ඉස්ලාම් පවසන බහුවිවාහය හා මුහම්මද් (සල්) තුමාණන් කල විවාහයන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මනුෂ්‍ය දිවියේ ප්‍රධාන සංධිස්ථානයක් ලෙස යුගදිවියට එළඹීම සදහන් කලහැක. ශිෂ්ඨසම්පන්න සමාජයක විවාහය යන්න මූලික අවශ්‍යතාවයකි. මන්ද “කිසියම් සමජයක විවාහය සංකීර්ණ වේද? නියත වශයෙන්ම එම සමාජයේ අපචාරයන් සීඝ්‍රයෙන් වැඩිවේ” යන්න විද්වත් අනාවැකියක් වන බැවිණි. මෙම අනාවැකි වර්ථමාන සමාජය තුල කොතරම් දුරට සැබෑ වී තිබෙනවාද? යන්න පිලිබදව විග්‍රහයක් අවශ්‍ය නොවනු ඇත. මන්ද එම තත්වය වර්ථමාන සමාජය අත්විදිමින් සිටින බැවිණි. එය කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක ප්‍රායොගික වූ සත්‍යයකි. මේ තත්වය මීට වසර 1400 කට පෙර හොදින් අවබෝධ කරගත් දිව්‍යමය දහමක් වන ඉස්ලාම් මෙම අරාජික තත්වයෙන් සමාජය මුදවාගැනීම සදහා නොයෙක් යෝජනාවන් සමාජයට ඉදිරිපත් කරන ලදී. ඉන් එක් යෝජනාවක් වන්නේ “බහුවිවාහ” යයි.ඉන් එක් යෝජනාවක් වන්නේ “බහුවිවාහ“ යයි. මෙය මූස්ලීම් නොවන සමාජයට තරමක් දාරණය කරගැනීමට අපහසු බැලූ බැල්මට නොගැලපෙන සේ පෙනෙන යෝජනාවකි. නමුත් සමාජය දෙස යථාර්ථවාදීව බලන මෙම බහුවිවාහ යෝජනාව තුල මතුපිටින් දකිනවාට වඩා යමක් එහි අන්තර්ගතව තිබෙන බව වටහාගැනීමට හැකිවනු ඇත. එයට නිදසුනක් ලෙස 2010.11.14 දින දිවයින පුවත්පතේ පලවී තිබූ පහත කාරණය එයට එක් නිදසුනකි. එහි සදහන් සංඛ්‍යාත්මක අගයේ වරදක් තිබුණද එහි සදහන් හේතුකාරණය නිවරැදි යන්න ප්‍රායෝගිකව ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැක.

කෙසේ නමුත් ඉස්ලාම් පවසන මෙම විවාහ නීතිරීති සම්බන්ධයෙන් සමාජයේ බහුතරයකට ඇත්තේ තරමක සංකීර්ණ ගැටළු මෙන්ම අසතුටුදායක ආකල්පයන්ය. මෙම බහුවිවාහය පිලිබදව මුස්ලීම් සමාජයට පවා තවම ඇත්තේ සීමිත අවබෝධයක් යන්න ද මෙහි කණගාටුවෙන් වුවද ප්‍රකාශ කලයුතුමය. මා එසේ පවසන්නට හේතූ කිහිපයක් ඇත. ඉන් එකක් නම් බහුවිවාහය සාධාරණීකරනය කිරීම සදහා ඉස්ලාමීය විද්වතුන් ලියාතබා ඇති කරුණූය. ඔවුන් එහි සදහන් කරන කාරණයන් බොහෝමයක් ඉස්ලාමීය මුලික ඉගෙන්වීමට පවා පරස්පරය. අනික් කාරණය ඉස්ලාම් පවසන බහු විවාහයට එරෙහිව සමාජය තුල කොතරම් විවේචන අපහස එල්ල වුවත් එයට නිසි පිලිතුරු නොදී මුස්ලීම්වරුන් මුනිවත රැකීම තුල මෙම විෂය පිලිබදව ඔවුනට ඇති අනවබෝධය මනාව පිළිඹිබු කරයි. මෙවැනි හේතූන් බොහෝමයක් නිසා මෙම මාතෘකාව පිලිබදව සාධාරණ වූ විග්‍රහයක් සිදුකිරීම මුස්ලීම් සමාජයේ කාලීන වගකීමකි.

එම මාතෘකාව පිලිබදව (ඉන්ෂාඅල්ලාහ්) ළඟදීම මෙම යහමඟ අඩවිය තුලින් කථා කිරීමට අදහස් කරමි. ඒ අනුව එම මාතෘකාවට කෙටි විරාමයක් තබා එම මාතෘකාවට අනුබද්ධ එසේම කාලීන මාතෘකාවක් වෙත මෙහි දී අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඒ අන්කිසිවක් නොව “මුහම්මද් (සල්) තුමාණන් සිදුකල බහුවිවාහය” සම්බන්ධවයි. මෙම මාතෘකාවට මුල්තැන දී සාකච්චා කිරීමට ප්‍රධාන හේතුවක් ඇත. ඒ වර්ථමානයේ ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයෙත් ඉස්ලාම් විවේචකයන්ගේ ප්‍රධාන ආයුධය මෙම කාරණය වී ඇති බැවිණි. මෙම කාරණය බොහෝ පිරිස් විවේචනය කරන්නේ එහි යථාස්වරෑපය පිලිබදව අංශුමාත්‍රයක හෝ අවබෝධයකින් තොරව යන්න ඔවුන්ගේ විවේචනයන් තුලින් මනාව පැහැදිලිවේ. බොහෝ විට ඔවුන්ගේ විවේචනයන්ට පදනම් වී ඇත්තේ ඔවුන්ගේම උපකල්පන පමණි. මෙහි දී ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සදහන් කලයුතු විශේෂ කාරණයක් ඇත. ඒ අද අප රටේ දේශ හිතෛෂි, දේශමාමක, භාෂාමාමක හා ආගමට ලැදි බුද්ධ පුත්‍රයන්ගේ නම් අඩුවක් නැත. නමුත් ඔවුන් ඉදිරිපත් කරන විවේචන දිහා බලන විට තමන් ආවඩන දහම තුලින් ලබාගන්නට ඔවුන්ට කිසිවක් නැතුවාදෝ! යයි සිතේ. මා එසේ පවසන්නේ ඔවුන්ගේ භාෂා භාවිතය සැලකුවිට එය මුඩුක්කු භාෂාවට වඩා අන්තය. ඔවුන් කරුණූ ඉදිරිපත් කරන ආකාරය සැලකූවේ නම් එය කැකිල්ලේ නඩු තීන්දු බදුය. ඔවුන්ගේ කරුණූවල අන්තර්ගත වී ඇත්තේ උපහස හා අපහස පමණි. එමනිසා මෙවැනි පිරිසට පිලිතුරු ලබාදීම යනු බල්ලොත් එක්ක නිදාගත්තා වැනිය. එසේම එවැනි භාෂා ශෛල්‍යයට දහම කථා කිරීමට ඉස්ලාම් අවසර දෙන්නේත් නැත. මෙවැනි අවස්ථාවල දී මුස්ලීම්වරයෙකු ක්‍රියාකලයුතු ආකාරය ඉස්ලාම් පැහැදිලිවම ශුද්ධ වූ කුර්ආනය තුලින් පෙන්වාදේ, මෙම යහමඟ වෙබ් අඩවිය කවදත් කරුණූ ඉදිරපත් කරන්නේ ඉහත ශුද්ධ වූ කුර්ආනය පෙන්වා දෙන මඟපෙන්වීමට අනුවය. එමනිසා ඉහත විවේචකයන්ගේ ශෛල්‍යයට හුරැ වූ සමාජයට මෙහි සදහන් කරුණූ අවබෝධ කරගැනීම තරමක් අපහසු වන්නට පුළුවනි. නමුත් ඉදිරිපත්කරන කාරණයන් බුද්ධිමත් ලෙස බලන සමාජයට එය පහසුවෙන් අවබෝධ කරගන්නට හැකිවනු ඇත.

