මානවයාගේ මහිමය ඔහු නියෝජනය කරන ජාතිය මත හෝ ඔහු පැවත එන කුලය මත තීරණය වන සාධකයක් නොවේ. ඔහු කොතරම් දුරට මනුෂ්‍යත්වය අගයමින් එයට ගරු කොට ජීවත් වන්නේද ඒ තුල ඔහුගේ මහිමය, ශ්‍රේෂ්ඨත්වය, හැදියාව හා නිදහස තහවුරු වේ. නමුත් අවාසනාවන්ත ලෙස අප රටේ ඉහල සිට පහල දක්වා සෑම සියළු ක්ෂේත්රයක්ම අද මනුෂ්‍යත්වය වෙනුවට ජාතිවාදය නම් පිලිලය […]
මනුෂ්‍යයෙකුම යම් කිසි දහමක් හෝ දර්ශනයක් එසේත් නැත්නම් මතවාදයන් මූලික පදනමක් කර ගනිමින් ජීවත් වෙති. ඒවා දේවවාදී හා අදේවවාදී චින්තන වශයෙන්ද, සුවිශේෂි පුද්ගල චින්තනයන් මත පදනම් වූ මග පෙන්වීම් වශයෙන්ද, විවිධ පුරාවෘත පදනම් වූ මිත්‍යාවන් හා මනක්කල්පිතයන් වශයෙන් ද වෙන්කල හැක.