යුක්තිගරුක දැහැමි සමාජයක අවශ්‍යතාවය

රටක, ජාතියක. සමාජයක මෙවන් අවාසනාවන්ත පරිහානියක් විකෘතියක් සිදුවිමට සෘජුව හා වක්‍රව අප හේතු වී තිබෙනවා යන්නයි. අනුවණක්කාරව හෝ අවස්ථාවාදීව අප ගත් සමහරක් තීන්දු තීරණ අද අපටම පාරාවළල්ලක් වී රට මෙවැනි තැනකට ඇදදමා ඇත යන්නයි.

දෙයියන්ගේ නාමයෙන් පරිස්සම් වන්න

මේක ඉතා අවාසනාවන්ත අසාධාර්ණ සමාජයක්. රටක පුරවැසියන් ලෙස කිසියම් පොදු අරඟලයක් මුස්ලීම්වරුන් වන අප නියෝජනය කරන විට එතැන අප මුස්ලීම් වීම ම එම අරඟලය ජාතිවාදී අරඟලයක් ලෙස පරිවාර්තනය කිරීමටත්, එය අන්තවාදී ක්‍රියාවක් ලෙස සමාජයට හේතු ගැන්වීමට මෙවරත් කටයුතු කරන ආකාරයක් දක්නට ඇත.

මුස්ලිම් අපට දුක්කරදර ඇති වන්නේ ඇයි?

ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල සුවිශේෂී තැනක හිමි කර ගනිමින් මේ රටේ ඉදිරි ගමනට ක්‍රියාකාරී දායකත්වයන් ලබාදුන් ජාතියක් ලෙස ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්’  පැවතුණි. එම ප්‍රෞඩ ඉතිහාසය හිතාමතා වසන් කිරීමට හා විකෘති කිරීමට විවිධ කාලවල ජාතිවාදී ව්‍යාපාර හා එහි බුද්ධිමතුන් ලෙස පෙනීසිටින ජාතිවාදීන් නොයෙක් අවස්ථාවල උත්සාහයන් දැරුවත් ඒ කිසිවක් ඔවුන් අපේකෂා කල තරමට සාර්ථක නොවීය. එයට හේතුව […]

මුස්ලීම් නොවන පිරිස් ප්‍රතික්ෂේප කලයුතු යයි ඉස්ලාම් පවසනවාද?

ඉස්ලාම් දහමට සහ මුස්ලීම් සමාජයට මුස්ලීම් නොවන සමාජයෙන් එල්ල වන චෝදනාවන් අතර ‘ඉස්ලාම් ජාතිවාදය දරුණුවට අවදාරණය කරන දහමක්. එම දහම මනුෂ්‍යයන් අතර තිබෙන සහෝදරත්වය පළුදු කරනවා. එය ශුද්ධ වූ කුර්ආනයේම උගන්වනවා’ යන්න ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන චෝදනාවකි. මෙතැනදී ඔවුන් පවසන එක් කාරණයක් මුස්ලීම්වරුන් වන අපට පිලිගන්න සිද්ධ වෙනවා. එනම් ‘මුස්ලීම් නොවන්නන් මිතුරන් ලෙස නොගන්න’ යයි […]

සැබෑ මුස්ලිම්වරයෙකු හට ජාතිවාදී විය නොහැක්කේ ඇයි?

ඉස්ලාමය යනු සමාජ සාධාරණත්වය තහවුරු කිරීම අරමුණු කරගත් සර්වසම්පූර්ණ ජීවන පද්ධතියකි. මිනිස් සමාජයෙන් මුලිනුපුටා දැමීමේ දුෂ්ඨකම් අතුරින් ‘ජාතිවාදය හා වර්ගවාදය’ට ඉස්ලාමය ප්‍රධාන තැනක් ලබාදෙයි.  සමේ වර්ණය, ජාතිකත්වය සහ භාෂාව පදනම් කරගෙන මිනිසුන් අතර වෙනස් කොට සැලකීම ඉස්ලාම් තරයේ ප්‍රතික්ෂේප කරයි. මේ සම්බන්ධයෙන් නබිතුමාණන් මුස්ලීම් සමාජයට කල අවවාදයක් අබූදාවූද් නම් හදීස් ග්‍රන්ථයේ මෙසේ සදහන් වේ.

මනුෂ්‍යත්වය අගයන නිදහසක් – නිදහස අර්ථවත් කරමු.

