මීට පෙර ජන සමුහයන් නොදුටු රෝගයන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“කිසියම් ජන සමුහයක් මධ්‍යයේ “සිzනා” (අපචාර, අනියම් සම්බන්ධතා, ස්ත‍්‍රි දුෂණ, සමලිංගික ඇසුර, අතවර… යනා දී සමාජ විරෝධි (කාමයේ වරදවා හැසිරීම්) ක්‍රියාවන්) වැඩිවුයේ නම් ද එය ප‍්‍රසිද්ධියේ සිදු වන්නේ නම් ද එවන් ජන සමූහයක් “තාවූන්” හෙවත් මාරාන්තික රෝගයන් බලාපොරොත්තු වන්න. තවද මීට පෙර ජන සමුහයන් නොදුටු, නොඇසු රෝගයන් හා විනාශයන් ද බලාපොරොත්තු වන්න.”

දන්වන්නේ :- අබ්දුල්ලාහ් ඉබුනු අම්ර් (රලි), ග‍්‍රන්ථය :- ඉබුනුමාජා 4019

මෙම කාරණය සම්බන්ධයෙන් පුළුල් අවදානයක් යොමු කිරීමේ අනිවාර්ය වගකීමක් වර්ථමාන මිනිස් සමාජයට ඇත. මෙය එක් පාර්ශවයකට පමණක් ඇගිල්ල දිගුකොට මඟහැර යා හැකි ප‍්‍රශ්ණයක් නොවේ. මෙය සමස්ථ ස්ත‍්‍රී, පුරුෂ යන දෙපාර්ශවයේම අවදානය යොමු විය යුතු කාරණයකි. විශේෂයෙන් කාන්තාවට මෙහි ප්‍රබල වගකීමක් ඇත. මන්ද වර්ථමාන කාන්තාව අද වෙළද භාණ්ඩයක් මෙන්ම ආකර්ශණ භාණ්ඩයක් බවට පත්කොට ඇත. අද වෙළද ප්‍රචාරණයන් හි ඉතා පහත් ලෙසින් ඇය යොදාගෙන ඇත. අද ඇය යොදාගෙන කරන වෙළද දැන්වීම් හා ඇය අතර කිසියම් සම්බන්ධයක් පවතිනවාද? මෙම ඉරණම කාන්තාවට හිමිකර දී ඇත්තේ ජාත්‍යන්තරය තුල පමණක් නොවේ. ශ්‍රී ලාංකීය මාධ්‍යයත් මීට දෙවැනි වී නැත. මෙම වෙළද ප්‍රචාරණයන් තුල කාන්තාව කොතරම් පහත් ලෙස යොදාගන්නවාද?. මෙහි දී ඇය යොදාගන්නේ වෙළද දැන්වීම් සදහා පමණක් පිරිමීන් ආකර්ශනය කරගතයුතු සියළු ක්ෂේත්‍රවල ඇය යොදා ගනී. මෙම රෑපරාමුවලින් අපේක්ෂා කරන්නේ පිරිමියා කාන්තාව කෙරෙහි තිබෙන ඒ ආකාර්ෂනයට කාමුක මුහුණූවරක් ලබාදීම නොවේද?. මේවා කාන්තා අයිතීන් පිලිබදව, වසර 2550 සංස්කාතිය හා බෞද්ධ රාජ්‍ය පිලිබදව කථා කරන පිරිසට පවා නොපෙනීම පුදුමයට කාරණයකි. මෙවන් වූ තත්වය පිලිබදව මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙලෙස අවවාද කරන ලදී.

“එක්තරා කාලයක් ඒවී, එම කාලයේ කාන්තාව ඇදුම් ඇද සිටීවි. නමුත් නොඇන්දා සේ පෙනේවී එවැනි කාලයක් ලොව උදාවුයේ නම්, එය ලොක විනාශයේ මග සලකුණකි.”

