ආදරය හා මිනිස් දිවියේ යථාර්තය
(මෙය ‘යහමඟ‘ අඩවිය වෙත යොමු කර තිබූ පාඨක ලිපියකි) අපි ජීවත්වෙන මේ ලෝකේ අස්ථිරයි….තාවකාලිකයි..ඒත් එහෙම දැන දැන උනත් අපි ජීවත්වෙන්නේ මේ ලෝකේ හරියට සදාකාලිකයයි වගේ. එමෙ නේද..? එහෙම ජීවත්වෙද්දි අපි හදන්නේ මුළු ලෝතයම අපේ කරගන්න… විශේෂයෙන්ම අපි ආදරේ කරන අය අපේ ලෝකය ඇතුළට ගන්න…
එහෙම අපි මේ ලෝකේ අපි ආදරේ කරන අය අපේම කර ගන්න… අපේ ලෝකය ඇතුලේ සදාකාලික කරගන්න යද්දි අපිට සමහර දේවල් අමතකවෙනවා….සමහරවිට අමතකවෙනවමත් නෙවෙයි…මේ කාරණාවෙදි අපි අපිට නොදැනිම ආත්මාර්ථකාමී වෙන නිසා
අපිට ඒ දේවල් ගැන හිතන්න උවමනාවක් නැතිවෙනවා… ඒ දේවල් වෙන මොනවත් නෙවෙයි…අපි ආදරෙන් අපේ ජීවිතවලට ගන්න උත්සාහකරන අය ඇත්තටම අපිටත් ආදරෙයිද කියන එක…අනික එයාලගෙ කැමැත්ත අකමැත්ත නොබලා බලහත්කාරයෙන් හරි අපි එයාලව අපේ කරගන්න යන එක…
හිතන්න අපි අපේ ලෝකෙට සදාතන කරගන්න යන අය ඇත්තටම අපිට ආදරෙයි…එයාලටත්අපේ ලෝකෙට එන්න උවමනයි කියලා…එහෙම අවස්ථාවකදිත් ඒ මදැයි කියලා අපි හිතනවද…? ඇත්තටම එහෙම හිතන්නේ නෑ නේද…? එයාලා කැමතිවුන පලියටම අපි නවතින්නේ නැහැ. අපි එාලව අපි බලාපොරොත්තු වෙන විදිහට වෙනස් කරන්න උත්සාහ ගන්නවා…අපි එයාලගෙ අදින පළදින විදිහේ ඉදන් හිතන පතන විදිහ දක්වාම අපිට ඕන විදිහට අපි බලාපොරොත්තු වෙන විදිහට වෙනස් කරන්න පුදුමාකාර වෙහෙසක් ගන්නවා…. සමහර විට එයාලගෙ සිතුම් පැතුම් විලාසිතා… ඇත්තටම එයාලගෙ ජීවිතේ වෙනස්කරන්න තරම් දෙයක් නැති තරම් යහපත් වෙන්නත් පුළුවන්…ඒත් අපි අපේ උවමනා ඉෂ්ඨකරගන්න එයාලව වෙනස් කරන්න යනවා… කිසිම සංහිදියාවක් සාකච්ඡාවක් නැතුව….හරියට ඒකාධිපති පාලකයෙක් වගේ…
අපි දුර දිග නොපෙනෙන තරම් ආත්මාර්ථකාමිව මේ කරන්නේ කොයිතරම් අමානුෂික ක්‍රියාවක්ද කියලා හිතන්න…සමහර විට අපි එයාලත් එක්ක කතාබහ කරගෙන මේ වෙනස්කම් වලට ගියානම් අපිට හොද ප්‍රතිඵල ලබන්න තිබුණා…ඒත් අපි ආත්මාර්ථකාමී බවෙන් හිත පුරෝගෙන අමානුෂික විදිහට හැසිරෙනවා…අපේ මේ ක්‍රියා එයාලට කොයිතරම් වදයක් වෙනවා ඇතිද…? හිතන්න එයාලා අපිට පණ වගේ ආදරේ වුනත් ජීවිත කාලයම අපේ ලෝකේ අපිත් එක්ක ඉන්න කැමති වුනත් අපේ මේවගේ ක්‍රියා නිසා එයාලට අපේ ලෝකය එපා වෙනවා…අපේ ආදරේ වදයක් වෙනවා…අපිව දකින්නවත් ආසා නැති වෙනවා…සරලවම කිව්වොත් එයාලට අපේ ලෝකෙත් එයාලගේ ජීවිතෙත් අපායක් වෙනවා…එයාලා මානසිකව කඩා වැටෙනවා..සමහර විට එයාලගෙ ඒ පීඩනය බාහිරව දකින්නත් ලැබෙනවා…ඒ ආදරණීයයන්ගේ කඩාවැටීම් විදවීම් දැකලා අවසානේ අපිත් පසුතැවෙනවා…එතකොට අපේ ජීවිතත් කඩා වැටෙනවා… අවසානේ ආදරණීය සංයමයකින් තේරුම් ගැනීමකින්…ගොඩනගන්න තිබ්බ අපේ ලෝකය අපේ ඇස්පනාපිට කඩාවැටිලා සුන්නද්දූලි වෙලා යනවා….
අපි හිතමු…තාවකාලික මේ ලෝකේ හැමදෙයක්ම එකිනෙකට වෙනස්…අපේ බලාපොරොත්තූන් වෙනුවෙන් ඒ දේවල් අපිට ඕනෑ විදිහට වෙනස් කරන්න අපිට බැහැ…හැමදෙයකටම ක්‍රමයක් තියනවා…චින්තන ශක්තිය තියන මිනිස් අපිට මේ ගැන ටිකක් ගැඹුරට හිතන්න පුළුවන්…අපි ආදරය කරන අය…එයාලා විතරක් නෙවෙයි කව්රු වුනත් එයාලා දිහා මානුෂීයව බලන්න්…එයාලගෙ සිතුම් පැතුම් විලාසිතා ජීවිත ශෛලිය මේ දේවල් වලට ගරුකරන්න..ඒ බව එයාලට හගවන්න..හිමින් හිමින් සංයමයකින් එයාලට යථාර්තය…ඔබේ රුචි අරුචිකම් විස්තර කරන්න…මම හරී කියලා හිතන්නෙ නැතිව එයාලට ඇහුම්කන් දෙන්න…මමත්වයෙන් මිදිලා අපි කියන හැගීමෙන් හැමදෙයක් ගැනම විවෘතව හිතන්න…එහෙම ගොඩ නැගෙන මනුෂීය සම්බන්ධයකින් ඔයාගේ බලාපොරොත්තු මල්ඵල ගන්වගන්න හරි පහසු වේවි…
හොදක් නරකක් මොන දෙයක් වුනත් අනෙක් අයට අමානුෂික වෙන්න එපා…බලපෑම් කරන්න එපා… ඒ හරහා ලැබෙන ප්‍රතිඵල භයානකයි… වේදනාකාරීයි…ඒ අමානුෂික බලපෑම්වලට සාර්ථක ආදරණීය ශක්තිමත් බැදීමක් ගොඩනගන්න බැහැ…කවදාවත්ම…
“ඔබ (මිනිසුන්ට) ප්‍රඥාවෙන්ද, අලංකාරවත් හොඳ ඔවදන් මගින්ද ඔබගේ දෙවියන්ගේ මාර්ගය දෙසට ආරාධනා කරන්න. තවද ඔවුන් සමග (තර්ක කිරීමට සිදු වුවහොත්) ඔබ (ගෞරවණීය හා) අලංකාරවත් අන්දමින් තර්ක කරන්න…”
සූරා අන් නහ්ල් : 125
කතෘ - ෆාතිමා ශමීලා
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න