මානවයාගේ මහිමය ඔහු නියෝජනය කරන ජාතිය මත හෝ ඔහු පැවත එන කුලය මත තීරණය වන සාධකයක් නොවේ. ඔහු කොතරම් දුරට මනුෂ්‍යත්වය අගයමින් එයට ගරු කොට ජීවත් වන්නේද ඒ තුල ඔහුගේ මහිමය, ශ්‍රේෂ්ඨත්වය, හැදියාව හා නිදහස තහවුරු වේ. නමුත් අවාසනාවන්ත ලෙස අප රටේ ඉහල සිට පහල දක්වා සෑම සියළු ක්ෂේත්‍රයක්ම අද මනුෂ්‍යත්වය වෙනුවට ජාතිවාදය නම් පිලිලය […]

මුස්ලීම් හා සම්ප්‍රදායක මුස්ලීම්

පසුගිය පාස්කු 21 ප්‍රහාරයෙන් පසු වර්ථමාන මුස්ලීම් සමාජය තුල ‘අපි නම් සම්ප්‍රදායක මුස්ලීම්’ යන්න නිතර නිතර අසන්නට ලැබේ. මේ ප්‍රකාශය දකින සෑම විටම මා තුල මතුවන පැනය වන්නේ ‘මොවුන් කවර සම්ප්‍රදායක් අනුගමනය කරන මුස්ලීම්වරුන් ද? යන්නයි. මේ රටේ මුස්ලීම් විරෝධී ජාතිවාදී ව්‍යාපාර කරලියට එනවාත් සමඟ මේ ‘සම්ප්‍රදායික මුස්ලීම්’ සංකල්පය ද කරලියට එන ලදී. (මේ පිලිබදව […]

අන්තවාදයේ අග මුල පටලැවිල්ල

මෙම ලිපිය ලංකාදීප වෙබ් අඩවියෙන් උපුටා යහමග පාඨක අවදානය පිණිස මෙහි පලකරන ලදී. පාස්කු ඉරිදා ප්‍රහාරයට තව දින පහකින් මාසයකි. එහෙත් මේ රට තවමත් භීතියෙන් කල් ගෙවයි. “ඉස්ලාම් අන්තවාදී” ත්‍රස්ත ප්‍රහාර ගැන කතා හැදුණත් හතර අත වගා වන්නේ “මුස්ලිම් විරෝධී” සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වයකි. පාස්කු ඉරිදා ප්‍රහාර වලට සම්බන්ධ යැයි කියූ ජාතික තවුහීඞ් ජමාත් අන්තවාදය […]

සර්වප්‍රකාරයෙන්ම ඔහු අපට ප්‍රමාණවත්

මුස්ලීම් ජනයාට එරෙහි ජාතිවාදී කුමණ්ත්‍රන යන්න ශ්‍රී ලාංකීය අපට අළුත් කාරණයක් නොවේ. විශේෂයෙන් පසුගිය දශකය දෙස හැරී බලන විට මේ රට තුල ජාතිවාදී ප්‍රහාර, කුමණ්ත්‍රන, ව්‍යාපාර නොඅඩුව දක්නට ලැබුණි. පසුගිය වසර දෙක තුනක එහි අඩුවක් තිබුණත් නැවතත් ඒ අතීත අඳුරු යුගයේ සෙවනැලි නැවත මතුවෙමින් ඇත. විශේෂයෙන් රාජපක්ෂ ජනාධීපති පාලන සමයේ මේ ජාතිවාදී ව්‍යාපාර ජාතිවාදය අගයන […]

ජාතිවාදය සරණ යන ගෝත්‍රවාදීන්

වත්මන් ලෝකය දෙස බලනවිට බොහෝ ජාතීන් යහපත් සිතුවිලි, සාරධර්ම තමන් තුල වර්ධනය කරගනිමින් සහෝදරත්වයෙන් කටයුතු කිරීමටත් දියුණු මිනිස් ගුණාංග වර්ධනය කරගැනීමටත් උනන්දුවක් උද්යෝගයක් දක්වන ආකාරයක් අද දක්නට ඇත. නමුත් අවාසනාවන්ත ලෙස සමහරක් රටවල් හා එහි ජන කොට්ඨාශයන් අතීත පුරසාරම් පුරාජේරු තෙපලමින් ගල් යුගයත්, ගෝත්‍රවාදයත් ආවැඩීම පමණක් නොව එම ගෝත්‍රවාදී ලක්ෂණයන් වර්ධනය කරගනිමින් සිටින ආකාරයක් දකින්නට […]

ජාතිකවාදය, ජාතිවාදය හා ගෝත්‍රවාදය

වත්මන් ශ්‍රී ලංකාව ගෝත්‍රවාදී යුගයක් කරා ආපසු හැරී ඇතැයි පැවසුවේ නම් එය කිසිසේත් අතිශයෝක්තියෙන් පැවසීමක් යයි කිව නොහැක. එදා ගෝත්‍රවාදී යුගයේ පැවතී බලවතා දුබලයා විනාශ කිරීමේ න්‍යය ඒ ආකාරයටම අද ශ්‍රී ලාංකීය සමාජය තුල දියත් වෙමින් හා ඊට අවශ්‍ය පිඹුරුපත් සකස් වෙමින් ඇත. එදාට වඩා අද වෙනසකට ඇත්තේ එදා මුහුණට මුහුණ පමණක් සිදුවූ ගෝත්‍ර සටන […]

දුක්වීම, කම්පාවීම යන්නට එහා යමක් කලයුතුව ඇත.

ඈත අතීතයේ පටන් මුස්ලීම් සමාජයේ පැවැත්මට හා ඔවුන්ගේ ඉදිරි ගමනට බාධා කරන එයට කුමණ්ත්‍රන කරන පිරිස් ඉතිහාසය පුරාවටම දක්නට ඇත. මෙය ශුද්ධ වූ කුර්ආනය ද අවස්ථා ගණනාවක දීම කියාපාන සත්‍යයකි. ඒ අනුව වත්මන් තත්වයන් දැක “ඇයි අනේ අපිට ම මෙහෙම වෙන්නේ ?“ යනුවෙන් දුක්වීමට හෝ කම්පාවීමට අවශ්‍ය නැත. එසේම මෙවැනි විනාශයන්ට තම දුක කණගාටුව ප්‍රකාශ […]

මේ පස්චාත් මරණ පරීක්ෂණ ආණ්ඩුවක්ද ?

මේ රටේ සිදුවෙමින් තිබෙන ජාතිවාදී රැල්ලේ පසුබිම හා මෙවැනි ව්‍යාපාර හමුවේ පවතින රජයන් නිහඩ ලිපිවෙතක් අනුගමනය කරන්නේ ඇයිද?. යන්නත්, මේ සිද්ධීන් අවසානයේ මාධ්‍ය ප්‍රකාශ හා පරීක්ෂණ කමිටු පත්කොට පස්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේ සම්ප්‍රදාය කුමකටද? යන්පිනත් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මැතිතුමා 2018/03/06 දින පාර්ලිමේන්තුවේ කල කථාව සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියේ අවදානය යොමු වියයුතු කාලීන කථාවකි. […]

මෝහෙන් මුලා වී ගිය සිංහල බුදු පුතුනි, නිර්ලජ්ජිතයි!

සිංහලයාගේ ජාතිය ජය ගැනීමේ හිට්ලර් මිෂන් එක දැන් “ස්ටෙප් බයි ස්ටෙප් කම්පිලිට්” වෙමින් යයි. “පොදු සතුරකු” නිර්මාණය කරගැනීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණ ඒ අතින් සාර්ථකය. ඒවා “ලෑන්ඩ් මාර්ක් “ ය. කොටින්ම ඇඟට ගැම්මක් එන වැඩය. අවුරුදු 30 ක් ජීවිතවලින් වන්දි ගෙවමින් ලේ හැලූ දින චරියාව නැති කළ ඇතැමුන්ට “ආතල්” එකක් නැත. ඒ අනුව දැන් ඔවුන්ගේ […]

සිංහ+ලේ පමණක් හඳුනන වෛද්‍ය විද්‍යාව නොහඳුනන වඳ බෙහෙත

අප රටේ සමාජ ව්‍යවහාරයේ ජනප්‍රිය කියමනක් ඇත. ඒ “කන්න ඕන වුනාම කබරයා තලගොයා කරනවා“ යන්නයි. එවැනි කබර තලගොයි න්‍යායක් මේ දිනවල අප රටේ විවිධ ප්‍රදේශවල දියත් වෙමින් ඇත. ඒ සිංහ+ලේ ජාතිවාදී පිරිස් රටේ මුස්ලීම් ජනතාවට එරෙහිව දියත් කරන ජාතිවාදී රඟදැක්මයි. මෙම ජාතිවාදී පිරිස් රටේ ජනතාවට සංවේදී මාතෘකාවන් හා තේමා පාඨයන් තෝරාගෙන තම පටු අරමුණු මුදුන්පත් […]