ඉහත අනාවැකිය මොහොතක් සිතා බලන්න. අප මේ පසු කරන්නේ අවාසනාවන්ත යුගය නොවේද? වර්ථමානයේ කාන්තාව ඇදුම් විලාසිතා, වෙළද දැන්වීම්… යයි පවසමින් දිනෙන් දින නිරුවත් වෙමින් සිටීති. ඉස්ලාම් ශුද්ධ වු කුර්ආනයේ මෙම කාන්තාව පිලිබදව පැවසීමේ දී,

“මෙම කාන්තාව ආකර්ශණිය ආකාරයට මැව්වෙමු”

බව පවසයි. මෙවන් ආකාර්ශණිය කාන්තාව විලාසිතා නමින් විකෘති වෙමින් සමාජය ද විකෘති කරමින් සිටීම ඛේදනීය තත්වයකි. අද සමාජයේ බොහෝ පිරිස් අවබෝධ කරගෙන සිටින්නේ කායිකව සිදුකරන ලිංගික හිංසන තමා “අතවරයක් එසේත් නැත්නම් කාමයේ වරදවා හැසිරීම්ක්” වන්නේ කියා. මෙය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. ශ්‍රී ලාංකීය නීතිය අනුව ද එය වැරදි නිගමනයකි. කෙසේ වෙතත් ඉස්ලාම් මේ පිලිබදව පියවර ගණනාවක් ඉදිරියට ගොස් එහි මුලික අවස්ථාව පැහැදිලිවම සලකුණු කොට පෙන්වයි. එනම්,

මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදි “ප‍්‍රථම “සිzනාව” (කාමයේ වරදවා හැසිරීම – ලිංගික අපචාරය) සිදුවන්නේ තම ඇස් දෙකෙනි.

එය කෙසේදයත් මුලින්ම කාන්තාවක් දකින පිරිමියා ඇයගේ ශරීර අලංකාරය ඇස් දෙකින් රසවිදිමින් මානසික සතුටක් ලබයි. ඒ ඇය සම්බන්ධයෙන් ඇති වන විවිධ හැඟීමන් මුල් කරගෙනය. මෙය තමා ලිංගික අපචාරයේ (කාමයේ වරදවා හැසිරීමේ) පිවිසුම් දොරටුව එම පිවිසුම් දොරටුවට එලන ලද රතු පලස තමා වර්ථමාන විකෘති වෙළද දැන්වීමන් හා විලාසිතාවන්. මේවා තුල නිර්මාණය වන විකෘති මානසිකත්වයේ ප්‍රථිපලය තමා දිනපතා අසන්නට ලැබෙන කාන්තා අතවර හා දුෂණ. එක් පසකින් මෙවැනි අතවරය හා දූෂණයන් රහසිගතව සිදුවෙද්දී තවත් පසකින් පෙම්වතුන් නමින් සමාජය තුල මෙම අපචාරයන් ප‍්‍රසිද්ධියේ සිදුවේ. මෙහි අවාසනාවන්ත තත්වය වන්නේ දියුණු සංස්කෘතියකට උරැමකම් ඇති බව පවසා ගන්නා අප සමාජයම මෙවැනි ක්‍රියාවන්ට ආවැඩීමයි. මෙලෙස අපචාරයන්ගෙන් පිරී විකෘති වූ සමාජයක් තුල පවතින තවත් ඛේදනීය තත්වයක් පිලිබදව ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඒ බරපතලම අපචාර කටයුත්තක් වන සමලිංගික ඇසුරයි. මේවා අද සමහරක් රටවල නීතිගතව පවතින් කරැණක් වූවද මෙය මිනිස් සමාජයේ මහා ඛේදවාචකයකි. මෙය අප රටතුල ද සීඝ‍්‍රයෙන් ව්‍යාප්තවන පිලිලයක් යන්න ප්‍රසිද්ධ රහසකි.

මේ ආකාරයට විවිධ සමාජ අපචාරයන් පිලිබදව තනි තනිව කථාකල ඉස්ලාම්, සමාජයටම පොදුවේ අවවාදයක් ඉහත නබිවදනින් පවසයි. එනම් නුඹලා මෙවැනි අපචාර කටයුතුවල නිරත වුයේ නම්

“මීට පෙර නොඇසු, නොදුටු මාරාන්තික රෝගයන් නුඹලා අත්විදිනු ඇත.”

මෙය අද ලොව ප‍්‍රායොගිකව අත්විදින පෙර කවරදාකවත් අසා නොමැති රෝගයන්ගෙන් දිනෙන් දින දහස් ගනනින් ජනතාව බිලිගනිමින් සිටීන සත්‍යයකි. මෙම වර්ථමාන තත්වය එදා නබිතුමා කල අවවාදය තහවුරු කරනවා නොවේද?

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම