තමන් කල පාපය ප්‍රසිද්ධියේ කථා කරන අවාසනාවන්තයෝ
තමන් කරන කියන දෑ තුල තමන් නොදැන හෝ වරදක් වේවිදෝ කියා බිය වන, දැන දැන වරදක් කරන්න බිය වන, කරපු හෝ සිදුවූ වරද එළිවෙයි කියා බිය වන... ආකාරයේ සමාජයක් මේ මිහිමත සිටියා යැයි කියතොත් එය වත්මන් තාරුණ පරම්පරාව මවිතයට පත්කරවන කාරණයක් යන තැනට අද පරම්පරාව පත්ව ඇත. නියත වශයෙන්ම අනාගත පරම්පරාවට එය හාස්‍යජනක කාරණයක් වනවා නොඅනුමානය. එයට හේතුව වත්මන් සමාජය ඕනෑම වරදක්, පහත් ක්‍රියාවක් ප්‍රසිද්ධියේ කරන්නටත්, එය ප්‍රසිද්ධියේ කථා කිරීමටත් බිය හා ලැජ්ජා නොවන තරමට ලැජ්ජා බිය නැති සමාජයක් බවට පත්ව සිටීමයි.
මෙම සමාජ තත්වය කොතරම් දරුණූ තැනකට යොමුව තිබෙනවාද? යන්න පවසනවා නම්, තමන් කල වරද හරි ආඩම්භරයෙන් සමාජ ජාලයන් හි ප්‍රසිද්ධියේ කථා කරන හා වීඩියෝ දර්ශන ඉදිරිපත් කරන තැනට මේ සමාජය විශේෂයෙන් තරුණ ප්‍රජාව අද යොමුව ඇත. මෙහි ඛේදනීයම තත්වය වන්නේ දිව්‍යමය මඟපෙන්වීමන් හා අවවාදයන් ලද මුස්ලීම් සමාජය ද ඉහත සදහන් ආකාරයේ ක්‍රියාවන් තුල අනිකුත් සමාජයන් හා කරට කර සිටීමයි.
මෙලෙස ලැජ්ජා බිය නොමැතිව උඩඟුවෙන් ක්‍රියා කරන සමාජ අවදානය පිණිසයි පහත අවවාදය...
අබුහුරෙයිරා (රලි) වාර්තා කරයි, අල්ලාහ්ගේ දූතයාණන් (මුහම්මද් (සල්) තුමාණන්) මෙසේ පැවසූහ, “ප්‍රසිද්ධියේ පාපයන් කරන හෝ තමන් කල පාපය හෙළි කරන අය හැර මාගේ සමාජයේ සෑම කෙනෙකුගේම පාපයට සමාව හිමි වේ. පුද්ගලයෙකු රාත්‍රියේ පාපයක් කර එය අල්ලාහ් (දෙවි) ජනයාගෙන් වසන් කල පසු (කිසිවකු නොදැන සිටී එම වරද එය කල) ඔහු පසුවදා උදේ “මිනිස්සුනේ, මම ඊයේ මේ මේ පාපයන් කළා!” යනුවෙන් පවසයි නම්, ඔහුගේ රබ් (පරමාධිපති (දෙවි)) සමාජයට වසන් කල පාපයන් උදෑසන ඔහු සමාජයට හෙළි කිරීම හේතුවෙන් ඔහුට සමාව හිමි නොවේ.
මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි සහ මුස්ලිම්
ඉහත දිව්‍යමය අවවාදය මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න. අපි අපගේ ජීවිතය තුල දෛනිකව කොතරම් පාප ක්‍රියාවන් හි නියැලෙන්නෙමු. එයින් සමහරක් පාපයන් පාපයක් බව පවා නොදැනෙන්න තරමට අප ඒ තුල ගිලීගොස් ඇත්තෙමු. උදාහර්ණයකට එවැනි ජනප්‍රිය පාපයක් ලෙස බොරුව, රුවටීම හා (ඉස්ලාම් දහමේ දෘෂ්ඨියෙන්) කාමයේ වරදවා හැසිරීම... වැනි පාපයන් මෙහි සදහන් කලහැක. මෙවැනි පාපකාරී ක්‍රියාවන් හි නියැලෙමින් එය ජනයා ඉදිරියේ ආඩම්භරයෙන් ප්‍රසිද්ධියේ ද කථා කරනවා යන්න ආගමික රාමුවෙන් බැහැරව බැලුවත් පහත් ක්‍රියාවක් නොවේද?. එසේ කල එම පාපය දෙවියන්ගේ කරුණාව හේතු කොට ගෙන එය සමාජයෙන් වසන් කරන්නට දෙවියන් අදහස් කරද්දී එම තිරය ඔහුම ඉවත් කොට සමාජයට එය අණාවර්ණය කිරීම කොතරම් පහත් වරදකාරී ක්‍රියාවක් වන්නේද?.
එසේනම්, ඉහතින් සදහන් උඩඟුකමින් දුරස් වී දිව්‍යමය අවවාදය නිසිලෙස අවබෝධ කරගෙන කටයුතු කිරීමට අප සියළුදෙනා අද සිට හෝ අධිශ්ඨාන කර ගතයුතුව ඇත. ඒ සදහා මේ සමාජයේ නුවණැස පෑදේවා!, යනුවෙන්ද, අල්ලාහ් (දෙවි)ගේ ආශීර්වාදය අපට හිමිවේවා!, යනුවෙන් ද ප්‍රාර්ථනා කරමින් මෙම සටහනට විරාමය තබමි.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න