අල්ලාහ් (දෙවි)ගේ අයිතීන් මත අත තැබීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


දෙවියන් හා මනුෂ්‍යා අතර ඇති බැඳීම ඉස්ලාම් දහම පැහැදිලිව විග්‍රහ කොට ඇත. මෙය යහමග අඩවිය තුල දේව විශ්වාසය යන ගොනුව යටතේ දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව දෙවියන් හා මනුෂ්‍යා අතර ඇති එම බැදීම් සීමාවන් ලොව අනිකුත් ආගමික සීමාවන් මෙන් ලිහිල් හා සරල වූ එකක් නොවේ. (එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට අවබෝධ වනු ඇත.)

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව අල්ලාහ් (දෙවි) සර්වබලධාරී වන අතර සර්වබලධාරී අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේනික වූ අයිතීවාසිකම් සහ ගුණාංග රාශියක් ඇත. එම අයිතිවාසිකම් එකක් හෝ කිහිපයක් ඔහු නොවන වෙනත් කෙනෙකුට ආරෝපනය කිරීම “ශිර්ක් නම් මහා පාපයක් යන්න” ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි.

නැමදුම ඔහුට පමණි

එවැනි අයිතිවාසිකම් අතර ප්‍රධාන තැනක් හිමි අයිතිවාසිකම වන්නේ “නැමදුම” යන්නයි. ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව “නැමදුම” යන්නට එකම හිමිකරු අල්ලාහ් (දෙවි) පමණි. එය අල්ලාහ් (දෙවි) පහත ආකාරයට අල්කුර්ආනය තුලින් අවධාරණය කරයි.

මාගේ රබ්(පරමාධිපති) යුක්තිය ඉටුකරන ලෙස අණ කර ඇත. තවද නැමඳුම් කරන සියලූ තැනකම නුඹලා නුඹලාගේ මුහුණු (ඔහු වෙතම) යොමු කරන ලෙසත් තවද ඔහුට පමණක් අවංක වී ඔහුගෙන්ම කන්නලව් කරන ලෙසත් මාගේ රබ්(පරමාධිපති) අණකර ඇත...

අල්කුර්ආනය 7-29

පරිශුද්ධ වූ නැමදුම් පිළිවෙත් අල්ලාහ්ටම අයත්ය යන්න දැන ගනු මැනව! කවුරුන් අල්ලාහ් නොවන දැය (තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ගන්නෝද, ඔවුන් “එම දෙවිවරුන් අපව අල්ලාහ්ට ඉතාමත් සමීප කර තැබීම සඳහාම මිස, මේවාට අපි නැමදුවේ නැත” (යයි පවසන්නාහ). ඔවුන් භේද බින්න වී (තර්ක) කරමින් සිටින මෙම කාරණාව ගැන නියත වශයෙන්ම අල්ලාහ් (විනිශ්චය දිනදී) ඔවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත. (සත්‍යය) ප්‍රතික්ෂේප කර, බොරු ගොතා පවසන්නන්ව නියත වශයෙන්ම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.

අල්කුර්ආනය 39-3

අල්ලාහ්ට පමණක් පවිත්‍ර සිතින් ඔහුට පමණක් අවනතවී අකලංකභාවයෙන් (අනෙකුත් විශ්වාස වලින් ඈත්වී) ඔහුව නැමදීය යුතු යැයිද, සලාතය ස්ථාපිත කිරීමටද සzකාත් දීමට ද මිස ඔවුහු අණ කළ නොලැබුවෝය. සෘජු මඟ වනුයේ මෙයයි.

අල්කුර්ආනය 98-5

මෙලෙස අල්ලාහ් (දෙවි)ට කරන නැමදුම ඔහුට පමණක්ම කලයුතු යන්නත්, එසේ කිරීම පමණයි නිවැරදි නැමදුම වන්නේ යන්නත්, අල්ලාහ් (දෙවි) නොවන වෙනත් කෙනෙකුට නැමදුම් ඉටුකිරීම ඔහුගේ අයිතීන් උල්ලංඝනය කිරීමක් යන්නත්, එම නැමදුම කවර ආකාරයේ එකක් වූවද එය “ශිර්ක්” හෙවත් “දෙවියන්ට සමානයන් තැබීම” නම් මහා පාපයට අයත් වනවා යන්නත් ඉහත වාක්‍යයන් තුලින් පැහැදිලි වේ.

ප්‍රාර්ථනාවත් නැමදුමක්

නිදසුනක් ලෙස, “ප්‍රර්ථනාව යන්න නැමදුමකි” යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් පවසා ඇත. එසේනම් නැමදුමක් වන එම ප්‍රාර්ථනාව ද මුස්ලීම්වරයෙකු කලයුතු වන්නේ අල්ලාහ් (දෙවි)ගෙන් පමණි. එසේ නොකොට වෙනත් කෙනෙකුගෙන් ප්‍රාර්ථනා කලේනම්, එය අල්ලාහ් (දෙවි)ගේ අයිතීන් උල්ලංඝනය කිරීමක් වේ.

(නබි මුහම්මද්!) මාගේ ගැත්තන් මා පිළිබඳව නුඹෙන් විමසුවහොත් නියත වශයෙන්ම මා (ඔවුනට) ඉතා සමීපයැයි (පවසනු.) ප්‍රර්ථනා කරන්නා (මා) අමතන විට (ඔහුගේ) ප්‍රර්ථනාවට මම පිළිතුරු දෙමි. එබැවින් ඔවුහු ම(ගේ ඇමතීම)ට සවන් දෙත්වා. තවද මා කෙරෙහි විශ්වාස කරත්වා. (මින්) ඔවුනට නිවැරදි මඟපෙන්වීම ලබා ගත හැකිය.

අල්කුර්ආනය 2-186

ඔහු රාත්‍රිය දහවලෙහි ඇතුළු කරවන්නේය. තවද දහවල රාත්‍රියෙහි ඇතුළු කරන්නේය. හිරුද සඳුද ඔහු පාලනය කරන්නේය. ඒ සියල්ල නියමිත කාලයකට ධාවනය කරති. (මේ සියල්ල සිදු කරන) අල්ලාහ්ම නුඹලාගේ රබ්(පරමාධිපති) වෙයි. පරමාධිපත්යය ඔහුගේය. ඔහු හැර නුඹලා යදින අය ඉදි ඇට සිවියක පවා හිමිකම් නොලබන්නෝය.

අල්කුර්ආනය 35-13


බාරයන් ද නැමදුමක්

“ප්‍රාර්ථනාව” සේම “ධානදර්මයන්” සහ “බාරයන්” ද නැමදුමකි. කිසිවකු කුසල් අපේක්ෂාවෙන් ධානධර්මයන් කරන්නේ නම්, හෝ කිසියම් බාරයක් කරන්නේ නම් එය අල්ලාහ් (දෙවි) හමුවේ පමණක්ම කලයුතු අතර එය ඔහු වෙනුවෙන්ම ඉටු කලයුතු වේ. එය අල්කුර්ආනය මෙසේ පවසයි.

නුඹලා කුමන වියදමක් වියදම් කෙළෙහිද, නැතහොත් කුමන බාරයක් බාරවුණිද, අල්ලාහ් නිසැකයෙන්ම එය දනී. අපරාධකරුවන්ට (අල්ලාහ්ගේ දඬුවමින් බේරීමට) උදව්කරන්නෝ නැත.

අල්කුර්ආනය 2-270

හරාම් හලාල් තීන්දු කිරීම ඔහුගේ අයිතිය

දහමේ සීමාවන් තීන්දු කිරීම දෙවියන්ගේ අයිතීන් අතුරින් එකකි. ඒ අනුව දහම තුල “අනුමත” කාරණයන් කුමක්ද? “අනුමත නොවන” කාරණයන් කුමක්ද? යන්න තීන්දු කිරීම අල්ලාහ් (දෙවි)ගේ අයිතියකි. එහි අත ගැසීමට කිසිවකුටත් ඉස්ලාම් දහම අවසර ලබාදී නොමැත. එය අල්කුර්ආනය ද මෙසේ පවසයි.

(තවද නබිවරයාණෙනී!) ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ වෙනුවෙන් අල්ලාහ් පහළ කර ඇති ආහාර ද්‍රව්‍ය ඔබ අවධානය කර බැලූවෙහුද? ඒවායෙන් සමහරක් අනුමත නැත යයිද, සමහරක් අනුමත ඇත යයිද (ඔබගේ කැමැත්තට අනුව) ඔබ පත් කර ගන්නෙහුද! (මෙසේ ඔබගේ කැමැත්තට අනුව කර ගැනීමට) අල්ලාහ් ඔබට අනුමැතිය ලබා දී ඇත්තේද? නැතහොත් අල්ලාහ් කෙරෙහි මනක්කල්පිතව (බොරු) පවසන්නෙහුද?”යි ඔබ විමසනු (මැනව!)

අල්කුර්ආනය 10-59

මෙම ලිපියේ ඉතිරි කොටස ඉදිරියට...


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/12

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම