය’ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්නත්, ඉස්ලාම් නමින් සමාජය තුල තිබෙන මිත්‍යා සම්ප්‍රදායන් මොනවාද? යන්නත් මෙහි තරමක් ගැඹුරින් ඉදිරිපත් කෙරේ. කෙසේ නමුත් ඉස්ලාමීය විවාහය පිලිබදව කථා කරන විට එහි උණුසුම් මාකෘතාවක් වන ‘බහුවිවාහය’ යන්න මීට ඉහත මෙම අඩවිය තුල ‘බහු විවාහය සමාජ අවශ්‍යතාවයක්ද?’ […]
ඉස්ලාම් පවසන මෙම විවාහ නීතිරීති සම්බන්ධයෙන් සමාජයේ බහුතරයකට ඇත්තේ තරමක සංකීර්ණ ගැටළු මෙන්ම අසතුටුදායක ආකල්පයන්ය. විශේෂයෙන් “බහුවිවාහය” සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයට පවා තවම ඇත්තේ සීමිත අවබෝධයක් පමණි…