දැන් අපගේ මාතෘකාවට අවධානය යොමු කරමු. මෙහි දී ප්‍රථමයෙන් විමසා බැලියයුතු කාරණය සැබෑවටම මුහම්මද් (සල්) තුමාණන් බහුවිවාහයක් සිදුකලාද? යන්නයි. එයට දියහැකි සරල පිලිතුර “ඔව්“ යන්නයි. එසේ පිලිතුරැ ලබාදෙනවාත් සමඟම මතුකරන මීළඟ ප්‍රශ්නය “ඒ ඇයි“ යන්නයි. මෙහි දී මුස්ලිම් සමාජයේ අවධානයට ද කරැණූ කිහිපයක් සදහන් කලයුතුය. මෙය තරමක් පුළුල් ලෙස කථා කලයුතු කාරණයකි. එසේ නොමැතිව මා ඉහතින් සදහන් කලාසේ ජාතික මට්ටමෙන් හා ජාත්‍යන්තර මට්ටමින් විවිධ ලිපි, කාටූන් චිත්‍ර තුලින් කරන අපහස හා විවේචනයන්ට ආවේශ වී හෝ උද්ඝෝෂණ සිදුකිරීම තුලින් එයට පිලිතුරැදිය නොහැක. අද මුස්ලීම්වරැන් වන අප මුහම්මද් (සල්) තුමාණන්ට ඇති ආදරය හා ගෞරවය නිසා ඉහත තත්වය පිලිබදව අවබෝධයක් ඇතුව හෝ නැතුව අනුමත කරමින් පිලිගත්තද? මුස්ලීම් නොවන සමාජය එය එසේ පිලිගන්න සූදානම් නැති බව අප අවබෝධ කරගතයුතුය. එසේ ඔවුන් පිලිගතයුතු යයි පැවසීමද සාධාර්ණ වූ යෝජනාවක් නොවේ. එසේ නම් කලයුතු වන්නේ මෙම විෂය පිලිබදව පුළුල් එසේම තුලනාත්මක සංවාදයක් සමාජය තුල ගොඩනැඟීමයි. එහි දී මෙය පූර්ව නිගමනවල හිද හෝ පදනම් විරහිතව කරැණු පදනම් කරගෙන සාකච්චා කිරීම එහි සැබෑ ස්වරෑපය විකෘති කිරීමකි. එමනිසා පැහැදිලි සාක්ෂි ඇතුව ඉහත මාතෘකාව වෙත අවධානය යොමු කිරීම අත්‍යඅවශ්‍ය වේ. ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන් සිදුකල විවාහ සංඛ්‍යාව කීයද?, ඒවා මොනවාද?, ඉස්ලාම් බහුවිවාහය අනුමත කරන්නේ ඇයි?, මින් සමාජයට ඇති යහපත කුමක්ද? යන කාරණයන් මෙහි දී විමසා බැලියයුතුය.

මෙම කාරණයේ දී මුහම්මද් (සල්) තුමාණන්ට ඉදිරිපත් කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ එතුමාණන් අධික කාමාශාවකින් නොඑසේ නම් වියරැවකින් පෙළුනා යන්නයි. මෙහි සත්‍ය අසත්‍ය කුමක්ද? යන්න මෙම ලිපිය ඉදිරිපයට කියවීමේ දී ඔබට පැහැදිලිවනු ඇත. කෙසේ නමුත් ඉහත චෝදනාව සම්බන්ධයෙන් පොදුවේ සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, මුහම්මද් (සල්) තුමාණන් වක්තෘවරයෙකු බවට පත්වන්නේ වයස අවුරැදු 40 දීය. එතුවක්කල් පැවතී එතුමාගේ දිවිය ආපසු හැරී බැලීමක් සිදුකලේ නම්, එහි කිලිටි වූ ඉතිහාසයක් එතමාණන්ට නැත. එය මත්පැන් හා දුරාචාර රජකල යුගයක් මුහම්මද් (සල්) තුමාණන් එම සමාජයේ ඉහලම කුලයකට උරැමකම් කියු කෙනෙකි. සියළු සැප සම්පත් උපරිමයෙන් භුක්ති විදින්නට හැකියාව පැවතතුණි. අන්තපුරයන් පවා අවශ්‍ය නම් පවත්වාගෙන යාමට සියළු අවස්ථාවන් මෙන්ම හැකියාවන් ද පැවතුණි. මේ සියල්ල භුක්ති විද අවසානයේ පිලිකුලින් සමාජයට කල දේශනාවක් නොවේ ඉස්ලාම්. එතුමාගේ වක්තෘභාවයට පෙර කලත් පසුකලත් මිනිස් සමාජයට ආදර්ශමත් (එය මෙම ලිපිය ඉදිරිපට කිවීමේදී ඔබට දැකගත හැකි වේ). එසේ නම් ඉහතින් චෝදනා කරන්නා සේ “අධික කාමාශාවකින් පෙළුනා“ යන්න පැවසීමට ඇති සාධක මොනවාද යන්න. එතුමාණන් තම ජීවිතයේ සිදුකල එක් එක් විවාහයන් පදනම් කරගෙන දැන් විමසා බලමු.

මුහම්මද් (සල්) තුමාණන් විවාහ වූ බිරින්දෑවරුන්

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/15

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම